ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය වචන පාවිච්චි කිරීම එකී ස්ථානයේ එක් පුද්ගලයකු පමණක් සිටියා වුවද, එකී පුද්ගලයා අප්‍රසන්න භාවයට පත් වන්නේ නම් එකී අසභ්‍ය වචන පාවිච්චි කළ තැනැත්තා දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තිය යටතේ වරදක් සිදු කරන්නේය.
ඉහත විස්තර ඇතුළත් නඩුව 1911 වර්ෂයේ දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තිය යටතේ පවරන ලද නඩුවකි. මේ නඩුවේ චූදිතයා වූයේ අල්බානෝ ප්‍රනාන්දු නම් පුද්ගලයකි. ඔහු විසින් හලාවත ප්‍රදේශයෙ ්දී මේ නඩුව පැමිණිලිකාරියට සහ ඇයගේ සේවකයන්ට අසභ්‍ය වචන පාවිච්චි කරමින් බැණ වැදීමය. මේ නඩුවේ චෝදනාව එසේ බැණ වැදීම සිදු කරන ලද්දේ ප්‍රසිද්ධ ස්ථානයකදීය. එකී අසභ්‍ය වචන පාවිච්චිය හේතුවෙන් ඇයට අප්‍රසන්න භාවයක් ඇති විය. නඩු විභාගයේදී සාක්ෂි මඟින් හෙළිදරව් වූ පරිදි චූදිතයා අසභ්‍ය වචන පාවිච්චි කොට ඇති බව පිළිබඳවත් එය ප්‍රසිද්ධ ස්ථානයක දී කර ඇති බවටත්, විනිසුරුතුමා සෑහීමට පත් විය. එයින් බැණ වැදීමට ලක්වූ තැනැත්තියට අප්‍රසන්න භාවයක් ඇති වූ බව පිළිබඳවත් නඩුව විභාග කළ පොලිස් විනිසුරුතුමා සෑහීමට පත් විය.
එසේවුවද, මේ අසභ්‍ය වචන පාවිච්චි කර ඇත්තේ පැමිණිලිකාරියට සහ ඇයගේ සේවකයන් තිදෙනාට පමණක් ඇසෙන දුර ප්‍රමාණයක බවටත්, විනිසුරුතුමාට පෙනී ගියේය. පොලිස් මහේස්ත්‍රාත්තුමා නඩු විභාගයේදී ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමට පත් වූවත් ඔහු එක් කරුණක් පමණක් සම්බන්ධයෙන් සෑහීමට පත් නොවීය. එය චූදිතයා එකී අසභ්‍ය වචන පාවිච්චි කොට ඇත්තේ පොදුවේ මහජනයා ඉදිරියේ නොවීම පිළිබඳවය. චූදිතයා විසින් පාවිච්චි කරන ලද අසභ්‍ය වචන ඔහු විසින් පාවිච්චි කරනු ලැබ ඇත්තේ පැමිණිකාර ස්ත්‍රීයට සහ ඇයගේ සේවකයන්ට ඇසෙන දුර ප්‍රමාණයේ සිට බවය. එබැවින් එකී අසභ්‍ය වචන පොදුවේ මහජනයා ඉදිරියේ පාවිච්චි කර නැති බව පැහැදිලිව පෙනී යන කරුණක් බව පොලිස් මහේස්ත්‍රාත්තුමා පෙන්වා දුන්නේය. එබැවින් එකී අසභ්‍ය වචන චූදිතයා පොදුවේ මහජනයා ඉදිරියේ ඔවුන්ට ඇසෙන පරිද්දෙන් පාවිච්චි කර නොමැති බැවින් චූදිතයා දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තියට අනුකූලව වරදක් සිදු කොට නොමැති බව පොලිස් මහේස්ත්‍රාත්තුමා නිගමනය කළේය. එබැවින් චූදිතයා එකී වගන්තිය යටතේ වරදක් සිදු කොට නොමැති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කළේය. මේ අනුව පොලිස් මහේස්ත්‍රාත්තුමා පැහැදිලි කොට ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තිය යටතේ වරදකරු කිරීමට අසභ්‍ය වචන පාවිච්චි කිරීම සාමාන්‍ය වශයෙන් පොදුවේ මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානයක දී ඔවුන්ටද ඇසෙන සේ කළ යුතු බවය.
