X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


ක්‍රිකට් පිටියෙන් අගමැති පුටුවට ගිය ඉම්රාන්

 

ඉම්රාන් ඛාන් 1970 දශකයේ සිට දශක දෙකක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ක්‍රීඩකයෙකි. ඔහු සිය පෞරුෂත්වය හා ප්‍රජා සේවය වෙනුවෙන් ලොව පුරා කීර්තියක් ලබා ඇත. පාකිස්තානයට 1992 වසරේ ලෝක කුසලානය දිනාගැනීම සඳහා ඉම්රාන් ඛාන් විශාල දායකත්වයක් සැපයීය. 

තමාට ලැබුණු මහජන සහයෝගය මැතිවරණ ජයග්‍රහණයක් බවට පත් කිරීම සඳහා ඔහු වසර ගණනාවක් සටන් කළේය. ඔහු 1996 දී පාකිස්තාන ටෙහ්රික්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය ආරම්භ කළේය. අවසාන වශයෙන්, වසර 22 ක දේශපාලන අරගලයකින් පසු, ඔහුගේ පක්ෂය 2018 මහ මැතිවරණයෙන් ජයගත් අතර ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.

පාකිස්තානය පිළිබඳ ඉම්රාන් ඛාන්ගේ ආර්ථික දැක්ම විශේෂ ය. දුප්පතුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ඉම්රාන් ඛාන් දැඩි උත්සහායක් දරමින් සිටී. 

2018 මහ මැතිවරණයේදී “නව පකිස්තානයක්” නිර්මාණය කරන බවට ඔහු පොරොන්දු විය. සමබර අධ්‍යාපන ක්‍රමයක්, සෞඛ්‍ය සැලැස්මක්, දූෂණ විරෝධී බදු එකතු කිරීමේ ක්‍රමයක්, පාකිස්තානයේ ස්වයං තිරසාර බව, රැකියා උත්පාදනය, සම්මේලනය ශක්තිමත් කිරීම, පොලීසිය ප්‍රතිසංස්කරණය කිරීම, ආයෝජන ඉහළ නැංවීම, සංචාරක හා කෘෂිකාර්මික අංශ ශක්තිමත් කිරීම සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා ඉම්රාන් ඛාන් පොරොන්දු විය. එපමණක්ද නොව, ඔහු තම පොරොන්දු ඉටු කිරීමේ අරමුණෙන් දිගටම ගමන් කරයි.

එපමණක් නොව, වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික පසුබෑම හොඳම උපාය මාර්ග භාවිත කරමින් පාලනය කිරීමට අගමැති ඉම්රාන් ඛාන් සමත් විය. 

2020 ගෝලීය වශයෙන් අභියෝගාත්මක වසරක් යැයි පැවසුවද, පාකිස්තානය සම්බන්ධයෙන්, අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් රජය කොරෝනා වෛරස් වසංගත කාලවලදී පවා “සාර්ථකත්වයේ හා වර්ධනයේ” මාවතක ගමන් කර ඇති බව සැලකිය යුතු කරුණකි.

තිරසාර ආර්ථිකය, සංවර්ධනය, සුභසාධන වැඩසටහන් සහ ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්තිය අනුව 2020 වර්ෂය තුළ පාකිස්තානයේ සැලකිය යුතු ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි විය. 2020 වසරේ, 2021 සඳහා අලූත් යෝජනා සමඟ ඉම්රාන් ඛාන්ගේ රජය සැලකිය යුතු සන්ධිස්ථාන කරා ළඟා වී තිබීම සැලකිය යුතු කරුණකි. 

අගමැති ඉම්රාන් ඛාන් යනු දේශීය වශයෙන් පමණක් නොව ලෝකයේ ප්‍රගතිය වෙනුවෙන් සටන් කළ හැකි අයෙකි. එක්සත් ජාතීන්ගේ 75 වන සැසිවාරය අමතමින් ඔහු දේශගුණික විපර්යාස, දූෂණය, වසංගත, ඉස්ලාම් භීතිකාව සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතුළු ගෝලීය ගැටලු පිළිබඳව අවධානය යොමු කළේය.ජාතිවාදයට එරෙහි සටනේදී සහ ගෝලීය සාමය හා ස්ථාවරත්වය සඳහා වන කාර්යභාරය ඉටු කරන ලෙස ඔහු එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉම්රාන් ඛාන් ස්වාභාවික නායකත්වය හා හැකියාව ඇති පරාර්ථකාමී ප්‍රජා ස්වේච්ඡා සේවකයෙකි. ඔහු ජීවිතයේ සෑම අංශයකම, විශේෂයෙන් ව්‍යාපාර හා මූල්‍ය කළමනාකරණ අංශයන්හි දිගුකාලීන දැක්මක් ඇති අයෙකි. ව්‍යාපාර, මූල්‍ය, දේපළ වෙළඳාම්, නීතිය, විද්‍යාව, ප්‍රකාශන සහ විශාල ආයතන කළමනාකරණය ඉම්රාන් ඛාන්ට වඩාත් ගැලපෙන වෘත්තීය ක්ෂේත්‍ර අතර වේ. ඔහු ස්වභාවයෙන්ම නායකත්ව තනතුරු වෙත ආකර්ෂණය වේ, දේශපාලනය, සමාජ සේවාව සහ ඉගැන්වීම ඔහුගේ හැකියාවන් බැබළෙන තවත් බොහෝ අංශ අතර වේ.

