X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කැලණියට කවුද ?

වඩා බලවත් මහජන නියෝජිතයාද නීතියද යන්න රටේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් විය. එබඳුම ප‍්‍රශ්නයක් කැලණියේද තිබිණි. වඩාත් බලවත් මහජන නියෝජිතයාද නීතියද යන ප‍්‍රශ්නය 2010 මැතිවරණයෙන් පසුව කැලණිය ජනයාගේද හෘද සාක්ෂිය ඉදිරිපිට තිබිණි.

රටේ ප‍්‍රශ්නය විසඳිනි. වඩාත් බලවත් මහජන නියෝජිතයා බවට සහතික කරමින් අගවිනිසුරුවරිය නෙරපා හැරිණි.

කැලණියේ සිදුවූයේ එහි අනික් පැත්තය. වඩාත් බලවත් නීතිය බවට සහතික කරමින් කැලණියේ මහජන නියෝජිතයා සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් විය.

ඒ මහජන නියෝජිතයා ඇමැති මර්වින් සිල්වාය.
වෙඩි තබා මරා දැමුණු කැලණිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හසිත මඩවලගේ ඝාතනයත් සමග පුපුරා ගිය මහජන විරෝධය හමුවේ ඇමැති මර්වින් සිල්වාට සිය ආසන සංවිධායකත්වයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. මඩවල ඝාතනය සම්බන්ධයෙන් ඇමැති මර්වින්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයා හා සම්බන්ධිකරණ නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගැනීමත් සමග තවදුරටත් ඒ විරෝධය නොතකා සිටීමේ හැකියාවක් නොවීය.

කැලණිය දේශපාලනයේ ඇත්ත ඇතුළාන්තය අනාවරණය කෙරෙන සිදුවීමක්  හසිත මඩවල මන්තී‍්‍රවරයාගේ ඝාතනයත් සමග වාර්තා විය. ඇමැති මර්වින්ගේ ආධාරකාරියක බව කියන කාන්තාවකගේ දෙමහල් නිවසක් පොලිස් සෝදිසි කිරීමකට ලක් විය. එහිදී එම නිවසේ අල්මාරියක තිබී විදේශයේ නිෂ්පාදිත අත්බෝම්බයක් හා කඩු දෙකක් සොයා ගැනුණි. එම නිවසට යාබදව ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ කාර්යාලයක්ද වෙයි. එය පාලනය කරනු ලබන්නේද අත්බෝම්බ හිමිකාරිය බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් කාන්තාව පොලිසියට කියා තිබෙන්නේ ඇමැති මර්වින් සිල්වාට විරුද්ධව කැලණිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකුගෙන් තමන්ට මරණ තර්ජන ඇති හෙයින් ආත්මාරක්ෂාවට මෙම බෝම්බය ළඟ තබාගත් බවය.

ඉතාම පැහැදිලිය.
කැලණිය යනු තමන්ගේ ආත්මාරක්ෂාවට අත්බෝම්බ සහ කඩු කිණිසි ළඟ තබා ගැනීමට පාක්ෂිකයන්ට සිදුවූ භූමියකි. නොව පැරැණිය වන රමණිය විටින් විට” යැයි කී කැලණියේ නවක තතු එසේය.

2010 මහ මැතිවරණයේදී මර්වින් සිල්වා ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත් විය. කණ්ඩායම් නායකයා වූයේ බැසිල් රාජපක්ෂය. බැසිල් රාජපක්ෂට ගම්පහ තිබුණේ කාර්යාල පමණි. ඔහුගේ පදිංචිය කොළඹය. ජාතික දේශපාලනය තුළ බැසිල් රාජපක්ෂගේ වගකීම වටිනාකමක් ලෙස පිළිගත් ගම්පහ දිස්ති‍්‍රක් ජනයා ඔහු  ඉහළින් පිළිගත්හ. ජාතික දේශපාලනයේ වගකීම් සමග කාර්යබහුල වන බැසිල් රාජපක්ෂට සාමාන්‍ය ජනයාට පහසුවෙන් ළඟා විය නොහැකිය. මර්වින් සිල්වා මැදිහත් වන්නේ මෙහිදීය. දෙවියා හා බැතිමතා අතර සම්බන්ධිකාරක දේවාලයේ කපුවා සේම බැසිල් රාජපක්ෂ හා මහජනයා අතර සම්බන්ධිකාරකයා වූයේ මර්වින් සිල්වාය. ප‍්‍රතිඵලය වූයේ මැතිවරණයෙන් මර්වින් බැසිල්ට පමණක් දෙවැනි වෙමින් මනාප ලැයිස්තුවේ ඉහළට  ඒමය. මර්වින් කැලණියේ නායකයා බවට පත් වූයේ එහෙමය.

