X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


කබලෙන් ළිපට වැටුණු ගලේවෙල පද්මලතා

( කාංචන කුමාර ආරියදාස)

දිවිනැගුම දෙපාර්තමේන්තුවෙන්  ලබා ගත් රුපියල් හාර ලක්ෂ අසූ දාහක් වටිනා තුන්රෝද යතුරුපැදියක් නිසා  තම දිවියම විනාශවීමේ තත්ත්වයට පත්ව  ඇතැයි  බව මොරගොල්ල බඹරගස්වැව ගලේවෙල ලිපිනයේ පදිංචි පද්මලතා කුමාරිහාමි මහත්මිය පැවසුවාය.

ඇය සිය දරු දෙදෙනාත් සැමියාත් සමඟ ගලේවෙල බඹරගස් වැව ප්‍රදේශයේ බේකරියක් පවත්වාගෙන යමින් සිටියදී මීට  වසර දෙකකට පෙර දිවිනැගුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ  බේකරි නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා අනුග්‍රහය දක්වන බව සඳහන් කර රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් රජය මගින් ලබාදී ඇයගෙන් රුපියල් තුන් ලක්ෂ තිස්  දහසක මුදලක් ලබාගෙන  බේකරි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා වූ තුන් රෝද යතුරුපැදියක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගලේවෙල දිවිනැගුම මූලස්ථාන කාර්යාලය එක්ව ඇයට ලබා දී තිබේ. 

 එම යතුරු පැදිය මාස ගණනාවක සිට මුල්ලකට දමා ඇත්තේ එහි ක්‍රියාකාරීත්වය සිදු නොවන නිසාවෙනි. එම යතුරු පැදිය  කොටස් මෙරටට ගෙන්වා සකස් කරන ලද්දකි. තම අතැති මුදල් සියල්ල එය අලූත්වැඩියා කිරීමට වියදම් කළ ද මෙතෙක් යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකිව තමන් ලබාගත් රුපියල් තුන්ලක්ෂ තිස්දාහක ණය මුදලකට පොලී ගෙවමින් සිටින බව ද ඇය සඳහන් කළාය.

දිවිනැගුම  ව්‍යාපෘතිය මගින්  උදව් ලැබෙන්නට පෙර පිටි ගෝනි එකහමාරකින් බේකරි නිෂ්පාදනය කළ ඇය මේ වන විට පිටි කිලෝ 5කින්   නිෂ්පාදන කටයුතු  කරමින් දරුවන් දෙදෙනා සහ සැමියා ජීවත් කරන බව හඬා වැටෙමින්  පැවසුවාය.

තමන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ලබාදුන් බවට කුවිතාන්සිය පවා ඇති බව සඳහන් කර සිටින්නීය.  දීවිනැගුම කාර්යාලය මඟින් ජා ඇළ ප්‍රදේශයේ පිහිටි ආයතනයකින් මෙම වාහනය ලබාදුන් බවද එම ආයතනයත් සමඟ කිසිදු ගනුදෙනුවක් තමන් සිදු නොකළ බවද සියලු ගනුදෙනු සිදු කළේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවද ඇය කියා සිටියාය.

තමන් ණයකාරියකු බවට පත්කොට ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම විනාශ කොට දමා වාහනයක් ලබා දී අවසානයේ දී තමන්ට සිඟමන් යැදීමට තරම් තත්ත්වයට පත්වූ බව ද ඇය පැවැසුවාය. 

ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳව අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙසත් වහාම මෙම වාහන ගනුදෙනු පිළිබඳව විමර්ශනයක් පවත්වා සාධාරණය ඉටු කරන ලෙසත්ය. ඒසේ සිදු නොවන්නේ නම් තමන් මෙම වාහනය ප්‍රධාන මාර්ගයට දමා ගිනි තබා තමන් ද සිය දිවි හානි කර ගන්නා බවද ඇය හඬා වැටෙමින් පැවසුවාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්. යූ .නිශාන්ත  මහතාගෙන් විමසු විට සඳහන් කළේ මේ සිද්ධියට තමන් මාස ගණනාවක සිටම මැදිහත්ව ඇයට සාධාරණයක් ඉටුකර දීමට උත්සාහ දරමින් සිටින බව යි. දිවිනැගුම දෙපාර්තමේන්තු නිලධාරීන්ට සහ වාහනය නිෂ්පාදනය කරන ආයතනයට තමන් ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ගලේවෙල සමෘද්ධි  මූලස්ථාන කළමනාකාර ජයතිලක  වනිගසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කරුණු දන්නා බවත්  එවකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මෙම වාහනය හඳුන්වා දී ‍ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවයි.

සමෘද්ධි සංවර්ධන අංශයේ මාතලේ  දිස්ත්‍රික්  සම්බන්ධීකාරක ගාමිණී අබේවික්‍රම මහතා සඳහන් කළේ මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමක් සිදු කළ යුතු බවත් එවකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දිවයින පුරා මෙම වාහනය පිළිබඳව දැනුම්වත් කරමින් ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.

