X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ගොවීන්ගේ වෙස්ගත් මුදලාලිලා වී අලෙවි මණ්ඩලයට වී විකුණන හැටි

වංචාව, හොරකම, ජනතා මුදල් ගසා කෑම පමණක් නොව අඩු ආදායම් ලබන ජනතාවට පමණක් දෙන සහනාධාර පවා ගසාකෑමද අතීතයේ සිටම අප රටේ අඩුවැඩියෙන් ක‍්‍රියාත්මක විය. රජය සාමාන්‍ය ජනතාවගේ සුභසිද්ධිය සඳහා වෙන් කරන මුදල් හා සේවාවන් ඒ අයුරින්ම ජනතාවට ලැබෙනවාද යන්න රජයේ වගකිවයුතු පිරිස් සොයා බැලීම මන්දගාමී නිසාම ජනතාව වෙනුවෙන් එවැනි සිද්ධින් කීපයක් පිළිබඳව සොයා බැලීමට අප උත්සහායක නිරතවීමු.

වී මිලදී ගැනීම් මධ්‍යස්ථානයට යන වී ලොරිය



මෙවරද වී ගොවීන්ගේ අස්වැන්න වී අළෙවි මණ්ඩලය ඔස්සේ සහතික මිලකට ගොවින්ගෙන් මිලදී ගැනීමට රජය තීරණය කැර එහි වගකීම වි අළෙවි මණ්ඩලයට පවරා ඊට අවශ්‍ය මුදල් ලබාදුන්නේය. ඒ අනුව දිවයින පුරා මිලදී ගැනීම් ස්ථාන ආරම්භ විය.

වී අළෙවි මණ්ඩලයේ නිලධාරීන් වී මිලදී ගැනීම් ක‍්‍රියාත්මක කරද්දී ගොවීන්ට ප‍්‍රශ්න කීපයක් පැන නැගිණි. එනම් ලබාදුන් වී සඳහා නිසි කලට වේලාවට මුදල් නොලැබිණි. බැංකුවල ඇති ගිණුම් වැසිණි. එහෙත් නිලධාරීන් වී මිලදී ගැනීම සිදුකරනු ලැබිණි. වී මිලදී ගැනීමේදී ගොවීන් නොවන ව්‍යාපාරිකයන්ගේ වී තොගද ඉතා හොර රහසේ නිලධාරීන්ගේ සහාය ඇතිව වී අලෙවි මණ්ඩලයේ තොග තලයට එකතුවන බවට තොරතුරු වාර්තාවිය.

මේ අතරදී ගලේවෙල ප‍්‍රාදේශීය සභාවේ එ.ජා.ප මන්ත‍්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතා අපට දුරකථනයෙන් කතා කොට මෙසේ තොරතුරක් ලබාදුන්නේය.
‘‘ගලේවෙල, දේවනහූව, ගොවි කලාපවල ගොවින්ගේ වී ඇස්වැන්න මුදලාලිලා ගන්නවා රුපියල් 20ට 25ට වී අළෙවි මණ්ඩලයේ අය ගොවින්ගේ වී ටික වෙනුවට මුදලාලිලාගේ වී ටික තමයි මිලදී ගන්නේ. මේක අපි ප‍්‍රාදේශීය සභාවේ කතා කළා. දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා. ඒත් හරියන්නේ නැහැ. මේ අහිංසක ගොවීන්ට රජයෙන් ලැබෙන සහනය අරගෙන දෙන්න. මොකද මේක අපි කිව්වොත් හිතන්නේ දේශපාලන වාසි ගන්න හදනවා කියලා’’
මන්ත‍්‍රී වරයා එසේ අපට පැවසීය.

ඒ අනුව සූදානම්වූ අප දින ගණනාවක් ගලේවෙල දේවහුව ප‍්‍රදේශයේ සැරිසැරුවෙමු. වී මිලදී ගැනීමේ ජාවාරම රිසිසේ ක‍්‍රියාත්මක වන බව සියැසින් දැක ගතිමු.

