X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


ගමේ ළමයින් ගොනාට අන්දන බෝඩිං ගැට

පසුගිය සතියේ ඇන්ටිගේ බෝඩිමෙන් කටුනායක පැත්තේ බෝඩිම් ඇතුළේ සිද්ධ වෙන පිරිමි අල්ලන ගෑනු දැල් ගැන කිව්වා මතක ඇතිනේ.


ඒවා හරි අපූරු දැල්..... ගෑනුන්ගේ මොළේ හැඳි මිටේ දිග කිව්වට මොකද ගෑනුන්ගෙ දැල් ඇතුළේ තියෙන සූත්තරවලට අහුවෙච්ච පිරිමි කටුනායක පැත්තේ ඕන තරම් හිටියා. අපි ගිය සතියේ කිව්වේ එක කතාවක් විතරයි. හැමදාම බෝඩිම් ජීවිත ඇතුළේ අහන්න ලැබෙන දුක අස්සේ නොදන්න කතා ටිකකුත් කටුනායක නිදහස් වෙළඳ කලාපේ බෝඩිම් ඉසව්වෙන් අපට අහන්න ලැබුණා. නිදහස් වෙළෙඳ කලාපය පැත්තේ කරක් ගහපු අපට නොදන්න නමුත් දන්න හඳුනන වගේ මිතුරු වෙච්ච කිහිප දෙනෙක්ව මුණ ගැසුණා.

03_page_6-r
“මේ ළමයි කොහේ ඉඳලාද” දුටු පමණින් මැදි වයසේ කාන්තාවක් අපගෙන් විමසුවා. 


“අපි බෝඩිමක් සොයන්න ආවේ....” මාත් එක්ක ගමනට එකතු වුණ සගයෝ දෙතුන් දෙනාගෙන් එක් අයෙක් ඉස්සරහට පැනලා උත්තර දුන්නා...


කතාවෙන් කතාව කාන්තාවගෙන් ගැලවෙන්න උත්සහ කළත් අපේ ගමනට එකතු වුණ කොලු ගැටව් දෙන්න නම් ඇන්ටි බෝඩිමේ නතර කර ගන්න ෆුල් ට්‍රයි එක. සුරංගනා ලෝකයක් මවලා අපේ කොල්ලෝ දෙන්නව ගොනාට ඇන්දුවාට මොකද එකෙක් පැනපු ගමන් කිව්වා....


“ඇන්ටි අපි බෝඩිම් සොයන්නේ ගෑනු ළමයි දෙන්නෙකුට”


ඇන්ටිගේ මහන්සිය එතනම වතුරේ. ගුටි නොකා එතනින් බේරිලා ආවේ අපි දශමෙට. ගෑනුත් එක්ක බේරෙන්න හරිම අමාරුයි කියන එක ප්‍රායෝගිකව පළමු පියවරින්ම ඔප්පු වුණා.


ඒත් බේරිල්ලක් නැහැ. ඇන්ටි බොහොම කැමැත්තෙන් ගැනු ළමයි දෙන්නටත් බෝඩිමක් සොයලා දෙන්න ඉදිරිපත් වුණා. අපි සිතුවා අපිට ආදරේට, අනුකම්පාවට අපි ගැන දුක හිතිලා බෝඩිම් සොයලා දෙන්න හදනවා කියලා. 


කතාවෙන් කතාව අපිව තැන් කිහිපයකටම දක්කගෙන යන්න ඇය මැළි වුණේ නැහැ. කාලෙත් කාගෙන අඳුරන්නෙත් නැති අපිට බෝඩිම් සොයන්න මේ තරම් උනන්දු වෙන්නේ ඇයි කියලා හිත කිව්වත් අහන්න බැරි කමට නිහඬ වෙලා සිදුවන්නේ මොකක්ද කියලා බලා සිටියා. බෝඩිම්වලට යනවා යනවා ඉවරයක් නැහැ. ඇත්තටම අපේ අවශ්‍යතාව වුණේ බෝඩිම් සොයන එක නොවන නිසා අපටත් වුණේ වවුලගේ මගුල් ගෙදර ගියා වගේ වැඩක්.


බෝඩිම් කිහිපයකම දුරකථන අංක රැගෙන ඇන්ටිටත් හිත පිරෙන්නම ස්තූති කරලා සමුගත්තේ හරිම අමාරුවෙන්.


ඒ එක්කම තවත් චරිතයක් අපට මුණ ගැහුණා.


