X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


ගවයකු වෙනුවෙන් දිවිදුන් මිනිසෙක්

  04_Nimthera_P1_Back

 

මත්කුඩු ජාවාරම, නීති විරෝධී මත්පැන් ජාවාරමට නොදෙවෙනි තවත් නීති විරෝධී ජවාරමක් මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ඒ ගවමස් ජාවාරමයි. කුඩු මත්පැන්සේම ගවමස් ජාවාරම මගින්ද, ජාවාරම්කරුවන් සල්ලි මිටි ගණන මවන්නේ ‘‘මස්’’ සඳහා ලබාගන්නා ගවයන් කිසිදු මිලක් නොගෙවා සොරකම් කර ලබාගැනීම නිසාය. මේ නිසා රුපියල් හැටහැත්තෑදහසක් වටිනා ගවයකු එක් නිවසකින් සොරා ගත්තද දිනකට රුපියල් ලක්‍ෂ ගණනක ලාභයක් ලබන්නට ගවමස් ජාවාරම්කරුවාට හැකිවේ.

 

 

අපේ පොලිසිය සොරුන්, මිනීමරු1වන් අල්ලා ගැනීමට කෙතරම් දක්‍ෂ වූවද හරක් හොරුන් ඇල්ලීම සම්බන්ධයෙන් දක්වන්නේ මන්දගාමී උනන්දුවකි. පසුගිය වකවානුව තුළ පමණක් ගම්පහ හා අවට කිරි හරක් සිය ගණනක් සොරා ගත්තද ඒ වෙනුවෙන් පොලිස් පොත්වල ලියැවුණද ඒ කිසිදු ගව සොරෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී තිබේ. මේ නිසා ආයුධ සන්නද්ධව නවීන වාහන මගින් රාත‍්‍රී කාලයට පැමිණෙන ගව සොරුන්ට තම ගවයා පමණක් නොව තම ජීවිතයද පූජා කරන්නට කිරි ගොවියාට සිදුවන්නේ නම් එය ඉතා ඛේදජනක තත්ත්වයකි.


වේයන්ගොඩ - මාරපොළ පොල්හේන හන්දියේ ජීවත් වූ ජේ. එම්. පේ‍්‍රමරත්න (58) මහතාද ගොවිතැනින් හා කිරි ගවයන්ගේ පිහිටෙන් ජීවිකාව ගෙනගිය ගොවිමහතෙකි. ගවයාට දරුවන්ට සේ ආදරය කළ පේ‍්‍රමරත්න මහතා තමා හැදූ ගවයන්ට ‘‘සුදු මැණිකේ’’ ‘‘චූටි මැණිකේ’’ ආදී ආදරණීය නම්වලින් කථාකරන්නටද පුරුදුව සිටියේය. ගවයාට හොඳට සලකා උන්ගෙන් පේ‍්‍රමරත්න මහතා බලාපොරොත්තු වූයේ කිරි ලීටර් කීපයක් පමණි. වසු පැටවුන්ට බීමට කිරි ඉතිරිකර ලීටර් කීපයක් පමණක් ඔහු දිනපතා අලෙවි කර සුළු ආදායමක් ලැබුවේය.

Nimthera - 01.qxd
තමාගේ මෙම ජීවනෝපායට එල්ල වූ එකම බාධාව වූයේ ගව හොරුන්ගෙනි. මීට පෙර පේ‍්‍රමරත්න මහතාගේ නිවස අසලම බැඳ සිටි ගවයන් 12 දෙනෙක් වරින්වර ගව සොරුන් විසින් සොරා ගන්නා ලදහ. මේ ගවයන් 12 පිළිබඳව වෙන වෙනම පැමිණිලි වේයන්ගොඩ පොලිස් පැමිණිලි පොතේ සඳහන් වී තිබේ. එහෙත් හරක් 12 දෙනා පිළිබඳව හෝ ගව සොරුන් පිළිබඳව හෝ මේ වන තුරුත් හෙළි වූ කරුණක් නොමැත.


මේ නිසා ගවයන් රැකීම දිවි පරදුවට තබා හෝ කළ යුතුය යන්න පේ‍්‍රමරත්න මහතා අධිෂ්ඨාන කර ගත්තේය. ඔහු සතුව එළගවයන් සත්දෙනෙකු සිටි අතර, තමාගේ කුඩා නිවස අසලින්ම ගවයන් බැඳ තබා රාත‍්‍රී කාලයේදී නිදිවරමින් උන් ආරක්‍ෂා කිරීමේ කටයුත්ත ඔහු අකුරටම ඉටු කළේය.


