‘ආණ්ඩු මට්ටු’ කිරීම යනු පාලනය කිරීම යන්නය. ආණ්ඩුවක වගකීම වන්නේද ඒ අර්ථයෙන්ම රට පාලනය කිරීමය. රටක මතුවන ඕනෑම අර්බුදයකදී එම අර්බුදයේ වගකීම පළමුවෙන්ම බාරගත යුතු වන්නේ ආණ්ඩුවය. එබඳු අර්බුදයක් නොසලකා හැරීම හා අඳුරේ අතපතගෑම ආණ්ඩුවක වගකීම නොවේ. එහෙත් එබඳු ආණ්ඩු මෙරට තිබී ඇත. දැන් තිබෙන්නේද එබඳු ආණ්ඩුවක්දැයි සැකයකි. ගෑස් ප්‍රශ්නය ඉදිරිපිට ආණ්ඩුවේ හැසිරීම අතිශයින්ම ප්‍රශ්නකාරීය.
ගෑස් ප්‍රශ්නයට දෙතුන් මසකි. මුලින්ම ගෑස් හිඟයක් ආවේය. ඊට පසු වෙළෙඳපොළට පැමිණි ගෑස් කාන්දු වන්නට පටන් ගත්තේය. ඒ කාන්දු වූ ගෑස් පුපුරා යාමෙන් මේ වනවිට පුරවැසියන් හත් දෙනකු අකාලයේ මිය ගොස්ය. දේපොළ හානි තවමත් ගණනය කර නැත. දැන් යළිත් ගෑස් හිඟයකි. ගෑස් රැගත් නැව් වරායට පැමිණ ඇති බව කීවද වෙළඳපොළේ ගෑස් නැත.
අප පුවත්පත ඊයේ පළකළ වාර්තාවක සඳහන් වූයේ පොලිස් ආරක්ෂාව යටතේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී බෙදා හැරි ගෑස් සිලින්ඩර ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයකු හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවූ බවය. ගෑස් සිලින්ඩර 400ක් සඳහා දහසකට අධික ජනතාවක් ඉකුත් 5 වැනිදා අලුයම 2.30ට පෝලිමේ සිටි බවත් ගෑස් රැගත් ලොරිය පොලිසිය ඇතුළට ගත් අවස්ථාවේ ජනතාව හූ තබන්නට වූ බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. එසේ ජනතාව හූ තැබීම සිදු කර තිබෙන්නේ ගෑස් ලොරිය පොලිසිය තුළට ගෙන තිබෙන්නේ ගෑස් ප්‍රමාණයක් හොරෙන් බාගැනීමට යැයි චෝදනා කරමිනි. පුද්ගලයකු හදිසියේ රෝහල් ගත කර තිබෙන්නේ මෙම තදබදය මැද ඔහු අසනීප වී ඇති හෙයිනි.
අම්බලන්ගොඩ ගෑස් ප්‍රවෘත්තිය මුළු රටේම අද තත්ත්වය නිරූපණය කරන්නකි. සෑම තැනකම තිබෙන්නේ මෙබඳු තත්ත්වයක්ය. අම්බලන්ගොඩ ජනතාව ගෑස් මිලදී ගැනීමට පෝලිම් ගැසී සිට ඇත්තේ අලුයම දෙකේ සිටය. එතරම්ම වද විඳ විඳ ජීවත් වීමේ අරුතක් තිබේද යන්න අමතර ප්‍රශ්නයක් නොවේ. රැකියාවට නොයා ගෑස් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල වරු ගණන් ගත කිරීමට ජනතාවට සිදුවේ නම් එය බරපතළ තත්ත්වයකි. සමාජයේ සන්සුන් සංහිඳියාව බිඳ දැමීමට හේතුවකි.
අප පුවත්පත ඊයේ පළකළ තවත් වාර්තාවක සඳහන් වූයේ ගෑස් පිපිරීම් හා කාන්දුවීම් සිද්ධි හතක් ඉකුත් 5 වැනිදා වාර්තා වූ බවය. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් ළිපක් පිපිරීමෙන් එහි සේවකයකු තුවාල ලබා ඇති බවට තවත් ප්‍රවෘත්තියකි. ගෑස් පිපිරීම් නිසා ඇතැම් සේවකයන් ගෑස් ලිප් ළඟ සිටීමට බිය වී සිටින අතර ආප්ප සහ කොත්තු සෑදීම අඩපණ වීමට එය ප්‍රධාන හේතුවක් වී ඇතැයි අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාය. ආප්ප සහ කොත්තු වැනි කෑම වර්ග සෑදීම මෙලෙස අඩපණවීම නිසා ඒවා ආහාරයට ගත් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවද එහි වැඩිදුරටත් සඳහන්ය.
