X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


කර්ම විපාකයක් නිසා සිපිරිගෙට ගිය ජිනාදරී සසුන් ගතවෙයි

පූර්ව ආත්මභාව හා මනෝමය කය අතර ඇති අන්තර් සබඳතාව සුළුකොට තැකිය නොහැකිය. බුදුදහමේ පෙන්වා දෙන ආකාරයට මනුෂ්‍යයා යළිත් උත්පත්තියක් ලබාගැනීම වළකාලීම සඳහා කළ යුත්තේ කර්මශක්තිය සහ උත්පත්තිය අතර ඇති අන්තර් සබඳතාව බිඳ දැමීමය. මෙහිදී මනුෂ්‍ය කර්ම චක්‍රය තුළින් උපත ලැබුවේ කවරදාද මරණයට පත්වන්නේ කවරදා ද යන්න පසක් කොට ලිය නොහැකිය. උත්පත්තියක් නොලැබීමට නම් පරිපූර්ණ ලෙස කර්ම ශක්තිය ක්ෂය කළ යුතුය. බුදුරජාණන් වහන්සේ කර්ම ශක්තිය අවසන් කරන ආකාරය ලොවට පෙන්වා දුන් සේක. මෙහිදී පැහැදිලි කොට ගත යුත්තේ මනෝමය කය අයත් වන්නේ විශ්වයේ ඇති භෞතික සම්පත් සහ චිත්ත අභ්‍යන්තරයේ ඇතිවන වික්‍ද්ක්‍දාණය මුල් කොටය. මනුෂ්‍යයා උත්පත්තියක් ලබන්නේ ආත්මභාවවල පැවැති කුසලාකුසල කර්මයන් මුල්කොට ගෙනය. එය පූර්ව භවයේ සිට ගෙන එන මනෝකායික බැඳීමකි. මනෝකායික සබඳතා එක් ආත්මයකට පමණක් සීමා නොවන අතර ආත්ම ගණනක් පුරා විහිදී යන අවස්ථාද පවතී. පහතින් පළවන කතාංගය එයට හොඳ උදාහරණයකි.

1 
සිරගෙදරින් නිදහස ලබා පැමිණි ජිනාදරී පිටත ලෝකය දෙස බලාසිටියේ වසර හතකට කෙතරම් වෙනස් වී ඇද්ද යන්න සිතා ගැනීමටය. තමා වසර හතකට සිරගතවූයේ කුමන කර්මයක් නිසාද යන්න ඇයට මතක් වූයේ තාප්පය තුළ ගෙවුණු ජීවිතය පිළිබඳ මතකය තුළිනි. එහෙත් සියල්ලම වෙනස් වුවද අතීතය කිසිදු අයුරකින් වෙනස් වී නොමැති බව ඇයට පසක් වූයේය. දෑසේ කඳුළු පිස දමමින් ජිනදරී මහපාරට බැස්සේ කිසිදු ආකාරයේ බලාපොරොත්තුවක් නොමැතිවය. යළිත් එම තාප්පයෙන් එහා ලෝකය ගැන සිතන්නට නොකැමැති වූ ඇය වහා මාර්ගය දිගේ පියවර මැන්නාය. කිසිදු හව්හරණක් නොමැති අසරණියක් බව ඇයට දැනෙන්නට වූයේය. අවට පෙනෙන ලෝකය දෙස ඇය බලා සිටියේ කුමක් කරන්නේද, කොහේ  යන්නේද යන්න තේරුම් ගැනීමට නොහැකිවය. බසයට නැඟුණු ඇය, බසයේ වීදුරුවෙන් අවට බලා සිටින විට ඇයට මතක් වූයේ වසර හතකට පෙර තත්ත්වයයි.


ඇය උපන්නේ කොළඹින් දුර බැහැර ප්‍රදේශයකය. උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළ ඇය බාහිර උපාධියද අවසන් කිරීමෙන් පසු අග නගරයේ.

