X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


ගැටඹෙන් පටන්ගෙන පාගමන ආ ගමන

30-page-6-m--(2)      

 

රජයේ වැඩ කටයුතුවලට විරෝධය පාමින් ඒකාබද්ධ විපක්ෂය පසුගිය 28 වැනිදා පේරාදෙණිය පාලම අසලින් ආරම්භ කළ ජනසටන පාද යාත්‍රාව හෙට (1) කොළඹ හයිඞ් පිටියෙන් අවසන් වීමට නියමිතව ඇත.  යහපාලන රජයට එරෙහිව පැවැත්වෙන විශාලම උද්ඝෝෂණ ව්‍යාපාරය මෙය වෙයි. මේ පාද යාත්‍රාව සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් මාස 3 ක කාලයකට පෙර තීරණය කරනු ලැබ තිබිණි.


 පා ගමන් සංවිධානය වූ පළමු අවස්ථාව මෙය නොවේ. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මන්ත්‍රීවරයකු ලෙස සිටියදී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට විරෝධය දක්වා පා ගමනක යෙදුණි. ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛව කොළඹ සිට කතරගම දක්වා පා ගමනක් පැවැතිවිණ. වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 2001 දී මාතර සිට කොළඹට පා ගමනක් සංවිධානය කොට තිබිණි. ඇස්.බී. දිසානායක මහතාට නිදහස ඉල්ලා පා ගමනක් ගියහ. විවිධ හේතු මුල්කර ගනිමින් ජනතාවගේ අවධානය ලබා ගැනීම සඳහා මෙවැනි පාගමන් ගොස් ඇති බව මේ රටේ දේශපාලන ඉතිහාසයේ පෙනෙන්නට තිබේ.

30-page-6-m--(4)
 ඒකාබද්ධ විපක්ෂය මේ පා ගමන පවත්වන්නේ රජයේ වැඩ පිළිවෙළට විරෝධය දැක්වීමටය. ආණ්ඩුව ගෙනයන ව්‍යවස්ථා සංශෝධනය, පළාත් පාලන ඡන්දය කල් දැමීම, වැට් ඇතුළු බදු බර ජනතාව මත පැටවීම, විශේෂ යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම, බලහත්කාරයෙන් අත්සන් කිරීමට යන එට්කා ගිවිසුම දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම, ජනතාවට ජීවන බර දරා ගැනීමට නොහැකිවීම යනාදී කරුණුවලට විරෝධය දක්වමින් මෙම පා ගමන පවත්වති.


 ජනසටන පාද යාත්‍රාව ආරම්භ කිරීමට පෙර රට පුරා සම්මන්ත්‍රණ 2000 ක් පමණ පවත්වා පාද යාත්‍රාවේ අරමුණ පැහැදිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂය පියවර ගෙන තිබිණි.


 ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම, ලංකා සම සමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, දේශ විමුක්ති පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජනතා සේවක පක්ෂය ඇතුළුව වෘත්තීය සමිති, ප්‍රජා සංවිධාන, කලා සංවිධාන හා විවිධ ජන කොටස් නියෝජනය කරන සංවිධාන ගණනාවක් මෙම පා ගමනට සහභාගි වෙති.


 මහනුවර දළදා මාලිගය අසලින් මෙම ජනසටන පාද යාත්‍රාව ආරම්භ කිරීමට නියමිතව තිබුණත් අධිකරණ නියෝගයක් මත එය ආරම්භ කරනු ලැබුවේ පේරාදෙණිය පාලම අසලිනි. මහනුවර නගර සීමාවෙන් මහජන පා ගමන් සීමා කරමින් මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ලබා දුන් තහනම් නියෝගයක් හේතුවෙන් මේ තීරණය ගැනීමට සිදුවී තිබිණි.


පෙරදින සවස් වරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමග වරකාගොඩ ඥානරතන අස්ගිරි මහ නාහිමියන් සහ ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් බැහැ දැක කෙටි වේලාවක් සාකච්ඡා කර තිබිණි. එදින මෙම පිරිස අනෙකුත් ආගමික නායකයන්ද මුණ ගැසී ආශිර්වාද ලබා තිබිණි.


 පාද යාත්‍රාවට පෙර දිනයේ පිරිසට රාත්‍රී ආහාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පිරිනමනු ලැබ තිබේ.

30-page-6-m--(3)


පා ගමන සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට ඉල්ලා සිටීම සඳහා සාගල රත්නායක ඇමැතිවරයා හා පොලිස්පතිවරයා හමුවී සාකච්ඡා කරන ලෙසට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ අතර එහිදී පොලිස්පතිවරයා කරුණු පැහැදිළි කරමින් මහනුවර සහ මාතලේ තහනම් කළාප කිරීමට අධිකරණ නියෝග ගැනීමට බලපෑ හේතු විස්තර කළේය. මහනුවරදී ඒකාබද්ධ පාගමනට සමගාමීව එජාප සාමාජික ප්‍රවර්ධන වැඩ සටහනක් පැවති බැවින් දෙපාර්ශවයේ අතර ගැටුමක් ඇතිවීම නැවැත්වීම සඳහාත් මාවනැල්ලේදී ජනාධිපතිතුමන් සහභාගී වන උත්සව දෙකක් යෙදී තිබුණු නිසාත් එම පියවර ගත් බවය.