චූදිතයා නිදහස් කිරීම පිණිස පොලිස් මහේස්ත්‍රාත්තුමා පාදක කොට ගත් හේතුව නීතියට පටහැනි බව පවසමින් අසභ්‍ය බැණුමට ලක් වූ පැමිණිකාර කාන්තාව වහාම එකී නඩු තීන්දුවට විරුද්ධව අභියාචනා අධිකරණය වෙත අභියාචනා පෙත්සමත් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. චූදිතයා නිදහස්ව ඇති බැවින් අභිආයාචනක අභිආයාචක පෙත්සම ඉදිරිපත් කිරීමට නීතිපතිතුමාගෙන් අවසර ලබා ගත යුතු වේ. චූදිතයා නිදහස්ව ඇති විටක අභිආයාචනයක් සඳහා ඉඩ ලැබෙන්නේ අභිආයාචනා අධිකරණය සලකා බැලිය යුතු බරපතළ නීති ප්‍රශ්නයක් ඇතහොත්ය. පැමිණිලිකාරියට නීතිපති තුමාගෙන් අවසර ලැබුණු අතර, ඒ අනුව 1911 ජූලී මස අභිආයාචනා පෙත්සම ඉදිරිපත්ව විභාගයට ගන්නා ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වුඞ් රක්ටන් මහතා ඉදිරියේ අභිආයාචනා පෙත්සම විභාග කෙරුණි.
අභිආයාචනා විනිසුරු තුමා ආරම්භයේදීම අවධාරණය කොට පැවසුවේ “ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය වචන පාවිච්චි කරන තැනැත්තෙක් දණ්ඩ නීති සංග්‍රහයේ 287 වගන්තිය යටතේ එසේ වචන පාවිච්චි කිරීම හේතුවෙන් එක් තැනැත්තකු වුවත් අප්‍රසන්න භාවයට පත්වන්නේ නම් එසේ අසභ්‍ය වචන පාවිච්චි කරන තැනැත්තා එකී වගන්තිය යටතේ වරදකට වරදකරු වන්නේය.”
තවදුරටත් කරුණු පැහැදිලි කරමින් අභිආයාචනා විනිසුරු වුඞ් රක්ටන් මැතිතුමා මෙසේ පැහැදිලි කර සිටියේය. “දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තියේ පමණක් නොව පොලිස් මහේස්ත්‍රාත්තුමාගේ හේතු දැක්වීමේ දී ද කොතනකවත් අසභ්‍ය වචන පාවිච්චි කරන ප්‍රසිද්ධ ස්ථානයේ සෑහෙන මහජන ජන පිරිසක් රැස්ව සිටිය යුතු බවට සඳහන් කොට නැත. එවන් සෑහෙන ප්‍රසිද්ධ පිරිසක් හමුවේ ඔවුන්ට ඇසෙන පරිදි අසභ්‍ය වචන පාවිච්චි කළා නම් එවන් අවස්ථාවක චූදිතයා එකී වගන්තියේ ප්‍රතිපාදන යටතේ වරදක් සිදු කළ බවට නිගමනය කළ යුතු වන්නේ එවන් අවස්ථාවක දී පමණක් බව ඉහත කී පරිද්දෙන් සඳහන්ව ඇත.
අභිආයාචක වෙනුවෙන් පෙනී සිටි ගුණතිලක මහතා කරුණු දක්වා පෙන්වා සිටියේ ද දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව එකී වගන්තිය යටතේ වරදක් කිරීමට අසභ්‍ය වචන පාවිච්චි කිරීම පුද්ගලයන් රාශීයක් හමුවේ කළ යුතු බවට අවශ්‍ය කෙරෙන බව දන්වා නැත. මේ නඩුවේ අසභ්‍ය වචන පාවිච්චි කරනු ලැබ ඇත්තේ අසභ්‍ය වචනවලට ගොදුරු වූ තැනැත්තිය හා ඇයගේ සේවකයන් දෙදෙනා ඉදිරියේය. දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තියේ අදාළ වරද මෙසේ විස්තර කොට දක්වා ඇත.
“287 යම් ප්‍රසිද්ධ ස්ථානයක දී හෝ එබඳු ස්ථානයක් අසල දී අන් තැනැත්තෙක් හට අප්‍රසන්න තාවයක් වන සේ යම් අසභ්‍ය ගීතයක් හෝ ගීතිකාවක් හෝ වචන ගයන හෝ තාලයට කියන හෝ ප්‍රකාශ කරන තැනැත්තකුට මාස තුන දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.”
