X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


කුඩු ගහන්න-ක්ලබ් යන්න බැංකු කොල්ලකන සමාජයක්

28-page8-BB  

 

මහ දවාලේ බැංකු කොල්ලකෑමේ සිද්ධීන් රැසක් පසුගිය කාලයේදී එකදිගට වාර්තා විය. මුහුණු ආවරණ කරගත්, හෙල්මට් පැළැඳ බැංකුවලට ඇතුළු වී එලෙස මුදල් කොල්ලයන්හි නියුතු වූවන්ගෙන් බොහෝ දෙනෙකු තරුණයන් බවද දැනගන්නට ලැබිණි. ආසන්නතම සිදුවීම පිළිබඳව තොරතුරු අසන්නට ලැබුණේ ඉකුත් 11 වැනි දින කැකිරාව ප‍්‍රදේශයෙනි. එදින පස්වරු 1.45ට පමණ කැකිරාව නගරයේ පිහිටි බැංකුවකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මුහුණු ආවරණ ඉවත් නොකොට බැංකුවට ඇතුළුවීමට උත්සාහ දරද්දී එය ව්‍යර්ථ කිරීමට බැංකුවේ ආරක්ෂක නිලධාරියා මැදිහත් වී ඇති අතර එම අවස්ථාවේදී එක් කොල්ලකරුවකු ළඟ තිබුණු අත් බෝම්බයක් පිපිරී යෑමෙන් ඔහුත්, ආරක්ෂක නිලධාරියාත් මියගියහ. තවත් සිවුදෙනෙකු තුවාල ලැබූ බවද අසන්නට ලැබිණි. මින් පෙරද මේ ආකාරයට බැංකු කොල්ලකෑමේ සිදුවීම් රාශියක් සිදුවුණද මේ ආකාරයේ අසාර්ථක වූ ඒවා ගැන අසන්නට ලැබුණේ එක් අවස්ථාවකදී හෝ දෙකකදී පමණි.

 

fg
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගත් හෙල්මට් පැළඳ යතුරුපැදිවලින් පැමිණ සිදුකළ බැංකු කොල්ලකෑමේ සිදුවීම් වසංගතයක් වන තරමට ඉහළ ගිය නිසා ෆුල් ෆේස් හෙල්මට් නොහොත් සම්පූර්ණ මුහුණු ආවරණ හෙල්මට් තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවූ ආකාරයක් ද අපි මීට ඉහතදී දුටුවෙමු. බැංකු කොල්ලකෑමේ සිදුවීම් මේ ආකාරයට එකදිගට සිදුවීම, තරුණ ප‍්‍රජාව ඒවාට වැඩි වශයෙන් යොමුවීම පාලනයේ දී මතුව තිබෙන දුෂ්කරතා ආදිය ගැන මහාචාර්ය මයුර සමරකෝන් මහතා දක්වන අදහස් මෙසේය. 


මහාචාර්ය මයුර සමරකෝන් - සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශ ප‍්‍රධානී - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.


මේ වගේ වාණිජ ආර්ථිකයක සාරධර්මවලට වඩා මුදල් බොහෝ අවස්ථාවන්වල ප‍්‍රධාන වෙලා තිබෙන බව පේන්න තියෙනවා. ඒකෙන් අදහස් කරන්නෙ මුදල් තියෙනවානම් සමාජයේ  ඕනෑම දෙයක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා කියන එකයි. මුදල් වියදම් කරලා පුද්ගලයෙකුට සතුටු විය හැකි ආකාරයේ  ඕනෑම දෙයක් මේ සමාජයේ තියෙනවා. මේ තත්ත්වය යම් තරමකට උගතුන් සහ බුද්ධිමතුන් කළමනාකරණය කරගෙන තියෙනවා. නමුත් සමාජයේ තවත් කොටසක් ඉන්නවා අවශ්‍ය දේවල් කෙසේ හෝ සමාජයෙන් මිලදී ගත යුතුයි කියා සිතන. මේ වගේ වාණිජ සමාජයක් තමයි අද ගොඩනැගිලා තියෙන්නෙ. උදාහරණයකට ගත්තොත් පසුගිය කාලේ තිබුණ තත්ත්වයත් එක්ක  ඕනෑම පුද්ගලයෙකුට මූලික මුදලක් නැතුව තමන් කැමැති වාහනයක් මිලදී ගැනීමේ හැකියාව තිබුණා. කිසිදු රැකියාවක් නැති තරුණයෙකුට වුණත් තිී‍්‍රවිලරයක්, මෝටර් සයිකලයක් ගැනීමේ හැකියාව මේ යටතේ උදාවෙලා තිබුණා. ඒ සම්බන්ධව මුළුමනින්ම පාහේ ණය ගෙවන ලීසිං ආයතන අපේ රටේ ස්ථාපනය වෙලා තිබුණ නිසා වාහනය මිලදී ගත්තට පස්සෙ තමයි ඒවට සල්ලි ගෙවන්න වෙනවා කියලා බොහෝ දෙනෙකුට සිහි වෙන්නෙ. කෙසේ හෝ එම මුදල් ගෙවිය යුතු නිසා එතනදි ඔවුන් විවිධ උපක‍්‍රම පාවිච්චි කරලා මුදල් හොයන්න පෙළඹෙනවා. බැංකු කොල්ලකෑම්, කාන්තාවන්ගේ රන්මාල කඩා ගැනීම, තමන් මිලදී ගත් වාහනවල මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය වගේ කටයුතුවලට ඔවුන් පෙළඹෙනවා.


