X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


කසිප්පු නුදුන්නාට තරුණයාගේ ගුද මාර්ගයට යකඩ පොල්ලක්

තිස් පස් හැවිරිදි පමණ වන ඔහු ගොවිතැන් බත්කර ජීවිකාව ගෙන යන අයෙකි. පදිංචිව සිටින්නේ තඹුත්තේගම පොලිස් වැයික්කියට අයත් ගම්මාන දහය බැදිවැව ප්‍රදේශයේය. කසිප්පු බීමට තදින්ම ඇබ්බැහි වී සිටි බව කියන ඔහුට කසිප්පු නොබී සිටීමට පුළුවන්කමක් තිබී නැත.


ඒ නිසා ඔහු නිතිපතාම කසිප්පු බීමට යාමට තෝරාගෙන තිබුණේ ගමේම පිහිටි නිවසකි.15-12475225-Very-thirsty

 
මේ නිවසේ කසිප්පු වෙළදාම් කරගෙන යන්නේ කාන්තාවක් වන අතර ඇය කොච්චර පොලිසියට කොටු වී උසාවියෙන් දඩ කා තිබුණත් ලෙහෙසියෙන් ඒ වැඬේ අතහරින්ට අකමැති වූවාය.


සිද්ධිය වූ දවසේ ද මොහු වෙනදා මෙන්ම සවස් යාමයේ මෙසේ ගෙදර ඇවිත් රුපියල් 150ක පමණ මුදලක්ද අරගෙන කෙළින්ම ගියේ කසිප්පු වෙළදාමේ නිරතව සිටින කාන්තාවගේ නිවසටය. කසිප්පු භාගයක් ඉල්ලාගත් ඔහු එය තොලගාමින් ගතකර ඒ කසිප්පු භාගය බී හමාරකර තවත් කසිප්පු භාගයක් ඉල්ලා ඇත.


කාන්තාව කියා ඇත්තේ ගෙදර විකිණීමට ගෙනා කසිප්පු ඉවර වී ඇති බවත් වෙන දෙන්නට කසිප්පු නැති බවය.


වෙල්යායේ කසිප්පු පැකට් තොගයක් සඟවා ඇති බවත් එම කසිප්පු පැකට් ටික ගෙදරට ගෙනවිත් දුන්නොත් ඒ වෙනුවට නොමිලයේ කසිප්පු භාගයක් ලබා දෙන බවත් කාන්තාව ඔහු සමග කියා ඇත.


නිකම් කසිප්පු භාගයක් යැයි කීව නිසා ඔහුගේ ඉහේ මලක් පිපුණා සේය. කසිප්පු බීමට දැඩි ගිජුකමක් දැක් වූ නිසා කාන්තාව කියන්නේ නම් ඇයගේ ගෙදර තියන වැඩක් වුවත් කර දීමට ඔහු සූදානම්ව සිටින අයෙක් බව කියයි.


නිකම් කසිප්පු භාගයක් දෙනවා යැයි කාන්තාව කී නිසා ඔහු වෙල්යායට ගියේ ඇය සඟවා තිබූ කසිප්පු පැකට් තොගය ගෙන ඒමටය. තිබූ තැනින් කසිප්පු තොගය අරගත් ඔහු එයින් එක් කසිප්පු පැකට් එකක් තැබුවේ පසුව ගෙදර යන ගමන් අරගෙන යාමට සිතාගෙනය.


කසිප්පු පැකට් තොගය රැගෙන ඒමට වෙලට යන විටද ඔහු සිටියේ තරමක වෙරිමරගාතේය.


කසිප්පු වෙළඳාමේ නිරතව සිටින කාන්තාව පොරොන්දු වු පරිදිම කසිප්පු භාගයක් කීයක්වත් අය කරන්නේ නැතුවම ලබා දී ඇත්තේ ඔහු කළ උපකාරයට ප්‍රතිඋපකාරයක් වශයෙනි.


ඒ කසිප්පු භාගයද එතනම තබාගෙන තොල ගා ඉවරවෙන විට රෑ බෝ වී තිබිණි. කසිප්පු බෝතලයකටම ඒ වන විට වගකියා තිබූ නිසා ඔහු සිටියේ කෙලින් කටින් සිට ගැනීමටවත් නොහැකි තරම්ය.


වෙරි මරගාතේ වැනෙමින් ඔහු කසිප්පු තිප්පොළෙන් පිටවුණේ ගෙදර යාමට සිතාගෙනය. ගෙදර බලා යමින් සිටි අතරවාරයේ ඔහු හරිම අකරතැබ්බයකට මුහුණ පෑවේ කිසිසේත් බලපොරොත්තු නොවූ ආකාරයකටය.


ඒ කතාව ඔහු තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරින් සමඟ පවසා ඇතැයි කියන්නේ මෙසේය. 


මම රෑවෙලා ගෙදර එද්දී ත්‍රීවිල් එකකින් ආපු කට්ටියක් මචං අපි අරක්කු බිබී ඉද්දී මදිවුණා අපි තව අරක්කු බෝතලයක් ගෙන යන්නයි මේ ආවේ. කසිප්පු තිප්පොළක් ගැන දන්නවා නම් කියපංකෝ කියා ඔවුන් කිව්වා. හතර දෙනෙක් ත්‍රීවිල් එකේ හිටියා. මම ඔවුන්ව හදුනනවා. මම වෙලේ හංගා ආ කසිප්පු ඔවුන්ට විකුණන්න හිතාගත්තා. මම ඒ හතර දෙනාව එහෙට එක්කගෙන ගියා. එතකොට වේලාව රෑ 10.00 පහුවෙලා ඇති. වෙලේ මම කසිප්පු හංගලා ආපු තැන හොයාගන්න උත්සාහ කළත් බැරිව ගියා. ඒ හතර දෙනාත් හොඳටම බීලා හිටිය බව මට තේරුම් ගියා.