ජුනි 28 වැනි ඉරිදා අලූයම අවට ස්ථාන කිහිපයකම ගවයන් සොරාගෙන ගොස් තිබූ පුවත පේ‍්‍රමරත්න දැන සිටියේය. තමාට ආසන්න ස්ථාන වූ  කොරසේ හා බලබෝව ප‍්‍රදේශවල ගවයන් තිදෙනකු එදින සොරාගෙන ගොස් තිබූ නිසා පසුදින එනම් 29 දින පේ‍්‍රමරත්න මහතා සිටියේ නිදිවර්ජිතවය.


ගම්පහ - දිවුලපිටිය ප‍්‍රධාන මාර්ගය අසලම ඔහුගේ නිවස පිහිටා තිබූ නිසා තමාට අයත් ගවයන් සොරාගෙන යාම ගව සොරුන්ට ඉතා පහසු කාර්යයක් බව පේ‍්‍රමරත්න මහතා දැන සිටියේය. තමාගේ නිවස තුළ ඔහුගේ වැඩිමහල් පුත‍්‍රයාත්, යාබද නිවසේ තම බාල පුත‍්‍රයාත් සිටින නිසා ප්‍රේමරත්න මහතා ගවසොරුන් පැමිණියහොත් ක‍්‍රියාත්මක වීමට සැලසුම් සහගතව සිටියේය.


29 දින අලූයම 2.10ට පමණ නිවස අසල බැඳසිටි තම ගවයන් අමුතුලෙස කෑගැසීම නිසා පේ‍්‍රමරත්න මහතා වහාම අවදි වී ඒ දෙසට ගියේය. ඒ වන විටත් මාර්ගය අසල නවතා තිබූ සුදුපැහැති වෑන් රථයකට තම ගවයෙකු නංවමින් සිටින බව ඔහු දැක්කේය.


‘‘ලොකුපුතේ නැගිටපන් හරක් හොරු ඇවිල්ලා’’ කියමින්ම පේ‍්‍රමරත්න මහතා වෑන් රථය දෙසට දිව ගියේය. ඒ වන විටත් වෑන් රථයේ එන්ජිම පණගන්වා තිබූඅතර එක් ගවයෙකු පමණක් පටවාගෙන වෑන් රථය ඉදිරියට ධාවනය වන්නට සූදානම් විය. තම ගවයා ගෙනයාමට ඉඩ නොදුන් ඔහු සොරුන් සතුව ආයුධ ඇති බව දැන දැනම වෑන් රථයේ එල්ලූනේය. තම ගමනට එල්ල වූ බාධාව ඉවරයක් කරන්නට යැයි සිතූ ගවසොරුන් තම ආයුධ වලින් පේ‍්‍රමරත්න මහතාගේ පපුවටත් උදරයටත් පිහිපාරවල් කීපයක් එල්ල කර තිබුණි. ඔහු එම ස්ථානයේම බරපතළ තුවාල ලබා බිම ඇද වැටුණි.

2


මේ පේ‍්‍රමරත්න මහතාගේ වැඩිමහල් පුත‍්‍රයා වන දිනේෂ් ජයමාන්න පවසන කථාවයි.


‘‘තාත්තා නිදාගෙන හිටිය කාමරයට අල්ලපු කාමරයේ මම නිදාගෙන හිටියේ. තාත්තා හරක් ගැන බලමින් නිතරම අවදියෙන් තමයි ඉන්නේ. ඒත් එදා තාත්තා මට කතා නොකරම එළියට ගිහින්. තාත්තා කෑ ගහන ශබ්දය ඇහිලා මම එළියට යනවිට මම දැක්කා පාර අයිනේ සුදුපාට වෑන් එකක් නවත්තලා තියෙනවා. ඒ එක්කම වගේ වෑන් එක ඉස්සරහට ධාවනය වුණා. මම අතට අහුවුණු පොල්ලකින් වෑන් රථයට දමලා ගැහුවා. ඒ පහරින් වෑන් රථයේ වීදුරුවක් බිඳිලා ගියා තාත්තා එතන වැටිලා හිටියා කියලාවත්, තාත්තට කරදරයක් වත් කියලා අපි දන්නේ නෑ. අපි හිතුවේ තාත්තාවත් ඒ වෑන් එකේ දාගෙන ගියා කියලා. අපි ඒ වෑන් එක පස්සෙ ලූහු බැන්ඳා. පසුව දැක්කේ තාත්තා ලේ විලක් මැද වැටී සිටින බව...’’


