සම්බුදු රාජාණන් වහන්සේ පුරා වර්ෂ 45 ක් ලෝ සතුන් හිත සුව පිණිස සදා සැනසිල්ලකට පත්විය හැකි උතුම් ශ්‍රී සද්ධර්මයක් දේශනා කොට 80 වැනි වියේ දී දෙව් මිනිසුන්ගේ මහත් ගෞරව සත්කාර මධ්‍යයෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් වනයෙහි සල් ගස් දෙකක් අතර උතුරු දිසාවට හිසලා සිංහ සෙයියාවෙන් සැතපී වදාරා පිරිවන් පා වදාල සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සුදුසු පරිදි අන්තර්ගත කොට සකසන ලද ත‍්‍රිපිටකය සූත‍්‍ර, විනය හා අභිධර්මය නමින් වර්තමානයෙහි ව්‍යවහාරයේ පවතියි. සූත‍්‍ර පිටකයේ මහා පරිනිම්බාන සූත‍්‍රයෙහි ඒ අසිරිමත් සම්බුදු රජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඇතුළත්ව පවතියි. මෙම මහා පරිනිර්වාණය සිදු වීමෙන් අනතුරුව එකල දඹදිව් තලය පුරා විසිරී සිටි පාලකයන් විසින් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දහනය කොට ශේෂ වූ ධාතු බෙදා ගැනීම සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගන්නා ලදී. මෙසේ සර්වඥධාතු පිණිස ගැටුම් ඇතිකර ගැනීමට සූදානම් වූහ. මොවුන් සියලූ දෙනාම ධාතු තමන්ට අයිති කර ගැනීමට සුදුසු කමක් ලෙස ඉදිරිපත් කර සිටියේ ‘‘භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්‍ෂත‍්‍රිවම්හ. එබැවින් ධාතුවල හිමිකාරිත්වය අපට හිමි විය යුතුය’’ යන්නය. මේ අවස්ථාවේදී කුසිනාරාවේ මල්ල රජවරුන් කියා සිටියේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ තමන්ගේ ග‍්‍රාමයේ බැවින් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දහනය කර ශේෂ වූ ධාතුන් වහන්සේලා අන් අයට දීමට නොහැකි බවත් ඒවා තමන්ට අයිති බවත්ය. ‘‘ භාගයවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ අපගේ පාලන ප‍්‍රදේශය තුළය. එබැවින් උන්වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් අපි අන් අයට නොදෙමු’’.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කපිල වස්තු සර්වඥ ධාතු ඉතිහාසය
තිලක් Thursday, 23 August 2012 05:05 AM
මේවා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධාතූන්ම වන බවට කිසිදු සැකයක් නැත. (නි)
හරීන් Monday, 17 September 2012 09:58 AM
මේ ධාතුවල බලයෙන් සියලු සත්වයන්ට සැනසීම උදා වේවා..! සාදු සාදු සාදු !!!!(ස)
චන්දිම Saturday, 15 September 2012 09:08 AM
සාධු.....සාධු.....සාධු.....(දී)
අතුල නියමසිංහ Tuesday, 04 September 2012 04:09 PM
දැනට එනම් මේ ලිපියේ දිනය වන 2012 අගෝස්තු මස 19 දින සිට අවුරැදු 113කට පෙර වනුයේ 1899 වර්ෂයයි . කනිම් හැම් මහතා මිය ගොස් ඇත්තේ 1898 වර්ෂයේයි. මේ පරස්පරය පැහිදිලි කරදෙන්න.(ස)
එන්.ජී. මානෙල් චන්ද්‍රිකා Tuesday, 04 September 2012 02:54 PM
අපි හරිම වාසනාවන්තයි භාග්‍යවතුන්වහන්සේගේ ධාතු වන්දනා කිරීමට ලැබීම .(ස)
අරුණ බංඩාර/කන්තලේ Monday, 27 August 2012 06:42 PM
මහා ආශ්චර්යමත් අතිශය දුර්ලභ වූ අවස්ථාවක්.මම අද දෙවතාවක්ම ඉතාම පහසුවෙන් වන්දනා කරගත්තා. සාදු! සාදු!! සාදු!!! ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! නමෝ බුද්ධාය... (නි)
මුදිත Sunday, 26 August 2012 03:21 PM
මම මේ පන්සලේ ලිපිනය දන්නේ නැහැනේ. (නි)
විරාජ් Sunday, 26 August 2012 03:05 PM
මේවා දකින්න ලැබීමම ලාංකිකයන්ගේ වාසනාවක්. (නි)
ප්‍රේමලාල් Sunday, 26 August 2012 01:37 AM
බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! (නි)
ගුණසේන Saturday, 25 August 2012 10:04 PM
දිල්ලි ජාතික කෞතුකාගාරය නැරඹීමට හැකිනම් මෙම ධාතූන් වහන්සේලා වැද පුදා ගත හැකියි. (නි)
wasantha Friday, 24 August 2012 04:01 PM
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ දැකීමම මහත් පිනකි. ඔබ සියලු දෙනාටම බුදු සරණයි (අ)
ආනන්ද Sunday, 19 August 2012 05:07 PM
සියලු ලෝ වැසියාට බුදු සරණ වේවා! (නි)
කුමාර Wednesday, 22 August 2012 11:00 PM
බුදු සසුන බැබළේවා! සාධු... සාධු... සාධු...! (නි)
පවනි Wednesday, 22 August 2012 07:02 PM
සියලුම බෞද්ධයන්ගේ පෙර පිනකින් ලැබුණු මෙම ධාතූන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් වන්දනා කරමු. (නි)
සුජිත් කුමාර Wednesday, 22 August 2012 03:04 PM
තෙරුවන් සරණයි! (නි)
චාමල් Wednesday, 22 August 2012 10:36 AM
සියලු දෙවි පිහිටයි (දී)
සුමනා Tuesday, 21 August 2012 10:12 PM
ලෝ වැසියාට බුදු සරණ වේවා!!(නු)
කපිල Tuesday, 21 August 2012 10:12 PM
සතුටුදායක අවස්තාවක් සියලු ලෝ වැසියාට බුදු සරණ වේවා...(නු)
කවී Tuesday, 21 August 2012 11:55 AM
මේ වෙනකකොට දැඩි මාර්ග තදබදයක් තිබෙනවා බොල්ලගල අවට..(නු)
සරත් Monday, 20 August 2012 04:51 PM
ඇත්තෙන්ම සතුටුදායක අවස්තාවක්. (නි)
සෙනරත් Sunday, 19 August 2012 09:50 PM
මම අද(19) දා ගිහිල්ලා මේ ධාතූන් වහන්සේට මල් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරලයි ආවේ. සාධු... සාධු... සාධු...! (නි)
රංග Sunday, 19 August 2012 08:00 PM
ආනන්ද සියලු ලෝවැසියාට බුදුසරණ වෙවා කිවුවොත් ඒක වැරදී නේද?බුදුන් සරණ යන්න ඕනෙ තමන්.ඒක තමන් තුලින්ම එන්නෙ ඕනෙ දෙයක්.ඒක ප්‍රාර්ථනාවකින් කරන්න පුලුවන් දෙයක් නෙමේ.ඔන්න සියලු ලෝවැසියාට දෙවි පිහිට වේවා කිවුවනම් හරි.(ස)