X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


කොරෝනා රෝගීන් උග්‍රවීමට ජනතා නොසැලකිල්ලත් හේතුවක්


සංචරණ සීමා ලිහිල් කෙරුණු ඉකුත් 25 වැනිදා බොහෝ පිරිස් හැසිරුණු ආකාරය සතුටු විය නොහැකි හෙයින් ඉදිරියේදී වෙළෙඳසල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවන බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

විශේෂ අවධානය යොමු කළ යුතු ප්‍රකාශයකි. මන්දයත් සංචරණ සීමා ඉවත් කිරීම ක්‍රියාත්මක වූ ආකාරයේ යම් යම් ගැටලු පැන නැගුණ හෙයිනි.

සංචරණ සීමා ලිහිල් කෙරුණේ මුළු රටම දින ගණනාවක් හුදෙකලා කර තිබීමෙන් පසුවය. මෙරට සාතිශය බහුතරයක් ජනයා පොහොසත්තු නොවෙති. එමෙන්ම ඔවුන් සතුව තැන්පත් කරගත් මහා ධන නිධානයක් ද නැත. නොමැරී ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට එම බොහෝ දෙනාගේ අදහස විය. සංචරණ සීමා ලිහිල් කළ යුතුව තිබුණේ එම ජනයාට පහසුවක් වන ආකාරයටය.

ජනයා නගරවල පොදි කෑම වළක්වාලීම පිණිස පොලීසිය කියා සිටියේ ළඟම කඩෙන් බඩු ගන්නා ලෙසය. එය සහතික කිරීම පිණිස කාර්, වෑන්, ත්‍රිරෝද රථවලින් ගමන් කිරීම තහනම් කරනු ලැබීය. අවම තරමින් යතුරුපැදියෙන් හෝ ගමන් කිරීම තහනම් විය.

අප පුවත්පත ඡායාරූපයක් ද සහිතව වාර්තා කර තිබුණේ නාඋල ප්‍රදේශයේ පුද්ගලයකු ගෑස් සිලින්ඩරයක් විල්බැරෝවකින් රැගෙන ගිය බවය. එබඳු ඡායාරූප බොහොමයකින් සමාජ මාධ්‍ය ජාලා පිරී තිබිණි.

වියපත් මව්වරුන් පවා ගෑස් සිලින්ඩර් කරේ තබාගෙන යන අයුරු එහි තිබිණි. වෙළෙඳසල්වලින් ලබාගත් බඩු භාණ්ඩ විල්බැරෝවල දමාගෙන යන පිරිස්වලට සම්බන්ධ ඡායාරූප ද එහි විය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ද ගෑස් සිලින්ඩරයක් කර තබාගෙන යන ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය ජාලාවල සැරිසැරුවේය.

මේවා විගඩම් ලෙස බැහැර කළ නොහැකිය. මිනිසුන්ගේ චර්යාවන්ගෙන් ප්‍රකාශයට පත්වන්නේ ඔවුන් පවසන ඇත්ත වේදනාවන්ය. ඇතැමකුට අනුව කොළඹ යනු මුළු රටමය. එහෙත් එය එසේ නොවන බව ඒකාන්ත සත්‍යයකි. ගමේ ගොඩේ ළඟම කඩේ යනු පාංකඩය. නිවෙසක දින දෙක තුනකට සෑහෙන්න අවශ්‍ය කළමනා එබඳු කඩවල නැත. ඇතැම් විට ගෑස් ගෙන ඒමට නගරයට යා යුතුය. ගෑස් අලෙවිකරුට දැනුම් දුන් විට ගෑස් සිලින්ඩරය නිවෙසටම රැගෙන ඒමේ ක්‍රමයක් තිබේ. එහෙත් එබඳු වෙළෙඳාමකට හෝ සංචරණ සීමා ලිහිල් වූ ඉකුත් 25 වැනිදා අවසර ලැබුණේ නැත. ගෑස් සිලින්ඩරය කරේ තබාගෙන සැතැපුම් ගණන් යාමට සිදුවීම හැර එදින වෙනත් විකල්පයක් තිබුණේ නැත.

බොහෝ පහසුකම් ඇතැයි කියන කොළඹ නගරයේ හා තදාසන්න නගරවල ජනයාගේ ඉරණම ද මෙබඳු අවස්ථාවක ඉතා දුක්ඛිතය. විශේෂයෙන්ම මහල් නිවාසවල ජීවත් වන ජනයා මෙබඳු අවස්ථාවල බොහෝ පීඩාවට පත් වෙති. ඔවුන්ට ද ගෑස් සිලින්ඩරය කර තබාගෙන සැතැපුම් ගණන් ඇවිද යාමට සිදුවීම වැළැක්විය නොහැකිය.

මෙබඳු තත්ත්වයක් නිර්මාණය වීමට ඇතැම් පිරිස්හි හැසිරීම් ද හේතුව බව අවධාරණය විය යුතුය. යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සංචරණ සීමා ලිහිල් කළ දිනයේ බොහෝ පිරිස් හැසිරුණු ආකාරය සතුටු විය නොහැකි බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් මෝටර් රථ පැදපු තිදෙනකු කොළඹ දී අත්අඩංගුවට ගත් බවය. මෙබඳු තක්කඩියන්ට ගස් බැඳ පහරදිය යුතු තරම්ය. මෙබඳු ලෝක වසංගතයක් ඉදිරිපිට එබඳු අනීතික, අවිනීත, අශිෂ්ට, තක්කඩි හැසිරීමකට කිසිවකුට ඉඩ දිය යුතු නැත.

‘‘රට ලොක්ඩවුන් කරන්නැයි’’ බෙහෝ දෙනා ඉල්ලා සිටියහ. විශේෂයෙන්ම රට ලොක්ඩවුන් කළා යැයි සිතා වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් රට ලොක්ඩවුන් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එහෙත් ඇතැමෙක් විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගනිති. එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ මුළු රටටමය.

(***)

 



අදහස් (2)

කොරෝනා රෝගීන් උග්‍රවීමට ජනතා නොසැලකිල්ලත් හේතුවක්

Deepal Nirosh Friday, 28 May 2021 06:41 AM

මිනිසුන්ට සතියකට දෙකකට සෑහෙන භාණ්ඩ කරෙන් රැගෙන හා හැකිද? අනිවාර්යයෙන් කුමන හෝ රථයක් අවශ්‍යයි. ඒ වගේම මාසික වැටුප් ලබන අය භාණ්ඩ මිල දී ගැනීමට හුරු වී ඇත්තේ ණයවරපත් (credit card) මගින් හෝ බැංකු කාඩ්පත් මගින්. එයාකාරයට මිල දී ගැනීමට පහසුකම් ඇත්තේ වෙළඳ සැල් කීයක ද? ඒවා බොහෝවිට ඇත්තේ නගරබදව. අඩුගානෙ ත්‍රි රෝද රථයකින් හෝ යතුරු පැදියකින් හෝ පමණක් ළඟම නාගරික වෙළඳ සලට යාමටවත් අවසර ලබා දුන්නා නම් තමා සුදුසු.

:       0       13

saj Sunday, 30 May 2021 04:30 PM

ගොන් කතා කියන්න එපා... දැන් රජය තරයේ කියද්දී කොරෝනාව පාලනය කරා සමාජගත වෙලා නැහැ කිය කියා, තව මොනවද මිනිස්සුන්ට දොස් කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site