පේ‍්‍රමරත්න මහතාගේ ශරීරයට හරක් හොරුන් පිහියෙන් ඇන තිබුනේද ගවයෙකු මරන්නට තරම් ආයාසයක් ගෙන බව පෙනී යන්නේ ඔහුගේ ශරීරයට සිදුව තිබූ හානිය නිරීක්‍ෂණය කළ විටය. තමා දරුවකු සේ ආදරය කරමින් හැදූ ගවයා බේරා ගන්නට ඔහු වෑන් රථය අසලට දිවගියේ තම ජීවිත අවදානමද නොතකමිණි. ගම්පහ රෝහලට ගෙන යනවිටත් ඔහු මියගොස් තිබුණි. මියගිය පේ‍්‍රමරත්න මහතාගේ දියණිය වන ජේ. ඒ. ජී. දිල්හානි මෙසේ කීවාය.

gg
අපේ තාත්තාට හිටියෙ දරුවන් තුන්දෙනයි. මමයි අයියලා දෙන්නයි. ඒත් තාත්තා ඇති කළ හරක්ටත් සැලකුවේ දරුවන්ට වගෙයි. කවදාවත් හරකෙකුට ගහලා නෑ. කිරිටික ගන්නෙත් පැටවුන්ට බොන්න ඉතිරි කරලා. තාත්තා කාටත් උදව් කරමින් ජීවත් වුණා මිස කාටවත්ම කරදරයක් කළේ නෑ. උදේ පාන්දරින්ම නැගිටලා හරකුන්ගේ වැඩ කරනවා. තාත්තාගෙ මීට ඉස්සෙල්ලත් හරකුන් 12ක් සොරුන් ගෙනිච්චා. ඒ දවස්වල තාත්තා හිටියේ හරිම දුකෙන්. පොලිසියට කීවට එකම හොරෙක්වත් ඇල්ලූවේ නෑ. මම අහන්නේ මේ මිනීමරුවන්ට හරකෙකුගේ තරම්වත් වටින්නේ නැද්ද මාගේ තාත්තගේ ජීවිතේ’’ යනුවෙන්ද කියමින් ඇය විලාප තබන්නීය. ගව සොරකම ගම්පහ දිස්ත‍්‍රික්කයේ කෙතරම් උග‍්‍ර වී ඇතිදැයි යන්න පොලිස් පැමිණිලි පොත්වලින්ම සනාථවෙයි. 2014 වසරේ පළමු මාස 06 තුළ පමණක් ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, මහර හා දොම්පේ කොට්ඨාස හයෙන් පමණක් ගවයන් 500කට අධික ගණනක් සොරාගෙන ගොස් ඇත. මෙම සොරකම්වලට අදාළව අසල තිබූ සී.සී.ටී.වී කැමරා දත්ත හා ගවයන් සොරාගෙන යන්නට පැමිණි වාහනවල අංකද පොලිසි වෙත ලබාදී තිබුණද මෙතෙක් කිසිදු ඉදිරි පියවරක් ගන්නට පොලිසිය සමත් වී නැත.


මිනුවන්ගොඩ - නිල්පනාගොඩ විහාරස්ථානයේ බැඳ සිටි ගවයා පසුගිය ජනවාරි මස දිනක සොරාගෙන යන අයුරුත්, එම වාහනය පිළිබඳව දත්ත පොලිසියට ලබා දුන්නද පලක් වී නොමැති බවද විහාරාධිපතීන් වහන්සේ කීහ. මිනුවන්ගොඩ මාතම්මන පදිංචි ජර්මන් ජාතිකයෙකු සුරතලයට ඇතිකළ ‘‘අමාලි’’ නම් වූ වැස්සියද පසුගියදා මහ දවල් සොරාගෙන ගොස් තිබුණි.


තම ගවයන් සොරාගෙන යාම වඩ වඩාත් උග‍්‍ර වී ඇති බව පවසමින් ගම්පහ කිරිගොවීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ද සමඟ ගොස් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඞී. කොමසාරු මහතාටද පැමිණිලි කළහ. එහිදී එක් කිරිගොවියකු පැවසුවේ ගවයන් සොරාගෙන යාම පිළිබඳව පැමිණිලි කරන්නට යන තමන්ට පොලිසිය කුඩම්මාගේ සැලකිල්ල දක්වන බවත්ය. ගවයෙකු සොරකම් කිරීම පිළිබඳව පැමිණිලි කරන්නට ගිය ගොවියකුගේ පැමිණිල්ල මල්වතුහිරිපිටිය පොලිසිය මගින් භාරනොගත් බව පවසමින් කිරි ගොවියකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය.

m



අදහස් (0)

ගවයකු වෙනුවෙන් දිවිදුන් මිනිසෙක්

චම්පික Thursday, 09 July 2015 11:18 PM

මෙච්චර දේවල් වෙලත් පොලිසිය මොකුත් කරලා නැති හැටි? (නි)

:       0       0

සනත් Wednesday, 15 July 2015 05:37 PM

රත්තරන් වටින අහිංසක මිනිහෙකුට වෙච්ච දේ ඇහුවම මට කෑමත් එපා වුනා.. මේ අපරාධයට වගකිවයුත්තන් උල තියන්න වටිනවා. මොන දේශපාලකයෙක්වත් මේවට උනන්දු වෙයිද... (ස)

