X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කෝච්චියට පැන්න මිනිහා මැරුණෙ නෑ කියලා බැන බැන ගියා

මගේ සවන් යුග යොමු වුණේ එපිටින් ඇසුණු දුම්රිය නළා හඬටයි. වේගයෙන් පැමිණි දුම්රියේ වේගය අඩුවනු පෙනේ ‘හතරවැනි වේදිකාවට පැමිණි දුම්රිය කොටුවට පමණයි’ මරදාන දුම්රිය පළේ ‘ස්පීකර්’ හඬ අවදි විය. පෙට්ටි වැළක් එල්ලාගෙන මිනිසුන් දහස් ගාණක් පුරවාගෙන අනුරාධපුරයේ සිට පැමිණි රජරට රැජින දුම්රියේ දාහය අපටද දැනේ. දුම්රියෙන් බැස ගත් අය ඇවිස්සුණු කඩිගුලක් මෙන් පිටවීමේ දොරටුව බලා ඇදෙති. මේ සියල්ලටම වඩා මගේ ඇස නැවතුනේ මේ මහා යකඩ කඳ පාලනය කරන දුම්රිය එන්ජිමේ සිටි රියදුරු මහත්වරු දෙසටය. ‘මොනතරම් අත්දැකීම් ඇද්ද’ මටම සිතිණි. රූපවාහිනියේ සහ පුවත්පත්වල දුම්රිය අනතුරු දකින අපි ඒ අත්දැකීම් ජීවමානව දුටු රියදුරු මහතුන් හමුවීමට මරදානේ දුම්රිය ධාවනාගාරයට ගියෙමු.


 ධාවනාගාරයෙහි දුම්රිය හතරක් නවත්වා තිබේ. ඊට නොදුරු ගොඩනැගිල්ලේ දැනට රියදුරු කාර්ය භාර නිලධාරි (ඞීසල් විදුලි ධාවනාගාරය) ටී.ජී. විජයරත්න මහතාගේ කාර්යාලයයි. ඔහු 1985 දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳුණු පැරණි රියදුරෙකි. විජයරත්න මහතා සඳහන් කරන පරිදි දැනට නිල නොවන මට්ටමින් එම තනතුර දැරුවත් තවමත් රියදුරෙකි.


විජයරත්න මහතාගේ ගම පොළොන්නරුවයි. 1985 පුහුණුවෙන දුම්රිය රියදුරෙක් ලෙස බැඳුණු ඔහු අවුරුදු පහක් එම පුහුණුව ලබා ඇත. පසුව බලවේග ධාවනාගාරයට යොමුවී කෙටි දුර ධාවන රියදුරෙක් ලෙස කටයුතු කර ඇත. පසුව ලංකාව පුරා දුම්රිය මාර්ග ආවරණය කරමින් දුම්රිය ධාවනය කර තිබේ.


දුම්රිය රියදුරෙක් හැටියට 28 වසරක් පුරා ලැබූ අත්දැකීම් මොනවාදැයි කෙළින්ම අපි මාතෘකාවට ප‍්‍රවිෂ්ට වීමු. විජයරත්න මහතා තමන් ලැබූ අත්දැකීම් අප සමඟ බෙදා ගන්නට උත්සාහ කරමින් හඬ අවදිකළේය.


ඒ 1990x95 අතරෙ දවසක්. මම දුම්රිය පදවාගෙන කොළඹට එනවා. ඔරුගොඩවත්ත දිහාට දුම්රිය එද්දී ගැහැණු ළමයෙක් දුම්රිය මාර්ගයේ ඉස්සරහට එනවා. මැරෙන්න යන කෙනෙක් එක්කො දුම්රියට පනිනවා. නැත්නම් රෙල් පාරේ නිදාගෙන ඉන්නවා. මම ‘හෝන්’ කළා ඒත් අයින් වෙන පාටක් තිබුණේ නෑ. කෝච්චිය පැයට සැතපුම් 40ක විතර වේගයෙන් ආවෙ. මම තිරිංග තද කළා. මැරෙන්න එන කෙනෙක් අපට බේරගන්නවත් අවස්ථාවක් දෙන්නෙ නෑ. අවුරුදු 25 ක විතර ගැහණු ළමයෙක්. අත් බෑගයක් එල්ලගෙන හිටියා. දුම්රිය ආපු වේගෙට මේ ළමයගෙ ඇෙඟ් වැදිල ටික දුරක් ගියාට පස්සෙයි, නතර වුණේ
දුම්රියෙන් බැහැල මමත් ගිහින් බැලූවා. එතකොටත් එයා නැතිවෙලා. ගොඩක් බරපතල තුවාල. හෑන්ඞ් බෑග් එකේ තිබුණෙ පඩි වාර්තාවක් විතරයි. ගාමන්ට් එකක වැඩ කරන ළමයෙක්. මේ සිදුවීම පත්තරෙත් ගියා. සතියකින් විතර ආරංචි වුණා මේ ළමයගෙ මළ සිරුර මාපියන් බාර ගත්තා කියලා. මාතර පැත්තෙ ළමයෙක්.


