X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


කුකුළකු මෙන් හඬලා මියගිය කුකුළු වෙළෙන්දා

ජීවිතය නිසි මගට ගැන්මට නිවැරදි මග පෙන්වීමක් අවශ්‍යයි. මේ විශේෂාංගය ඒ වෙනුවෙන්.
බිංගිරිය, කොස්වත්තේ කේ.ඞී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.

 

‘‘කුකුළු වෙළඳාමෙන් දියුණුවන ඔහු යළිත් දුගියෙකු වී නිර්වස්ත‍්‍රව කුකුළෙක් මෙන් හැඬලූහැටි’’


ඔහු අපි මෙරිල් යනුවෙන් හඳුන්වමු. දැනට වසර ගණනාවකට පෙර වයඹ පළාතේ පදිංචි වූ මොහු එවකට තනිකඩයෙකු වූ අතර මුලින්ම කළේ කුකුළු වෙළඳාමය. පරණ පා පැදියක පිටුපස විශාල බටපතුරු කූඩයක් බැඳගත් මොහු විසින් මුළු ප‍්‍රදේශයේම සැරිසරා කුකුළන් නිවෙස්වලින් අඩුමිලට ගෙන ලොරිවලින් ජා ඇළ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කරනු ලැබුවේ අධික ලාභයක් තබාගෙනය. ඒ එම ප‍්‍රදේශයේ ආපන ශාලාවලට මස් පිණිසය.


dtu
කාලයක් යද්දී තවත් දෙතුන් දෙනෙකුට පා පැදි හා බට පතුරු කූඩ සපයා දී ඔහු මෙම ජවාරම ජයටම කරගෙන ගියේය. ඒ අතරතුර අනෙකුත් අයද සහභාගිකරවාගෙන තම නිවස පිටුපස දිනකට කුකුළන් සිය ගණනක් මරා මස්කර අවට ගෙවල්වලට හා ආපන ශාලාවලට කුකුළු මස් අලෙවි කිරීමද පවත්වාගෙන ගිය අතර ඔහුගේ මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවිය. ඉතා දුගී දුප්පත් පවුලක ඉපදී ජා ඇළ ප‍්‍රදේශයේ ජීවත් වු මොහු බිංගිරිය ප‍්‍රදේශයට පැමිණ මේ ආකාරයෙන් කුකුල් වෙළඳාමෙන් පසුකාලීනව දියුණු වූ අතර බෝවත්ත ප‍්‍රදේශයෙන් ඉඩමක් ද මිලදීගෙන නිවාසයක්ද තනාගෙන විවාහ වී ජීවත් වූ අතර මොහුගේ දරුවෝද ලොකු මහත් වී සමාජයට එතරම් හිතකර නොවන පරිදි ජීවත් වූහ.


අධර්මයෙන්, අකුසලයෙන් ඉක්මන් දියුණුවක් ළඟාකරගත් මොහු ලෝක ස්වභාව දහම අනුව වයසට පත්ව ණය තුරුස් වී තම ඉඩකඩම් ගේ දොර විකුණා තම ජීවිතයේ අවසාන කාල පරිච්ෙඡ්දයේදී කඩිගමුව ප‍්‍රදේශයේ දුගී දුප්පත් පැල්පතකට යළිත් වැටුණු අතර ජීවිතය අවසානයේදී සුව නොකළ හැකි අසාධ්‍ය රෝගයකින් පෙළුණේය. ඔහු දරුමල්ලන්ගෙන්ද කිසිදු හව් හරණක් නොලැබ මග තොටේ ඇවිද ගියේ ඉණට කිසිදු වස්ත‍්‍රයක්වත් නොමැතිව කුකුළෙක් මෙන් හඬලමින් නිර්වස්ත‍්‍රවය. අවසානයේ ඉතාමත් ශෝචනීය ලෙස ජීවත්වූ ඔහු මිය පරලොව ගියේ ‘‘මේ ජීවිතයේදීම කළකම් පලදෙන හැටි’’ අන්‍යයන්ටද පසක් කරමිනි.


