X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


ගමන් බෑගයේ කාන්තා ඝාතකයාගේ පාපෝච්චාරණය

08_page_3-M

 

කාන්තාවක් ඝාතනය කර ඇයගේ සිරුර ට‍්‍රැවලින් බෑගයක බහා පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම් පොළේ අනුරාධපුරය බලා යන බස් නැවතුමේ තබා ගොස් සිටියදී පොලිසිය සොයා ගෙන තිබුණේ මීට සතියකට පමණ පෙරය.

 

 


ඝාතකයා ගැන හෝඩුවාව සොයා ගත්තේ කොළඹ, හෙට්ටිවීදියේ ලොජ් එකක සවිකර තිබූ සී.සී.ටී.ටී. කැමරාවක් පරීක්‍ෂාකර බැලීමේදීය.


රටේම කතා බහට ලක් වූ චිකාගෝ ක‍්‍රමයේ මෙම බිහිසුණු ඝාතකයා හඳුනාගත්තත් ඔහු ඉන්න හිටින තැනක් සොයා ගැනීම ලෙහෙයි පහසු කටයුත්තක් නොවීය.

6
පොලිසිය ඒ අභියෝගය ජය ගත්තේ ද නවීන තාක්‍ෂණයේ පිහිට ලබාගෙනය.


කාන්තා ඝාතකයා ඉන්න ඉසව්ව හරියටම නවීන තාක්‍ෂණයේ පිහිටෙන් සොයාගත් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පසුගිය 5 වැනිදා කෙලින්ම ගියේ මන්නාරම, ඉලූප්පකඩමයි ප‍්‍රදේශය බලාය. ඝාතනය වූයේ ධර්මරාජන් කාර්තිකා නැමැත්තියකි.


කාන්තා ඝාතකයා ලෙස සැලකුවේ  පැටි‍්‍රක් කි‍්‍රෂ්ණරාසා හෙවත් ශෂි නමැත්තාය.


පොලිස් කණ්ඩායම ඒ ගම්මානයට යන විට ක‍්‍රිෂ්ණරාසා තවත් මේසන් බාස්ලා කට්ටියක් එක්ක එකතුවී නිවෙසක් තැනීමේ කටයුත්තේ නියැලී සිටියේය.
ක‍්‍රිෂණරාසා වෘත්තියෙන් පෙදරේරුවෙකි.


පොලිස් කණ්ඩායම දුටු සැණින් මේසන් හැන්දත් දමා පලා යාමට උත්සාහ ගත්තත් වැඩක් වූයේ නැත. ඊට කලින් පොලිසිය ඉස්සර විය.


ඝාතකයාගේ දෑතට මාංචු වැටුණේ අපරාධයක් සිදුකර කිසිම දවසක සැඟවී සිටිය නොහැකි යැයි කියන කියමන සනාථ කරමිනි.


කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට මහතාගේ උපදෙස් මත, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ගිය පොලිස් පරීක්‍ෂකවරුන් වන රජිව් හෙට්ටිආරච්චි, පොලිස් පරීක්‍ෂක ඉන්දික දීපාල්, සහ පොලිස් පරීක්‍ෂක ඒ. රංගනාදන් මහත්වරුන් ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් මන්නාරම ඉලූප්පකඩායි ප‍්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


මම නම් හිතුවේ නැහැ සර් මාව මේකට මාට්ටු වෙයි කියා. මෙච්චර ලස්සනට ප්ලෑන් කරලා කළත් වැඩක් වුණේ නැහැ යැයි සැකකරු පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පවසා ඇති බව කියයි.


පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු රැගෙන ආවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය වෙතය.


සැකකරු 44 හැවිරිදි වියේ පමණ පසුවන තිදරු පියෙකි.


පවුල් ආරවුල් නිසා ක‍්‍රිෂ්ණරාසා සහ දරු තිදෙනා අතහැර ඔහුගේ නිත්‍යානුකූල බිරිය මැද පෙරදිග රටක රස්සාවකට ගොස් ඇති අතර එදා සිට මේ දක්වා ඇය පැමිණ නැත.