“අර අක්කා ඔයාලට බෝඩිමක් සොයලා දුන්නද?”


“කිහිපයක්ම පෙන්නුවා. පස්සේ උත්තරයක් කියන්න දුරකථන අංක ලියාගෙන ආවා.” අපේ එකෙක් දෙවරක් නොසිතාම පිළිතුරු දුන්නා. “මම මේ මනුස්සකමට කියන්නේ ඔය නංගිලා මල්ලිලා බෝඩිම්වලට එන්නේ බලාගෙන. මෙහේ ගෑනු පිරිමි කියලා භේදයක් නැහැ. ගොඩක් ඇතුළු පාරවල්වල තියෙන බෝඩිම්වල බිස්නස් එක ජයටම යනවා.


අර ඔයාලට බෝඩිම් සොයන්න ගිය ඇන්ටිත් පොඩි බිස්නස් එකක් කරනවා. අපිට ඉතින් ඔය අනුන්ගේ දේවල් වැඩක් නැහැ. මම කිව්වේ ඔය ළමයින්ගේ හොඳට.


“බිස්නස්” එක කියන්නේ මොකක්ද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ. බෝඩිම්වල නතර වෙලා ඉන්න ගෑනු ළමයි පිරිමි ළමයි ගණිකා වෘත්තියට පොලඹවන එක. හරිම කලාතුරකින් අහන්න ලැබෙන දෙයක්. ඒත් එවැනි සිදුවීම් මේ ප්‍රදේශයේ සිදුවනවාය කියන එක රහසක් නෙමෙයි.


වටෙන් ගොඩෙන් ඇහුණ සිද්ධි කිහිපයක් එක්කම අපට මුණ ගැසුණු චරිතය ගොඩක් දේ කිව්වා. හැබැයි ඒ අපි පත්තරෙන් කියලා දැනගෙන නෙමෙයි. අපිත් බෝඩිම් සොයන්න ආපු සාමාන්‍ය දරුවෝ කියලා හිතලා. කිසිම පැකිළීමකින් තොරව අපට ඔහුගේ නම කිව්වත් එය හෙළි කළහොත් ඔහුට කරන අසාධාරණයක් නිසා අපි නම කියන්නේ නැහැ. මොකද මේ විස්තර ඔහු අපට කිව්වේ අපිව ගොඩක් විශ්වාස කරලනේ. ඒ තොරතුරු පත්තරේට ලිව්වා කියලා හිතන්න එපා. අපි විශ්වාසය බින්දා කියලා කිසිසේත්ම නැහැ. කොළඹට මෙලෝ හසරක් නොදැන එන ඔබට සමාජය ගැන පොඩි දෙයක් හෝ තේරුම් ගන්න පුළුවන්නම් එයයි වටිනාකම. මොකද කොළඹට හා හා පුරා කියලා පය තියපු එකෙක් පහුවෙනිදටම දුවන්නේ බෝඩිමක් සොයන්නනේ.
ඉතින් කතාව පටන්ගමුකෝ.


“ඔය ළමයි එක්ක බෝඩිම් හොයන්න ආව ගෑනු කෙනාගෙත් තියෙනවා බෝඩිම්... ඒ පිරිමි ළමයින්ට. මේ පැත්තට නුදුරු මුහුණක් පාත් වුණොත් බෝඩිම්වලට සැපයුම් දෙන ඕන තරම් කට්ටිය මෙහේ ඉන්නවා. හැබැයි අහුවෙන්න හොඳ නැහැ. අම්මෝ පණ දෙන්න වගේ කතා කරන්නේ. ගමෙන් එන ළමයිනේ.... හිතන්නේ ඊට වඩා හොඳ අය තව නැහැ කියලා. ඇහැට කනට පේනවනම් ඔන්න ලොකු ගාණක් ලැබෙන පොට් එකක් අල්ලලා එතනට යවනවා. නැත්නම් ඔය ඇතුළට වෙන්න මුඩුක්කු කෑල්ලක බෝඩිමක් සොයලා දෙනවා. අර ඔයාලට බෝඩිම් පෙන්නපු ඇන්ටිත් බෝඩිම් හොයලා දෙනවා. බෝඩිම් හොයලා දුන්නට බෝඩිම් අයිතිකාරයෝ අතට ගාණක් දෙනවා. රුපියලක්වත් නැතුව ඔය ගෑනු ඇඟ හොල්ලන්නේ නැහැ. මෙහේ ගොඩක් ඇතුළට වෙන්න ඉන්න ගෑනු පිරිමි කියලා භේදයක් නැහැ කසිප්පු බොනවා. උන් හවසට අඩියක් දාගත්තම ගේ ඇතුළේ ඉන්න ළමයි උස්සගෙන ගියත් බෝඩිම්කාරයෝ දන්නේ නැහැ. එහෙම සිද්ධි ඉතින් මේ පැත්තේ තියෙනවා. මේ හරියේ ගොඩක් අය ජීවත් වෙන්නේ බෝඩිම් කෙරුවාවෙන්නේ.