වී මිලදී ගැනීමේදී ගොවීන් ගෙන් පමණක් වී මිලදී ගැනීමට රජය තීරණය කළේ වාසිය ගොවින්ටම ලබාදීමටය. ගොවින් බවට හඳුනා ගැනීම සඳහා පළාතේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී වරයාගේ අත්සනින් යුත් පෝරමයක් පුරවා වී අලෙවි මණ්ඩලයට ලබාදීමට ද රජය නීතියක්් පැණවිය. එහෙත් පොහොර සහනාධාර නියං සහනාධාර ගංවතුර, සහනාධාර ගෙඩිපිටින් ගිලපු අපේ රටේ ඇතැම් නිලධාරීන්ය. මෙම පෝරමය නීතිය එතරම් කජ්ජක් නොවීය. ඇතැම් කෘෂිකර්ම පර්යේෂක නිලධාරීන් ළඟ පමණක් නොව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී වරුන් ළඟද එම පෝරම අලෙවි විය. ඒ අනුව අපි දුරකථනයෙන් අදාළ නිලධාරියකු සමඟ මෙසේ සංවාදයක් ඇතිකැර ගත්තෙමු.

අපි :- ‘‘මහත්තයෝ මම වී කිරණ මුදලාලි කෙනෙක් කතා කරන්නේ. නසර් මුදලාලි තමයි මේ නම්බර් එක දුන්නේ. මගේ වී ලෝඞ් කීපයක් තියෙනවා. මණ්ඩලයට දාගන්න. පෝරම් කීපයක් ගන්ඩයි වුවමනාව’’

 

වී පටවනු ලැබූ ස්ථානය



නිලධාරියා:- ‘‘ඇයි නසාර්ට දීපුවා ඉවරවෙලාද ?’’
අපි:- ‘‘ඔව්.....මටත් කීපයක් දෙන්ඩ’’
නිලධාරියා:- ‘‘හරි.....දන්නවනේ කීයද කියලා......රුපියල් දෙදහක් දෙන්ඩ එකකට. මොකද මේක රස්සාව ගහලායන වැඩක්’’ එම නිලධාරියා කීවේය.
අපි ගලේවෙල කණාදන පිහිටි වී මිලදී ගන්නා ස්ථානයේ සේවකයකුට කතා කළෙමු. ඒ වී අලෙවිකැර ගැනීමට අවශ්‍ය බව පවසමිණි. ඔහු එම ස්ථානයේ කම්කරුවකු ලෙසත් සේවය කරයි. කම්කරු වැටුප ලබා ගත්තද ඒ මහතා පිළිවෙළකට ඇඳුම් අඳියි. කළමනාකරුවකු ලෙසද පෙනී සිටියි. ඒ මහතාද අපට කීවේ කිසිදු ප‍්‍රශ්නයක් නොවන බවත් නිලධාරීන්ට පාඩුවක් නොවන පරිදි සලකන ලෙසත් ඉල්ලා සිටියේය. ඔහු එහි කළමනාකරුගේ ජංගම දුරකථනයද ලබාදුන්නේය. කළමනාකරුගේ පිළිතුර වූයේ ‘‘හොඳට වේළිලා නේද තියෙන්නේ’’ යන්නයි.

සියල්ල පටිගත කැරගත් අප ගලේවෙල දේවහුව ප‍්‍රදේශයට ගොස් ගොවීන්ගේ වී මිලදී ගන්නා පෞද්ගලික ව්‍යාපාරිකයෝ පිළිබඳ විමසිල්ලෙන් සිටි අතර වී අළෙවි කරන්නට පැමිණි ගොවින් බව පවසා මිලදී ගන්නා මිල විමසීමක්ද කළෙමු. එම ව්‍යාපාරිකයන් කියා සිටියේ නාඩු වී කිලෝව රුපියල් 22කටත් සම්බා වී කිලෝව රුපියල් 25ටත් ලබා ගන්නා බවයි. අප ඒ ආසන්නයේ සිටියදී තවත් ගොවිහු පිරිසක් පැමිණ එම ව්‍යාපාරිකයාට වී අස්වැන්න අළෙවි කළහ.
දේවහුව වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානය ආරම්භකැර දින දෙකක් ඇතුළත ගබඩාව පිරුණු බව පවසා නිලධාරීහු දේවහුව ගබඩාව වසා දැමූහ. පසුව ගොවින්ට සිදුවූයේ තම වී අස්වැන්න ගලේවෙල කණාදන පිහිටි මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට රැගෙනයාමටය. විශාල මුදලක් වියදම් කැර ගොවීන් වී රැුගෙන ගියද ගොවින්ට සිදුවූයේ දින දෙක තුන රස්තියාදු වීමටය. එහෙත් ව්‍යාපාරිකයන්ට එවැනි ගැටලූවක් නොමැත.

