අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පැවැත්වෙන දේව ආරාධනය මම අසා සිටියෙමි. දස දෙසින් පැමිණි භක්තිවන්තයන් තමන් පැමිණි කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වනු උදෙසා විවිධාකාර වූ පූජාභාණ්ඩද සහිතව දොහොත් මුදුන් තබාගෙන සිටිති.
“අප භාග්‍යවත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උතුම් වූ බුද්ධාදී රත්නත්‍රය ප්‍රධාන කොට ඇත්තා වූ දෙවියන් වහන්සේලාගේ දේව නාමවල් මුදුන්පත් කරවාගෙන තවද තුන්සිය හැටක් සමයංවලට නායකව යක්ෂසේනාව පිරිවරා ලක්දිවට ගොඩබැස සතර කෝරළය බඩ මනෝරම්‍ය දිව්‍ය විමානයක් කරවා අලුත්නුවර යැයි සිරිලකට අණසක පතුරුවා චිරාත්කාලයක් වැඩ වසන වාහල බණ්ඩාර දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. මේවැනි මේ බලියාග ශාන්තියට දේවාශීර්වාද කොට එවැනි ඒ තේජානුභාව බලයෙන් ආතුරයන්හට පැමිනි ලෙඩ දෝෂ දුරු වී සුබ ශාන්තියක් වේවා”
දේව මන්දිරය ඇතුළාන්තයෙන් නැගෙන දෝංකාරය දෙමින් හඬ නැගෙන හඬින් තම තමන් සිත් උඩරටට උරුම මුල් ඇඳුමෙන් සැරසී දකුණත නිල්වන් වේවැලක් දරා සිටින දැඩිමුණ්ඩ දේවතා හාමුදුරුවන් වහන්සේ වෙත සියල්ලෝම ආකර්ෂණයව බලා සිටිති.
වත්පිළිවෙත සිදුකිරීම් අන්තයෙහි දැඩිමුණ්ඩ දේවාලයෙහි තේවාව භාරකාර දම්සිරි කරුණාරත්න බණ්ඩාර මහතා හමුවී මෙම සිද්ධස්තානයේ අතීත තොරතුරු මෙන්ම පැමිණෙන සුවහස් ජනතාව මෙකී ස්ථානය පිළිබඳව පවත්නා විශ්වාසයන් ගැන තොරතුරු විමසුවෙමි.
අද වන විට ලංකාවෙ අලුත්නුවර කියල හඳුන්වන ස්ථාන තුනක් තියෙනව. බලංගොඩ උග්ගල් අලුත් නුවර, මහියංගනේ අලුත් නුවර, මාවනැල්ලෙ හතර කෝරළේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය මෙම ප්‍රසිද්ධ ස්ථාන තුනයි. අපේ අලුත් නුවර දේවාලයේ ඉතිහාසය දඹදෙණි රාජ්‍ය කාලය තරම් ඈත කාලයකට අයිති බව අලුත් නුවර දේවාලය කරවීම කියන පුරාණ පුස්කොළ ලියැවිල්ලෙ සඳහන් වෙලා තියෙනව. වර්ෂ 1236-1270 කාලයේ දඹදෙණියෙ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගෙ විසි දෙවැනි රාජ්‍ය වර්ෂයේදි එතුමන්ට වැළඳුණු රෝගාබාධයක් නිසා එයින් මිදීමට කළ හැකි කිසිවක් නොවුණු තැන අවසන් උත්සාහය හැටියට අලුත්නුවර දේවාලයට භාරයක් වූ බවත් මෙහි එකල වැඩිසිටි උපුල්වන් හෙවත් විෂ්ණු දෙවිඳුන්ට පුද පඬුරු හැටියට රන් ආයුධ දේව රූපය සිතුවම් කළ පෙතිකඩක් රැගෙන අවුත් තුන් අවුරුද්දක් මෙතැන පුද පූජා කළ බවත් සඳහන් වෙනවා.