මේ හරියේ කියලා කිව්වේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය අවට. ඒ වගේම කට්ට කෛයිරාටික වෙට්ට පිත්තල ලෝකේ කාලා වතුර බීපු ගෑනු පිරිමින් මේ බෝඩිම්වල ඉන්නවා. උන්ට බෝඩිම්කාරයෝ අහුවෙච්ච හරි ලස්සන කතාත් තියෙනවා. ඒ වුණාට ඔය ගම්වලින් එන ගොඩක් අහිංසක ළමයි මේ බෝඩිම්කාරයන්ගේ ගැටවලට අහුවෙනවා. සමහර ළමයි බෝඩිම්කාරය අතින් අනාථ වෙනවා. කාට කියන්නද ඉතින්. ඒ නිසා විශේෂයෙන්ම ගෑනු ළමයි බෝඩිම්වල නතර වෙන්න කලින් වටපිටාව හොඳට සොයලා බලන්න ඕන.


මේවා වතුනේ.... එක පේළියට තමයි ගොඩක් ගෙවල් තියෙන්නේ. හොඳ ගෙවල්වල බෝඩිමක් ඉතින් රුපියල් 5000 විතර වෙනවා. ගාමන්ට් යන ළමයිනේ ගොඩක් ඉන්නේ. රු. 5000 දීලා ඉන්න ඒ ළමයින්ට වත්කමක් නැහැ. ඔය වත්ත වගේ තියෙන පැත්තේ නම් පුංචි කෑලි හදලා රු. 3000 වගේ නතර වෙන්න බෝඩිම් හදලා තියෙනවා. ඕවා ඇතුළේ ඉතින් හරියට ඇඳුමක්වත් අඳින්න බැහැ. සමහර තැන් වහලා තියෙන්නේ ඉටි රෙදිවලින්. ළමයින්ට අනන්තවත් කරදර වෙනවා. ඒත් ඒවා පොලිසි ගානේ ගෙනියන්නේ නැහැ. සමහර ගෑනු ඉන්නව ගිනි කිරිල්ලි වගේ ඇඳ පැලඳලා ඉන්න බෝඩිම්.. බෝඩිම් ඇන්ටි දැක්කම හිතා ගන්න පුළුවන් මේ ගෑනි එන්නේ මොකාටද කියලා... පිරිමි ළමයි නම් ඔන්න ඇන්ටි ලස්සන නම් බෝඩිමේ නතර වෙනවා. ඊට පස්සේ ඉතින් හිතාගන්න පුළුවන්නේ. මැදි වයසේ ගෑනු අය බෝඩිම් දෙන්නෙම තරුණ පිරිමි ළමයින්ට. ඇහුවම කියන්නේ ගෑනු ළමයි පරිස්සම් කරන්න බැහැ කියලා.


ඒ වුණාට ඇතුළේ වෙන සබ්ජක්ට් එක දන්නේ අපිනේ.... ඔය ගිනි කිරිල්ලියෝ වගේ ඉන්න බෝඩිම් ඇන්ටිලා බලන්නේ ගෑනු ළමයි නතර කරගෙන තව කීයක් හරි වැඩිපුර හම්බකර ගන්න.


“ඒ කිව්වේ....” අපේ එකෙක් ඇහුවා....


