එදා ගැමි ගෙවල්වල ඉවුම් පිහුම් කටයුතුවල නිරත වන කාන්තාවෝ නෑඹිලියට එක්කරන සහල්පතින් මිටක් ගෙන සකසුරුවමට තබති. මෙය කාලාන්තරයක් තිස්සේ පැවැත එන ගැමි සිරිතකි. එක්කෝ එය පන්සලට දෙන සලාක දානයට එක්කර ගැනීමටය. නැතිනම් දෙවියන් උදෙසා වාර්ෂිකව සිදුකෙරෙන දාන මාන කටයුත්තකදී ප‍්‍රයෝජනයට ගැනීමටය. මේ දෙකම නොවේ නම් කුස්සිය හිස් වූ විට හදිස්සියකදී ප‍්‍රයෝජනයට ගැනීමටය. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුකර පිරුණු කැට ගෙනැවිත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගොඩනැගුවේ මෙවන් සංකල්ප ඔස්සේය. මේ ඊයේ පෙරේදා සිය 106 වැනි ජන්ම ශත සංවත්සරය සැමරූ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මේ බැංකුවේ නිර්මාතෘවරයාය. මුළු ජීවිත කාලයම සාමාන්‍ය මිනිහා වෙනුවෙන් කැපකළ මේ රටේ සම සමාජයක් පෙරදැරි කරගෙන දේශපාලනය කළ ආචාර්ය ඇන්.ඇම්. 1970 සමගි පෙරමුණු රජයේ මුදල් ඇමැතිවරයා ලෙස ගත් මෙම තීන්දුව එදා එම රජයේ කැපීපෙනෙන ප‍්‍රගතිශීලී කටයුත්තක් විය. එතැන් සිට සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරගත් මේ රටේ සාමාන්‍ය ජනයාගේ ලේ දහඩිය කාසි බවට පෙරළී රුපියල් කොළවලින් තැන්පත් වූයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේය. මේ සත්ගුණවත් ඉතිහාසය අද ජීවත්වන බොහෝ අයත්, සමහර දේශපාලන ජාවාරම්කාරයෝත් නොදනිති. දැනගත්තත් ඔවුන්ට වැඩක් නැත. ඔවුනට අවශ්‍ය වන්නේ කොතැනින් හෝ කුට්ටියක් කඩාගැනීමටය. මෙතෙක් පැවැති හැම ආණ්ඩුවකටම විනාශයට මඟ පෑදුවෝ එම ආණ්ඩුව පිහිටුවීමට දර දිය ඇද්ද, උදේ පාන්දරින් ඡුන්ද පොළට ගොස් තම යුතුකම ඉටුකළ අවංක පාක්ෂිකයෝ නොවෙති. ඔවුහු මේ සිදුවන කි‍්‍රයාවන් අභියස අහිංසකයෝ වෙති. කිසිවක් කරකියාගත නොහැකිව සුසුම්ලන්නෝ වෙති. නැතිනම් නරඹන්නෝ වෙති. විශේෂයෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා මේ රටේ දේශ හිතැති ප‍්‍රගතිශීලීන් අතර ඇති සහසම්බන්ධය ගහට පොත්ත වාගේය. සාමාන්‍යයෙන් සමසමාජ, කොමියුනිස්ට් හා ශී‍්‍ර ලංකාකාරයෝ මේ බැංකුවට ආදරය කරති. ඊට හේතුව එය මේ තුන්ගොල්ලෝ එකතුව බිහිකළ රජයක හොඳ නිර්මාණයක්වීම නිසාය. යූ.ඇන්.පී. කාරයන් හා ජේ.වී.පී. කාරයන් ආදරය නැතැයි මින් අදහස් නොවේ. ඔවුහු ද එසේමය. එහෙත් සමගි පෙරමුණු කාරයන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගැන යම් විශේෂ ආඩම්බරයක් තිබේ. මේ නිසා ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ කුඩා හෝ කොල්ලකාරී සිදුවීමක් මගින් මේ බැංකුවේ කීර්තිනාමයට සුළු හෝ හානියක් සිදුවීමට ඔවුහු අකමැති වෙති. 