සාමාන්‍ය ජනමතවාද අනුව සැලකෙන්නේ උපුල්වන් දෙවිඳුන්ගේ ප්‍රධාන අමාත්‍යවරයා දැඩිමුණ්ඩ දෙවිහාමුදුරුවන් බවයි. මෙම ස්ථානයේ තුන් මහල් දේවාලයක් ගොඩ නගා තිබුණත් මෙතැනට එන පිරිසට පහසු ගමන් මාර්ගයක් නොතිබුණේ දේවාලය වට කොටගෙන තිබූ මහා ගල් පර්වතයක් තිබූ නිසාය. අස්සද්දන පිරිවෙන්පති හිමියන් නිලමේවරුන් ඇතුළු පිරිසක් මෙතැනට පැමිණ අසල තිබූ දෙහි ගසක පඬුරක් ගැටගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක් වීමෙන් පසු එක් රැයකින් එම ගල් පර්වතය සුනු විසුනු වී මග දෙපස සකස් වූ බව ගල බිඳින ලද සැහැල්ලේ විස්තර සහිතව දැක්වෙයි. උඩ වීදිය ඔස්සේ අදත් මෙම දේවාලයට එන බැතිමතුන්ට දැක ගත හැකි ඉරහඳ කොටා ඇති මට සිලිටු ගල් වැටිය දැනටත් දක්නා ලැබෙන එක් සාක්ෂියකි.
දැඩිමුණ්ඩ දෙවියන් ගැන අතීතයේ සිටම මෙරට ජනතාව දැඩි භක්තියකින් පසු වූ බව විවිධ ජනශ්‍රැතීන්ගෙන් මෙන්ම ජන කාව්‍යයන්ගෙන්ද හෙළි වෙයි. බුදුන් වහන්සේට එරෙහිව මාරයා යුද්ධයට පැමිණි අවස්ථාවේ අනෙක් දෙව්වරුන් ඉවත්ව ගිය බවත් දැඩි මුණ්ඩ දෙවියන් පමණක් රැකවරණයට සිටි බව දැඩිමුණ්ඩ ස්තෝත්ර, දැඩිමුණ්ඩ කවි, දැඩිමුණ්ඩ අවතාරය, හත් අඩි උපත, දැඩි මුණ්ඩ උපත, දැඩි මුණ්ඩ පුලය, දැඩිමුණ්ඩ වරම, දැඩිමුණ්ඩ විස්තර, දැඩිමුණ්ඩ අවතාර ඇතුළු දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති ජනකාව්යයන්ගෙන් හෙළිවෙයි. පූර්ණක යක් සෙනෙවියාට දාව එරන්දතී නම් නාග කන්‍යාවියකගේ කුසෙන් උපන් අයෙකු ලෙස දැඩි මුණ්ඩ දෙවියන් පිළිබඳ ජන විශ්වාසයක් පවතී. එමෙන්ම විවිධාකාර අපහසුතාවයන්ට පත් වූ වන්ට පිළිසරන වන දෙවියකු ලෙසද මුළු මහත් ජනතාව තුළම ප්‍රසාදය දිනා ගත්තෙකි.
මෙම දේවාලයේ වත්මන් නවෝදය පිළිබඳව තේවාව බාර දම්සිරි කරුනාරත්න මහතා පවසන්නේ මෙබඳු අදහසකි.
අද තියෙන දේවාලය හදවලා තියෙන්නෙ එක්දහස් අටසිය ගණන්වලදි. මොල්ලිගොඩ අදිකාරම් තුමා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් රටෙන් පිටුවහල් කරන්න නියම උනාම මෙතැනට ඇවිත් බාරයක් වෙලා තියෙනවා. මොල්ලිගොඩ වලව්ව තියෙන්නෙත් මෙතැනට කිලෝමීටර් තුනක් විතර එහාට වෙන්න. රුවල් නැවෙන් අදිකාරම්තුමා පිටුවහල් කළත් දවස් හතක්ම රුවල් නැව මුහුදෙ පාවි පාවී තිබිල ගොඩ බිමට ඇවිත් තියෙනවා. එහෙම උනේ දැඩිමුණ්ඩ දේව බලය නිසාම බව දැනගත්ත මොල්ලිගොඩ අදිකාරම්තුමා මේ දේව මන්දිරය හදවල තියෙනවා.