 පා ගමනේ යන පිරිසේ සුබසාධක කටයුතු වශයෙන් කෑම, බීම ඉඳුම් හිටුම් ආදිය සංවිධානය කිරීම මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, කාංචන ජයරත්න යන මන්ත්‍රීවරුන්ට පවරා තිබිණි.


 අධිකරණ තීන්දු නිසා පා ගමන සම්බන්ධයෙන් කලින් සකස් කරගන්නා ලද වැඩපිළිවෙළේ යම් යම් වෙනස්කම් කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුවී තිබුණි. ඒ අනුව පහුගිය 28 වැනිදා මහනුවර දළදා මාලිගය අසලින් ආරම්භ වීමට නියමිතව තිබූ පාද යාත්‍රාව පේරාදෙණිය පාලම අසලින් ආරම්භ කිරීමට සිදුවිය.

30-page-6-m--(9)


දැනට රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටින බැසිල් රාජපක්ෂ කල් ඇතිවම පා ගමනට අදාළ කරුණු රාශියක් සංවිධානය කර තිබූ බවද වාර්තා වේ. පා ගමනට පෙර බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ඇතැයි යන සැකයක් ඇතිවී තිබීම නිසා ඔහු කල් ඇතිවම අවශ්‍ය සංවිධාන කටයුතු සකසුරුවම් කර තිබී ඇත.


 පේරාදෙණිය පාලම අසලින් පා ගමන ආරම්භ වූයේ 28 වැනිදා පෙ.ව. 10.30 ට පමණය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පා ගමනේ මැද භාගයේදී පමණ එක්වූ අතර ඔහුගේ පැමිණීමත් සමඟ පා ගමනට එක්වූ ජනතාව අතර මහත් උද්යෝගයක් ඇතිවී තිබිණි.


-“අපේ ජනාධිපතිතුමාට ජයවේවා”
-“වැට් බද්දක් අපිට එපා”
-“අනාගතේ මහින්දටයි”
-“රට බේරාගත් වීරයාට ජයවේවා.”


ආදී වශයෙන් විවිධ සටන්පාඨ කියමින් පිරිස  පාද යාත්‍රාවේ ගමන් කළහ.


පාද යාත්‍රාව ආරම්භ කළ ගැටඹේ නගරයේ සිට පේරාදෙණිය, ගලහ හන්දිය, කිරිබත්කුඹුර පිළිමතලාව, හේනාවල හන්දිය, කඩුගන්නාව, ගොඩතැන්න, මාවනැල්ල පසුකරමින් පිරිස බෙහෙවින් උද්යෝගයෙන් ගමන් කළහ.

 

30-page-6-m--(10)


ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, පියල් නිශාන්ත, දිලුම් අමුණුගම, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ආරම්භයේ සිටම පාගමනින් පැමිණියහ.


මුරුත්තෙට්ටුවේ ආනන්ද, බෙංගමුවේ නාලක සහ බද්දේගම සමිත යන හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ද පාගමනට එක්වී සිටියහ.


උදේ 10.30 ට ආරම්භ කළ පා ගමන මාවනැල්ල ගනේතැන්නට ළඟා වන විට ප.ව. 4.30 පමණ වී තිබිණි. අධිකරණ නියෝගයකට අනුව මාවනැල්ල නගරයට පාද යාත්‍රාවේ ගමන් කළ නොහැකිව තිබූ නිසා ගනේතැන්නේදී මහින්ද රාජපක්ෂ හිටපු  ජනාධිපතිවරයා පිරිස ඇමැතීමෙන් පසු 28 වැනිදාට පා ගමන අවසන් විය.


මාවනැල්ල නගර පිවිසුමේදී පොලීසිය උසාවි නියෝගය ද ප්‍රදර්ශනය කරමින් රැඳී සිට ඇත. පෙළපාලියට මාවනැල්ල නගරයට ඇතුළු විය නොහැකි බව එම නියෝගයේ සඳහන් වී තිබිණි. එම අධිකරණ නියෝගය පොලිස් නිලධාරීන් විසින් ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් ද නිවේදනය කරන ලදී.


පොලිස් බාධකය පෙනෙන දුර ආසන්නයේදී පාද යාත්‍රාවේ පළමු දිනය අවසන් කිරීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ඇමැති විමල් වීරවංශ මහතා රැස්ව සිටි පිරිස ඇමතීමෙන් පසු 28 වැනිදා පා ගමන අවසන් විය.


