X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


ගෑනු පිරිමින්ගේ ලෝ ප‍්‍රකට නැටුම්

  20_PAGE_02_RASA

තායිලන්තයේ සුන්දරත්වය විඳ ගැනීමට යන විදේශ සංචාරකයන් නොවරදවාම නැරඹිය යුතු සංචාරක අංගයක් පිළිබඳව විස්තර කර ඇත. මෙය හැඳින්වෙන්නේ ‘‘අල් කසාර්” (ALCAZAR) නර්තන හා ගායන සංදර්ශනය කියාය. එක් වරක් මේ සංදර්ශනය නරුඹූ සංචාරකයකු පවසන්නේ අල් කසාර් සංදර්ශනය නැරඹුවේ නැති නම් තායිලන්ත සංචාරයෙන් පලක් නොවන බවය.


සැබැවින්ම මේ සංදර්ශනය නරඹන්නන් විස්මයට පත් කරන මැජික් සංදර්ශනයක් බඳු යැයි විචාරකයන්ගේ මතය වේ.


අල් කසාර් සංදර්ශනය යනු දර්ශනීය විදුලි ආලෝක දහරා මධ්‍යයේ පැවැත්වෙන රාත‍්‍රි නර්තන හා ගායන සංදර්ශනයකි. සැබැවින්ම කැබරේ සංදර්ශනයකි.
තායිලන්තයේ බැංකොක් අග නගරයේ සිට කිලෝමීටර් 100ක දුරින් පිහිටි පතායා නගරයේ මෙම සංදර්ශනය පැවැත්වෙන අල් කසාර් රඟහල පිහිටා තිබේ. පතායා යනු ලොවා ප‍්‍රකට සංචාරක ප‍්‍රදේශයකි.

1

කාන්තාවන් තරමටම සුරූපී ලේඩි බෝයිස්ලා

 


රාත‍්‍රි වර්ණවත් විදුලි ආලෝක දහරා මධ්‍යයේ වේදිකාව මත රඟන සුරූපිනියන් නරඹන්නන්ගේ සිත් ඇල්මත් කරමින් ඔවුන් සුරංගනා ලෝකයකට රැුගෙන යති. ඒ තරමටම මේ සුරූපිනියන් වේදිකාව මත රඟන රුඟුම්, ගයන ගැයුම් අපූරුය.


එක් අතකට මෙය ඔබ කිසිවකුත් විශ්වාස නොකරනු ඇත. මන් ද යත් මේ සංදර්ශනය නරඹන ඔබ සැබැවින්ම මේ සුරූපිනියන්ගේ රුඟුම් ගැයුම්වලින් මෝහනයකට පත්ව සිටින නිසාය.


විශ්වාස කළ යුතුය. අල් කසාර් වේදිකාව මත මෙසේ රඟන්නේ ගයන්නේ සුරූපී කතුන් නොව කාන්තා බව ලබාගත් පිරිසක්ය. තායිලන්තය් අල් කසාර් සංදර්ශනය මුළු ලොවම ප‍්‍රකට මේ නිසාමය.


උපතින්ම ලැබූ පුරුෂ ලිංගික බව කෘති‍්‍රමව වෙනස් කරගෙන කාන්තා ලිංගික බව හිමි කරගෙන සිටින මොවුන් හැඳින්වෙන්නේ ‘‘ලේඩි බෝයිස්’’ (LADY BOYS) යනුවෙන්ය. මේ සිටින්නේ කාන්තාවන් නොවේ යැයි නොසිතිය හැකි තරමට වෙනස්ව සිටින මොවුන්  තායිලන්තයේ ඇතුන්ටත් වඩා සුන්දරය.
තායිලන්තයේ  ජනගහනයෙන් වැඩි පිරිස කාන්තාවෝය. පිරිමි ජනගහනයෙන් ද සියයට 5කට ආසන්න ප‍්‍රමාණයක් නපුංසක ලිංග ගණයට අයත් වූවන් බව පැවසේ. ලේඩි බෝයිස්ලා අයත් වන්නේ ද මේ කොටසටය.