ගණකාධිකාරීවරියක ලෙස උසස් රැකියාවක නිරත වූවාය. ඇය සමඟ බාහිර උපාධිය කළ කුසල් ඇයගේ ආදරය දිනා සිටි ගමේ තරුණයෙකි. සෑම සති අන්තයේම ඔහු ඇය සොයා පැමිණීයේය. කාලය ක්‍රමයෙන් වියපත් වෙත්ම ඔවුන්ට නොදැනෙන්නට නොපෙනෙන යම් බාධාවක් ඔවුන් දෙදෙනා අතර ගොඩනැඟෙමින් පැවතිණි. එය සමාජ තලයේ වෙනස්වීමක ප්‍රතිඵලයකි. කුසල්ටද එය දැනෙන්නට වූයේය. එහෙත් කුසල් මේ පිළිබඳව විමසන්නට මැළිවිය. මෙය නිදහසට බාධාවක්  යන්න ජිනාදරිගේ සිතට දැනුණද එය පෙම්වතාට පැහැදිලි කොටදීමට අකමැතිවිය.


ඒ වන විට ක්‍රමයෙන් ආයතන ප්‍රධානියකුගේ ආදරයටද ජිනාදරී මැදිවෙමින් පැවතීම නිසා ඇය දෙලොවක් අතර අතරමං විය. එහෙත් මේ කිසිවක් ජිනාදරී කුසල්ට නොපැවසීය. එහෙත් සිය පෙම්වතියගේ වෙනස්වීම කුසල්ට මහත් වේදනාවකි. ජිනාදරී පෙම්වතා සැනසීමට උත්සාහ දැරීය. කාලය ක්‍රමයෙන් ගෙවී යන අතර ජිනාදරීගේ පෙම්වතා විවාහවීමට බලකිරීම නිරන්තරව සිදුවිය. ජිනාදරීට මෙය ප්‍රශ්නයක් වූයේ ඇගේ ආයතන ප්‍රධානියගේ බලකිරීවෙනි. කුසල්ගේ මාපියන්ද මෙම ප්‍රශ්නයට මැදිහත් විය. කෙසේවත් ජිනාදරීට විවාහ නොවන ලෙසට බලපෑම් කළේ ඇයගේ ප්‍රධානියාය. ඒ වනවිටත් සියල්ලන්ට රහසින් ඇය හා එක්ව ජීවත්වීම අරඹා තිබිණි. එය පෙම්වතාට නොදැනෙන ලෙසට සිදුකරන්නට ජිනාදරී උත්සාහ කළාය. මෙවන් පසුබිමක් තුළ ජිනාදරී ගමට නොගියාය. සිත් තැවුලට පත් පෙම්වතා නගරයේ මිතුරකු මගින් ජිනාදරී පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගත්තේය. එහෙත් ඒ කිසිවක් ජිනාදරී දැන නොසිටියාය. කුසල් ජිනාදරීට තමන් දැනසිටි සියල්ල හෙළිකරන විට ඇය අසරණ වූයෙන් අඩාවැටීම හැර වෙනත් කිසිවක් ඇයට කළ නොහැකිවිය. නගරයට ගිය පෙම්වතිය යළි කිසිදිනක හමුනොවීමට තීරණය කළේය. ආයතන ප්‍රධානියාගේ ප්‍රේමයේ උන්මත්තක භාවයෙන් ඇයට සියල්ලම අමතක විය.

කාලය ගෙවී යන අතර ප්‍රධානියා සමග නිදහසේ ජීවත්වූ ඇයට වසරකට පසු වෙනස්වීමක් දැනෙන්නට වූයෙන් ජිනාදරී මහත් සේ බියට පත් වුවද ප්‍රධානියාගෙන් කිසිවක් නොඅසා සිටියේය. මේ කාලය තුළ ආයතනයේ විශාල මුදල් වංචාවක් පිළිබඳ ඇයගෙන් ප්‍රශ්න කිරීම නිසා ජිනාදරී මහත් සේ තැති ගත්තේය. ආයතන ප්‍රධානියාට තමා බේරාගන්නා ලෙසට අයැද සිටියාය. අවසානයේදී ආයතනය රහස් පොලීසියට පරික්ෂණ කටයුතු බාරදීමෙන් පසු ඇය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. චෝදනාව වූයේ ආයතනයෙන් විශාල මුදලක් වංචා කිරිමය. මේ වන විට ඇය සමග ජීවත් වූ ආයතන ප්‍රධානියා රහසේ විදේශ ගතව සිටියේය. ප්‍රධානියා ජිනාදරී මගින් වංචා සහගතව විශාල මුදලක් ලබාගෙන තිබුණි. අවසානයේ ජිනාදරීට සිදුවූයේ මුදල් වංචාව නිසා සිපිරිගෙට යාමටය. ආයතනයෙන් මුදල් වංචා කිරීමට ඇය පෙළඹු ප්‍රධානියා ජිනාදරී යොදා ගනිමින් මුදල් වංචාවන් සිදු කළ අතර එම මුදල්ද රැගෙන ජිනාදරීට හොරා ඔහු විදේශගත වීම නිසා මුදල් වංචාවට වරදකරු වූයේ ජිනාදරීය.