අනෙක් කාරණය තමයි කෙසේ හෝ මුදල් සොයාගැනීමට පෙළැඹීම. ඒත් එක්කම අපේ රටේ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතනවල තියෙන පසුගාමීත්වයත් මෙතනදි අපේ අවධානයට යොමුවිය යුතුයි. තව එකක් තමයි නූතන ජනමාධ්‍ය විසින් ඉතාමත් රසවත් ආකාරයට අපරාධ සිද්ධි වාර්තා කරනු ලැබීම නිසාත් මේ වගේ ක‍්‍රම ඔස්සේ කෙසේ හෝ මුදල් සොයාගැනීමට තරුණයන් තුළ ලොකු අභිපේ‍්‍රරණයක් ඇතිවෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ බැංකු කොල්ලකෑම් හා වෙනත් අපරාධවල වර්ධනයක් පේන්න තියෙනවා. මත්ද්‍රව්‍ය වෙළෙඳාම කියන්නෙ අද ලෝකයේ විශාල මුදලක් හොයන්න පුළුවන් ජාවාරමක්. ලංකාවෙත් අද ඒ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. මේ නිසා මිනිස්සු පෙළඹෙනවා මේ වගේ කෙටි ක‍්‍රමවලින් මුදල් හම්බ කරන්න. මේ නිසා බොහෝ අය දුරදිග හිතන්නෙ නැතුව මේ වගේ අපරාධ කි‍්‍රයාවලට පෙළඹෙනවා. එක පැත්තකින් අපි නවීකරණය වෙනවා කියන්නෙ සමාජය තුළ මේ වගේ අපරාධ කි‍්‍රයාවල වර්ධනයක් දකින්න පුළුවන් වීමයි. ඒ අපරාධ කි‍්‍රයා මැඩපවත්වන්න නීතිය කි‍්‍රයාත්මක කරන ආයතනවල නවීකරණයක් වුණේ නැත්නම් මෙවැනි තත්ත්වයන් ඉදිරියටත් දකින්න පුළුවන්.


මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අනෙකුත් අපරාධ කි‍්‍රයාවන් සහ බැංකු කොල්ලකෑම් අතර සම්බන්ධතාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. පහුගිය කාලෙ ලංකාවේ එකදිගට සිදුවුණු බැංකු කොල්ලකෑම්වල නිරත වුණේ ළාබාල කණ්ඩායම්. මේ අයට මේ පෙළඹවීම ඇතිවෙන්නෙ සමාජයෙන්.


බැංකු කොල්ලකෑමේ සිදුවීම් මේ විදියට ඉහළ යෑම ගැන අවධානය යොමුකිරීමේදී තවත් පැත්තක් ගැන කතා කළ යුතුයි. ඒ තමයි රටක දේශපාලන අස්ථාවරත්වයන් ඇතිවෙන අවස්ථාවලදීත් මේ වගේ බැංකු කොල්ලකෑමේ සිද්ධීන් වර්ධනය විය හැකි බව. අපිට මතකයි දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය කි‍්‍රයාත්මක වුණු කාලයේදීත් උතුරේ එල්.ටී.ටී.ඊ. එක නැවතත් සංවිධානය වූ කාලවලදීත් මෙවැනි බැංකු කොල්ලකෑම් සිදුවුණා. ඒවා දේශපාලනිකයි. සමාජ විද්‍යාත්මක පදනමක් නෑ. සමාජ විද්‍යාත්මක පදනම තියෙන්නෙ තරුණයන් ඇයි මේ විදියට බැංකු කොල්ලකෑමේ සිද්ධිවලට සම්බන්ධ වෙන්නෙ කියන කාරණය තුළයි. තරුණයන් ඒවට පෙළඹිලා තියෙන්නෙ මුදල් සොයාගත්තොත් බොහෝ දේ මිලදී ගත හැකි නිසා සහ සමාජයේ යම්කිසි වරප‍්‍රසාදලාභී තත්ත්වයක ජීවත්වෙන්න තමන්ට පුළුවන් කියන හැඟීම ඔවුන් තුළ ඇතිවීම නිසයි.


මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමේදී රාජ්‍ය ප‍්‍රතිපත්ති ඊට බොහෝ සෙයින් මැදිහත් වෙනවා. උදාහරණයක් විදියට වාහනයක් මිලදී ගැනීමේදී හරි කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හරි ණය මුදලක් ගන්නකොට ණය ගන්න පුද්ගලයා අතේ යම්කිසි මුදලක් තිබිය යුතු බවට ගෙනා නීතිය හොඳ එකක්. ඒක සීයට පනහ දක්වා වැඩි කළත් කමක් නෑ. ඒ වගේම නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන මීට වඩා කාර්යක්ෂම විය යුතුයි. උදාහරණයක් කිව්වොත් බැංකු කොල්ලයක් හරි තරුණියකගෙ චේන් එකක් කඩාගත් සිද්ධියක් හරි වුණොත් පොලිසිය එම ස්ථානවලට එන්න සෑහෙන වෙලාවක් යනවා. මේ හරහා අපරාධකරුවන්ට සැඟවී සිටින්න අවස්ථාව ලැබෙනවා. අපරාධ පසුපස ලූහුබැඳීම, අපරාධකරුවන් ක්ෂණිකව අත්අඩංගුවට ගැනීම වැනි දෑ සිද්ධ වෙන ප‍්‍රමාණය අවම වෙලා තියෙනවා. යම්කිසි ප‍්‍රමාණයකට සිද්ධ වුණත් ඒක සතුටුදායක මට්ටමක නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ අපරාධකරුවන් නවීකරණය වෙලා තියෙන තරමට සමාජයේ අනෙකුත් ආයතන නවීකරණය වෙලා නෑ කියන එකයි. අපරාධ මර්දනය සඳහා හොඳ ජාලයක් ඇතිකිරීම, පොලිිසිය නවීකරණය කරමින් අලූත් ආයුධ, වාහන ලබාදිය යුතුයි. මෙවැනි තත්ත්වයන් හරහා මේවා පාලනය කරන්න පුළුවන්. නවීකරණය වූ සමාජයක් සිරිත්විරිත් වලින් පාලනය කරන්න බෑ. නීතියෙන් පමණක් පාලනය කළ හැකි නිසා ඉතාමත් ප‍්‍රබල දේශපාලන බලපෑමෙන් තොර නීති පද්ධතියක් කි‍්‍රයාත්මක විය යුතුයි.


මත්ද්‍රව්‍ය ජාවාරම සහ දේශපාලනය අතර සබඳතා තිබෙන බව හොඳටම පැහැදිලියිනෙ. ජනාධිපතිතුමාම කියනවා මට එක රැුයින් මත් ද්‍රව්‍ය අලෙවිය තහනම් කරන්න පුළුවන්. නමුත් ඒ පිරිස ආණ්ඩු පෙරළන්න කටයුතු කරනවා කියලා. ඒකෙන්ම පැහැදිලියි මේ දෙක අතර කොච්චර සම්බන්ධකමක් තියෙනවද කියලා. මත්ද්‍රව්‍ය පාලනය කිරීම රාජ්‍ය ප‍්‍රතිපත්ති හරහා සිදුවිය යුතුයි. එක පැත්තකින් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කරන්න ජනාධිපති කාර්ය සාධන බළකා ඇතිකරනවා. අනිත් පැත්තෙන් අලූත් මත්පැන්හල් සඳහා බලපත‍්‍ර ලබාදෙනවා. මේ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට ඇත්තටම වුවමනාවක් තියෙනවද කියන එක ගැන සමාජයේ ගැටලූවක් තියෙනව.

 

m



අදහස් (0)

කුඩු ගහන්න-ක්ලබ් යන්න බැංකු කොල්ලකන සමාජයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site