කි‍්‍රෂ්ණරාසා කිලිනොච්චියේ කාන්තාවක් ඊට පස්සේ අනියම් බිරිය වශයෙන් තබාගෙන සිට  ඇයද අතහැර දමා, ධර්මරාජන් කාර්තිකා නැමති සිය සැමියා අතහැර ගොස් සිටි  කාන්තාවක් බිරිය වශයෙන් තබාගෙන ඇත.


ධර්මරාජන් කාර්තිකා ඝාතනය කළ ආකාරය ක‍්‍රිෂ්ණරායිසා පොලිසියට පාපොච්ඡුාරණය කර ඇතැයි කියන්නේ තමා සිදුකළ අපරාධය ගැන ඇස්පනා පිටම සාක්කි තිබෙන නිසාය.


මගේ උපන් ගම කිලිනොච්චියයි. මම උපන්නේ 1972 වසරේදීයි.  අම්මයි තාත්තාටයි හිටිය පවුලේ එකම දරුවා මම විතරයි. මම එච්චර ඉගෙන ගත්තේ නැහැ. දන්නා කියන කාලේ ඉඳලා කළේ මේසන් බාස් කෙනෙක් විදිහට රස්සාව කිරීමයි.


යාපනය - වඩුක්කෝට්ටේ ගමේ කෙල්ලක් එක්ක යාළුවෙලා ටික කාලයකට පස්සේ ඒ කෙල්ලව කසාද බැන්දා. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ගෑණි මාත් එක්ක රණ්ඩුවෙලා රට ගියා. ඊට පස්සේ මම කිලිනොච්චිය පැත්තේ ඉන්න ගැහැණු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගියා. ඒ ගැහැණු කෙනාට වීඩියෝ ෂොප් එකක් තිබුණා. මම ඒකෙ වැඩවලට උදව් වෙමින් කාලයක් ඉන්නකොට කාර්තිකා  දැන හඳුනාගන්න ලැබුණා. වීඩියෝ ෂොප් එකේ අයිතිකාර ගෑනිගේ සල්ලි වගයකුත් හොරකම් කරගෙන මම කාර්තිකා එක්ක වත්තල හැඳල ප‍්‍රදේශයට ආවා. ඒ මීට අවුරුදු පහකට පමණ කලින්. සත්ව ගොවි පොළක මම වැඩට ගියා.


කාර්තිකා මැද පෙරදිග රටකට යාමට සූදානම් වුණා. පාස්පෝට් එකක්ද හදාගත්තා. රට රස්සාවකට යන්න ඉද්දි කාර්තිකා ගැබ්ගත්තා. මීට අවුරුද්දකට විතර කලින් ඇය පිරිමි ළමයෙක් ප‍්‍රසූත කළා. මම ඒ ළමයා බලන්න ඉස්පිරිතාලයටත් ගියා.


පොලිස් නිලධාරියෙක්: කෝ ඒ දරු පැටියා. ඒ ළමයාට මොකද වුණේ?


සැකකාර කි‍්‍රෂ්ණරාසා මෙසේ කීවේය. කාර්තිකා ළමයා ඉස්පිරිතාලයේ දාලා  පැනලා ආවා. මම  පුළුවන්තරම් කිව්වා ඔය වැඬේ කරන්න එපා අපි දරුවා හදාගමු කියා. ඒත් කාර්තිකා කැමැතිවුණේ නැහැ. දරුවා හිටියොත් එයාට කාලයක් යනකම් රට රස්සාවට යන්න ලැබෙන එකක් නැහැ කියා ඇය කිව්වා. කාර්තිකා හරිම වසයි. ඉක්මනට තරහ යනවා. ඇයගේ කීම අසා මා කරබාගෙන හිටියා. ඒ ළමයා පොලිසියෙන් ළමා නිවසකට බාරදීලා කියා පසුව දැන ගැනීමට ලැබුණා. දරුවා ප‍්‍රසූත කරලා පොඞ්ඩකින් මිය ගියා කියා එයාගේ අම්මට කිව්වා. අම්මා ඒ කතාව විශ්වාස කළේ නැහැ.