 

අංගොඩ, කුඩා බුත්ගමුව, එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවකි.


‘‘ඇගේ වෛරය අකාලයේ දිවියට සමුදෙයි!’’


සිව් දෙනෙකුගෙන් සමන්විතවූ මධ්‍යමපාන්තික පවුලක් මෙයට දශකයකට පමණ ඉහතදී වාසය කළහ. මව් පිය යුවළක් හා දරුවන් දෙදෙනෙකු ද ඊට අයත් වූ අතර අලූත ඉදි කරන ලද තම සුවිසල් නිවසෙහි ඔවුහු පදිංචිව සිටියහ. තරුණ මවගේ ජීවනෝපාය වූයේ දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කීම හා ගුරුකම් ආදිය සිදු කිරීමය.


ඒ අනුව නොයෙක් දෙනා දිනපතා එහි ඇදී ඒම සුලබ දසුනක්ව පැවති අතර, සුඛෝපභෝගී වාහනද එලෙස දැකගත හැකිවිය. එනමුදු අවට වාසි කිසිවෙකු සමග හෝ කතාබහ කිරීමට පවා එම කාන්තාව මැළි කමක් දැක්වූවාය. මෙලෙස කාලය ගෙවී යාමත් සමගම ඇයගේ නිවසට මඳක් නුදුරින් අලූත් නිවෙස් කිහිපයක්ම ඉදිවන්නට වූ අතර, ඒවායෙහි පදිංචියට පැමිණි පිරිස් අසල්වාසී කා සමඟත් හිතවත් කම් ඇති කර ගැනීමට උනන්දු වූහ.

17-P-13-BB
මෙය එම තැනැත්තියට ඉවසුම් නොදෙන කරුණක් විය. එයටද වඩා ඇය නොසතුටින් පසු වූයේ ඔවුන්ගේ දරුවන් පිළිබඳවය. ඒ ඔවුන් තම නිවෙස ආසන්නයෙහි ක‍්‍රීඩාකිරීමට පුරුදුව සිටීම හේතුවෙනි. ඒ සඳහා ඉඩ ඇති ස්ථානයක් එම ළමුන්හට නොවීය. එබැවින් එලෙස එහි ක‍්‍රීඩා කිරීම සිරිතක් කොටගෙන තිබිණ. මේ පිළිබඳව ඇය කෝපයෙන් පසු වූ අතර, නොයෙක් විට ඔවුනට සැඩපරුෂ අයුරින් බැණ වැදීමට ද පසු බට නොවූවාය.


ඉන් නොනැවතුණු එම කාන්තාව ළමුන් හට එරෙහිව පොලිසිය වෙත පැමිණිලි කිරීමටද උත්සුක වූවාය. ඒ තම නිවසෙහි වීදුරු ජනේල ආදියට හානි සිදුවී ඇති බවට චෝදනා නඟමිනි. එහෙත් එහි අසත්‍යතාව කාහටත් පෙනීගිය අතර අසල්වැසියන් සමග ප‍්‍රශ්න ඇතිකරනොගෙන සහයෝගයෙන් කටයුතු කරන ලෙසද පොලිසියෙන් ඇයට උපදෙස් ලැබිණ.


ඊට එකඟවීම කෙසේ වෙතත් සුළු කරුණකදී පවා එකිනෙකා සමඟ අනවශ්‍ය ආරවුල් ඇතිකරගැනීමට සුපුරුදු ලෙස ඇය උත්සාහ දැරුවාය. දිනක් මැදියම් රැුය උදාවෙමින් තිබියදී යාබද ගෙවත්තකට රහසේම ඇතුළු වූ ඇය කිසියම් ගුරුකම් කටයුත්තක් සඳහා සූදානම් වූ අතර. ගෙහිමියා හදිසියේ අවදිවීම හේතුවෙන් එය අසාර්ථක වී පැන දිවීමටද සිදුවිය. මෙම පුවත සෙසු අය අතරෙහිද පැතිරගියෙන් ඔවුහු එම කාන්තාව කෙරෙහි මහත් භීතියෙන් කල් ගෙවූහ.
මෙලෙස සති කිහිපයක් ගෙවී ගියා පමණි. ඉන් පසු කිසිවෙකුහට ඇය නෙත නොගැටුණු අතර, නිවසෙහි ඇති බවට සේයාවකුදු දක්නට නොලැබිණ. එමෙන්ම වෙනදා එහි පැමිණෙන වාහන පවා දැකගත නොහැකිවිය. අනතුරුව හෙළිවූයේ උදරයේ හටගත් දරුණු පිළිකාවක් හේතුවෙන් ඇය රෝහල් ගතකොට ඇති බවය.


