X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


ගමක් හැදීම නවත්වන්න මන්ත්‍රීනිට බලය දුන්නේ කවුද

කෝකිලායි සිංහල ගම්මානයේ තාවකාලික පැල්පත්වල අනන්ත දුක් විඳිමින් ජීවත් වන ජනතාව පසුගියදා තම දූ දරුවන් ද කැටුව බෝඞ් අල්ලාගෙන විරෝධතාවක යෙදී සිටියහ. ඊට හේතුව වූයේ ටකරං හෝ ලෑලි තහඩු කිහිපයක් එහෙන් මෙහෙන් අටවාගෙන තමන් මෙතෙක් ජීවත් වූ තාවකාලික පැල්පත් වෙනුවට ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය දේශපාලන බලපෑමක් හේතුවෙන් නතර කර දැමීමය. විරෝධතාවට එක්ව සිටි ගම්මුන් අපගේ ලංකාදීප පුවත්පතේ වාර්තාකරුවන්ට කියා තිබූ පරිදි මේ ව්‍යාපෘතිය නවතා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසිනි.

කෝකිලායි ගම්මානයේ සිංහල ජනතාව වෙනුවෙන් නිවාස 62ක් ඉදිකිරීමට යෝජිතව තිබුණේ “සැමට සෙවණ” යෝජිත උදාගම්මාන වැඩසටහන යටතේය. ඒ සඳහා රජයේ මුදල් වැය කිරීමට නියමිත විය. එහෙත් මුලතිව් දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මන්ත්‍රීවරිය මේ වැඩසටහනට හරස් කපා තිබේ. හේතුව වශයෙන් ඇය සඳහන් කර ඇත්තේ දෙමළ ජනතාවගේ ඉඩම් තුළ සිංහල ජනතාව සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට පැමිණිලි ලැබී ඇති බවකි. මේ බව සඳහන් කරමින් මන්ත්‍රීවරිය තවත් පිරිසක් ද සමඟ පැමිණ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් වෙත පැමිණිලි කර ඇති බවත් ඒ හේතුවෙන් නිවාස ව්‍යාපෘතිය නවතා ඇති බවත් පවසන කෝකිලායි ධීවර සමිතියේ සභාපතිවරයා තමන් නිවාස ඉදිකිරීමට සූදානම් වූයේ තමන්ගේම ඉඩම් තුළ බවද ප්‍රකාශ කර තිබිණි. යුද්ධ කාලයට පෙර සිටම මේ ඉඩම් සඳහා තමන් වරිපනම් ගෙවා ඇති බවට සාක්ෂි තමන් සතු බවද ඔහු කියා තිබිණි. එසේ නම් මේ ව්‍යාපෘතිය නැවැත්වීමට තරම් බලයක් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරියට ලැබුණේ කෙසේදැයි වහාම විමසිය යුතුය. ගමක් ඉදිකිරීම නවතා දැමීමට තරම් හයියක් මන්ත්‍රීවරියට ලබාදුන්නේ කවුදැයි සෙවිය යුතුය.