එයා දුම්රියට පනින්න හේතුව ආරංචි වුණෙ නැද්ද අපි විමසීමු.
නෑ.....මම ඒ ගැන හෙව්වෙ නෑ
තවත් දවසක් ගෑණු ළමයෙක් රේල් පාර මැද්දෙ නිදාගෙන ඒ කොන්ක‍්‍රීට් කොට දාපු අලූත. කොන්කී‍්‍රට් කොට අතරට ගල් දාලත් නැති නිසා මේ ළමයා නිදාගෙන හිටියෙ රේල් පාර කොන්ක‍්‍රීට් කොට මැද. ඔළුව හෝ ශරීරයේ කොහෙවත් රේල් පාරේ ගෑවිලාවත් නෑ මම පදවාගෙන ආවෙ කොටුවෙන් නුවර බලා උදේ 10.30ට යන දුම්රිය. මේ කාන්තාව නිදාගෙන හිටියෙ කැලණියත් වනවාසලත් අතර තැනක. මම දුරදිම දැන ගත්තා මෙයා මැරෙන්නයි මේ ඉන්නෙ කියලා. ඒත් මේ ඉන්න විදිහට එයාට හානියක් නොවන බවත් මම දැනගෙන හිටියා. කෝච්චිය වේගයෙන් ආවත් නළාව ගහල තිරිංග තද කළා. ඒත් කෝච්චිය නැවතුනේ අර ළමයව පහු කරගෙනත් ගියාට පස්සෙ.


ඇවිත් බලද්දි අවුරුදු 18 ක විතර ගෑනු ළමයෙක්. හැබැයි ”මජං” ටිකක් වත් ගෑවිලා නෑ. ඒත් බයේ වෙව්ලනවා. එයාව රාගම දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට අප කටයුතු කළා.


මෙවැනි සිදුවීමක් වෙන විට හිතේ තිගැස්සීමක් ඇති වෙන්නෙ නැද්ද? අපි යළිත් විමසීමු.


මෙහෙමයි, ඒ වෙලාවෙ රියදුරා ඉන්න මානසිකත්වය මතයි එය තීරණය වෙන්නෙ. ඒ ඇරුණාම විශේෂ බයක් නෑ. විජයරත්න මහතා පවසයි. එසේ කියමින් තවත් සිදුවීමක් මතක් වී ඔහු දීර්ඝ සිනහවක් නගයි. එය ඔහුගේ ජීවිතයේ අමතකම නොවන දෙයක් යැයි දෙවරක් නොසිතා අපටද සිතේ.


දුර ඉඳල එන කෝච්චියක්. රාගම දුම්රිය ස්ථානයට කිට්ටු වෙද්දි නවත්තන්න වේගය අඩු කළා. ස්ටේෂම ළඟම කවුදෝ රේල් පාරෙ නිදි. හිමින් ආපු නිසා තිරිංග තද කළා. දුම්රිය නතර වුණා. හැබැයි අර මනුස්සයා එංජිම යට. මිනිස්සු වට වෙලා ඔහුව එළියට ඇද්දා. වෙලාවට මැරෙන්න තරම් හානියක් නෑ. හැබැයි පාදයේ විලූඹ කැපිලා. අවුරුදු 65 ක විතර වයසක කෙනෙක්. ටිකක් බීලා. මිනිස්සුත් වට වුණා. මාත් ළඟට ගියා යනකොට මේ මනුස්සයා කියනවා ”ෂෑ... ෂෑ... වැඩක් නෑ.... වැඩක් නෑ” කියලා. බැලින්නම් මිනිහා එහෙම කියන්නෙ මැරුණෙ නැති එකටයි. මැරෙන්න ඉඳල නොමැරී බේරුණු එකටයි.


