X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


කරවලත් සමග වේළෙන පේදුරුතුඩුවේ ධීවරයෝ

1   5  

 

උතුරට යන  ඕනෑම අයෙකු පළමුවෙන්ම ප‍්‍රියකරන්නේ යාපනේ මිදි සහ මන්නාරම් කරවල මෙන්ම යාපනේ කරවල මිලට ගැනීමටය. ධීවර කර්මාන්තයේ තවත් එක් පැතිකඩක් වන්නේ් කරවල වෙළඳාමයි. මෙය මන්නාරමේවත් යාපනේවත් කරවලවල රසභාවය පිළිබඳව හෙළිදරව්වක් කිරීම නොව වෙළෙඳපොළේ දකින යාපනේ කරවලයා වේළෙන්නේ කෙසේද යන්න පිළිබඳව යම් විග‍්‍රහයක් කිරීමටය.ශ‍්‍රී ලංකාවේ ඉස්මුදුනින් පිහිටා තිබෙන්නේ යාපනය පේදුරුතුඩුවයි. පේදුරුතුඩුව යාපනය ජනතාවට නම් ප‍්‍රසිද්ධවී ඇත්තේ ධීවර කර්මාන්තය සඳහාය. එයිනුත් කරවල වෙළඳාම සඳහා පේදුරුතුඩුව මහත් ප‍්‍රසිද්ධියක් උසුලයි. නමුත් කරවලවලට එලෙස ප‍්‍රසිද්ධියක් ලැබුණ ද මුහුදෙන් අල්ලාගන්නා මත්ස්‍යයා කරවලයා බවට පත්වෙන්නේ කුමන වෙහෙසකට පසුවද යන නිදාන කතාව බොහෝදෙනකු නොදැන සිටිති.උතුරු කෙළවර වූ පේදුරුතුඩුව මුහුදු තීරයේ කරවල වෙළෙඳාම සිදුකරන ධීවරයින්ට සිය කරවල වෙළෙඳාම සිදුකිරීමේදී මෙන්ම මසුන් ඇල්ලීමේදී ගැටලූ රැසකට මුහුණපෑමට සිදුවීම නිසා තමන්ට ආර්ථික වශයෙන් මෙන්ම නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණපෑමට සිදුව ඇති බවට යාපනය පේදුරුතුඩුව කරවල ධීවරයෝ කියා සිටිති.

6


ඉන්දු - ශී‍්‍ර ලංකා ධීවර ගැටලූවට මේ වනතුරුත් දෙරටේම බලධාරීන් විධිමත් විසඳුමක් ගෙන නොමැති හෙයින් මෙරට ආර්ථිකයට පිටුවහලක් වන උතුරු ධීවර කර්මාන්තය මෙන්ම උතුරේ ධීවරයින් පත්ව ඇත්තේ දැඩි අවදානම් තත්ත්වයකටය.

යුද්ධයට පෙරත් සහ පසුවත් කරවල වෙළෙඳාම් කරන මේ වැසියන් සිය ජීවිකාව සිදුකරනු ලබන්නේ අනේකවිද වූ ගැටලූ සමුදායක් සමගය. ස්ථීර නිවසක් නොමැතිවීම, පිරිසිදු පානීය ජලය නොමැතිවීම, සිය ජීවිකාවවන කරවල වෙළෙඳාමට අවශ්‍ය පහසුකම් නොමැතිවීම හා මුහුදේ මසුන් ඇල්ලීමේදී සිදුවන බාධකයන් ප‍්‍රධාන ගැටලූවන අතර ඊට අමතරව එදිනෙදා ජීවිතයේ බොහෝ ගැටලූවලට මේ වැසියෝ මුහුණ දෙති.


පේදුරුතුඩුව කරවල වාඩියෙහි කට්ට අව්වෙහි කරවල වේළමින් සිටි කේ. බාලමුත්තු ධීවරයා කියා සිටියේ මෙවැන්නකි.

