අලි ඇතුන්, කුළු මීමුන්, වල් ඌරන්, වලසුන්, දිවියන් වැනි භයානක වන සතුන් රජයන මහා වනාන්තරයයි. බැලූ බැලූ හැම අතකම පෙනෙන්නේ අහසට අත් දිගු කරගත් විසල් ගස් කොළන්ය. පල බරින් යුත් මොර, පලූ වැනි ගස්ද නම් නොදන්නා තවත් විවිධ වනගත ගස් වලින්ද පිරුණු මේ සොඳුරු වනගහනය සැඳෑ හිරුගේ කිරණින් නැහැවෙමින් පවතී. කුමන නම් ගත් මේ සොඳුරු වන ගහණය මැද ඇති ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානය දැක බලා ගැනීමට යෑම අපේ අරමුණය. වන ජීවි නියාමක නිශාන් සුරවීර ඒ ගමනට අප කැටුව යෑමට සූදානම්ව හිඳියි. වියැළි ගුරුපාරේ දුවිලි අවුස්සමින් ඉදිරියට යන අපේ වාහනය කුමන වනමැදට වූ ප‍්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරවුණි. වසර 250කට පෙරාතුව පැවැති නාග පබ්බත සේනාසනය එවකට රෝහණ රාජධානියට අයත් ප‍්‍රමුඛ පෙළේ සිද්ධස්ථානයකි. රටේ නන් දෙසින් එන බැතිමතුන්ගේ වන්දනා මානයට ලක් වූ මේ පුද බිමේ එදා හිමිවරු සිය ගණනක් බවුන් වැඩූහ. අක්කර හතළිහක තරම් වපසරියක පිහිටි ගල්ලෙන් සිය ගණනක් තුළ වාසය කළ මේ හිමිවරු තම බණ භාවනා කටයුතු නිදහසේ කරගෙන ගිය බව කියති. එහෙත් ඒ සශ්‍රීකවත් රෝහණ රාජධානිය කලෙක විනාශ වී ගියේ සියලූ පුදබිම්ද වනගහණයේ ගිල්වාලමිනි. එබඳු පුදබිම් රෝහණය පුරා විසිර පැතිර පවතී. මේ පුදබිම් අතර මුහුදු මහා විහාරය, නීලගිරි සෑය, මඟුල් මහා විහාරය ඇතුළු තවත් විහාරාරාම රැසක නටබුන් මතුකරගෙන පිළිසකර කර තිබේ. එහෙත් නාග පබ්බත සේනාසනය නම් තවමත් වන මැද හැංගුනු නටබුන් ගොඩක් පමණි. එදා රහතුන් වැඩ සිටි ගල්ලෙන් වල අද වාසය කරන්නේ වලසුන් සහ දිවියන්ය. වනගත මාවත කෙමෙන් රූස්ස ගස් වලින් ගහණ විය. ඒ සමඟ අහසට නැගුණු විසල් ගල් කුළු රැසක් දර්ශනය වෙමින් තිබිණි. ඔය පේන්නේ බමරගස්තලාව තමා. අපේ මග පෙන්වන්නා කීවේය. එකකට එකක් නුදුරෙන් පිහිටි මේ උස් ගිරි ශිඛර වලින් වැඩිකොටසක් රූස්ස ගස්වලින් වැසී පවතී. වාහනයකට යා හැකිව තිබූ අන්තිම ඉසව්වට ගිය අපි වාහනයෙන් බැස්සෙමු. අපේ රියැදුරු වාහනය ආපසු හරවා ගත්තේය. ‘‘අලියෙක්වත් ආවොත් ඇරදාලා යන්න එපාය’’ ඔහු කීවේ සිනාසෙමිනි. නිෂාන් වාහනයෙන් බැස්සාට පසුව අපිද ඉන් බැසගත්තෙමු. එහෙත් ඔහු අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත. හිටිවනම සිටිමත් හාත්පස නෙත් යැවූ ඔහු බලන්නට ඇත්තේ වන මෘගයකු කොතැනක හෝ සැඟවී සිටියිද කියා විය යුතුය. අලි, කොටි, වලසුන් වල් ඌරන් හා කුළු හරක් මේ වන ගැබෙහි ජීවත් වෙති. සැරිසරති. උන්ගේ බැල්මෙන් අපේ සිරුරු මඟ හරවාගත යුතුය. පසෙක වැටී තිබූ ගසකින් අත්තක් කඩාගත් නිෂාන්, ළඟම තිබූ ගසක කඳකට තට්ටු කළේය. ඉන් නැඟුණු හඬ අවට පරිසරයේ වැදී දෝංකාර දුන්නේය. මොහොතක් නිහඬව ගෙවී ගියේය. නිෂාන් අතවු දණ්ඩ දෙවැනි වතාවටත් ගසක කඳක පතිත විය. නැවත