කැලණියට උඩින් ආ ඇමැති මර්වින්ට කැලණියේ බිම් මට්ටම සම්බන්ධයෙන් අවබෝධයක් නොවීය. ඇමැති මර්වින් තමන්ටම ආවේණික ස්වරූපයෙන් කටයුතු කරගෙන ගියේය. ඒ කාලයේදී ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරු ඇමැති මර්වින් සමග -ගහට පොත්තයි-පොත්තට ගහයි” මෙන් සිටියහ.
එය වෙනස් වී ගියේ කෙසේද? ඒ සම්බන්ධයෙන් කැලණියේ ප‍්‍රාදේශීය සභාවේ නියෝජිතයෙක් මෙසේ කීවේය.

-මගේ නම දාන්න එපා. නම දැම්මොත් ප‍්‍රශ්නයක් වෙයි. මර්වින් ඇමැතිතුමයි අපියි අතර ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. හොඳට වැඩ කරගෙන ගියා. හැබැයි ඇමැතිතුමා ඊට පස්සේ ප‍්‍රාදේශීය සභාවේ වැඩවලට ඇඟිලි ගහන්න පටන් ගත්තා. ඒවා එතුමාට අයිති දේවල් නොවෙයි. අනික ඒවා කරන ක‍්‍රමයකුත් තියෙනවා. නමුත් ඇමැතිතුමා එතැනදි කි‍්‍රයාත්මක වුණේ එතුමාගේ කැමැත්තට පමණයි.

ඇමැතිතුමා ඔන්න එක පාරටම ප‍්‍රාදේශීය සභාවට එනවා. සෙනඟ පිරිලා ඉන්නවා. එක පාරටම ඇමැතිතුමා කාගෙ හරි නමක් කතා කරලා කියනවා - ඔයා මේ වැඬේ කරන්න...” කියලා. සමහර ටෙන්ඩර් ගියේ එහෙම. එතැනදි මන්තී‍්‍රවරුන් හැටියට අපි හරියට අසරණ වුණා. අපේ මන්තී‍්‍රකමෙන් වැඩක් නැතිව ගියා. ගැටුම් පටන් ගත්තේ එහෙමයි. අන්තිමට ඒවා ඉතාම නරකම විදියට පුපුරලා ගියා.”

මන්තී‍්‍රවරයා කී පරිදිම ගැටුම පුපුරා ගියේ නරකම විලාශයෙනි. ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ට පහරදීම, නිවාසවලට බෝම්බ ගැසීම දක්වා වර්ධනය වී ගියේය. හසිත මඩවල ඝාතනයද එහිම දිගුවක් ලෙස ඇතැමෙක් කියති. ප‍්‍රතිඵලය වූයේ ඇමැති මර්වින් සිල්වා කැලණියේ ආසන සංවිධායකකමෙන් ඉල්ලා අස්වීමය.
කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර බහුතරය කියා සිටින්නේ ඇමැති මර්වින් සිල්වාව යළිත් කැලණියට නොඑවන ලෙසය. පරීක්ෂණ කටයුතු පහසු කිරීම සඳහා කැලණිය ආසන සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වූ ඇමැති මර්වින් සිල්වා සිය ඉරණම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැත. ගඟ  දිය බැස ගිය පසු යළිත් කැලණියට ඒම ඇමැති මර්වින්ගේ ඉලක්කය වී ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ බව සනාථ කරමින් මේ වන විටත් ඇමැති මර්වින් සිල්වා යළිත් කැලණිය ආසන සංවිධායක ලෙස පත් කරන ලෙස ඉල්ලා ඇමැති මර්වින්ගේ සමීපතමයෝ පිරිසක් පෙත්සමක් අත්සන් කරති. කැලණියේ ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට එම අත්සන් ව්‍යාපාරයට බොහෝ බාධා කිරීම් සිදුවේ. ඇතැම් තැන්වලදී එම ව්‍යාපාරයේ නියුතු ඇමැති මර්වින්ගේ සමීපතමයන්ට නොයෙක් ප‍්‍රශ්නවලටද මුහුණදීමට සිදු වී තිබේ.

මන්තී‍්‍ර හසිත මඩවලගේ දේහය එම නිවසේ තැන්පත් කර තිබියදී අවසන් ගෞරව දැක්වීමට පැමිණි බොහෝ මැති ඇමැතිවරුන්ට කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරු තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ. හසිත මඩවල මන්තී‍්‍රවරයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂට මන්තී‍්‍රවරු මෙන්ම මහ ජනයාද තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ. එහිදී ජනාධිපතිවරයා කියා තිබෙන්නේ මේ තරම් ප‍්‍රශ්නයක් තිබෙන බව මම දැනගෙන හිටියේ නෑ. සාකච්ඡුාවකට මම ඔයගොල්ලන්ට එන්න කිව්වා. ඒත් ඔයගොල්ලෝ ආවේ නෑ.” යනුවෙනි.

හසිත මඩවල මන්තී‍්‍රවරයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ඇමැතිවරයෙකු මන්තී‍්‍රවරුන්ගේ දුක්ගැනවිල්ල අසා සිටියේ කඳුළු පිරි දෙනෙතිනි. අවසානයේදී ඇමැතිවරයා මෙසේ කීවේය.