තායිලන්තය මේ ආකාරයට ලිංගික ස්වරූපය වෙනස් කර ගැනීමේ සැත්කම් සඳහා ලොව ප‍්‍රකට රටකි. අති විශාල මුදලක් වැය කොට තම පිරිමි බව වෙනුවට කාන්තා බව ලබා ගැනීම මේ රටේ සාමාන්‍ය කර්තව්‍යයකි. එවැනි පිරිසක් නිසාම තායිලන්තයේ  සංදර්ශනය ලොව පුරා ඉමහත් ප‍්‍රකටය.
අල් කසාර් යනු ලොව රටවල් ගණනාවකම පවත්නා ප‍්‍රකට නර්තන සංදර්ශනයකි. මෙය ස්පාඤ්ඤය, පෘතුගාලය සහ අරාබි රටවල අතීතයේ පාලකයන්, විශේෂයෙන්ම රජවරු තම වින්දනය සඳහා ක‍්‍රියාත්මක කරවූ නර්තන සම්ප‍්‍රදායකි. මෙය ඈත අතීතයේ සිට ඇරැඹුමකි.

2

ලේඩි බෝයිස්ලා සමග ඡුායාරූපයකට පෙනී සිටින විදේශීය සංචාරකයෙක්.


තායිලන්තයේ නර්තන සම්ප‍්‍රදාය අරඹා මේ වන විට වසර 20කට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබේ. දේශීය මෙන්ම විදේශිකයන් ලක්ෂ සංඛ්‍යාත ගණනාවක් මේ සංදර්ශනය නරඹා තිබේ. ස්පාඤ්ඤ,ය පෘතුගාලය වැනි රටවල කාන්තාවන්ගෙන් සහ පිරිමින්ගෙන් මිශ‍්‍රවූ සංදර්ශන පැවැත්වුණ ද තායිලන්තයේ පතායා නගරයේ අල් කසාර් සංදර්ශනය ඊට හාත්පසින්ම වෙනස් වන්නේ මෙය සම්පූර්ණයෙන්ම ලේඩි බෝයිස්ලාගේ සංදර්ශනයක් වීම නිසාමය.


පැය එකහමාරකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙන මේ සංදර්ශනයට එකිනෙකට වෙනස් වූ නර්තන ඇතුළත්ය. තායිලන්තයට අනන්‍ය වූ නර්තන සේම, ඔවුන්ට බොහෝ සමීප වූ චීනයේ මෙන්ම බටහිර නර්තන අංග ද ඇතුළත්ය. මෑතක දී ලොව පුරා ඉමහත් ප‍්‍රසිද්ධියට ලක් වූ දකුණු කොරියාවේ ‘‘ගංග්නම් ස්ටයිල්’’ නර්තනය ද නරඹන්නන්ගේ සිත් ඇද බැඳ ගන්නකි. එසේම ජනප‍්‍රිය හින්දි ගීතයක් ද මීට ඇතුළත්ය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ඉතා අලංකාරය.
නෙළුම් පොකුණ රඟහලේ මෙන් අල් කසාර් රඟහලේ ද දර්ශන තල ක්ෂණිකව වෙනස් වීමේ හැකියාව පවතී. නමුත් මෙහි විශේෂත්වය වන්නේ එක් නර්තනයක් අවසාන වන විට ඊළඟ දර්ශනයට දර්ශන තල මාරු වන්නේ පේ‍්‍රක්ෂකයන්ට අදහා ගත නොහැකි තරමේ වේගයකිනි. මේ නිසාම සංදර්ශනය අවසාන වන තුරුම වේදිකාවේ ඇති තිරය නොවැසීම ද විශේෂත්වයකි.


මේ සංදර්ශන තවත් අපූරු වන්නේ ඒ සඳහා භාවිත කෙරෙන අති නවීන විදුලි ආලෝක පද්ධතිය සහ අධිබලැති ඩිජිටල් සරවුන්ඞ් විකාශන පද්ධතිය නිසාය. වේදිකා පරිපාලනය සඳහා නවීන පරිගණක තාක්ෂණය යොදා ගෙන තිබේ.


ආසන 1200කින් සමන්විත පතායා අල් කසාර් රඟහලේ සමස්ත කාර්ය මණ්ඩලය 400කි. සතියේ දිනවල සංදර්ශන වාර දෙකක් ද සති අන්තයේ හා විශේෂ උත්සව දිනවලට දර්ශන වාර තුනක් ද පැවැත්වේ. එය පැය 17.30, 19.00 සහ 20.30ටය. ටිකට්පතක මිල බාන් 850කි. නැති නම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3,400කට ආසන්නය. ටිකට්පතක්  එතරම් මිල වුව ද බොහෝ අවස්ථාවල කලින් ආසන වෙන් කරවා ගැනීමෙන් මිසක මෙහි දර්ශනයන් නැරඹීම අසීරුය. ඊට හේතුව පතායා නගරයට පැමිණෙන සියලූම විදේශීය සංචාරකයින් මෙන්ම දේශීය සංචාරකයන් ද මෙම සංදර්ශනය නොවරදවාම නැරඹීමට පැමිණීමය.
සංදර්ශනය අවසානයේ මෙහි නර්තන අංග සඳහා සහභාගි වූ ලේඩි බෝයිස් සුරූපිනියන් සමග ඡුායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව ද නරඹන්නන්ට හිමි වේ. නමුත් නොමිලේ නොවේ. ඡුායාරූපයකට පෙනී සිටීමට නම් තමන්ගේ සිත්ගත් සුරූපිනියකට බාන් 700ක මුදලක් ගෙවිය යුතුය. එය ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් 2,800කට ආසන්නය.


තායිලන්තයේ අල් කසාර් සංදර්ශනය හඳුන්වනු ලබන්නේ උපරිම වින්දනයකට ලබා දෙන සහතිකයක් ලෙසින්ය. පැය එකහමාරකට ආසන්න කාලයක් නරඹන්නන් විස්මිත ලෙස ප‍්‍රබෝදයට පත් කරවීමට මේ ලේඩි බෝයිස්ලා සමත් වන බව ද විචාරකයන්ගේ අදහස වේ.


ඉන්දියාවේ මෙන්ම තායිලන්තයේ ද ලේඩි බෝයිස්ලා සමාජයේ විසිය යුතු එක් කොටසක් ලෙස සැලකේ. ඔවුන්ට මේ රටවල හිමි වන්නේ ඉහළ පිළිගැනීමකි. මේ නිසාම තායිලන්තයේ ලේඩි බෝයිස්ලා එරට ආර්ථිකයට වටිනාකමක් ගෙන දෙන්නේ මුළු ලොවම තම නර්තනයෙන් පිනවමිනි.


(කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති පැටි‍්‍රක් කරුණාසිංහ මහතාට ස්තුතිය)


m



අදහස් (0)

ගෑනු පිරිමින්ගේ ලෝ ප‍්‍රකට නැටුම්

සමන්තිකා Thursday, 25 September 2014 01:05 PM

මට ලැජ්ජයි මේවා දැක්කාම... ඊයා....... (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 26 September 2014 07:18 AM

මෙවැනි කණ්ඩායම් අපේ රටෙත් තැනින් තැන ඉන්නවා. තායි රටේ වගේ තැනක් නම් ඔවුන්ට නැහැ. උත්සව,පෙරහැර,හා වැඩිපුරම යොදා ගන්නේ ඡන්ද අපේක්ෂකයෝ සද්ද දමාගෙන කැන්වසින් යන්න (නදී)

:       0       0

ස්ටැන්ලි Friday, 26 September 2014 10:02 AM

ඉහල පිළිගැනීමක් නම් ලැබෙන්නේ නැහැ, මෙයාලට. නමුත් කුතුහලය තියෙන අය සහ ගැහැණු වූ පිරිමි නිරුවත දකින්නන්ට උවමනා අය එනවා! (දී)

:       0       0

වික්ටර් Saturday, 27 September 2014 07:31 AM

තායි ගණිකාවෝ කියල මෙහෙ එන්නේ ඔයවගේ අයද දන්නේ නැහැ. (අ)

:       0       0

ප්‍රියන්ත නාමල් Monday, 29 September 2014 09:10 AM

මේ වගේ අය අපේ සිරිකොත ඇතුලේත් ඉන්නවා. සිරිකොත ලොක්කාගෙන් ඇහැවුවොත් දැන ගන්න පුළුවන්. (ස)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Tuesday, 30 September 2014 07:56 AM

සැපතයි විපතයි දෙකම මේ රටේ තියෙනවා. බලාගෙන පරෙස්සමෙන්. (ස)

:       0       0

සංක Saturday, 18 October 2014 01:48 AM

ලංකාවට නම් එපා (නදී)

:       0       0

ශංක Saturday, 18 October 2014 01:50 AM

ලංකාවට නම් එපා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site