වතාවක් පරිසරයේ නිහඬ බව බිඳී ගියේය. අපි පසෙක වූ අඩිපාර දිගේ ඉදිරියට ගියේ තවත් මිනිත්තු කිහිපයකට පසුවය. වන මෘගයකු සිටියේ නම් ඌට පලායන්නට හොඳටම ඉඩකඩ තිබේ. අඩිපාර යොමු වූයේ කන්දකටය. මිනිත්තු හතර පහකින් පමණ අපි එක්තරා ගල්කුලක් පාමුලට පිවිසුනෙමු. ඒ ගල්කුල පාමුල විසල් ලෙනකි. ඒ ලෙන තුළ සැතපෙන බුදු රුවකි. කුමන වන මැද බඹරගස්තලාව ලෙස අද හැඳින්වෙන එදා ශ්‍රී නාග පබ්බත සේනාසනය වූ මෙතැනදී අපට දැනුනේ සංවේග වේදනාවකි. සැතපෙන බුදුරුවෙහි සිරස මුළුමනින්ම කඩා බිඳ දමා තිබිණි. සිරස සුන් බුදු පිළිමයෙහි බඳ කොටස හාරා තිබිණි. එසේම එහි පාද යුග්මයද කැඞී ගොසිනි. ‘‘නිදන් හොරු කඩා දාලා...’’ නිෂාන් කීවේය. රෝහණ රාජ්‍යය විනාශ කළ සතුරන් අතින්වත් නොකැඩුණු ශ්‍රී නාග පබ්බත සේනාසනයේ සැතපෙන බුදුරුව, අපේම මිනිසුන් විසින් කඩා බිඳ දමනු ලැබීම මොනතරම් ඛේදජනකද? මේ බුදු පිළිම අභ්‍යන්තරයේ වටිනා වස්තු තැන්පත් කර ඇතැයි නිදන් හොරු සිතුවත් එවැනි වටිනා කිසිවක් මේ බුදු පිළිම තුළ නැත. බුදු පිළිමයක් යනු මෙරට බෞද්ධ ජනතාවට වටිනාකමක් ගිනිය නොහැකි තරමේ පූජනීය වස්තුවකි. එහෙත් අපේ නරුම මිනිසුන් වස්තු තණ්හාව නිසාම ඒ වටිනා බුදු පිළිමද කඩා බිඳ දමති. මේ සැතපෙන බුදුරුව විනාශ කර ඇත්තේද වස්තු තණ්හාවෙන් මැඩුණු නිදන් හොරුය. ගල්ලෙන කටාරම් කෙටුවකි. මහා වැස්සකදී වූවත් එක වතුර පොදක්වත් මේ පිළිමයට නොවැටෙන පරිදි ඒ කටාරම් කොටා තිබේ. පිළිමය වටවන්නට යෙදු ගඩොල් බිත්තිද, අද නටබුන් ව ගොස්ය. අවට තවත් ගල් ශිඛර ගණනාවකි. එදා ඉසුරුබර වූ නාග පබ්බත සේනාසනයට අයත් ආකාස චෛත්‍යය තිබූ ගල් ශිඛරය පසෙකය. එහි මුදුනෙහි චෛත්‍යයක නටබුන් මොනවට පෙනෙයි. අවට තවත් ගල් ශිඛර කිහිපයකි. අපි ඉන් එකකට ගොඩවුණෙමු. කුමන වන උයනේ බොහෝ තැන් මොනවට පෙනෙයි. එදා මෙහි පැමිණි බැතිමතුන් මොනතරම් නම් චිත්ත තෘප්තියක් ලබන්නට ඇත්දැයි මට සිතෙයි. අවටින් පෙනෙන දසුන ඒ තරමටම මනරම්ය. වෙන එකක් තබා කුමන මුහුද පවා මෙතැනට යම්තමින් වුව පෙනෙයි. මේ හුඟාක් ලෙන් වල වැද්දන්ගේ චිත‍්‍ර තියෙනවා. ඒකෙන් තේරෙන්නේ හුඟාක් ඉස්සර කාලෙක මේ ලෙන්වල වැද්දෝ ජීවත් වුණු බව. නිෂාන් කියන්නේය. එකල විසූ වැදි ජනතාව ඔවුන් දුටු බොහෝ දේ ගල් ලෙන් බිත්තිවල ඇඳ තැබුවේ හුදු විනෝදයට විය යුතුය. අනාගත ලෝකයට ආදි කල්පිත වැදි ජීවිතය ගැන දැනුමක් ලබාදෙන්නට නම් නොවේ. එහෙත් අපි අද එදා වැදි චිත‍්‍ර ඔස්සේ ඔවුන්ගේ සංස්කෘතිය තේරුම් ගැනීමට සමත්ව සිටිමු. තවත් කිවයුත්තකි. සුප‍්‍රකට ලේනම වැදි පරපුර වාසය කළේද මේ බඹරගස්තලාවේ කිට්ටුවය. එමගින් ද මේ ලෙන් වැදි ජනතාවගේ වාසභවනව තිබූ බව ඔප්පු වෙයි. එසේම ඓතිහාසික රෝහණ රාජධානියේ සෞභාග්‍යය පිළිබඳවද අපි යමක් තේරුම් ගත්තෙමු. අන්ධකාරය කෙමෙන් වනපෙතට පාත්වන්නට විය. ඉතින් අපි මේ ඉපැරණි පුණ්‍ය භූමියෙන් නික්මුනෙමු. මේ සේනාසනය අක්කර 42ක් පුරාවට පැතිරීලා තියෙනවා. හැමතැනම ගල්ලෙන්. ඒ කාලේ රෝහණ රාජධානියට අයිති ප‍්‍රධාන පෙළේ පුදබිමක් තමා මේ. වන ජීවියේ නිෂාන් කීවේ ආපසු වාහනය වෙත පිවිසෙමිනි. ඒ අපේ ආපසු ගමන පිණිසය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කුමන වන මැද සැතපෙන බුදුරුව