2
”අවුරුදු ගානක් තිස්සේ අපි ලංකාවේ අවසාන මුහුදු සීමාවේ ඉඳන් කරවල වේළනවා. නමුත් අපි හැමදාම එකම තැන. මේ වෙනකම් කිසිම දියුණුවක් නැහැ. එදා වේල හොයාගත්තු එක විතරයි වුණේ. අපි දවසකට වේළන කරවල තොගයේ හැටියට අපි මේ වෙනකොට හොඳ පෝසත් මිනිස්සු. නමුත් වේළන කරවල විකුණගන්න විදිහක් නෑ. ප‍්‍රවාහනය කරගන්න ක‍්‍රමයක් නෑ. දවස පුරා වේළන කරවල එක එක වෙළෙන්ඳන්ට කුණුකොල්ලෙට දෙන්න වෙලා. අපේ ජීවිතත් මෙහෙම කිසිම වටිනාකමක් නැතිවම වේළිලා යයි”


”යුද්දෙට පෙරත් අපි මෙහෙම ධීවර රස්සාව කළා. එතකොට අපිට අතමිට සරු නොවුනේ එල්.ටී.ඊ.එකේ කප්පම්කාරයෝ අපි අල්ලන මාලූන්ගේ අදායමින් 80%ක්ම ගත්ත නිසා. එදා ඉතින් අපි එදා වේල පිරිමහගත්තේ දහදුක් විඳලා. මොකද වැඩියෙන් මාලූ ඇල්ලූවේ නැත්තම් අපිට මාලූ නෑනේ. ඔක්කොම ටික අර අයට දෙන්න වෙනවානේ. මාලූ අල්ලලා විකුණන එකට වඩා කරවල වේළලා විකුණන එක ටිකක් ලාබ වුණා. මොකද මාලූ අල්ලන දවසෙම ඒ අයට කප්පම් දෙන්න  ඕනැ නෑනේ. කරවල වේළලා එ්කෙන් ලැබෙන මුදල්වලින් අපිට එදාට ජීවත්වෙන්න  ඕනැ මුදල් තියාගෙන අනිත් ඒවා දුන්නා. දරුවෙක් වෙනුවෙන්වත් කිිසිම ඉතුරුවක් නම් වුණේ නැහැ. එදා කරවල වේළන්න පුරුදුවෙච්ච එක තාම අවුරුදු 10කට වැඩිය මේකම තමයි. හැබැයි අපි තාමත් එකම තැන.”


”යුද්දේ ඉවරවුන එක අපිට ලොකු සතුටක් වුණා. මොකද අපිට නිදහසේ ධීවර රස්සාව කරගන්න පුලූවන් වුණ නිසා. බොරු කියන්නේ මොකටද, යුද්දෙට ඉස්සරවෙලත් මගේ ගෙදරනම් තාවකාලික ගෙදරක්. මොකද අපේ ගෙවල් මුහුද අයිනෙමනේ තියෙන්නේ. මේ ඉඩම්වත් අපි හිටියට අපිට අයිතියක් නෑනේ. කොයි වෙලේ මුහුදු රළින් මේ ගෙවල් විනාශවෙයි ද කියන බයත් එක්කයි අපි හිටියේ. යුද්දේ ඉවරවෙලා අපි මේ පළාතේ ආයෙත් ධීවර රස්සාව කරන්න එනකොට නම් අපේ තිබුණ ගෙවල්වල කොහොමටවත් ඉන්න බැරි තරමට ඒවා දිරලා තිබුණේ. ඉතින් අපි බොහොම අමාරුවෙන් පොල්අතු පැලක් අටවගත්තා. දැන් අවුරුදු 2කට වැඩියි. ජීවිතේ ගොඩදාගන්න විඳින්නේ නැති දුකක් නැහැ. දැන් අපිට අපේ ජීවිත දියුණු කරගන්න කාලයක් නැහැ. එත් අපේ ළමයින් වෙනුවෙන්වත් ඉන්න හිටින්න ස්ථීර නිවසක්වත් හදාගන්න  ඕනැ. ඒකට මේ වෙනකම් කිසිම කෙනෙකුගෙන්වත් උපකාරයක්වත් නැති නිසා අපි බොහෝම අසරණවෙලා ඉන්නේ.”