“දේවාලයක අංග කිහිපයක් තියෙනව. ප්‍රධාන පිවිසුම, වාහල්කඩ, ප්‍රධාන බරාඳ, හඳුන් කූඩම, දිග්ගෙය, වැඩ සිටින මාලිගය, මුළුතැන් ගෙය, ගබඩා කාමර, අටු මඩුව, දඬු මඩුව ආදී කොටස්වලින් යුක්ත දේවාලය.
මේ දේවාලය ඇස් පනාපිටම කරදරයක් උන කෙනෙකුට පිහිට වෙන තැනක්. රටේ හැම කෙනෙකුගෙම විශ්වාසයක් තියෙනව. මෑත කාලයෙ මෙතැනදි සිද්ද වෙච්ච හාස්කමක් ගැන අනුරුද්ධ රත්වත්තෙ හිටපු ආරක්ෂක ඇමතිතුමා මට මෙහෙම කතාවක් කිව්වා.
කොටි සංවිධානය ඒ කාලෙ බොහොම බලවත් වෙලා තිබුණෙ. උතුරට නිතර නිතර යන එන කොට ඉස්සර වෙලාම අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ඇවිත් බාරයක් වෙලා යන එක මගේ සිරිතක්. එක දවසක් අපි ගිය හෙලිකොප්ටරේ හදිසි කාර්මික දෝෂයක් හින්ද මහ කැලෑවට පාත් කරන්න සිද්ධ උනා. වට පිට මහ කැලෑව. අපේ හමුදා කට්ටිය නතර වෙලා හිටිය තැනක් හොයා ගන්න බැරුව ගියා. මහ කැළෑවෙ කොච්චර දුරක් යන්න වේවිද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. අනික් එක මගේ කකුලෙ අමාරුව.
වෙච්ච කරදරේ කියන්න මට හිටියෙ දැඩි මුණ්ඩ දෙවිහාමුදුරුවො විතරයි. මම අපි එක්ක හිටිය නිලධාරියෙකුට කිව්ව දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට පඬුරක් ගැට ගහන්න කියල පඬුරක් හොයා ගත්තට ගැට ගහන්න රෙදි පටියක් නෑ. එක හමුදා නිලධාරිවරයෙක් තමුන් ඇඳල හිටිය කමිසයක් ඉරල ඒකෙන් පඬුර දවටල කිට්ටුව තිබුණ ගහක අත්තක ගැට ගැහුව. අපි ඔක්කොම දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් බැගෑපත් ඉල්ලීමක් කළා අපිට පිහිට වෙන්න කියල. අඩුම ගණනෙ අපිට කොයිබටකවත් පණිවුඩයක්වත් දෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. හෙලිකොප්ටරේ විනාශ කළේ ඒක කොටි හමුදාවට ලැබේවි කියල හිතාගෙන මට ඇවිදගෙන යන්න බැරි හින්ද හමුදාවෙ කට්ටිය මාව උස්සගෙන ගියා. අපිට අපේ හමුදා කඳවුරට යන්න කැළෑව මැද්දෙන් කෙටි පාරක් පෙන්නුම් කළා. එතැන හිටිය කට්ටියක් පුදුම උනා අපි ආපු ගමනට. මම එතැන ඉඳල කෙළින්ම ගෙදරට ඇවිත් නාල කියල පේවිලා ඇවිත් දැඩිමුණ්ඩ දේවතා හාමුදුරුවන්ට එදා මැරෙන්න යද්දී මම වෙච්ච බාරය ඔප්පු කළා. මම ආරක්ෂක ඇමති වගේම විදුලි බල ඇමති. දේවාලය තිබෙන තුරාවට දේවාල භූමියට කිසිම ගාස්තුවකින් තොරව විදුලි බලය ලබා දෙන්න පටන් ගත්තෙ එදා ඉඳල.