රාජු Wednesday, 25 April 2012 10:56 AM
බලධාරීන් මේවා ගැන අවධානය යොමු කළේ නැත්නම් අනාගතේදී අපිට අපේ උරුමයන් නැතිවෙයි
චන්දන Saturday, 02 August 2014 04:23 AM
අපේ උරුමයන්ගෙන් එකක් හෙලිකිරීම ඉතාමත් සන්තෝසයි. ඒ වගේම හිතට මහා සංවේගයක් දැනුන පින්තුර දැක්කම. අපේ මුතුන්මිත්තන් කොච්චර අගේ කළ යුතුද (නදී)
කාශ්‍යප හිමි Wednesday, 12 December 2012 07:27 PM
ඔයාලා මේවා සොයාගන්නවා. නිධන් හොරු මේවා විනාශ කරනවා. (නි)
ෂාන් Thursday, 02 August 2012 01:36 PM
මේ වගෙ සැඟවෙච්ච අපෙ දෙවල් ගැන අපිට කියල දෙන ඔයලට ගොදක් පින්. (අ)
මාලික Monday, 02 July 2012 01:03 PM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? ... ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.අම්පාර මැදචව්විය ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් තියෙනවා.
කුමුදුමලී Monday, 02 July 2012 09:59 AM
ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
මිහිරි Friday, 22 June 2012 01:23 PM
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
සුජාත Thursday, 14 June 2012 03:49 PM
ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි..
ගෝතමී Monday, 11 June 2012 04:17 PM
ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා.දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි
උපතිස්ස Monday, 11 June 2012 04:12 PM
ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අම්පාර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. මේවා අපේ ජාතික උරුම.අපේ උරුම මතු පරපුරට දැකගන්න අපි ඒවා රැකගන්න ඕනා.
චාමර Monday, 11 June 2012 11:18 AM
ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා . සාමය උදාකරදුන් සේනාධිනායක ඇතුළු සියලු රණවිරුවන්ටත් පිං
කුමුදු Wednesday, 06 June 2012 02:20 PM
සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි.ලංකාදිපටය ස්තුතියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් වගකීම.අපේ උරුම මතු පරපුරට දැකගන්න, රැකගන්න ආරක්ෂක හමුදාවගේ සහයගන්න ඕනා.
උපුල් Tuesday, 29 May 2012 12:09 PM
මෙම ස්ථාන ආරක්ෂා කරගැනීමට අපගේ ආරක්ක හමුදාවගෙ සහය ලැබුණෝත විනාශ ඉඩ නොදී රැක ගැනීමට හැකිවෙයි. සැමට ණැන නුවන පහළ වේවා.. බුදු සරණයි.!!