3

යාපනය පේදුරුතුඩුව ප‍්‍රදේශයේ ධීවර වෙළඳාමත් අනතුරුව කරවල වෙළඳාමත් සිදුකරන මේ ජනතාවගේ බොහෝ ගැටලූ තිබෙන බවට එහි ගියවිට දක්නට ලැබිණ. දවස පුරා මුහුදු රළත් සමග පොරබඳින මේ මිනිසුන් සිය නිවසට පැමිණි පසු ද නිදහසක් නොමැත. ඉන් අනතුරුව සිය බිරින්දෑවරුන් හා දරුවන් සමග ද අල්ලනු ලැබූ මාලූ අව්වෙහි දමා වේළීම සිදු කරති. කරවලූන් සමග වේළෙන මෙම ජීවිතය පිළිබඳව මීළඟට අදහස් කියා සිටියේ කරවල වාඩියේ සිටි සින්නතුරෙයි පෙරුමාල් විසිනි.


”යුද්දෙට පස්සේ අපි මුහුදු රස්සාව කරලා හොඳින් ජීවත්වෙන්න හිතන් තමයි අපි මේ රස්සාව අයෙත් පටන්ගත්තේ. නමුත් අපිට වෙන කරදර දෙයියො තමයි දන්නේ. කොහොමද කියනවනම් අපි පාන්දරම මුහුදු යන්නේ. එහෙම යනකොට බොහෝවිට ඉන්දීය ධීවරයො අපේ දැල් ඉරලා විනාශ කරලා. එහෙම නැත්තම් ඒ කට්ටිය එක පාරටම අපි ඉන්න පැත්තට ඇවිත් අපිට ගහලා අපේ මාලූත් අරන් යනවා. දැලක් විනාශ වුණාම අපිට දැලක් ගන්න තරම්වත් වත්කමක් නැහැ. දහඅතේ ණයවෙලා තමයි මාලූ දැලක් ගන්නෙත්. යුද්දෙට ඉස්සෙල්ලා මේ ප‍්‍රශ්න තිබුණේ නැහැ. මේ වෙනකම් ආණඩුවටත් බැරිවුනා මේ ප‍්‍රශ්නෙටවත් විසඳුමක් දෙන්න. මේක රටවල් දෙකක ප‍්‍රශ්නයක් වෙලත් ඇයි තමන්ගේ රටේ සීමාවට නීති දාන්න බයවෙන්නේ. ආණ්ඩුව ඉන්දියාවට බය නිසයි මෙහෙම වෙන්නෙ කියලයි අපි හිතන්නේ. දැන් අලූතෙන් පළාත් සභාව තිබ්බා ඒකෙන් පත්වෙච්ච අයවත් මේ ගැටලූවලට විසඳුමක් දෙයිද කියලා අපි බලන් ඉන්නවා. එහෙම දුක්විඳලා ගේන මාලූ වේළලා අපිට විකුණගන්න විදිහක් නෑ. ඒකත් කුණුකොල්ලෙට දෙන්න වෙලා. වේළගන්න කරවල ටික නගරෙට අරන් යන්න විදිහක් නෑ. මේ දවස්වල කරවල වෙළඳාම නම් හොඳයි. නමුත් ඒවා විකුණගන්න විදිහක් නැති එකයි ගැටලූව. අපේ ජීවිත මේ විදිහට වේළිලා යන්න නොදී අපිට විසඳුමක් ලබා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.