අප ඉතා රහසිගතව බලා සිටියදීම දේවහුව ප‍්‍රදේශයේ පෞද්ගලික වී මිලදී ගනු ලබන ව්‍යාපාරිකයෝ ගොවීන්ගෙන් අඩු මුදලට ලබාගත් වී තොග ලොරිවල පටවා ගලේවෙල කණාදන පිහිටි රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට රැගෙන යද්දී ඒ පිටු පස අපිද ගියෙමු. ලොරිය එකවරම වී මිලදී ගන්නා මධ්‍යස්ථානයට ඇතුල් කරනු ලැබීය. එහි සිටි තැරැුව් කාරයා ඔවුන් පිළිගන්තේ සිනාමුසු මුහුණෙනි.

මධ්‍යස්ථානයට ගොඩවූ අප එහි කළමනාකාර වරයා හමුවී වී මිලදී ගැනීම පිළිබඳව කතා බහක නිරතවී ගොවින්ගෙන්මදැයි වී මිලදී ගන්නේ යැයි විමසුවෙමු. ඔහු කියා සිටියේද ගොවින්ගෙන් පමණක් ගන්නා බවයි.

ගොවින් බවට සනාථ කරන රජයේ ලියවිල්ල



ඒ වන විටත් අවට වී වෙළෙන්දෝ රැසක් මධ්‍යස්ථානයට වී අළෙවි කරමින් සිටියහ. අප කළමනාකාර තැන ද සමඟමගොස් දේවහුව ප‍්‍රදේශයේ පෞද්ගලික වී මිලදී ගන්නා ස්ථානයේ සිට පැමිණි ලොරි රථයේ සිටි පිරිසගෙන් ගොව්යා කව්දැයි විමසුවෙමු. ඔවුන්ට කට උත්තර නැතිවිය. එම වී ගොවින්ගෙන් කිරාගෙන ආ බවත් මුදලාලි ළඟ තමන් සේවයකරන බවත් දිනපතාම මේ ආකාරයෙන් වී තොග මෙම ස්ථානයට රැගෙන ආ බවත් කළමණාකරු ඉදිරියේම ඔව්හු පැවසුහ. ඔවුන් සතුව තිබූ රජයේ ලියකියැවිලිද අප ඡායාරූප ගතකැර ගතිමු. ඒ සියල්ල ව්‍යාජ ඒවා බව කළමණාකරු ඉදිරියේදීම හෙළිදරව් කැර ගැනීමට අපට හැකිවිණි. එහි කළමාකරු අප සමඟ කීවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීවරයාගේ අත්සන ඇති නිසා වී මිලදී ගත් බවයි.

 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස

 

ගොවින් ලෙස පැමිණි සේවකයෝ

 



අදහස් (0)

ගොවීන්ගේ වෙස්ගත් මුදලාලිලා වී අලෙවි මණ්ඩලයට වී විකුණන හැටි

ජනක Saturday, 27 April 2013 03:01 PM

මෙව්වට ප්‍රතිචාර දාන්න නම් කවුරුවත් නැහැ නේද? (නි)

:       0       0

ආනන්ද Sunday, 28 April 2013 01:29 PM

වැඩක් නැහැ ප්‍රතිචාර දාලා... මොනවා කියලා කියන්නද මේවට? (නි)

:       0       0

පාල Sunday, 28 April 2013 04:03 PM

මොනවටද ජනක ප්‍රතිචාර දාන්නේ මේවට.අපි මොනවා ලිවුවත් රටේ ඉන්න බත් කන අයනේ ඡන්දෙ දෙන්නේ.ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඕනෑ එහෙම සමාජයක් නිසානේ අවශ්‍ය විදියට ඒක නිර්මානය කරගන්නේ. (නි)

:       0       0

නන්දන රාජපක්ෂ Monday, 29 April 2013 12:30 AM

ඕවත් වැඩද, ලොක්කෝ ගසාකනකොට? වැඩක් නැහැ අදහස් ලියලා. එහෙත් හිතේ දුකට ලියවෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site