ඒ අවස්ථාව වන විට එම කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ අතර ඉන් දෙදිනකට පසුව මෙලොව හැර ගියාය. වියෝවීමට පෙර ඒ ළඟ රැුඳුණු තම ඥාතිවරියකට ඇය මහත් ආයාසයෙන් කතාකළාය. මං ඒ අයට හතුරුකම් කළා. වෛර කළා. අන්තිමේදී මට උරුම වුණේ මේ පිළිකාව විතරයි. පව්කාර මගේ මළකඳවත් ඒ අයට පෙන්වන්න එපා. ගමේ ඉඩමේ වළදාන්න යනුවෙන් කඳුළු පිරි දෙනෙතින් යුතුව පවසා සිටියාය.


ද්වේෂයෙන් හා වෛර සිතින් අනුනට දුක් පීඩා ගෙන දෙන සේ අදැහැමි දිවි පෙවතක් ගතකළ ඇයට එහි විපාක වශයෙන් ධනයද පිරිහී අන් අයගේ අප‍්‍රසාදයට ලක් වී මෙලෙස අකාලයේ දිවියෙන් සමුගැනීමට සිදුවූ බව සක් සුදක් සේ පැහැදිලිය.


නිකදළුපොත කරුණාදාස සපුතන්ත‍්‍රි මහතා ලියා එවූ කතාවකි.


 

සතුන්ට උණුවතුර දැමූ පවට ඇඟේ මතුවූ දිය බුබුලූ

 

මේ කියන පුද්ගලයා ද වයඹ පළාතේ ගමක විසූ අයෙකි. අපි ඔහුට විල්සන් යැයි කියමු. තමාගේ නිවසෙහි සුරතල් සතුන් ඇති නොකළත් අහලපහල නිවෙස්වල බල්ලන් බළලූන් විල්සන්ගේ නිවසට එන්නේ බඩගිනි නිවා ගැනීමටය. මේ සත්තු එහි ඉතිිරිවන ආහාරයකින් කුසගිනි නිවාගන්නා අතර එය ද නොලැබෙන්නේ නම් මුලූතැන්ගෙට පැන සොරා කෑමට පුරුදු වූහ. විල්සන්ට මෙය ඉවසුම් නොදෙන්නක් විය. -මේ වැඬේ හැමදාම හරියන්නෙ නෑ. මුන්ට හොඳ වැඩක් කරන්නම්කෝ” යැයි සිතමින් සිටින විට දිනක් අලූත පැටවුන් බිහිකළ බැළලියක් වළඳක ඇති අහර බුදිමින් සිටින අයුරු ඔහුගේ නෙත ගැටිණි. 


කේතලයේ ඇති නටන උණුවතුර ජෝගුවකට ගෙන සැඟවී බලා සිට බැළලිය එළියට එනවාත් සමගම වතුර ජෝගුව සිරුරට විසි කළේය. කෑමොර දෙමින් දිවගිය අහිංසක සතා වේදනාවෙන් වෙළී දඟලන්නට විය. උණුවතුරට ශරීරය තැම්බීම නිසා අසල වන ලැහැබකට රිංගා අවසන් හුස්ම හෙළුවාය.
මෙය සතාගේ අයිතිකරුවනට රහසක් විය. බල්ලෙකුට ද මේ වැඬේම ඔහු අතින් සිදුවූ අතර එය ද අයිතිකරුවනට රහසක් විය. 