4

 

මේ පිළිබඳව උතුරේ එක්සත් ධීවර සංගමයේ සභාපති එස්. එමිලියාස් පිල්ලේ මහතාගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ,


‘‘යාපනයේ නැවත පදිංචි වූ ධීවරයින්ට ඇතුළු සියලූම ධීවරයින්ට සිය ධීවර කටයුතුවලදි බොහෝ ගැටළු තිබෙනවා. ඒක පේදුරුතුඩුව ධීවරයින්ටම සීමාවුණු එකක් නෙමෙයි. පේදුරුතුඩුව ධීවරයින්ගේ මේ ගැටලූව ඇත්ත තමයි. නමුත් මේ ගැටළු පිළිබඳව ධීවර අමාත්‍යංශයේ අදාළ බලධාරීන්ට කිහිප අවස්ථාවකදීම ලිඛිතව පවා දැනුම් දීලා තියනවා. මට කරන්න පුලූවන් එපමණයි. එතනින් එහාට මේ ධීවරයින්ට විසඳුම් දෙන්න  ඕන රජයේ බලධාරීන්.


කරවලයා නම් දින කිහිපයක් වේළි අපේ අහාරයක් වෙයි. නමුත් ජීවිත කාලයම මුහුදේ සහ ගොඩඩබිමේ කට්ට අව්වේ වේළෙන මේ ධීවරයින්ගේ ජීවිත මිලක් ඇති කරවලයාට වඩා අසරණවී ඇත. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් කුමන අයුරකින් විසඳුම් දිය යුතුද යන්න අදාළ බළධාරීන් විසින් සිහියට ගත යුතුය.


m



අදහස් (0)

කරවලත් සමග වේළෙන පේදුරුතුඩුවේ ධීවරයෝ

සේනක ද සොයිසා සිරිවර්ධන Thursday, 25 September 2014 07:54 AM

සමාවෙන්න කියනවට. මම හරිම කැමතියි බතුයි, පරිප්පු හොදයි කරවල බැදුමයි උනුවට (ටිකක්)** කන්න! පුදුම දිව්‍ය රසයක්! නේද? (දී)

:       0       0

සොයිස Thursday, 25 September 2014 09:35 AM

ඇත්තටම පව් සාධාරණ මිලක් දෙන්න ඕනේ (දී)

:       0       0

ගුණවර්ධන Thursday, 25 September 2014 06:13 PM

වගකිවයුත්තන් වහාම ක්‍රියාත්මක විය යුතුයි මේ රැකියා කරුවන්ට සහනයක් ලබා දිය යුතුයි (දී)

:       0       0

එමිල් Thursday, 25 September 2014 07:01 PM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

සංජය Saturday, 27 September 2014 04:46 AM

අනේ අහිංසක මිනිසුන් කාගේ පිහිටක්ද (අ)

:       0       0

ගාමිණී - සිරිවර්දන Saturday, 27 September 2014 03:26 PM

ලංකාදීප කර්තෘ මණ්ඩලයට අනෙක වාරයක් ස්තුතීයි. ධීවරයෝ සාගරයෙන් දුක් විඳිනවා.කරවල වේලන්නෝ අව් රශ්මියෙන් වේලෙනවා.පාරිභෝගිකයා මිල ගණන් වලින් කණගාටු වෙනවා. අතර මැදියා හම්බ කරගන්නවා.ස.තො .ස ,සමුපකාර වෙළද ඇමති වරයා පිහිට වුයේ නැත්නම් මරණ ගෙදරකත් කරවල කෑල්ලක් කාලා හමාරයි ! (අ)

:       0       0

සුසන්ත පුෂ්පකුමාර Sunday, 28 September 2014 08:32 AM

මිනිස්සු අමාරුවෙන් ජිවත් වෙන්නේ අපිත් ඒක පිළිගන්න ඕනේ (දී)

:       0       0

සිල්වා Sunday, 28 September 2014 02:05 PM

ජනතාව විදින දුක් ගැන දැක්කාම මොකට අපි ජිවත් වෙනවද කියලා හිතෙනවා (දී)

:       0       0

සමන් Tuesday, 30 September 2014 05:59 AM

අපි මෙහෙදී කරවල කැල්ලක් ගන්න ගියාම කොහොමද ගණන්. ?? ඒ කියන්නේ මුදලාලිලා අපිවත් හුරගෙන කන ගමන් දුප්පත් මාළු වේලන මිනිහවත් මරාගෙන කනවා . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site