තවත් දවසක් මම ගල්ඔය ඉඳල මහවට බඩු පටවාගත් දුම්රිය එළවාගෙන එනවා. ත‍්‍රිකුණාමලේටයි, මඩකළපුවටයි යන පාරවල් වෙන් වෙන්නෙ ගල්ඔය හන්දියේදි. කෝ්ච්චිය පලූගස්වැව දුම්රිය ස්ථානයට ළංවෙන කොට (සැතපුම් 126 1/2 දී) ගොම්මන් වෙලාව. දුම්රියේ ප‍්‍රධාන විදුලි පහන් පත්තුකර තිබුණත් ලයිට් එළිය වදින නොවදින වේලාව. යාන්තම් අඩ අඳුර තිබුණෙ. තද කැලේ ගමට අලි ඇවිත් මිනිස්සු වෙඩි ගහල අලියව පන්නලා. අලියා වේගයෙන් දුවගෙන ආවේ රේල් පාරට. ”හෝන්” එක කීප විටක්ම ගැහුවා. ඒ පැත්තෙ යන දුම්රියෙ නළාවත් හරි සද්දයි. අපිත් හොඳටම බය වුණා. කෝච්චියෙ නළා සද්දෙට අලියත් බයවෙලා. ඌ දුම්රිය මාර්ගයෙන් පිට පැන්නෙ නෑ. වැඞී ගෙන එන අලියෙක්. ඌ දුම්රිය යන පැත්තටම පාර දිගේ ඉස්සරහට දුවනවා. අපට නවත්වා ගන්න බැරි වුණා. කොච්චියෙ පටවල තිබුණේ ප‍්‍රීමා පිටි. ඊටත් වඩා බෑවුම් සහිත පාර. බරත් වැඩි නිසා ”බ්‍රේක්” ඇහුවෙ නෑ. අලියව වැදුණා. ඒ වැදුණු පාරට කෝච්චියෙ උඩින් පැන්නා වගේ දැනුණා. මම හිතුවෙ කෝච්චිය පීලි පැන්නා කියලා. කෝච්චිය නතර වුණෙත් පෙට්ටි දෙකක් පහු වුණාට පස්සෙ.

 


කරන්න දෙයක් නෑ. එන්ජිමෙන් බැහැල ගිහින් බැලූවා. බලද්දි රේල් පාරෙ එකම මස් ගොඩක්. ඒ වෙලාවෙ මගෙ පෞද්ගලික දුරකථනයෙන් ඉක්මනට දුම්රිය පාලක මැදිරියට දැනුම් දුන්නා. මේ අලියගෙ මස් සේරම මාර්ග අංශ සේවකයො ඇවිත් ඉවත් කළාට පස්සෙයි අපි පිටත් වුණේ. මේ සිදුවීම නම් ටික දවසක් යනකම් තැති ගැන්මක් දැනුණු සිදුවීමක් වුණා. ඒ වගේම අලියගෙ මස් වලින් හමපු අමුතු දුඟද නිසා මම දවස් දෙකක් කෑවෙත් නෑ. ඒ ගඳ නහයෙ රැුඳිල තියෙනවා වගේ දැනුණායි විජයරත්න මහතා කියා සිටියි.
ඔහු සතු තවත් අත්දැකීම් බොහෝය. මෙවැනි අත්දැකීම් සහිත දුම්රිය රියදුරන්ද බොහෝය.

 

සටහන / ඡායාරූප - අසංක ආටිගල 

 

ටී.ජී. විජයරත්න

 



අදහස් (0)

කෝච්චියට පැන්න මිනිහා මැරුණෙ නෑ කියලා බැන බැන ගියා

පිටිගල Wednesday, 13 February 2013 07:40 PM

හිල්මිලා ඉන්නේ ලෝකයට වින කරන්නනේ.(නදී)

:       0       0

ඉසුරු Thursday, 02 May 2013 06:56 AM

තව තව උත්සාහ කරන්න (නි)

:       0       0

නුවන් Friday, 01 March 2013 05:25 AM

මේ වගේ අත්දැකීම් ඇති අයගේ අත්දැකීම් තවත් ඇතුළත් කරන්න. (නි)

:       0       0

සුභා Sunday, 24 February 2013 01:46 PM

අරුම පුදුම මිනිස්සු අපි අතරේ ජිවත් වෙන බව අමතක කලයුතු නැහැ (දී)