එනිසාම මේ සිද්ධිය සම්බන්ධයෙන් තුන් රෝද යතුරුපැදිය නිෂ්පාදනය කරන  ජා ඇළ ප්‍රදේශයේ  ආයතනයෙන් විමසු විට එහි හිමිකරු  පවසා සිටියේ  සිය  ආයතනය පිටරටින් අමතර කොටස් ගෙන මෙම වාහනය නිෂ්පාදනය කරන බවයි. වාහනය අලුත් වැඩියා කර දීමට තමන් කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා යන වියදම් ඔවුන් විසින් දැරිය යුතු බව ද පැවසීය.

 



අදහස් (15)

කබලෙන් ළිපට වැටුණු ගලේවෙල පද්මලතා

sanath Friday, 30 March 2018 06:14 PM

සිල්ලර බඩු කඩයක් සාර්ථකව කරන කෙනා ණය අරගෙන සුපර් මාර්කට් එකක් කරන්න ගියොත් අමාරුවේ වැටෙන්න තියෙන සම්භාව්‍යතාවය ගොඩක් වැඩියි. මේ බේකරිකාරයින්ටත් වෙලා තියෙන්නේ ඒ කරුමේම තමයි.

:       477       341

රාජුන්Saturday, 31 March 2018 01:40 AM

මේක හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා අැන්නා වගේ කතාවක්නේ. එතකොට තමාගේ ව්‍යාපාරය දියුණු කරගන්න තැත් කරන කාන්තාවයි මෙතන වැරදිකාරි, මේ කුණුගොඩ ඇගේ ඇඟේ ගැසූ රජයේ නිලධාරීන්වත් මෙය සැපයු සමාගමවත් නෙවෙයි. සනත් මහතා පින් සිද්ධ වෙයි ඔයාගේ ඔය රත්තරන් මොල පොඩ්ඩ හොඳ දොස්තර කෙනෙකුට කියලා පරීක්ෂා කර ගන්න.

:       37       408

නීලාSaturday, 31 March 2018 11:46 PM

මොළ පොඩ්ඩක් තියෙන්න එපායැ පරීක්ෂාකර ගන්න. නැද්ද මෙයා.

:       0       75

udayaSunday, 01 April 2018 06:11 AM

මේ වගේ ගොන් කතා නොකිය අසරණ උන මේ කාන්තාවට කෙලින්ම රජය මැදිහත් වෙලා සාධාරණය ඉටු කරන්න ඕනි

:       86       70

රාජුන් Saturday, 31 March 2018 01:33 AM

මේක තුන්වන ලෝකයේ හැම තැනම ටිකෙන් ටික ඔඩු දුවමින් පවතින ප්‍රවනතාවයක්. ලංකාවට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. කොහෙන් හරි කිසිම ප්‍රමිතියකට නැති හෝ ඉතාම අඩු ප්‍රමිති තත්වයේ වාහන කොටස් ගෙන්වා එකලස් කර කිසිත් නොදන්නා ජනතාවට විකිණීම. රජයේ ආයතන මෙම වාහන වර්ගය ප්‍රචලිත කිරීමට තැත් කරනවා නම් කරුණු දෙකක් විමසා බැලිය යුතුයි. මෙම වාහනයේ ප්‍රමිති තත්වය, විශේෂයෙන්ම වාහනයේ ක්‍රියාකාරිත්වය සහ එහි ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව කොතරම් දුරට පරීක්ෂා කර බැලුවාද යන්න, සහ මේ වාහන ගනුදෙනුවෙන් රජයේ නිලධාරීන්ට කොපමණ මුදලක් අත යට ලැබුණාද යන්න. මෙම ප්‍රශ්නයෙන් මෙම වාහන ප්‍රචලිත කිරීමට තැත් කළ රජයේ ආයතනයට හෝ වාහනය එකලස් කළ සමාගමට ගැලවී යා හැකියැයි මම හිතන්නේ නෑ. කවුරු හරි හිත හොඳ නිර්භීත නීතිඥවරයෙක් මෙම අහිංසක කාන්තාවට උදව් කරන්නේ නම් මැනවි.

:       31       136

sasithTuesday, 03 April 2018 08:05 AM

මේ රාජුන්, පද්මලතා ඔයා පද්මයක් වගේ යළි පිපෙන්න. ඔයාගේ නමේ අර්ථය රටටම පෙන්වන්න. පද්මලතාට ජයවේවා.!

:       45       500

vernonTuesday, 03 April 2018 10:41 AM

දැන් එතකොට ඔබ කියන ප්‍රමිතිය මේ වාහන අර ගත්ත අනෙක් අයට ප්‍රශ්නයක් නොවුනේ ඇයි?මේ වාහනයේ ප්‍රමිතියේ ගැටළුවක් ඇති බවට පැහැදිලි සාක්ෂියක් මෙතන නෑ. ඕනම වාහනයක අදාළ පරිදි නඩත්තු, අලුත්වැඩියා කරන්න ඕන. ඔයා හරකෙක් ගත්තත්, ආහාර, බේත් හේත් හරියට දෙන්න ඕන. කවුරුවත් වාහන බලෙන් ඇ‍ඟේ ගහලා නෑනේ. ඇයි මේ වාහනය අරගෙනත් තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ගන්න එයාට බැරි වෙච්ච එකට හේතුවක් කියන්නෙ නැත්තෙ?