:       0       0

රූපවතී Monday, 13 July 2015 09:11 AM

මෙවැනි පාව්කාර මිනිසුන්ගේ ක්‍රියාවන්ට අපි විරුද්ධව අදහසක් පල කළොත් හෙම ඒවාට කැමති ඒවා පෝෂණය කරන්නන් අපේ අදහස් දෙස උදහසින් බලනවා..? අපිට දේශ ද්‍රෝහියෝ කියලා අපහාස කරනවා ..? ඒත් මිනිසුනේ අපේ රටේ විනාශය කරා ගෙන යන්නේ , රටේ පාලකයෝන්ට වාසි ගත ආකාරයට සියල්ල ඒ අය විසින් සම්පාදනය කරගන්නා නිසාවෙන් බවත්,නීතියක් නැති රටේ ජනතාව සියල්ලම විනාශ කරමින් බඩගෝස්තරය පමණක් එදිනෙදා සොයා ගැනීමේ අභිලාෂයෙන් නීතිය බල්ලට දමා කාලයට මුහුණ දෙන්නේ..? ඉදිරි පරම්පරාව වත් ගැන නොසිතා වීම එම රටේ ජනතාවගේ නොවිසදෙන මහා ඛේදවාචකයකි..!!!!මෙය කියවන ඔබද මෙහි වග උත්ත්ගර කරුවෙකි..!! (බ)

:       0       0

රූපවතී Sunday, 12 July 2015 06:54 PM

කෝ අපේ සත්‍යපාල? මේ අපේ රටේ නීතිය ඔයාට පෙනෙනවද? කියන්නකෝ එහෙනම්, ඔන්න වෙලාව ඔයාට යමක් කියන්න. ඇමරිකාවේ ඉන්න හින්දයි ඔයාට ඇහෙන්න මේ ලියන්නේ.අපිටත් ඕනෑ ලංකාවට ඇමරිකාවේ නීතිය..? නැත්නම් තව ටික කලකින් හරකෙකුව දරුවෙකුට පෙන්වන්න ඕනෑ වුණොත් ඒ දරුවාව කෞතුකාගරයට තමයි එක්කරගෙන යන්න වෙන්නේ. ලංකාවේ අලින්ටත් වෙන්නේ ඒ ටිකමයි නොබෝ දිනකින්. අනේ පව් අසරණ මිනිසුන් සහ අසරණ සතුන් (නි)

:       0       0

වසන්ත Sunday, 12 July 2015 09:17 AM

පොලිසිය ගැන ඇතිවුණේ පුදුම කළකිරීමක් (නි)

:       0       0

මහින්ද Saturday, 11 July 2015 05:09 PM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

දර්ශා Saturday, 11 July 2015 05:54 AM

හරක් මස් කන පව්කාරයන් වැඩි වෙන කොට.. දැන් දැන් අහිංසක සිංහලයන්ට ජීවිත වලිනුත් වන්දි ගෙවන්න වෙලා (නදී)

:       0       0

නිලානි Friday, 10 July 2015 08:10 AM

අහිංසක සත්තු හැමදාම මේවගේ මරලා දානවා එත් කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැ.(ම)

:       0       0

දනීෂා Friday, 10 July 2015 04:01 AM

ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. (ම)

:       0       0

දනුෂ්ක බුද්ධික පෙරේරා Thursday, 09 July 2015 10:27 AM

අපේ පොලිසියේ අය ඔහොම තමා කියලා වැඩක් නැහැ ඒ ගැන. (ර)

:       0       0

අසංග Thursday, 09 July 2015 04:40 PM

ඔය ඔක්කොම හරක් ටික යන තැන එකපාරක් රූපවාහිනී චැනලයකින් පොලිසියත් එක්ක වටළලා හොර මස් අත්අඩංගුවට ගත්තා. (නි)

:       0       0

නදීකා Thursday, 09 July 2015 03:35 PM

අනේ පවු අහිංසක සත්තු! ඒ වගේම අපරාදේ මිනිස් ජීවිතයක්! (නි)

:       0       0

නවරත්න Thursday, 09 July 2015 03:33 PM

පොලිසියට මොනවා වෙලාද? (නි)

:       0       0

රුවන් Thursday, 09 July 2015 02:53 PM

අද අපේ පොලිසියට තියෙන තැන ,ගවයන්ටත් වඩා පහලද මේ කියන්නේ (බ)

:       0       0

විජිත් Thursday, 09 July 2015 02:08 PM

කියලා වැඩක් නැහැ පොලිසිය ගැන නම් (නි)

:       0       0

පැතුම් Thursday, 09 July 2015 01:52 PM

පොලිසියෙන් නම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. (නි)

:       0       0

සනත් Thursday, 09 July 2015 12:19 PM

උනුත් හරක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site