එදා මහනුවර විෂ්ණු දේවාලයටත් ඒකට අනුබද්ධ දැඩිමුණ්ඩ දේවාලයෙන් බස්නායක නිලමේවරය උනේ අනුරුද්ධ රත්වත්තෙ ඇමතිතුමාගෙ සහෝදර ඩෙනිස් සාලිය රත්වත්තෙ මැතිතුමා. අද ඒ තනතුර දරන්නේ අනුරුද්ධ රත්වත්තෙ ඇමතිතුමාගෙ පුත්‍රයෙක් වන මහනුවර හිටපු පුරපති මහේන්ද්‍ර රත්වත්තෙ මැතිතුමා.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කරදර වුණ අයට ඇස් පනාපිටම පිහිට වෙන අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය
සුගත් බණ්ඩාර Wednesday, 26 October 2016 08:53 AM
අලුත්නුවර දැඩිමුන්ඩ දෙවි පිහිටයි සම්පූර්ණ සහතික ඇත්ත කතාවක් ඔබට ඕනෑම ප්‍රශ්නයකට බාරයක් වෙලා පිහිට ඉල්ලන්ඩ ලැබෙනවා ලබෙනව (අ)
නිලන්ග Sunday, 12 February 2017 06:03 PM
ඇත්තටම මම දේවාලය තියන තැන හරියටම දන්නෙ නැහැ. මේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය තියන තැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ඔබට... (නි)
තෙන්නකෝන් Sunday, 12 February 2017 03:31 PM
ඉතා හොඳ ලිපියක් (නි)
චමින්ද Friday, 20 January 2017 04:07 PM
හොඳ දැනුවත්කිරීමක්
සම්පත් චන්දන Friday, 13 January 2017 01:27 PM
පොඩි කාලේ පෙරහැර බලන්න පයින් ගියහැටි මතක් වෙනවා. දම්සිරිට ස්තුතියි (හේ)
බස්නායක Monday, 09 January 2017 11:26 PM
අපිව දැනුවත් කළාට ස්තුතියි!
ප්රේමතිලකෙ Saturday, 07 January 2017 10:20 AM
මම ලබන 13 වෙනිදා දේවාලය වදින්න යන්න 1 දා සිට පේ වෙමින් සිටිමි. තෙරුවන් සරණයි! (නි)
සංජීව Thursday, 22 December 2016 06:47 AM
මම අහලා තියෙන විදිහට නම් අපි පින් කරලා ඒවා දෙවියන්ට අනුමෝදන් කළාම දෙවියෝ සතුටු වෙලා අපිව ආරක්ෂා කරනවා. ඒ කියන්නේ නැති බැරි කෙනෙකුට උදව් කරලා, දානයක් දීලා ලැබෙන පින් දෙවියන්ට අනුමෝදන් කරන්න ඕනෑ. අපිට දෙවියන්ගෙන් නොයෙකුත් දේ ඉල්ලුවට ලැබෙන්නේ නැහැ. පිහිටක් විතරි ලැබෙන්නේ (නි)
තිස්ස විජේරත්න Sunday, 18 December 2016 12:18 PM
ටෙලිෆෝන් නම්බර් එක දේවාලේ කපු මහත්තයාගේ (බ)
කෙවින් Friday, 02 December 2016 11:12 PM
හොඳ ලිපියක් (නි)
සොපි Friday, 18 November 2016 03:47 AM
මිනිසුන්ගේ විශ්වාස, ඇදහිලි ඒ අය ළඟම තිබුනාවේ. ඒවා හෙළාදැකීම සුදුසු නැතිබව මගේ නම් අදහසයි (නි)
හරින් Monday, 14 November 2016 09:20 AM
මේක බෞද්ධ රටක් පිස්සු කෙලින මැට්ටෝ (බ)
ලොලී Tuesday, 08 November 2016 02:51 AM