:       0       0

දිසානායක Tuesday, 19 February 2013 04:07 PM

හිල්මි, දුම්රිය රියදුරෙක් වීමට අවුරුදු 05 ක් පමණ පුහුණු වීමටත් විශාල කැපකිරීඹකින් කටයුතු කරන්නත් ඕනා. ඔහොම හිතන එක වැරදියි. ඔයාලට මේවා විහිළු වුනාට අපිට දුම්රිය රියෙදුරෙක් කියන්නේ වටිනා පුද්ගලයෙක්. මගේ සීයා අනුරාධපුර දුම්රිය ස්ථානයේ රියදුරෙක් විදියට වැඩ කරන කාලේ මේ වගේ කතා ඕනාතරම් කියලා තියෙනවා.(නදී)

:       0       0

සජීව Sunday, 17 February 2013 10:18 PM

ඇත්තටම හොද ලිපියක්. මෙවන් අත්දැකිම් අපේ ජීවිතයට ගොඩක් වටිනවා. හැමෝටම ඒ අත්දැකීම් විදින්න බැහැ. ඒවා අපි බෙදාගමු.(නදී)

:       0       0

තිලකගේ Saturday, 16 February 2013 10:38 PM

හිල්මි අරාබි අකුරු අග ඉදලා මුලට කියවනවා වගේ මේ ලිපියත් කියෙවුවද දන්නෙ නැහැ. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 15 February 2013 07:09 PM

ලංකාදීපය මා හට ගුරු මාණික්‍යයක් සේ වටිනවා. (නි)

:       0       0

ලසා Thursday, 14 February 2013 09:17 PM

මම කැමතිම මාතෘකාවක්... (නි)

:       0       0

ටීනා Thursday, 14 February 2013 10:07 AM

රසවත් ලිපියක්. (නි)

:       0       0

නලීන් Wednesday, 13 February 2013 08:39 PM

ගොඩක් හොද ලිපියක්. (නි)

:       0       0

ෂබ්දීන් Sunday, 10 February 2013 05:05 PM

සැබවින්ම මොවුන්ගේ අත්දැකීම් කොතරම් සංවේදීද? (නි)

:       0       0

යොහාන් Tuesday, 12 February 2013 06:34 PM

හිල්මි, ඔයිට වැඩිය වැඩ පෙන්නපු අය ඉන්නවා අප අතරේ. නමුත් ඒ අයව හදුනාගන්න ජනමාධය තවතවත් උනන්දු විය යුතුයි. (නදී)

:       0       0

ආනන්ද Tuesday, 12 February 2013 11:31 AM

මෙවැනි පුවත් අපිට වටිනවාත ලංකාදීපයට ස්තුතියි... (ස)

:       0       0

කළණ ජේ. Tuesday, 12 February 2013 10:16 AM

හිල්මි, තමුන් වගේ උඩ බලාගෙන බුදියන් ඉඳලා අන්තර්ජාලයට ඇවිත් මිනිස්සුව හෙලා දකිනවට වඩා යමක් නම් කරලා තියෙන බව පේනවා. (නි)

:       0       0

හිල්මි Monday, 11 February 2013 10:52 PM

මෙයා ඒ තරම් මහලොකු දෙයක් කරලා තියෙනවද? (නි)

:       0       0

සමන්ත Monday, 11 February 2013 04:45 PM

ඔය වගේම තමා රියදුරු සේනක මහතා, බොහෝ වෙලාවට කොළඹ - පුත්තලම දුම්රියේ රියදුරු ලෙස සේවය කරන්නෙ. මම දන්න විදිහට ඔහු, ගමනාන්තයට නියමිත වෙලාවට දුම්රිය ධාවනය කරන, මගීන්ගේ නිරතුරු ගෞරවයට පාත්‍රවන කෙනෙකි. (දී)

:       0       0

දිනේෂ් Monday, 11 February 2013 12:19 PM

නියම ප්‍රවෘත්තියක්. ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

සෙනරත් Monday, 11 February 2013 12:07 PM

අම්මපා, මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

චන්දිම Monday, 11 February 2013 12:07 PM

මේ වගේ හැම කෂේත්‍රයකම අද්දැකිම් අපිට කියන්නකෝ. බොහෝම ස්තුතියි. (නි)

:       0       0

අරුණ Monday, 11 February 2013 06:28 AM

නියම පුවතක්, ඇත්තනමි හොදයි.(නදී)

:       0       0

සිසිර Sunday, 10 February 2013 05:14 PM

මේ වගේ දේවල් තව තවත් ගෙනඑන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site