එහෙත් ඔහු මැත්පැන් බී වෙරි මරගාතේ සතුන් මැරූ සැටි කියා පෑම නිසා සිද්ධිය ගමපුරාම පැතිරී සියලූ දෙනාගෙන්ම ඔහුට දෙස් දෙවොල් අසන්නට සිදුවිය.


වසරක් පමණ ගතවූ විට විල්සන්ගේ ඇඟ පුරා දරුණු තුවාල වගයක් දිය බුබුළු මෙන් හට ගත්තේය. වෙද හෙදකම් කොතෙක් සිදු කළත් ඉන් කිසි ඵලක් නොවීය. ලෙඬේ එන්න එන්නම දරුණු විය. සතුන් මැරීමේ විපාක මෙහිදී බිරිඳ කියන විට අතීත මෝඩකම් සිහිපත් වී හඬා වැලපෙන්නට විය. 


කට ඇතුළෙහි පවා තුවාල සෑදුණි. මේ නිසා කෑම ගැනීමට ද අපහසු විය. ශරීරය දිරාපත්වෙමින් ඇඳෙහි ගත කරන්නට සිදුවිය.


සියලූ ප‍්‍රතිකාර වැඩක් නොවූයෙන් තුවාල පැසවා සැරව ගලන්නට විය. බිරිඳ පවා ළඟට යන්නට කැමති නොවීය.


මේ නිසා රෝගය දවසින් දවස දරුණු වී විල්සන්ට මාරයා අත වැනුවේය. සතුන් මැරීමේ විපාක නිසා මරණය වැළඳ ගත් බව ගම්වාසීන්ට රහසක් නොවූයෙන් ඔහුගේ අවමගුලට ද පැමිණියේ සුළු පිරිසකි. අපායේ විපාක ඔහුට මෙලොවදීම හිමිවූ සැටි කාටත් පාඩමකට ගත හැකිය.

කරුණාදාස සපුතන්තී‍්‍ර නිකදළුපොත

 

මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

m

 



අදහස් (0)

කුකුළකු මෙන් හඬලා මියගිය කුකුළු වෙළෙන්දා

අචිර Monday, 26 October 2015 03:20 AM

අපේ ගමේ පශු සම්පත් කාර්යාලයේ නිලධාරී මහත්මයෙක් නිතරම ගමේ දිළිදු ගෙවල් වලට මස් පිණිස කුකුළන් ඇතිකිරීමට උනන්දු කළා. කිරිවරපු එළ හරක් මස් පිණිස විකිණීමට මුදලාලිලව සම්බන්ධ කළා. දවසක් මෙම නිළධාරියා යතුරුපැදියේ යනවිට අනතුරක් වෙලා මියගියා (නි)

:       0       0

නිලාන් Sunday, 13 December 2015 02:50 PM

ඉවෝන්, ඔයාට මේ කියන ඒවා බොරු කියල හිතෙනවා නම් අභියෝගයක් විදිහට ඕවා කරලා බලන්න. මොකද වෙන්නේ බලන්න. අපිට පෙනෙන ටික විතරයි නෙමෙයි ලෝකේ තියෙන්නේ. (නි)

:       0       0

නිලාන් Sunday, 13 December 2015 02:44 PM

ඉවෝන්, මොළේ ඇති කෙනා වැදගත් දෙයක් කියද්දී විවෘතව හිතනවා. මොළේ නැති කෙනා ඒකෙනුත් ප්‍රශ්නයක් හදාගන්නවා. (නි)

:       0       0

අසෝකා Wednesday, 28 October 2015 03:49 PM

ස්වභාව ධර්මය කල හොඳ සහ නරක වැඩවලට අනිවාර්‍යයෙන්ම ප්‍රතිපල ලබා දෙනවා. හොදම තීන්දුව දෙන්නේ ස්වභාව ධර්මයයි....(රේ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 27 October 2015 09:28 AM

අසීමිත ලෙස රාජ්‍ය දේපල සුරාකා බඩ තරකරගත් රාජ්‍ය පාලකයන් දිහා බැලුවම කර්මය මැනවින් තේරුම් ගන්න පුළුවන්. (බ)