විදේශ බුද්ධි අංශයක් මගින් අනූ වරකට වැඩියෙන් දැනුම්දී තිබියදීත් එය නොසලකා හැරීමේ තාර්කික ප්‍රතිඵලය වූයේ පාස්කුදා ප්‍රහාරකයන්ට තම පටු හා පවිටු අරමුණු මුදුන්පමුණුවා ගැනීමට පහසු ඉඩකඩක් නිර්මාණය වීමය. නිසි වේලාවට ක්‍රියාත්මක වී නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම් පාස්කුදා ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණ බවද ඒකාන්ත සත්‍යයකි. වගකීම් විරහිත බවට අවසානයේදී ජනතාවට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීම ජාතික සිරිතක් ලෙස ප්‍රගුණ කරන්නේද යන ප්‍රශ්නය මතුවන්නේ ගෑස් ප්‍රශ්නයේදී ද බලධාරීන් හැසිරෙන ආකාරය අනුවය.
රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍යයේ බලය පවරාදී තිබෙන්නේ ජනතාවටය. එයින් කියැවෙන්නේ සියල්ලන්ටම ඉහළින් ජනතාව සිටින බවය. සියල්ල සිදුවිය යුත්තේ ජනතාව වෙනුවෙන් බවය. ව්‍යවස්ථාපිත අක්ෂරවල එසේ සඳහන් වුවද යථාර්ථය වන්නේ සියල්ලටම පහළින් ජනතාව සිටින බවය. සෑම අකරතැබ්බයක්ම ජනතාවට බවය. ගෑස් ප්‍රශ්නයේදී එය කදිමට නිරූපණය වෙමින් තිබේ.
ගෑස් අත්‍යවශ්‍ය නොවන්නේ යැයි යමකුට තර්ක කළ හැකිය. එහෙත් මෙරට ජනගහනයෙන් සියයට 40ක් ගෑස් ප්‍රයෝජනයට ගනිති. නාගරික සංකීර්ණ ජීවිත ගත කරන ජනයාට මෙන්ම මහල් නිවාසවල ජීවත් වන ජනයාට ගෑස් අත්‍යවශ්‍ය වූවකි. එම ජනයාට දර ලිපක් බැඳ ගැනීමටද තැනක් නැත. ගෑස් පාවිච්චියට හුරුවී ඇති ජනයා එය පහසුකමක් ලෙස දකිති. අද අසරණ වී සිටින්නේ ඒ ජනී ජනයාය.
ගෑස් වැනි ප්‍රශ්නයක් විසඳීමට කල් ගැනීම සුදුසු නැත. එසේ කල්ගත කිරීමද සුදුසු නැත. එහෙත් දැන් සිදුවෙමින් තිබෙන්නේම එම නුසුදුසු දේය. රටක් පාලනය කිරීම යනු එය නොවන බව තේරුම් ගැනීමට තව කොතෙක් කලක් බලා සිටීමට සිදුවේද යන්න අමතර ප්‍රශ්නයක් නොවන බව අවධාරණය කළ යුතුය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගෑස් අවුල විසඳීමට ආණ්ඩුවට බැරිද?
Sanga Friday, 07 January 2022 01:14 PM
ආණ්ඩුවට පුළුවන් දැන් බම්බු ගහන්න... කයිවාරු කාරයෝ.. බුද්ධියක් ඇති එකෙක් නැහැ ආර්ථික මර්මස්ථානවල.. ඔක්කොම පරණ නිලඇඳුම් කාරයින්ට දීලා රට විකෘති කරලා...
Hashan Sachinthana Friday, 07 January 2022 02:22 PM
සෞභාග්‍යයේ දැක්ම නම් පට්ට
Eranga perera Friday, 07 January 2022 02:30 PM
මිනිස්සුන්ට මොකද වෙන්නේ?
Kasun Friday, 07 January 2022 09:51 PM
අද මගේ යහළුවෙකුට වූ දෙයක්: අද හවස පානදුර රන්කොත් විහාරය ළඟ තැනින් අළුත් ප්‍රමිතිය ලෙසින් විකුණන ලිට්රෝ ටැංකියක් ගෙනාවා. ලිපට සම්බන්ධ කරලා පැය 2 කින් විතර ටිකක් ගෑස් ගඳ එන නිසා රෙගුලේටර් එකේ ලොක් එක නිදහස් කළාම රෙගුලේටර් එක සුදු වාෂ්පයකුත් එක්ක විසි වුණා (ඉස්සර ගෑස් ප්‍රශ්ණය නැති කාලේ එහෙම වුණේ නැහැ). පස්සේ සබන් වතුර දැම්මහම ටික ටික ලීක් වෙනවා. පැය දෙකට ඔහොම නම්, සති මාස පාවිච්චි කරන විට හොඳ රෙගුලේටර් එකකට වුණත් ඔරොත්තු දෙන එකක් නැහැ. දැන් ඉතින් හෙටත් කාලය නාස්ති කරගන්න ඕනේ ටැංකිය මාරු කරගන්න.