වසර හතකට පසු ජිනාදරී සිර ගෙදරින් නිදහස ලැබුවද ඇයට ජීවත්වීමට මඟක් නොවීය. මාපියන් මියගොස් සිටි අතර නිවෙස සහ අනිකුත් දේපළ ඥාතීන් විකුණා දමා තිබිණි. අවසානයේ ඇයට පිහිට වූයේ අනාථ නිවාසයකි. එහි සිටියද සෑම තත්පරයක් පසාම ජිනාදරීට සිහිපත් වූයේ අතීතයේ අප්‍රසන්න ජිවිතයේ සෙවණැලිය. ඒවා තමා වටා කරකැවෙමින් තමා මානසික අසහනයට පත්කිරීම ඇයට මහත් වේදනාවක් වූයෙන් මානසික වෛද්‍යවරුන්ගේ පිහිට පැතුවාය. තමාගේ ජීවිතය මෙතරම් අප්‍රසන්න අඝාධයකට පත්වූයේ ඇයිද යන්න ඇයට මහත් ප්‍රහේලිකාවක් වූයෙන් පෙර  භවයේදී මෙවන් විපතක් සිදුකිරීමට මුල් වූ හේතු සාධකය සෙවීම මගින් ඇය සැනසීමක් පැතීය. අවසානයේදී ඇය මෝහන ප්‍රතිගමනයට පත් කෙරිණි. මෙතැන් සිට දිග හැරෙන්නේ එම කතාංගයේ උපුටාගත් කොටස් කිහිපයකි.


දැන් ඔබ මවගේ ගර්භයේ සිට පෙරභවයට පිවිසෙනවා.


“ක්‍රමයෙන් ඔබ ළමා වියෙන් තරුණ වියට එළඹෙනවා.”


“දැන් ඔබ වැඩි හිටියෙක්. පැහැදිලි කරන්න.”


“ඔබ කවුද ඔබ මොනවද කරන්නේ?”


“පැහැදිලි කරන්න.”


“විශාල සත්ත්වගාලක මම ඇවිදිනවා.”


“විස්තර කරන්න මොන වගේ සතුන්ද”


“හරක්, එළුවන්”


“මොකටද ඒ සත්තු ඇති කරන්නේ.”


“මරලා විකුණන්න.”


“ඔබ කෙතරම් කාලයක් එය සිදුකළාද”


“දීර්ඝ කාලයක්”


“ඔබ මරණයට පත්වූ ආකාරය පැහැදිලි කරන්න”


“උස් ගහකින් වැටිලා කකුල් දෙකට කැඩිලා මැරුණා.”


“ඔබ ඊළඟ ආත්මයට ගිය හැටි විස්තර කරන්න.”


“ගොඩක් කලක් දුක්වින්ඳා.”


“ඇයි”


අම්ම කෙනෙක් සොයා ගන්න”


“ඔබගේ ගම් පියස පිළිබඳ තොරතුරු හෙළිකරන්න.”


“ලොකු ගංගාවක් ආසන්නයේ අපේ ගෙදර පිහිටා තිබෙනවා


ළඟට ගියාම ඈතින් දාගැබක් පේනවා.”


“ඔබ පන්සල් යනවාද.”


“නැහැ”


“ඇයි ඒ.”


“අවශ්‍ය නැහැ කියලා හිතුණා.”


“ඔබ උත්පත්තියක් ලැබුවාද?”


“ලැබුවා.”


“ඒ ආත්මය පිළිබඳ විස්තරයක් කරන්න.”