සූරිය කුමාර Sunday, 20 May 2012 04:35 AM
දුර්ලබ ගණයේ පින්තූර....
salinda gunasena Thursday, 17 May 2012 09:28 AM
මේවා අපේ ජාතික උරුම.අපේ උරුම මතු පරපුරට දැකගන්න අපි ඒවා රැකගන්න ඕනා.
සෙනරත් යාපා Saturday, 19 November 2011 07:28 PM
Thank you lankadeepa.mama hithanne godak aya nodanna deyak, janathawata ' ratata,dahamata adaraya karana)danaganeemata salassuwata. ලංකාදීපයට ස්තුතියි. මම හිතන්නේ ගොඩක් අය නොදන්න දයෙක්.
සුනන්ද Monday, 06 February 2012 12:41 PM
අපේ උරුම මතු පරපුරට දැකගන්න අපි ඒවා රැකගන්න ඕනා. ස්තූතියි ලංකාදීප
ශාන්-saudi arabia Monday, 30 January 2012 01:11 PM
සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. කුමන වන මැද සැතපෙන බුදුරුව දුටු විට හද සසල වන්නේ වන මැද සිටින වග වලසුන් නොසිඳින ශාන්තිනායකයාණන් වහන්සේගේ සිරස සිඳින හදවතක් නොමැති මිනිස් වෙස්ගත් නොමිනිසුන්. ගොඩක් වැදගත් වෙනව මේ වගේ කිසිවකුගේ අවධානයට ලක් නොවුණු ෛඑතිහාසික පුදබිම් සොයාගෙන යන එක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්, අඩුගණනේ මෙබඳු තැන් මෙහෙම පෙන්වා දුන් පසුව වත්, පිළිසකර කරලා ජනතාවට වැඳ පුදාගන්නට පිළිසකර කරන එක. මේව විනාශ කරන එක නතර කලයුතුයි. ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ලංකාදිපටය ස්තුතියි
ගංගා Thursday, 26 January 2012 11:27 AM
ගොඩාක් පින් ලංකාදීප. අපේ උරුමයන් ගැන දැනුම්වත් කළ එක ගැන. ඒත් බොහොම කණගාටුයි. බුදුරුවට කරල තියෙන අපරාද දැක්කම. මෙය කළ මිනිසුන් යහතින් ඉන්නවද?
mahinda weragamage Tuesday, 17 January 2012 07:10 PM
මෙය ඉතාමත් අගේ
tharindu Monday, 16 January 2012 06:04 PM
ලංකාදිපටය ස්තුතියි
රංග Wednesday, 11 January 2012 09:03 AM
මේව විනාශ කරන එක නතර කලයුතුයි
Prabath Tuesday, 10 January 2012 02:42 PM
සැගවුණු අපේ පුද බිම් යලිත් සොයා දීම ගැන ලංකාදීපයට බොහොම පින්. පින්තුර දැක්කම නම් හදවත සසල වෙනවා. එක වචනවලට නගන්න තරම් අමාරුයි
සුරංග Wednesday, 04 January 2012 01:32 PM
මේවා අපේ ජාතික උරුම . මේවා විනාස කරන එක නතර කලයුතුයි..
සම්පත් නිලාක Wednesday, 21 December 2011 10:38 PM
සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. කුමන වන මැද සැතපෙන බුදුරුව දුටු විට හද සසල වන්නේ වන මැද සිටින වග වලසුන් නොසිඳින ශාන්තිනායකයානන් වහන්සේගේ සිරස සිඳින හදවතක් නොමැති මිනිස්වෙස්ගත් නොමිනිසුන් තවමත් මේ ලෝතලයමත විසීම පිළිබඳවයි. කෙසේ වුවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මේ කෙරෙහි යොමුවේවායි ප්‍රාර්ථනා කරමින් ලංකාදීපයට හදපිරි ප්‍රණාමය පුද කරමි.
සුධීර ජයකොඩි Friday, 16 December 2011 03:01 PM
ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති
සලික Saturday, 03 December 2011 02:50 AM
මේක හොඳ ලිපියක්......
නිලූෂා Thursday, 24 November 2011 03:00 PM
ඔබ අපගේ ජාතික උරුමයක් රැකදුන්නා
කුසල හිමි Tuesday, 22 November 2011 07:15 PM
ගොඩක් වැදගත් වෙනව මේ වගේ කිසිවකුගේ අවධානයට ලක් නොවුණු ඓතිහාසික පුදබිම් සොයාගෙන යන එක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්, අඩුගණනේ මෙබඳු තැන් මෙහෙම පෙන්වා දුන් පසුව වත්, පිළිසකර කරලා ජනතාවට වැඳ පුදාගන්නට පිළිසකර කරන එක.