ඉහත සඳහන් වගන්ති කියවා බැලීමේ දී අසභ්‍ය වචන පාවිච්චි කිරීම සම්බන්ධයෙන් එකී වචන පාවිච්චි කිරීම එකී වචන පොදු ජන පිරිසකට ඇසෙන සේ පැවසීම අවශ්‍ය බව වගන්තියේ කිසිදු තැනක දක්වා නැත. චූදිතයා වචන පාවිච්චි කළ බවත් එකී වචන අසභ්‍ය වචන බවත් පොලිස් මහේස්ත්‍රාත්තුමා සෑහීමට පත්ව එකී වචන ප්‍රසිද්ධ ස්ථානවල දී පාවිච්චි කරන ලද බවටත් ප්‍රශ්නයක් නැත. තවද එකී වචන යොමු වූ තැනැත්තිය ටික දුරක් ඇයගේ සේවකයන් සමඟ රැඳී සිටිය බවටත් ප්‍රශ්නයක් නැත. එකී වචනවලින් පොදුවේ මහජනයාට අප්‍රසන්න භාවයක් ඇති වූ බව වගන්තියේ ඇතුළත්ව නැත.
තවදුරටත් කරුණු දක්වමින් වුඞ් රක්ටන් විනිසුරුතුමා උදාහරණයක් දක්වා තමාගේ මතය මෙසේ තහවුරු කොට ඇත. එංගලන්තයේ එක් දුම්රිය මැදිරියකට ගොඩ වූ කෙනෙකු විසින් හඬ නගා අසභ්‍ය සින්දුවක් කියමින් එකී දුම්රිය මැදිරියේ සිටි එක් කාන්තාවකට අප්‍රසන්න භාවයක් ඇති කරන ලදී. ඒ පුද්ගලයා එකී ක්‍රියාවෙන් එක් කාන්තාවකට පමණක් අප්‍රසන්න භාවයක් ඇති කළා වුවද, ඔහුගේ ක්‍රියාව හේතුවෙන් ඒ පුද්ගලයාට දඬුවම් කිරීමේ වරදක් නැත. ඒ අවස්ථාවේ දී විශාල ජනතාවක් රැස්ව සිටීම අවශ්‍ය නොවේ. එකී ගායනයෙන් ඔවුන් අප්‍රසන්න භාවයට පත් විය යුතු නැත. එසේ සිදුව නැත. අප්‍රසන්න භාවය ඇති වූයේ දුම්රිය මැදිරියේ සිටි එක් කාන්තාවකට පමණි. එය වරදට ප්‍රමාණවත් වේ. සාමාන්‍යයෙන් විශාල ජනතාවක් අවශ්‍ය නැත. දුම්රිය මැදිරියට ඇතුළත්වී අසභ්‍ය ගායනයන් සිදු කොට එක් කාන්තාවකට අප්‍රසන්න භාවයක් ඇති කළේ නම් ඒ තැනැත්තාට දඬුවම් පැමිණවීමේ වරදක් නොමැති බව තමා අදහස් කරන බව වුඞ්රක්ටන් විනිසුරුතුමා පැවසුවේය.
මේ කරුණු සියල්ල පවසමින් ගරු වුඞ්රක්ටන් විනිසුරුතුමා හලාවත පොලිස් මහේස්ත්‍රාත් තුමා චූදිතයා නිදහස් කරමින් දෙන ලද නියෝගය ඉවත දැම්මේය. එපමණක් නොව චූදිතයා වරදකරු බවට තීන්දු කරන ලෙසටත් අවශ්‍ය වෙතොත් දෙපාර්ශ්වයේම සාක්ෂි කැඳවා චූදිතයාට නිසි දඬුවම් නියම කරන ලෙසට හලාවත පොලිස් මහේස්ත්‍රාත් වෙතට නඩු පොත යවන ලෙසට නියෝග කළේය. එසේ අලුතෙන් කැඳවිය යුතු සාක්ෂි දඬුවම් සම්බන්ධයෙන් පමණක් විය යුතු බවට පැහැදිලි කළේය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කාන්තාවකට පරුෂ වචනයෙන් බැන්න අල්බානෝ ප්‍රනාන්දුට දඬුවම් 1911 පැවති නඩුවක්