:       0       0

අමල් Tuesday, 27 October 2015 06:50 AM

අපි කරන දේවල් අපි පස්සෙන් එනවා. (ර)

:       0       0

අතුල Tuesday, 27 October 2015 06:34 AM

නිලීක හිතින් යමක් මවාගෙන වගෙයි පෙනෙන්නේ! (නි)

:       0       0

සුදත් ශ්‍රී Monday, 26 October 2015 10:09 PM

අපේ ගමේ සිටි මුදලාලි කෙනෙක් වෙළදාම් කළේ රජයේ වාහන වලින් සැළසුම්සහගතව සොරකම් කළ ඉන්ධන. මුදලාලිගෙන් පස්සෙ එයාගෙ ව්‍යාපාර කටයුතු බාරගත්ත ලොකු පුතා, ඒ ඉන්ධන බූලියක් ගිනිගෙන පිච්චිලා මැරුණා. එකම තරුණ දුව ගමේ හිටිය වයසක කසාද බැඳපු මනුස්සයෙක් එක්ක පැනලා ගියා. බාල පුතා, ඉඩම් ටික විකුණලා ගත් බස් එක ලීසින් එකෙන් අරගෙන ගියාට පස්සෙ ගම අතහැරදාලා ගියා. මුදලාලියි එයාගෙ හාමිනෙයි අන්තිම කාලෙදි ජීවත්වුණේ, එයාලම අකටයුතුකම් කරලා ගරහපු මුදලාලිගෙම මල්ලි එයාගෙ වත්ත පහළින් හදලා දුන්න පුංචි පැල්පතක. (නි)

:       0       0

නිලීක Monday, 26 October 2015 02:52 PM

සෑම ක්‍රියාවකටම ඒ හා සමානවූද ප්‍රතිවිරුද්ධවූද ක්‍රියාවක් පවතී යනු නිව්ටන්ගේ තුන්වන නියමයයි. මෙය භෞතික විද්‍යාවේ ඉගැන්වෙන භෞතික වස්තු වලට අදාළ වූවකි. මිනිසාගේ ක්‍රියා වලට අදාළ නොවේ. කර්මය, කර්ම විපාක, හෝ දෙවියන් වැනි සංකල්ප මිනිසාගේ නිර්මාණය. මිනිසා අවට ලෝකයේ අත්දකින සිදුවීම් වලින් තෝරාගන්නා සිදුවීම් කිහිපයක් මෙම කර්මය හෝ දේව කැමැත්ත වැනි සංකල්ප සමඟ ගළපයි. ගැළපිය නොහැකි සිදුවීම් එක්කෝ අමතක කරයි. නැත්නම් නොසළකා හරියි. නැත්නම් අතීත භවයක කර්ම, එන ආත්මේ ලැබෙන විපාක, කර්මය අචින්ත ධර්මතාවක්, කර්මය බුදුවරයෙකුට මිස වෙන කෙනෙකුට මුළුමනින් තේරුම් ගත නොහැක, දේව සැළැස්ම මිනිසාට තේරුම් ගත නොහැකි... ආදී ලෙස සනාථ කළ නොහැකි හිතින් මවා ගත් දේකින් හිත රවටා ගනී. ගැළපිය හැකි සිදුවීමක් සළකා තමන්ගේ විශ්වාසය හරි කියා වැරදි ක්‍රමයකට නිගමනයට එළඹේ. (නි)

:       0       0

අභය බණ්ඩාරනායක Monday, 26 October 2015 08:18 AM

ඇමරිකාව , නවසීලන්තය වගේ නම් මිනිසා හදාගත්ත සංකේත විතරයි. අපි ඔක්කොම විශ්වයේ කුඩා කොටස්. කොහේ හිටියත් පොදු ධර්මතාවයන්ට මුහුණදෙන්න ඕනෑ.පාපය පාපය ලෙසත් පින පින ලෙසත් කාටත් බලපාවි. අපි ඒ ගැන නොදන්නා එක විතරයි ප්‍රශ්නය (නි)