දරු පැටියා ඉස්පිරිතාලයේ තියලා පැනලා ආවාට පස්සේ ආයෙත් අපි වත්තල කුලී ගෙදර පදිංචියට ගියේ නැහැ. දිවුලපිටිය පැත්තේ සත්ව ගොවිපලක වැඩට ගියා. කාර්තිකා එතැන වැඩ කරන අයත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ බැරිම තැන අපි ග‍්‍රෑන්ඞ්පාස් පැත්තේ ගෙයක් කුලියට අරගෙන පදිංචියට ගියා. ටික කාලයක් ඉද්දී ඒ ගෙදර අයිතිකාරයෝ ගේ ඉල්ලූවා. ඊට පස්සේ තමා අපි හෙට්ටිවීදියේ ලොජ් එකට ආවේ.


පොලිස් නිලධාරියා: ඇයි තමුන් කාර්තිකා මැරුවේ.


සැකකාර කි‍්‍රෂ්ණ රාසා: ඔය සිද්ධිය වෙච්ච දවසේ කාර්තිකා මගෙත් එක්ක හොඳටම රණ්ඩු වුණා. එයා මගෙත් එක්ක නිතරම රණ්ඩුවෙනවා. කාර්තිකාට නිතරම වගේ  මා ළඟ ඉන්න  ඕනෑ. මගේ එච්චර කැමැත්තක් නැහැ. එතකොට තමා රණ්ඩු. මගෙත් එක්ක රණ්ඩු වෙන්නේ.


මම කාර්තිකාට ගැහැව්වා. කාර්තිකා මට ගැහැව්වා. මම යටි බඩට පා පහරක් ගැසුවා. ඇයගේ බෙල්ලෙන් අල්ලා හයියෙන් හොල්ලා තල්ලූ කළා. ඇය ඇද මත ඇදගෙන වැටුණා. කාර්තිකාට සිහිය නැතිව ගියා. මම වතුර ටිකක් මුහුණට ඉස්සා. පැයක් විතර බලාගෙන හිටියා. ඇයට සිහිය ආවේ නැහැ. කාර්තිකා මිය ගොස් ඇති බව මට තේරුම් ගියා. මට කරන්න වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. ඇය රට යද්දී ඇඳුම් දාගෙන යන්න කියා ලොකු ට‍්‍රැවලින් බෑග් එකක් අරගෙන තිබුණා. මළ සිරුර ඔසවාගෙන ඇවිත් ඒ බෑග් එක ඇතුළට බොහොම අමාරුවෙන් දැම්මා.


මළ සිරුර බහා තිබූ ට‍්‍රැවලින් බෑග් එක ඔසවාගෙන පහත මාලයට ආවා. තවත් බෑග් දෙකක් ද මම අරගෙන ආවා. කුලී ත‍්‍රීවිල් එකක ඒ බෑග් පටවාගෙන බස් ස්ටෑන්ඞ් එකට ඇවිත් බෑග් ටික බිමට බා වවුනියාව යන බස් එකක් එනකම් බලාගෙන හිටියා. වවුනියාව හෝල්ට් එකට බස් එකක් ආ බව දැක්ක නිසා සිරුර බහා තිබූ ලොකු බෑග් එක එතැනම තියෙද්දී අනෙක් බෑග් දෙක උස්සාගෙන වවුනියාව බස් එක ඇතුළෙන් තිබ්බා. මළ සිරුර බහා තිබූ බෑග් එක ගෙන ආපසු යන විට එතැන මිනිස්සු පිරිලා ඉන්නවා දැක්කා. ඒ විතරක් නෙවේ පොලිසියේ මහත්වරුන් ඇවිත් හිටියා දුටුවා. මම හොඳටම බය වුණා.

ඉක්මනට ගිහින් වවුනියාවේ බස් එකේ නැග්ගා. වවුනියාව ගිහින් එතැනින් කිලිනොච්චියේ අපේ මහ ගෙදරට ගියා. එදා ? මහගෙදර ඉඳලා පහුවදා මන්නාරම් ආවා යැයි සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇති බව කියති.