මුලතිව් දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවට අයිති දිස්ත්‍රික්කයක් මිස වෙනත් රටකට අයිති බිම් කොටසක් නොවේ. එකී ප්‍රදේශ වලට ක්‍රියාත්මක ඉඩම් නීතිය වෙනත් දිස්ත්‍රික්කයක ඉඩම් නීතියෙන් වෙනස් වීමට හැකියාවක් නැත. මේ බව ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මන්ත්‍රීවරිය නොදැන සිටීමට හේතුවක් නැත. කෝකිලායි ගම්මානයේ දශක ගණනක් තිස්සේ ධීවර රැකියාවේ නියුතුව සිටින ජනතාව රජයෙන් තමන්ට කියා නිවෙසක් ලබාගැනීමට අයිතිවාසිකමක් නැතිදැයි මේ මන්ත්‍රීවරියගෙන් විමසීමට අපි කැමැත්තෙමු. මේ අහිංසක මිනිසුන් ජීවත් වන පැල්පත් සමූහය දකින විට අපට හැඟෙන්නේ ඔවුන්ට ලැබෙන්න යන නිවාස ව්‍යාපෘතිය නවතා දැමීම යට ඇත්තේ කෲර දේශපාලන අරමුණක් පමණක් බවය. මේ ඉඩම්වල අයිතිය එහි ජීවත් වූ ජනතාවට නැති බවට වැරැදි ප්‍රචාර සිදුකොට ව්‍යාපෘතිය නවතා දමනු වෙනුවට තමන්ට ලැබුණු එම තොරතුරු පිළිබඳ ඇත්ත නැත්ත සොයා බලා වඩාත් විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමට අදාළ මන්ත්‍රීවරියට  හොඳින්ම හැකියාව තිබිණි. එහෙත් ඒ වෙනුවට ඇය තෝරාගෙන ඇත්තේ මන්ත්‍රීවරියක වශයෙන් තමන් සතු බලතල පාවිච්චි කොට ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කිරීමය. එය ඕනෑම මෝඩයකුට කළ හැකි විචාර බුද්ධියකින් තොරව ගත හැකි ක්‍රියාමාර්ගයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම්වරයා ද මෙහිදී මන්ත්‍රීවරියගේ බලපෑමට සම්පූර්ණයෙන් යටත් වී ඇති බවක් පෙනී යයි. වගකීමක් ඇති නිලධාරියකු එසේ හැසිරිය යුතු නැත. මන්ත්‍රීවරුන් ගහන ගහන පදයට නටන්න සූදානම්ව සිටින නිලධාරීන් අතින් කවදාවත් රටට අවශ්‍ය සේවය ඉටුවන්නේ නැත. එවැනි නිලධාරීන් තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය අතැතිව සිටින පුද්ගලයන්ගේ මනදොළ සපුරා දීමට මිස තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න විසඳා දීමට නොවේ. කොළඹ වුවත් මුලතිව් වුවත් මොන දිස්ත්‍රික්කයක වුවත් ඕනෑම නිලධාරියකුට එය අදාළය.

නිවාස ඉදිකිරීමට යෝජිත වූ ප්‍රදේශය දෙමළ ජනතාවගේ ඉඩම් බවට මේ මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි සහිතව ද යන්න පැහැදිලි නැත.  ගම් බිම් නොමැතිව අසරණ වූ දෙමළ පවුල් සිටී නම් ඒ පිළිබඳව ද සොයා බලා ඔවුන්ට ඉඩම් හෝ නිවාස ලබා දිය යුතුය. ඊට කිසිවකුත් විරුද්ධ නොවනු ඇත. එහෙත් යෝජිත නිවාස ව්‍යාපෘතියක් අත්හැර දමා ජනතාව අසරණ තත්ත්වයට ඇද දැමීමට සිදුවන සේ කටයුතු කිරීම මන්ත්‍රීවරියකට තරම් නොවන බව පෙන්වා දිය යුතුය.

මේ ආකාරයට අසාධාරණ අන්දමින් කටයුතු කිරීම ජාතික සංහිඳියාව පිළිබඳ විශ්වාසයක් රට තුළ ගොඩනැංවීමට ගෙන යන වැඩපිළිවෙළට ද බාධාවකි. පසුගිය දිනවලදී රට තුළ ඇති වූ තත්ත්වයත් සමඟ ඇති වූ නොසන්සුන් වූ තත්ත්වයක් පවතින පසුබිමක මෙවැනි ක්‍රියා සිදුවීම රටේ යහපැවැත්මට කිසිසේත් රුකුලක් නොවන බව මේ මන්ත්‍රීවරියට පෙන්වා දීමට කැමැත්තෙමු. මහජන මන්ත්‍රීවරියක යනු වගකීම් පිළිබඳව සැබෑ අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු පුද්ගලයකු මිස ජාතිවාදී අදහස් අනුව පමණක් කටයුතු කළ යුතු අයකු නොවේ. 

අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රට බරපතළ ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂක අර්බුදයකට මුහුණ දී සිටී. කෝකිලායි වැනි සිදුවීම් එම අර්බුදය විසඳීමට නොව එය තවත් සංකීර්ණ කිරීමට හේතුවන බව ස්කන්ධරාජා මන්ත්‍රීවරියට පෙන්වා දීමට කැමැත්තෙමු.



අදහස් (10)

ගමක් හැදීම නවත්වන්න මන්ත්‍රීනිට බලය දුන්නේ කවුද

Nuwan Wednesday, 22 May 2019 06:10 AM

ඕකට තමා සංහිදියාව කියන්නේ!