මට තේරෙනවා මෙතැන තියෙන ප‍්‍රශ්නය. ඒත් මට තීරණයක් ගන්න බලයක් නෑනේ. හෙට කැබිනට් එක තියෙනවා. මම එතැනදි මේ ගැන කතා කරන්නම්.” මේ කතාබහ යන විට මන්ති‍්‍රනී මාලනී ෆොන්සේකාද එතැනට පැමිණියාය.

කොහොමට තිබුණු කැලණියක්ද මේ” ඇය විස්සෝප වූවාය. පාර්ලිමේන්තුවේදී අරුන්දික ප‍්‍රනාන්දු, රොෂාන් රණසිංහ, ලොහාන් රත්වත්තේ වැනි මන්තී‍්‍රවරු කැලණිය බාර ගන්නැයි” මාලනී ෆොන්සේකාගෙන් ඉල්ලා සිටියහ. -මට නම් එපා” ඇය එක එල්ලේම කියා සිටියාය.

කැලණියේ නව සංවිධායක ලෙස පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දුගේ නම යෝජනා වී තිබෙන බවත් ඔහු එය ප‍්‍රතික්ෂේප කරන බවත් පසුව වාර්තා විය.

ශුභාරංචියක් ආවේ ඔය අතරවාරයේදීය. අමාත්‍ය මර්වින් සිල්වාට උපදෙස් දීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමේ උපදේශක මණ්ඩලයක් පත් කර තිබෙන බව ඒ ශුභාරංචියය. කැලණිය ආසනයේ සංවිධායක ධුරය දැරූ කාලයේ ඉටු කළ මෙහෙවර හා තවදුරටත් දියුණු කළ යුතු අංශ අධ්‍යයනය කිරීම මෙම විද්වත් මණ්ඩලයට පැවරී තිබේ. මෙම විද්වත් කමිටුවේ සභාපතිත්වයට මහාචාර්ය ඌරාවල ධම්මරතන හිමියෝ පත්ව සිටිති. කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජනරාල් නිහාල් හේවගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශාධිපති ආචාර්ය අජිත් දිසානායක හා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශාධිපති ඇබෝගම විමලඥාන හිමියෝ මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. මෙහි ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ සහකාර ලේඛකාධිකාරි කමලසිරි මල්ලිකාරච්චි මහතාය.
 මන්තී‍්‍ර හසිත මඩවල ඝාතනයෙන් පසුව ඇමැති මර්වින් නිකුත් කළ හැඳුනුම්පත් යළි එකතු කළ බව ඇමැතිගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්විණි. මේ අලූතින් පත් කළ උපදේශක කමිටුවටත් එබඳු හැඳුනුම්පත් නිකුත් කර තිබේදැයි සොයා බැලීම වැදගත් වනු ඇත.

 

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

කැලණියට කවුද ?

නිලන්ත Monday, 21 January 2013 12:01 PM

දැන් ඉපදෙන්න ඉන්න දරුවා පවා දන්නවා වෙන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

බණ්ඩා Monday, 21 January 2013 02:55 PM

දැන් තමයි මුලු රටම එකට එක්විය යුතු වෙලාව. (නි)

:       0       0

රාජා Monday, 21 January 2013 03:52 PM

වඩා බලවත් මහජන නියෝජිතයා යැයි කියමින් ළගදීම නව වෙනසක් ඇති වූ විට මෙම ලිපිය නැවත පළකරන්න ‍වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රත්නායක Wednesday, 23 January 2013 11:12 AM

ඇත්ත තිත්තයි. කැළණියට හරියන්නේ මැර පාලනයක්. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 24 January 2013 02:36 AM

බලේ තියෙන අයට මොලේ නෑ...මොලේ තියෙන අයට බලේ නෑ (ස)

:       0       0

රත්නායක Thursday, 24 January 2013 08:19 PM

වෙන කවුද අපේ මර්වින් මිස. (නි)

:       0       0

ලලිත් කටාර් Saturday, 26 January 2013 12:25 PM

කවුරු උනත් හිටපු රජවරුන් හා වීරයන් එපා.. (නු)

:       0       0

ලලිත් - කටාර් Saturday, 26 January 2013 12:26 PM

හොයලා දෙන්නද සුදුස්සෙක්? (නි)

:       0       0

සෙනරත් Saturday, 26 January 2013 12:50 PM

ඇයි මේ කැළණියට කැළණියෙම කෙනෙක් හොයාගන්න බැරි..!(නු)

:       0       0

ගාමිණී Saturday, 26 January 2013 10:26 PM

චූලෝදර මහෝදර කැළණියෙ රන්ඩු උනේ මැණික් පුටුවකට.. ප්‍රාදේශීය සභාවේ ලී පුටුවකට නෙමෙයි..!(නු)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 27 January 2013 07:57 AM

කවුරුවත් නැති තරමට හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site