එදින පා ගමන අවසන් වී බෙලිගම්මන රජමහා විහාරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ පාද යාත්‍රාවට බාධා කරමින් ගිලන් රථ 29 ක් නුවර පාරේ ධාවනය කරවීමට රජය පියවර ගත් බවයි. මේවා බොහොමයක රෝගීන් නොසිටි අතර පා ගමනට ගිය පිරිස ආරවුලකට පටලවා ගැනීමේ දැඩි උත්සාහයක් පැවැති බවද ඔහු කීය.


මෙසේ ධාවනය වූ ගිලන් රථයක් පාගමනට බාධා කරමින් නළාව හඬවමින් වේගයෙන් ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ සුළු කලබලයක් ඇතිවන්නට ගියත් එය කලබලයකින් තොරව විසඳා ගත් බව ද කීය.


පිරිස එදින රාත්‍රිය මාවනැල්ල ගනේතැන්න රජමහා විහාරයේ  හා උතුවන්කන්ද රජමහා විහාරයෙත් තවත් පෞද්ගලික  ස්ථාන දෙකකත් රාත්‍රිය ගත කිරීම සඳහා  සංවිධානය කර තිබිණි.

30-page-6-m--(11)


 පා ගමනේ ගමන් කළ අයට ඒ අතර තුරදී මඟ දෙපස ජනතාව ආහාර පානාදියෙන් සංග්‍රහ කර තිබූ අතර නතර වීමකින් තොරව පා ගමන පැමිණ ඇත.
 මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එක්වූ තැන් සිට දිගටම පා ගමනට සහභාගි වූ අතර ඔහු විටින් විට පා ගමනින් හා වාහනයක නැගී ජනතාවට ආචාර කරමින් ගමන් කළේය.


 ආරම්භයේ සිටම ජනතාව තුළ දැඩි උනන්දුවක් පැවැති අතර  කිලෝ මීටර් තුනක පමණ දිගට පා ගමන පැවැති  බව සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා කීය.


පා ගමනේ දෙවැනි දිනය වූ 29 වැනිදා සිකුරාදා උදේ 10.30 ට පමණ උතුවන්කන්දෙන් යළි ගමන් ආරම්භ විය. මද වැස්සක් ඇදහැලීම නිසා සුළු බාධාවක් වුවත් පා ගමන ආරම්භ වූවිට යහපත් කාලගුණයක් පැවැතුණි.


එදින ජන සටන පා ගමන ආරම්භ කරන අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ අතර ඒ අවස්ථාවේ උණුසුම් පිළිගැනීමක්ද පැවැත්වුණි. ප්‍රදේශවාසීන් මල්මාලා පළඳවා මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබූ අතර විනාඩි කීපයක් එක දිගට රතිඤ්ඤා පුපුරවනු ලැබිණි. දෙවැනි දිනයේ පාද යාත්‍රාව එක් මංතීරුවක පමණක් යැවීමට පොලිසිය පියවර ගෙන තිබිණි.


පළමු දිනය මෙන් නොව දෙවැනි දිනයේ විශේෂ අංශයක් එකතුවී තිබුණි. ඒ ළමා නැටුම් කණ්ඩායම්ය. මෙම නැටුම් කණ්ඩායම් පා ගමන විචිත්‍රවත්වීමට හේතුවිය. අතරතුරදී ජනතාව පා ගමනට විශාල වශයෙන් එක්වීම සිදුවිය. පෙර දිනයේ පා ගමනට සහභාගිවූ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයෝ දෙවැනි දිනයේද පා ගමනට සහභාගිවී සිටියහ.


දෙවැනි දිනයේ පා ගමන නෙළුම්දෙණියෙන් අවසන් විය. තුන්වැනි දිනයේ නිට්ටඹුවේත්, සිව්වැනි දිනයේ නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩටත්, පස්වැනි හා අවසාන දිනය වන හෙට (1) කිරිබත්ගොඩ සිට කොළඹ දක්වාත් පැමිණ පා ගමන අවසන් කිරීමට නියමිතය.

m



අදහස් (0)

ගැටඹෙන් පටන්ගෙන පාගමන ආ ගමන

සමන් Monday, 01 August 2016 09:46 AM

දේශපාලන හොරු....(හේ)

:       0       0

රොමේෂ් Tuesday, 02 August 2016 04:15 AM

හොරු බේරාගැනීමේ මෙහෙයුම (ම)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 03 August 2016 10:11 PM

කෑගහපු දේවල් වලින් වැඩිහරියක් මොනවගේ වචනද කියලා අපිට ඇහුනා. මේවා අහපු දැකපු අය අත් දෙකෙන්ම ගහයි කතිරය, බලාගෙන ඉන්න. (නි)

:       0       0

වසන්ත Sunday, 07 August 2016 08:03 AM

රජයට ඔක්කොම තනතුරු වරප්‍රසාද වලට හේතු වෙද්දි මෙයාලා හරි පාරට බැහැලා ඉන්න එක ජනතාව සතු විය යුතුයි.(හේ)

:       0       0

වසන්ත Sunday, 07 August 2016 05:03 PM

මොන දේ වුණත් මිනිසුන් මහින්ද සමඟයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site