අපි කරපු පව් නැති කරන්න දෙවියන්ට බෑ. තාවකාලික සහනයක් දේවි. නිවැරදිව ආගම දහම රකින අයව දෙවියන් ආරක්ෂා කරාවී. (අ)
අමිත පෙරේරා Tuesday, 01 November 2016 01:05 AM
පහන්, ඔබේ අදහස් හරි. තමා හිසට තම අතමය සෙවණැල්ල. තමාගේ විමුක්තිය ලබාගත හැකි එකම මඟ, බුදුන් වහන්සේ දෙසු අවිහිංසාවාදී දහම් මඟ අනුගමන කරමින්, තමා විසින්ම ජීවිතයේ පැවැත්මේ ඇති යථාර්ථය අවබෝධ කරගෙන, තමාගේ ජීවිතය ඒ අනුව පවත්වාගෙන යාම බව පැහැදිලි සත්‍යයකි. (නි)
පින්කි Saturday, 29 October 2016 05:37 PM
හොඳ ලිපියක් (නි)
පහන් Saturday, 29 October 2016 07:56 AM
ඔව් ධම්ම ඔබ හරි එ්ත් ශ්‍රාවකයන් මිත්‍යා දෘෂ්ඨියට ලක්වීමට ඉඩහැරීම විශාල පාපයක් කියල පාසාදික සුත්‍රයේ දේශනා කරනවා බුදුදහම හින්දු ආක්‍රමණයට ලක්වීම ගැන භික්ෂුන් වහන්සේලා හඬක් අවදි නොකෙරිම සාසනයේ පරිහානියට හේතුවෙනවා .(අ)
මහින්ද කැලිෆෝර්නියා Saturday, 29 October 2016 05:33 AM
හරබර ලිපියක්. පොඩි කාලේ පෙරහැර බලන්න පයින් ගියහැටි මතක් වෙනවා. දම්සිරිට ස්තුතියි! (නි)
ධම්ම Friday, 28 October 2016 04:20 PM
මේ දේවාලය නිසා ජීවිකාව සරිකරගන්නා විශාල පිරිසක් ඒ අවට ඉන්නවා. එතැනට ගිහිල්ලා පඬුරක් ගැට ගහලා එන එක පිනක්. (නි)
පහන් Thursday, 27 October 2016 03:37 PM
මට පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ රෝගීන් ටික සනීප කරලා දෙන්න පුලුවන් නම් හම්බ කරපු ඔක්කොම දෙන්න වුණත් සූදානම්. හැම දෙනාටම තෙරුවන් සරණයි !!! (නි)
පහන් Thursday, 27 October 2016 03:32 PM
සම්‍යක්දෘෂ්ටික දෙවිවරු හැර අකෙකුත් කිසිදු දෙවි කෙනෙකු ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේට එහා ගිය සරණක් මම නම් බලාපොරොත්තු නොවෙමි (නි)
දිනේෂ් Wednesday, 26 October 2016 04:31 AM
මේ දේවාලය එතකොට මාවනැල්ලේ පිහිටි අලුත් නුවරද තිබෙන්නේ.
සුරංජිත් Saturday, 17 June 2017 02:18 PM
වාහල කවි වල මෙතුමා ලංකාවට පැමිණි විට මහා සමන් දෙවියන්ගෙනුත් වරම් ගත් බව කියැවෙනවා,ඒ කියන්නේ ලක භාර සමන් උපුල්වන් මා කතරගම යන දෙවිවරුන්ගෙන් වරම් අවසර ගත් බව සඳහන් වෙනවා
Sahan sharma Thursday, 02 January 2020 01:47 PM
යක්කුන්ට අච්චු කරන්න වෙසමුණිගෙන් වරම් අරන් එන එකම යක්ෂ දෙවිඳු දැඩිමුණ්ඩ මිස වෙන කවුද? දේවාලයේදී පඬුර ගැට ගහන තත්පර කීපයට දිට්ඨිය ගියා. අන්න එදා තමයි මගෙ ඇස් දෙකෙන් දැඩිමුණ්ඩ අණ බලකාර බව දැක්කේ... සියලු දෙනාට දැඩිමුණ්ඩ දෙවි පිහිටයි.