මොනවද දරුවෝ ඔයාලා මේ සමාජය ගැන දන්නේ... මේ සමාජය ඇතුළේ සිද්ධ වෙන දේවල් ඇහුවොත් ඔය ළමයින්ව මේ කොළඹට ඔයාගේ දෙමව්පියෝ පස් පාගන්න එවන්නේ නැහැ. කොළඹ හොඳයි, නරක නැහැ. මෙහේ ඇවිල්ලා හදවතින් වැඩ කරන්න ගියොත් පුතෝ අමාරුයි. ඔළුවෙන් ඕන වැඩකරන්න. ගමෙන් එන අහිංසක ළමයි හිතනවා “පුතේ” කියලා කතා කරනවා, පණ දෙන්න කතා කරාම අනේ හරිම හොඳයි, හරිම ෂෝක් කියලා. ටික දවසක් ගියාම තමයි මිනිස්සුන්ගේ රඟේ තේරෙන්නේ. ඒ වෙනකොට සමහර විට ජීවිතේ වැරදිලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කොළඹ කිසිම කෙනෙක් ඕනවට වඩා විශ්වාස කරන්න යන්න එපා. බෝඩිම් කියන්නේ නෑදැ හිතවත් ගෙවල් නෙවෙයිනේ. නෑදෑයෝ, හිතවතුන් තරහ කාරයෝ වෙන්නේ ගොඩක් පස්සෙනේ....


කතාවෙන් කතාව මම කියන්න ගිය කතාවත් අමතක වුණානේ.


ඔය සමහර බෝඩිම් ඇන්ටිලා ඉන්නවා. බෝඩිමේ ළමයාට ප්‍රේමවන්තයෙක් ඉන්නවනම් ගෙදර එන්න කියලා අවසර දෙනවා. ඒ ළමයින්ට ඕන ඕන විදිහට ඉන්න ඉඩ දෙනවා. ඔක්කොම වැඩ කරගෙන කොල්ලා යනකොට ඇන්ටි කාමරේට ඔළුව දාලා 2000යි.... 1500යි කියලා ගාන කියනවා. ඇන්ටිට ගාණක් නැහැ සල්ලිනේ. වක්‍රාකාරයෙන් ඇන්ටි කරන්නේ ඒ කෙල්ලන්ව තමන්ගෙම කොල්ලන්ට විකුණන එක. ඉතින් පිට කොල්ලෙකුට විකුණන එකෙයි, තමන්ගෙම කොල්ලට විකුණන එකෙයි වෙනසක් නෑනේ. ඔන්න ඕකයි දරුවෝ මේ සමාජයේ තත්ත්වේ. නිරපරාදේ අහිංසක ළමයි අමාරුවෙ වැටෙනවා. ඔය සමහර ළමයි කොල්ලා එක්ක යාළු වෙන්නෙත් ගාමන්ට් එකෙන් දැන හැඳිනගෙන. ඉතින් ඇන්ටිට කල්ල මරේ. බඩට දරුවෙක් දීලා පැනල ගියාට පස්සේ බෝඩිමේ අම්මණ්ඩි වින්නඹුකම් කරන්න එන්නේ නැහැ. ශුද්ධ සිංහලෙන්ම ඔන්න කිව්වා. තව හොඳ හොඳ කතා තියෙනවා මේ බෝඩිම් ඇතුළේ වෙන. ඒවා වැඩක් නැහැ. ඔය ළමයි ආපු වැඬේ කරගන්නකෝ. කාගේ වුණත් දරුවොනේ ඒකයි බෝඩිම්වල නතර වෙන්න කලින් හිතන්න දේවල් ටිකක් කිව්වේ.


හ්ම්.... හිතන්න දේවල් නම් ගොඩයි. කතාව ඉවර නැහැ. තවත් අපි නොදන්න ගොඩක් දේවල් මේ බෝඩිම් ඇතුළේ සිද්ධ වෙනවා ඇති. අපි නොදන්න ගොඩක් දේවල් සොයාගෙන යන ගමන්. අපි දන්නවා හිතන තරම්ම යකා කළු නැහැ. හද්ද පිටිසර ගමේ ඉඳලා කොළඹ ආවත් මොළෙන් වැඩ කරනවනම් අපේ එවුන් ඔය බෝඩිම් ගැටවලට අහුවෙන්නේ නැහැ. අපට විශ්වාසයි. ඒ වුණාට පරිස්සමෙන් කොළඹ ගැට ලිහන්න හරිම අමාරුයි. එහෙනම් මුණගැහෙමු ලබන සතියෙත්.

m



අදහස් (0)

ගමේ ළමයින් ගොනාට අන්දන බෝඩිං ගැට

දිනේෂ් Thursday, 08 December 2016 09:25 AM

නියම ලිපිය!

:       0       0

ඉසුරි Saturday, 10 December 2016 08:04 AM

කාලයකට පස්සෙ කියවපු හොඳ ලිපියක්. තවත් මේ වගේ දේවල් ලියන්න ශක්තිය ලැබේවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site