:       0       0

රවී Monday, 26 October 2015 03:32 AM

ඇමෙරිකාව, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල් මස් පිණිස කුකුළන්, හරකුන්, ඌරන් වැනි සතුන් විශාල ප්‍රමාණයක් මරනවා. ඔවුන්ට මේ දේවල් විපාක දෙන්නේ කොහොමද? (නි)

:       0       0

උදාර Thursday, 22 October 2015 10:50 AM

පානාතිපාතා වේරමණී (බ)

:       0       0

ඩොන් Sunday, 25 October 2015 12:36 PM

පක්ෂග්‍රාහීත්වයට උදාහරණ (බ)

:       0       0

අභය බණ්ඩාරනායක Sunday, 25 October 2015 08:50 AM

සියලු කතා ඉතාම නිර්ව්‍යාජය . සියල්ලටම පොදු ධර්මතවයකට සියල්ලන් හසුව ඇත .ඉවෝන් වැනි හිස් මිනිසුන් තවම සිත සිටින්නේ ලෝකය දෙවියන් මැව්වා කියාය.අම්මගේ මව් කුසින් තම උපන් බව වත් ඔව්න් නොදනී. අපට කල හැකි දෙයක් නැත .තම බුද්ධියට අනුව සිතිය හැක .නමුත් සත්‍යය සත්‍යයමය .....(රේ)

:       0       0

පහන් Friday, 23 October 2015 06:55 PM

ඉවෝන් හේතුඵල දහමක් අදහන කෙනෙක් නෙමෙයි වගේ (නි)

:       0       0

චන්දි Friday, 23 October 2015 04:04 PM

කරන කලට පව් මිහිරිය මීසේ., විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.., හොද ආදර්ශමත් කතා ටිකක් (රේ)

:       0       0

ඉන්දික Friday, 23 October 2015 12:49 PM

නිව්ටන්ගේ 3 වෙනි නියමය මතක්වෙනවා (නි)

:       0       0

නුවන් Friday, 23 October 2015 08:09 AM

ඉවෝන්,කියන්න බලන්න දෙවියෝ මිනිස්සු නැතුව ඩයිනෝසර් සත්තු ඉස්සෙල්ලම මැව්ව හේතුව මෝඩ කතා කියන්නේ නැතුව! (බ)

:       0       0

චන්ද්‍රා Friday, 23 October 2015 01:15 AM

අපේ ගමේ හරක් මස් කඩකාරයා උගුරේ පිළිකාවක් සැදී කන්න බොන්න බැරුව සෑහෙන කලක් ගවයෙක් වගේ කෑමොර දිදී ඉඳලා තියෙනවා. උදේ රෑ නැතුව හැම විනාඩි සතරකටම ඇහෙන මේ ශබ්දය අසල්වැසියන්ට මහත් අපහසුවක් වෙලා තිබුනා. රෝහලේ තියාගන්නත් නොහැකිවෙලා. (නි)

:       0       0

කොචාහි Thursday, 22 October 2015 09:46 PM

කර්මය ස්වභාවික ධර්මතාවයකි. එය එක ආගමකට හෝ පුද්ගලයෙකුට අයත්වුවක් නොවේ. ලොවටම පොදු එකකි. "සියලු ක්‍රියාවකටම සරිලන ප්‍රතික්‍රියාවක් හටගන්නේය" යනුවෙන් අයිසෙක් නිව්ටන් සඳහන් කළේද එයමය. භාවනා පුහුණුවෙන් ලෝකය විනිවිද දුටු මිනිස් විරුවන් විසින් එය තමන් එය අත්දුටු අයුරින් ලෝකය වෙත දක්වා තිබේ. එහෙත් එය නිසිලෙස දක්වා ඇත්තේ භාග්‍යවතුන් වහන්සේය. මෙය සැවොම අත්විඳිති. මේ ගැන සිතුවත් නැතත් එයට ගොදුරු වෙති. කවරෙකුටවත් කර්මයෙන් නම් කිසිදා ගැළවිය නොහැකිය. (නි)

:       1       0

ඉවෝන් Thursday, 22 October 2015 04:51 PM

මෝඩ චූන් (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site