:       112       0

janahitha Saturday, 31 March 2018 01:49 AM

මේ කෙරෙන වංචාකාරී වැඩවලට හුඟ දෙනෙක් අපරාදේ අහු වෙලා ජීවිත නැති කරගන්න තත්වයට එනවා. මමත් මේ වගේ පොල් පැල දෙන එකකට අහු වුණා. ඒ අය කිව්වේ ගන්නෝරුවෙන් පොල් පැල දෙනවා කියලයි. බලපුවාම බොරුවක්. මේ අය ගම්පහට නුදුරු ප්‍රසිද්ධ නගරයක කියලයි කිව්වේ. අහු වෙන්න නම් එපා. කවුරුත් හොඳට හොයලා බලන්න.

:       0       45

senarath Saturday, 31 March 2018 03:00 AM

මේක තනිකරම වංචාවක්. අලුතෙන් වාහනයක් ගත්තම එ්කට වගකීමක් තියෙන්න ඕනේ. අනෙක ස්ටාර්ට් කරන්න බැරි තත්වයෙන් කොහොමද අලුත් වාහනයක් විකුණන්නේ. මේ කාන්තාව දහසක් බලාපොරොත්තු තියාගෙන තමන්ගේ නිෂ්පාදනය ප්‍රවාහනය කිරීමට මේ වාහනය මිලදීගෙන තියෙන්නේ රජයේ මැදිහත් වීමක් ඇතිව. එම ආයතනය මෙහි වගකීම ගන්න ඕනේ. අනෙක මේ කාන්තාවට වූ පාඩුවටත් වන්දි ගෙවන්න ඕනේ. මේකද රජය කියා සිටින "අතදීම"

:       13       224

ලුම්බිණි Saturday, 31 March 2018 03:48 AM

මට පෙනෙන විදියට මේ වාහන හදන අය සහ දිවි නැගුම කරපු අය තමන් ගානක් හොයා ගන්න අහිංසක මිනිසුන් අමාරුවේ දමලයි තිබෙන්නේ. අනික අලුත් වාහනයක් නම් වොරන්ටි එකක් තිබිය යුතුයි නේද?

:       9       169

Pilisaranak Monday, 02 April 2018 01:15 AM

පද්මලතා, මෙයට යන වියදම කීයක් වෙනවද කියල ඇහුවද? එය දුවපු කලේ අදායම වැඩි උනාද?

:       0       10

t.n.j.kumara Monday, 02 April 2018 09:40 AM

මේ වගේ වැඩ කරන අයට රජකාලේ දුන්නු දඬුවම් දුන්නත් මට හිතෙන හැටියට නම් මදි...

:       0       12

himal Tuesday, 03 April 2018 05:48 AM

මේ වාහන ගොඩක් දෙනෙක් අරගෙන තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගත්තා. ඒත් මෙයාට දියුණු කර ගන්න බැරි වෙලා දැන් ඒක එක් එක් කෙනාට පාස් කරනවා. වාහනය ගන්න තමන් ණය වෙනවා නම්, ඒක තමන්ගේ පුද්ගලික තීරණයක්. ඒක උපයන ආදායමින් ගෙවන්න තමන් දැන ගන්න ඕන. මේ වාහනය ගන්න කොට වැඩ කරේ නෑ කියලා කියන්න මොනවද තියෙන සාක්ෂි? එහෙම වැඩ නොකරා නම් ඇයි වාහනේ භාර ගත්තේ? වාහනේ නිකන්ම කැඩෙන්නේ නෑනේ. මෙතන තියෙන්නේ කොළේ වහලා ගැහිල්ලක්.

:       202       40

lankonis Tuesday, 03 April 2018 07:13 AM

මේ දෙපාර්තමේන්තුව පටන්ගත් කාලෙ සමහරු කිව්වෙ දිවිනැගුම කියලා නොවේ දිවිනැසුම කියලා පත්මලතාට වෙච්ච දෙයින් එය ඇත්ත බව පේනවා වගකිව යුත්තො හිටපු අයට වරද පටවනවා. මේක තමයි ඵලදායිතා සම්මාන දීම ඇතිකලාට පසුව රාජ්‍ය සෙවයේ තත්වය

:       8       62

sasith Thursday, 05 April 2018 07:59 AM

පද්මලතා ඔයා ඔයාගේ ගමේ උපන් පද්මයක්. පද්මයක් සේ ලතාවට නැවත නැගිටින්න. ඔයගේ දෙපයින් සිට ගන්න. අපේ පද්මලතා.....ට ජයවේවා! ජෙයෙන් ජෙයම වේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site