:       2       481

sandy123 Wednesday, 22 May 2019 07:02 AM

දේශපාලන හයිය යනු නොනිල චන්ඩි යන මතය නැවත වතාවක් සනාථ කිරීමක්.

:       1       321

Perakum Wednesday, 22 May 2019 10:05 AM

නිලධාරීන්ගේ කොන්ද දේශපාලුවන් ඉදිරියේ දෙකට නැවෙන හැටි ඔප්පුකිරීමට වෙන උදාහරණ කුමටද?

:       0       0

Bolanda Sanhindiyawa Wednesday, 22 May 2019 01:30 PM

ඇයි ඉතින් ආණ්ඩුව අකුලා ගත්තේ? අරහෙන් එක කට්ටියක්. මෙහෙන් තවත් කට්ටියක්. අනේ ඉතින් සිංහලයාට මොන පිහිටක්ද? නමුත් සිංහලයා ඔය හැමෝටම පිහිටවෙලා තියෙනවා. අද ඔය ඔක්කොම ඔහොම ඉන්නේ එ්ක නිසා. කවුරුත් එ්ක මතක තියාගන්න.

:       8       714

nihal Thursday, 23 May 2019 05:31 AM

මහජන මුදලින් පඩි කකා මෝඩ චූන් වගේ ඉන්නේ නැතිව මේ ගෙවල් ටික සදා දිය යුතුය

:       0       0

sam Thursday, 23 May 2019 08:34 AM

ලබන ආත්මේ ඉපදෙන්නේ දුප්පත් වෙලා. පවුලේ අයටත් හෙන ගහයි මේ කරපු වැඩේට..

:       0       0

අනුර Friday, 24 May 2019 12:56 PM

කණගාටුදායක තත්වයෙකි. හැම පැත්තෙන්ම තැලී පොඩිවී අසාධාරණයට පත්වන්නේ අපිමයි. අපිට අපිවත් නැත. දිනෙන් දින අසන්නට ලැබෙන පුවත් රටට මෙන්ම ඡනතාවටද අතිශයින්ම අසුබවාදීය. අහිංසක මිනිසුන්ට බෙදීමකින් තොර නිදහසේ මේ රටේ ඡීවත් වීමට වාතාවරණයක් ඇතිවේවා..! ඇයි මේ රටට මෙහෙම වුනේ? රටට සම්මත පොදු නීතියක් හෝ ක්‍රමවේදයක් නැද්ද?

:       0       0

janis Monday, 27 May 2019 11:37 AM

මේවා සජිත්ට පෙනන්නේ නැද්ද ? උතුරු නැගෙනහිර ඉන්න අහිංසක සිංහලයන්ට කොළොඹ ඉන්න සිංහල දේශපාලු මැති ඇමතිවරුන්ට අමතකවෙලා.

:       0       44

Rupawathie Monday, 03 June 2019 03:01 PM

මේ ශ්‍රී ලංකාව අපේ දේශය. ඔබලාට ජීවත් වෙන්න රට නිදහස් කරලා දුන්නේ දිවිපුදලා අපේ දුප්පත් සිංහලයා.. මුල අමතක කිසිම ජාතියකට වැඩිකල් මේ මහපොළවේ පය ගසා ජීවත්වීමට නොලැබෙනු ඇත.. ඒක ඒකාන්තයි... මේ සිංහලයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සහ මුස්ලිම්වරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙගොල්ලන්ටම තුන් ගොල්ලන්ටම පිළිතුරු... සැපයීමට අපි ත්‍රිවිධ හමුදාව පත් කරමු. ඒක වසර 20කට බල පවත්වන ආකාරයේ කිසිවකුට වෙනස් කිරීමට නොහැකි 20 අවුරුදු ත්‍රිවිධ හමුදා පාලකයන් උතුර හා නැගෙනහිර පළාත්වලට පත් කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නයන්ට සැමට එකහා සමානව විසඳා ගත හැකියි ...

:       0       0

ranjith Tuesday, 04 June 2019 05:36 AM

අපේ නිවට පාලකයෝ ඡන්ද පෙරේතකම නිසා අපිට ඉන්න තැනත් නැතිකරනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site