X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 13 වන බදාදා


ගාල්ලේ කොරෝනා එන්නත් හුටපටය


උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් ඉකුත් 7 වැනිදා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ප්‍රදේශවාසීන් අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදී කොළඹින් පැමිණි පිරිස්වලට එන්නත ලබා දී ඇති බවය.

ලෝකයේ බොහෝ රටවල මේ වනවිටත් ‘කොරෝනා ලොතරැයියක්’ හඳුන්වා දී තිබේ. එමගින් බලාපොරොත්තුවන්නේ කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා ජනතාව පෙළඹවීමය. ඒ අතින් ගත් කල්හි මෙරට ජනයා කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා විශේෂ උනන්දුවකින් පසුවෙති. එය ඉතා යහපත් තත්ත්වයකි. විශේෂයෙන්ම කොරෝනා පළමු වටයේ දී මහත් ව්‍යසනයකට ගොදුරු වූ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය වැනි රටවල් වර්තමානය වනවිට ඉතා යහපත් තත්ත්වයට පරිවර්තනය වී තිබේ. මෙම තත්ත්වය කොතෙක් සාධනීය ද යත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එම රටේ ජනයාට මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් නැති පරිසරයක් උදාවී තිබෙන බවය. එම රටවල් මෙම සාධනීය තත්ත්වය අත්පත් කරගනු ලැබුවේ එන්නත්කරණයෙන් වීම සම්බන්ධයෙන් අපගේ විශේෂ අවධානයට යොමු විය යුතුය.

මෙරට ජනයා එන්නත්කරණය සම්බන්ධයෙන් උද් යෝගිමත් වීම ඉහත තත්ත්වය සමග යහපත් ප්‍රවණතාවකි. එහෙත් ගාල්ලේ සිදු වී තිබෙන්නේ එම යහපත් ප්‍රවණතාවට අතිශයින්ම බාධාකාරී ක්‍රියාදාමයකි. එන්නත්කරණයෙන් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට නම් රටේ ජන ගහනයෙන් සියයට 60 කට වඩා එන්නත ලබා දිය යුතුය. එමෙන්ම එය කඩිනම් විය යුතුය. අප රටේ එන්නත්කරණයේදී විශාල ගැටලු තිබෙන බව පැහැදිලිය. එක් අතකින් අනිසි දේශපාලන මැදිහත්වීම්ය. ඒ සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයට ඉදිරිපත් කළ මොරටුව නගරාධිපතිවරයා තවමත් රිමාන්ඩ් බන්ධනාගාරයේය. එන්නත් නිසි කලට ඇණවුම් නොකිරීම හා ප්‍රමාණවත් තරම් එන්නත් නොමැතිවීම දක්නට ලැබෙන ගැටලුය. එම ගැටලුවලට අමතරව ‘‘හදා ගන්නා ගැටලුද’’ තිබේ. ගාල්ලේදී සිදුවී තිබෙන්නේ එවැන්නකි.

යම්කිසි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයකින් සේවය සිදුවන්නේ අදාළ බල සීමාවටය. එන්නත ලබා දීමද එසේමය. අදාළ බල සීමාවේ ජනයාට එන්නත ලබා දීමෙන් ඉතිරිවන ප්‍රමාණයක් වේනම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාකර අවශ්‍ය පියවර ගත හැකිය. එහෙත් ගාල්ලේ ජනතාව අප පුවත්පතට පවසා තිබුණේ ගමේ ජනතාව සිටියදී කොළඹින් පැමිණි පිරිස්වලට එන්නත ලබා දුන් බවය.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් අප පුවත්පත මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඒ මහතාගේ පිළිතුර, ‘‘මෙම එන්නත ලැබුණේ ලංකාවේ ජනතාවට එන්නත් කරන්නයි. දැන් බොහෝ ප්‍රදේශවල දෙවැනි මාත්‍රාව ඉවරයි. එහෙත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරි වී තිබෙනවා’’ යනුවෙනි. වැඩි දුරටත් ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ ‘‘කොහෙන් විදගත්තත් ඕනෑම ශ්‍රී ලාංකිකයකුට  මේ දෙවැනි මාත්‍රාව තිබෙන තුරු අපි විදිනවා. කිසිම කෙනකුට විශේෂයක් නෑ. පළමු මාත්‍රාව විදපු කාඩ්පත් තිබෙන ඕනෑම කෙනකුට එන්නත දෙනවා’’ යනුවෙනි.

කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ මෙරට සෞඛ්‍ය අංශ සිදු කළ හා සිදුකරමින් සිටින මෙහෙවර වර්ණනා විෂයාත්‍රිකාන්තය. ඔවුන්ගේ එම කැපවීම නොවන්නට අප රට විශාලා මහනුවරක් වීමට ඉඩ තිබිණි. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයද එසේමය. එහෙත් ගමේ ජනතාව සිටියදී කොළඹින් පැමිණි පිරිස්වලට එන්නත ලබාදීම කිසි ලෙසකින් හෝ සාධාරණීකරණය කළ හැකිද?

කොළඹින් පැමිණි පිරිස් කවුද? අපට බැසිය හැකි නිගමනය වන්නේත් ගාල්ලේ ජනතාවගේ චෝදනාවන්හි අන්තර්ගතය වන්නේත් මෙම පිරිස යාළු හිතමිත්‍රාදීන් හෝ ඥාතීන් විය හැකි බවය. ඥාති සංග්‍රහය මෙන්ම මිත්‍ර සංග්‍රහය බොහෝ විපත් රැගෙන එන බවට අත්දැකීම් අපට හිඟ නැත. එම අත්දැකීම්වලින් ඉගෙන ගත යුතු වන්නේ එහෙයිනි. අනික් අතට මේ පිරිස් ගාල්ලට ගියේ කෙසේද? පළාතකින් පළාතකට සංචරණය තහනම්කර තිබියදී මේ පිරිස්වලට ගාල්ලට යන්න අවසර දුන්නේ කවුද යන ප්‍රශ්නයත් අපට අසන්නට සිදුවෙයි.

(***)



අදහස් (1)

ගාල්ලේ කොරෝනා එන්නත් හුටපටය

Deepal Nirosh Saturday, 12 June 2021 01:23 PM

මේ සියළු කරුණු කාරණා කැටිකළ විට නිගමනය වන්නේ කොරෝනා මර්දන එන්නත්කරණයට රජයට ආරම්භයේ සිටම කිසිඳු නිශ්චිත හා ඵලදායී වැඩපිළිවලක් නොතිබූ බවයි. අදත් එසේමැයි....!!!

:       6       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site