අගමැති ඉම්රාන් ඛාන්ගේ අවුරුදු විසි දෙකක දේශපාලන අරගලය විස්මිත ටෙස්ට් තරඟයකට සමාන කළ හැකිය. දිගු අරගලයකින් පසු ඔහු 2018 මහ මැතිවරණයෙන් ජය ගත්තේය. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජයට විදේශ කටයුතුවලදී ද දක්ෂතා දැක්වීමට හැකි වී තිබේ. මෙයට හේතුව ජාත්‍යන්තර තලයේ ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික පෞරුෂය සහ රටේ සියලුම කොටස් සමඟ ඔහු දක්වන සමීප සම්බන්ධතාවයයි.

1990 දශකයේ දී ඉම්රාන් ඛාන් යුනිසෙෆ් හි ක්‍රීඩා සඳහා විශේෂ නියෝජිතයා ලෙස ද සේවය කළේය. බංග්ලාදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල සෞඛ්‍ය හා ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ප්‍රවර්ධනය කළේය. ඔහු ලන්ඩනයේ සිටියදී ලෝඩ්ස් ටවර්නර්ස් නම් ක්‍රිකට් පුණ්‍යායතනය සමඟ ද කටයුතු කළේය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඛාන් දේශපාලනයට සම්බන්ධ වීමට පෙර සමාජ සේවයට යොමුව සිටියේය.

1990 දශකයේ මුල් භාගයේදී ඔහු ෂව්කත් ඛනාමින් අනුස්මරණ පදනම ආරම්භ කළේය. එය ඔහුගේ මව වන ෂව්කත් ඛනාමින් මහත්මියගේ නමින් නම් කරන ලදී. පදනමේ පළමු පියවර ලෙස ඉම්රාන් ඛාන් පාකිස්තානයේ පළමු පිළිකා රෝහල ආරම්භ කළේය. ලොව පුරා ඉම්රාන් ඛාන් විසින් රැස් කරන ලද ඩොලර් මිලියන 25 කට වැඩි මුදලක් භාවිත කරමින් මෙය ඉදිකර ඇත.

ඉම්රාන් ඛාන් 2018 අප්‍රේල් මාසයේදී මියන්වාලි දිස්ත්‍රික්කයේ නාමල් විද්‍යාලය නමින් කාර්මික විද්‍යාලයක් ආරම්භ කළේය. එය ඉදිකරන ලද්දේ මියන්වාලි සංවර්ධන භාරය (එම්ඩීටී) විසිනි. එය බ්‍රැඩ්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අනුබද්ධ ආයතනයකි. ඉම්රාන් ඛාන් පදනම පාකිස්තානය පුරා සිටින දුප්පතුන්ට උපකාර කිරීම අරමුණු කරගත් තවත් පුණ්‍යායතනයකි. එය පාකිස්තානයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ද උදව් වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාකිස්තානය සමඟ සමීප සබඳතා ඇත. ඔහු පාකිස්තාන හමුදා පුහුණු ආයතනවල හමුදා පාඨමාලා කිහිපයකට සහභාගී වී ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද පාකිස්තානය සමඟ සමීප සබඳතා පවත්වයි. ඉම්රාන් ඛාන් අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාවට පැමිණී ඇති අතර ශ්‍රී ලංකාවේ විශාල රසික පිරිසක්ද ඔහුට සිටි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය දෙරටේ නායකයන්ට ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ ජනතාවට ප්‍රතිලාභ සැලසීමට මහඟු අවස්ථාවක් වනු ඇත. එපමණක් නොව, මෙම සංචාරය මිත්‍ර රටවල් දෙක අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.


පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙනි

 



අදහස් (5)

ක්‍රිකට් පිටියෙන් අගමැති පුටුවට ගිය ඉම්රාන්

Raveendra Tuesday, 23 February 2021 11:02 AM

අප දන්නා පරිදි තමන් උපන් රට වෙනුවෙන් අවංකව, නිශ්ශබ්දව මෙන්ම ඍජු තීන්දු තීරණ ගනිමින් සිටින රටට හොඳක් කිරීමට සැමවිටම උත්සාහ කරන නායකයෙක්.

:       0       9

Pradeep Tuesday, 23 February 2021 11:32 AM

ඔහුගේ නායකත්වයෙන් පාකිස්තානය පැහැදිලි ගමනක් යන බව පෙනේ. දැඩි තීරණ ගත යුතු අවස්ථාවල දැඩි තීරණ ගනිමින් මේ යන ගමන ප්‍රශංසනීයයි. අවාසනාවකට අපිට ඒ වගේ නායකයෙක් නැතිවීම ජාතියේම අභාග්‍යයකි...

:       5       18

Rama Wednesday, 24 February 2021 01:52 AM

ඉම්රාන් ඛාන්ගේ සමකාලීන අර්ජුන ගැන සඳහනක් නැත්තේ අැයි?

:       1       1

ආනන්ද Saturday, 27 February 2021 11:48 AM

කියලා වැඩක් නැතුව ඇති. ක්‍රිකට් සෙල්ලම් කරපු ළමයින්ට බැට් එකෙන් ගහලා ඔලුවත් පැලුවා නේද?

:       1       2

Nihal Monday, 01 March 2021 03:39 AM

ඒකට අපිට ඉන්නේ විකුණන් කාන්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site