“ඉපදිලා දවස් තුනකින් මැරුණා.”


“ඇයි”


“පෙර කර්මය නිසා”


“මොකද්ද කර්මය?”


“සත්තු මරපු එක”


“ඔබ ආත්ම කීයක ඉපදුණාද?”


“තුනක”


“ඒ හැම ආත්මයකදීම ඔබ කිරි දරුවකුව සිටියදී මැරුණේ”


“ඔව්”


“ඇයි ඒ විදියට මැරුණේ”


“පාපකර්මය අවසන් නොවුණු නිසා”


“ඔබට ආත්මයක් ලබාගන්න කොපමණ කලක් ගියාද?”


“හිතාගන්න බැහැ.”


“විස්තර කරන්න.”


“පාපකර්මය අවසන් වන තෙක් ඒ වේදනා විඳින්න වුණා.”


“කොපමණ කාලයක්ද?”


“උප්පත්තියක් ලබන තෙක්”


“උප්පත්තියක් ලැබුවාද?”


“ලැබුවා.”


“ඔබ ඇයි සිරගත වුණේ”


“පෙර ආත්මයේ සත්තු මරලා වධ දීලා සිරකරලා දුක්...දුන්න නිසා”


“සිදුකළ පාප කර්මයන් අවසන්ද?”


“නැහැ. තව ආත්ම තුනක් යන තෙක් විඳින්න සිදුවෙනවා.”


“ඉන් මිදෙන්න බැරිද?”


“බැහැ. විඳින්න වෙනවා”


“කොපමණ ආත්ම ගණනක් පාප කර්මය විඳින්න වෙනවාද?”


“ආත්ම තුනක් යන තෙක්”


ජිනාදරී සිපිරිගෙයි දුක් විඳින්නට වූයේ පෙර ආත්මයේ ගවයන් සහ අනිකුත් සත්ත්වයන් සිරකොට පසුව මරාදැමීම නිසා එහි කර්ම විපාකය වෙනුවෙනි. පෙර ආත්මයේදී සතුන්ට විඳින්නට සිදුවූ අනේක වධ වේදනා ඊළඟ ආත්මයේදී ජිනාදරීට විඳින්නට විය. පෙර ආත්මයේදී මරණයට පත්ව ඇත්තේද අතපය කැඩී බිඳී අනේක වේදනාවලට ලක්වීමෙනි. එයට හේතු වූයේද එම ආත්මයේ සිදුකරන්නට යෙදුණු පාපකර්මයක් හේතුවෙනි. මින් පැහැදිලි වන්නේ මනුෂ්‍යයා සිදුකරන්නට යෙදෙන සියලු පාපකර්මවල පලවිපාක මෙම ආත්මභවයේදී මෙන්ම ඊළඟ ආත්මභවයේදී විඳින්නට සිදුවන බවයි. පෙර ආත්මයේ සිදුකළ අනේක විධ පාපකර්ම නිසා මේ ආත්මයේදී සිපිරිගෙයි දුක් විඳින්නට සිදුවීම, පෙර ආත්මයේ පාපකර්මයන්ගේ ප්‍රතිඵලයකි. එමෙන්ම ආත්ම තුනක උපන් ගෙයිදීම වධ වේදනා විඳ මරණයට පත්වීමද පෙර භවයේ පාප කර්මවල හේතු ඵලයකි. ජිවිතය පිළිබඳ මහත් සේ කලකිරීමට පත්ව සිටි ජිනාදරී ඒ සියලු හේතුඵල වල ප්‍රතිඵලයක් ලෙස අවසානයේ සසුන් ගත විය.


මෙම කතාංගයේ එන නාමයන් සියල්ල කතාංගයේ ගැළපුම සඳහා පමණි.

m



අදහස් (0)

කර්ම විපාකයක් නිසා සිපිරිගෙට ගිය ජිනාදරී සසුන් ගතවෙයි

එරන්ද Thursday, 26 January 2017 02:33 AM

හොඳ කතාවක් (නි)

:       0       0

ප්‍රදීප් ලියනගේ Friday, 27 January 2017 06:57 AM

අපොයි දෙවියනේ...මිනිස්සු මේ කතා බලලවත් හැදෙනවානම්.....(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site