සැකකරු පොලිසියට කියා ඇත්තේ  මළ සිරුර බහා තිබූ ට‍්‍රැවලින් බෑග් එක යාපනයට ගෙන ගොස් කාර්තිකාගේ මවට බාරදීමට සිතාගෙන සිටි බවය.
පොලිසිය සැකකරුගේ ඒ ප‍්‍රකාශය නම් කිසිසේත් විශ්වාස කිරීමට සූදානම් නැත.


කාර්තිකාගේ සිරුර කිලිනොච්චිය ප‍්‍රදේශයේ පිහිටි සැකකරුගේ මහගෙදරට ගෙනගොස් රහසිගතව වළ දැමීමට හෝ සිරුර පුළුස්සා දැමීමට සූදානමක් පවතින්නට ඇති බව පොලිසිය සැකකරයි.


අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ පිටකොටුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්.යූ.එච්.පී. ජයරත්න මහතා වැඩිදුර පරීක්‍ෂණ සඳහා රැුඳවුම් නියෝග ලබාගත්තේය.


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර සහ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් ද සිල්වා, පොලිස් පරීක්‍ෂක රජිව් හෙට්ටිආරච්චි, පොලිස් පරීක්‍ෂක දීපාල් ඉන්දික, පොලිස් පරීක්‍ෂක, ඒ. රංගනාදන් සහ පිටකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එච්.යූ. එම්.පී. ජයරත්න යන මහත්වරුන් ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යති.


කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයන් ජයනෙත්ති (31065), කොස්තාපල්වරුන් වන ජයමග (34493), රෝහණ (50070), වික‍්‍රමනායක (84333), රුවන් (69987), පිටකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන් ජයසේන (20608) සහ කොස්තාපල් විදුෂ (72866) යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක්ද මෙම පරීක්‍ෂණවලට හවුල් වී සිටිති.


කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චම්පික සිරිවර්ධන මහතාගේද මග පෙන්වීම හා උපදෙස් මෙම පරීක්‍ෂණවලදී ලැබී ඇත.

m



අදහස් (0)

ගමන් බෑගයේ කාන්තා ඝාතකයාගේ පාපෝච්චාරණය

ටිකිරි Monday, 10 August 2015 12:23 PM

කොළඹදී කාටත් නොපෙනී සිදුවූ අපරාධයේ අපරාධකරු මන්නාරමෙන් අල්ලා ගන්නට හැකියාවක් ඇති ශ්‍රී ලංකා පොලිසියට, මහ දවාලේ කොළඹ නගරයේ පසුගිය දිනවල සිදුවූ මිනීමැරුම් වල මිනීමරුවන් අල්ලා ගන්නට බැරි ඇයි? (නි)

:       0       0

චන්න බුවනක Monday, 10 August 2015 03:27 PM

අපොයි මොන තරම් පරිස්සමෙන් ජීවිතේ ගෙනියන්න ඕනිද. පොඩ්ඩ වැරදුනාද මුළු ජීවිතේම කාලකන්නි වෙනවා. (බ)

:       0       0

පුබුදු Tuesday, 11 August 2015 04:01 AM

හැම අනියම් සම්බන්දතවකම අවසානය...(ම)

:       0       0

ධම්ම Tuesday, 11 August 2015 07:40 AM

මේ කියන හැටියට මේක ද්වන්ධ්ව සටනක අවසානයකි. සමහර විට ගැහැනියගේ පහරකින් පිරිමියා මිය යන්නත් ඉඩ තිබුනා. බලමු නීතියේ තීරණය මොකක්ද කියලා(නදී)

:       0       0

ටුආන් Wednesday, 12 August 2015 02:18 AM

ලංකාවේ පොලිසියට අපේ ආචාරය! (නි)

:       0       0

ටුආන් Wednesday, 12 August 2015 02:19 AM

අපේ පොලිසිය දක්ෂයි (නි)

:       0       0

රහීම් Wednesday, 12 August 2015 02:21 AM

ලංකාවේ පොලිසියට මගේ ආචාරය පුදකරමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site