ඊට පස්සේ මොකද වුණේ කියා පොලිස් නිලධාරියෙක් පවසා සිටි අවස්ථාවේ ඔහු මෙසේ පවසා ඇති බව දැන ගැනීමට ඇත.


කසිප්පු තියන තැනකින් කොහොම හරි හොයා දීමට බැරිනම් අපි උඹට හොද පාඩමක් උගන්නනවා කිව්වා. ඒත් මට කසිප්පු හංගා ආ තැන හොයාගන්න බැරිව ගියා. උඹ අපිව රැවැට්ටුවා. රස්තියාදු කළා කියා මට පහර දීලා ඔවුන් ආ ත්‍රීවිල් එකට ඇදලා දාගත්තා. ඔහුන් හතර දෙනා මාව මුණ්විල්පිටිය වැව් බැම්ම ළඟට අරගෙන ගිහින් හොද හැටි පහර දුන්නා. මම ඇඳ සිටි සරම අරගෙන එය ඉරා දමා ඒවායින් මගේ අත් පා ගැට ගසා දැමුවා. ඊට පස්සෙ යකඩ බටයක් වගේ එකක් මගේ ගුද මාර්ගයට ඇතුළ් කළා. මට වේදනාව ඉවසා ගන්න බැරිව ගියා. ඒ වේදනාවට මගේ වෙරිත් හිදුනා වගේ දැනුනා. මට කරකියාගන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. මගේ ළඟ තිබුණ හැන්ඞ් ෆෝන් එකත් ඔවුන් පැහැරගෙන ගියා. 


ඒ හතර දෙනා මාව වැව් බැම්මේ දමා ත්‍රිවිල් එකේ නැගලා ගියා. මම සෑහෙන්න ඔට්ටුවෙලා මාව බැඳ දමා තිබූ ගැට ලිහාගත්තා. මම නිරුවතින්ම කළුවරේ එද්දී ගඩොල් පෝරණුවක් දැකලා එතැනට ගියා. ඒ ගඩොල් පෝරණුව ළඟ පොහොර උරයක් තිබුණා. ඒ පොහොර උරයෙන් විලි වසාගෙන බොහොම අමාරුවෙන් ගෙදරට ආවා. ගෙදර අයට විස්තරේ කිව්වා. ඊට පස්සේ සරමක් ඇඳගෙන තමා එහෙම පොලිසියට ආවේ යැයි ඔහු පොලිසියට පවසා සිටියේය.
පොලිසිය ඔහු ලබා දුන් හෝඩුවාවක් ඔස්සේ පරීක්‍ෂණ පවත්වා මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් පහර දී ගුද මාර්ගයට යකඩ බටයක්ද ඇතුළු කල බව කියන හතර දෙනාගෙන් දෙදෙනෙක්ම අත් අඩංගුවට ගන්නා ලදී.


මේ තුන් දෙනාගෙන් දෙදෙනෙක් අයියා මලෝ වෙති. අනෙකා ඔවුන්ගේ මිතුරෙකි. අයිය මලෝ දෙන්නාගෙන් අයියා ගාල්ල පැත්තේ හමුදා කඳවුරක රාජකාරි කරන ආබාධිත හමුදා සෙබළෙකි.


අත් අඩංගුවට ගැනීමට සොයන්නේ තවමත් රාජකාරියේ නිරතව සිටින හමුදා සෙබළෙක් වන අතර ඔහු ප්‍රදේශය අතහැර පලා ගොස් සිටී. පැහැරගෙන යාමට යොදාගත් ත්‍රීරෝද රථය අල්ලා ගැනීමට සොයන හමුදා සෙබළාට අයත් එකක් වන අතර එයද පොලිස් භාරයට ගෙන තිබේ.


පහරකෑම් හා වධ හිංසාවලට ලක් වූ පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කෙරිණි. අත් අඩංගුවට ගත් තිදෙනා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වනදින දක්වා රිමාන්ඞ් භාරයේ තබනලෙස මහේස්ත්‍රාත් එස්. බී. ඉලංගසිංහ මහතා නියෝග කළේය.


උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සපුගහවත්ත මහතාගේ පූර්ණ අධික්ෂණය තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරි පරාක්‍රම ඒකනායක මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීමෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී. එච්. එස්. බී. දිසානායක, පොලිස් පරීක්‍ෂක තිලකරත්න බණ්ඩා, උප පොලිස් පරීක්‍ෂක වැලිකල, කොස්තාපල්වරුන් වන වාසල (35758) කුලසූරිය (48118) සහ ජයතිලක (5403) යන මහත්වරු පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ. 

m



අදහස් (0)

කසිප්පු නුදුන්නාට තරුණයාගේ ගුද මාර්ගයට යකඩ පොල්ලක්

නුවන් Monday, 17 October 2016 10:59 AM

දැන්වත් බීම නැවැත්තුවා නම් මදැයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 18 October 2016 02:19 PM

රණවිරුවන්ගෙන් දැන් දැන් සමාජයට බොහොම කරදර සිදුවෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site