1971 අංක 30 දරන මුදල් පනතින් සුබ මොහොතින් බිහි වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විටින්විට රන් හා රිදී සම්මානවලට පාත‍්‍රවෙමින් ශී‍්‍ර ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ 3 වැනි විශාලතම බැංකුව බවට පත්ව ඇත. ශාඛා 210 කින්ද, 4055 වූ තැපැල් කාර්යාල ජාලයකින්ද, 221 ක් වූ එ්.ටී.එම්. කාඞ් මධ්‍යස්ථානවලින් ද සමන්විත මෙම දුප්පතාගේ හිතවතා මිලියන 17 ක පමණ ගිණුම් හිමියන්ගෙන්ද සමන්විතය. එසේම 2011 ට සාපේක්‍ෂව රුපියල් බිලියන 467 ක වත්කමකටද හිමිකම් කියයි. මේ වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මෙවන් සාර්ථකත්වයක් උදාකර ගැනීම සඳහා ජනතාවගේ ඊට ඇති කැමැත්ත හා සහයෝගය මෙන්ම එහි සේවය කරන සේවක සේවිකාවන්ගේ කැපවීමද හේතු වී තිබේ. කෙටියෙන්ම මෙය මහජන දේපළකි. සතෙන් සතේ රුපියලෙන් රුපියල ගොඩනැගූ පොදු දේපළකි. පොදු දේපළ සාංඝික දේපළට සමාන යැයි අපේ රටේ සමහර ගැමියෝ විශ්වාස කරති. රටක සාංඝික දේපළ හා දෙවියන්ගේ දේවල් ආරක්‍ෂා වන්නේ මේ සංකල්ප ඔස්සේය. දෙවියන්ට වෙන් කළ පොල් ගස් පොල් වතුවල දක්නට ලැබේ. කිසිවෙක් හොරාටවත් ඒ වායේ ගෙඩි නොකඩති. එ්වායේ පළදාව දේවාලයේ කටයුතු සඳහා වෙන් කෙරේ. සහල් ද එසේමය. ”මූට දෙවියන්ගේ සහල් කැවිලා” යැයි සමහරු පිස්සු විකාරයෙන් දොඩවන අය ගැන සඳහන් කරන්නේ එ් නිසාය. මහජන දේපළ ද සාංඝික හා දෙවියන්ගේ දේපළට සමාන නම් මේවා විනාශ කිරීමට සැරසෙන අයට හොඳක් වීමට ඉඩක් නැත. හරි හෝ වැරදි සමාජ සම්මතය එලෙසින් පවතින රටක අප ජීවත් වේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කතාව මීට වෙනස්ය. ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිඳවැටීමේ සිද්ධියක් නොබෝදා වාර්තා විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ඍජු මැදිහත්වීම නිසා එය වැළකී ගිය බව පෙනේ. නැතිනම් සෙලාන් බැංකුවට සිදුවීමට ගිය දෙයම මේ දැවැන්ත මූල්‍ය ආයතනයටත් වීමට ඉඩ තිබුණි. එහෙත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හැම සතයකටම රජයේ වගකීමක් තිබෙන නිසා කිසිවෙක් බිය විය යුතු නැත. බැංකුවක් කෙරෙහි විශ්වාසය බිඳවැටුණු මොහොතේම තැන්පත්කරුවෝ සසල වෙති. ඔවුහු තම තැන්පත් මුදල් ඉල්ලා සිටිමින් බැංකුව වටා රොක් වෙති. එක්වර එසේ මුදල් ලබාදීමේ හැකියාවක් කිසිම බැංකුවකට නොමැත. අදාළ බැංකුව රාජ්‍ය බැංකුවක් නම් එහි වගකීම රජයට බැරවේ. රජය යනු අවසාන විග‍්‍රහයේ දී ජනතාවමය. සාමාන්‍යයෙන් ඕනෑම මූල්‍ය ආයතනයක් ඵළදායී ලෙස මුදල් ආයෝජනය කරති. ඒ ගැන විවාදයක් නැත. එය තමන් සතු වත්කම් වැඩිකර ගැනීම සඳහාය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවද රු. බිලියන 467 ක (කෝටි 46,700 ක) වත්කමක් එක්රැස් කරගෙන තිබෙන්නේ තැන්පත්කරුවන්ගේ ඉතිරි කිරීම්වලින් පමණක් නොවේ. තැන්පත්කරුවන්ගේ ඉතිරි කිරීම්වලට අමතරව, ණය දීම් හා ඵලදායී ලෙස යෙ දු ආයෝජනවලින් ලැබෙන ප‍්‍රතිලාභ ඔස්සේය. මේ වන විට මේ රටේ වාණිජ බැංකු 33 ක් රටපුරා ශාඛා 6,122 ක් සමගම පවත්වාගෙන යනු ලැබේ. ඊට අමතරව ෆිනෑන්ස් සමාගම් 39 ක් ශාඛා 704 ක ජාලයක් සහිතව කි‍්‍රයාත්මක වේ. මේ සෑම මූල්‍ය ආයතනයක්ම ණය දීම්වල හා ආයෝජනවල යෙදෙයි. මේ නිසා ආයෝජනයේ වරදක් නැත. එහෙත් රාජ්‍ය බැංකු ජනතාවගේ මුදල් ආයෝජනය කිරීමේදී දෙවරක් කල්පනා කළ යුතුය. ඊට හේතුව ජනතාවගේ ලේ, දහඩිය, මුසු වූ රීරිමාංශ එහි ගැබ් වී තිබීමය. විශේෂයෙන්ම මෙහිදී කොල්ලකාරී ජාවාරම්කාරයන් අතට එ්වා පත්නොකිරීමේ වගකීම් මේ බැංකුවල විශේෂඥ සේවාවන්හි නිරත වෙමින් ලක්ෂ ගණනින් පඩි හා වරප‍්‍රසාද ලබන නිලධාරීන් සතුය. ”අනේ අපි ඕවට නෑ” කියා ඔවුන්ට ඇඟබේරාගත නොහැකිය. පසුගිය සමයේ ආන්දෝලනයකට ලක්ව තිබුණේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව කොටස් වෙළෙඳ පොළේ මුදල් ආයෝජනය කිරීමය. බැංකුව පිහිට වූ පනතට අනුව එවැන්නකට ඉඩක් නැත. එහෙත් රාජ්‍ය ආයතනවල ආයෝජනය කිරීමට අවසර ඇත. ද ෆිනෑන්ස් නමැති මූල්‍ය ආයතනය දැන් රජය සතුය. එය රජය සතු වූයේ දුර්වල මූල්‍ය කළමනාකාරීත්වය නිසාය. මේ ආයතනය කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වී ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකුව එහි අඩු වටිනාකමකින් මිලදී ගැනීම ආන්දෝලනාත්මක පුවතක් විය. ”මේ මිලදී ගැනීම සිදුවන්නේ කිසිදු තාර්කික පදනමකින් තොරවය. මේ ගනුදෙනුවේදී මහා පරිමාණයේ වංචාවක් සිදුව ඇති බවට නැගුණු චෝදනා ඉතාම බරපතළය. ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතේ දැක්වෙන්නේ කොටස් වෙළෙඳ පොළේ ඍජු ගනුදෙනුවලට එම බැංකුවේ මුදල් යෙදවීම තහනම් බවය. සියයට පනහක කොටස් හිමිකාරිත්වයක් දරන ආයතනවල කොටස් පමණක් ඉතිරි කිරීමේ බැංකුවට මිලදී ගත හැකිය. එසේ නම් මෙම ගනුදෙනුව කළ අය මේ කරුණු පවා දැනසිටියේ නැතැයි යන්න ප‍්‍රශ්නයකි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කාසි කැටේ කොල්ලය
නයන Friday, 08 June 2012 04:39 PM
ඇයි මහජන බැංකුවේ පින්තූරේ දාල තියෙන්නේ එන්.එස්.බී. වෙනුවට
යසන්ත Saturday, 09 June 2012 04:22 AM
මේක නියමයි .මම සුභ පතනවා..
යකා Sunday, 10 June 2012 09:53 PM
"මෙවන් උප්පරවැට්ටි නිසා කිසිවක් නොදන්නා අවංක අධ්‍යක්‍ෂවරුන්ට ද ඉල්ලා අස්වීමට සිදුවිය" මම මේකට එකග නෑ
වසන්ත රත්නායක Monday, 11 June 2012 11:05 AM
මේ ලිපිය වැටහෙන්නෑ නේ .... NSB වෙබ් සයිට් එක http://www.nsb.lk/Why_bank_with_us.php කියන ආකාරයට එය අවුරුදු 175 ක් පරණයි.