කිසිදු හිරිකිතයක් නොමැතිව ලංකා සතොස බලධාරීන් දේශීය කෘෂි අස්වැන්න ජනතා මුදල්වලින් ලබාගෙන වළදැමීම හා කුණුවී විනාශවීමට ඉඩහැර සිටීම පිළිබඳව අපි හෙළිදරව් කරන්නෙමු.
මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව දිස්ති‍්‍රක්ක තුනෙහි මෙවර ලොකු ලූනු විශාල වශයෙන් වගා කිරීමට ගොවින් උනන්දු කරවමින් ගොවින්ට අවශ්‍ය සහනාධාර රැසක්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙන්ම මහවැලි අධිකාරිය මගින් ලබා දුන්නේ රටේ ඉලක්ක සපුරා ගැනීම සඳහායි. දේශීය ලොකු ලූනු ගොවියෝ තම වගකීම කරමත දරාගෙන වගා ආරම්භ කළහ. ඒ සඳහා රට හැම තැනටම හතර අතේ ණයවීමට ගොවින්ට සිදුවිණි. වහාම ඔවුන් දේශීය ලූනු කිලෝව රුපියල් 30 සිට 45 දක්වා වූ මිලයකට ලබාගැනීමට සැළසුම් කළහ. කැර කියාගත නොහැකි ගොවින් බහුතරයක් එම මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන්ට තම නිෂ්පාදන ලබා දුන්නේ සිදුව ඇති ණය තුරුස්වලින් බේරීමටය.
තුට්ටු දෙකට ගොවින්ගෙන් ලබාගත් ලූනු තොග ව්‍යාපාරිකයෝ ගබඩා කැර ගත්හ. සාමාන්‍ය පරිදි වෙනත් වසරවල දෙසැම්බර් මාසය වෙද්දී අප රටේ ලූනු අස්වැන්න අවසන් වෙයි. ඉතිරි අවශ්‍යතාවට විදේශ රටවලින් ගෙන්විය යුතුය. එහෙත් මෙවර දේශීය ලූනු තොග ගොවින් සතුව පැවතිනි. එසේ තිබියදී දඹුල්ලේ සහ කොළඹ ලොකු ලූනු අධිකාරිය පවත්වාගෙන යන ව්‍යාපාරිකයෝ විදේශ රටවලින් ලූනු ගෙන්වා අඩු මුදලට විකිණීමට සූදානම් වූහ.
ලූනු කිලෝවක් ලංකාවට ගෙන්වීමේදී රුපියල් 85ක් රුපියල් 90 ක් වැය වෙද්දි රුපියල් 35ට 40ට ඔවුන් අලෙවි කරන්නට විය. එම ව්‍යාපාරිකයන් එසේ අඩුවට දෙන්නේ කෙසේ දැයි බලධාරීන් සෙව්වේ නැත. දඹුල්ලේ ලූනු ගොවියෝ එම රහස පිළිබඳව බලධාරීන් දැනුවත් කළහ. ගොවින් ඉතා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ ලූනු කන්ටේනර් හරහා මත් කුඩු මෙරටට රැුගෙනවිත් එහි ලාභය නිසා ලූනු තොග අඩුවට ලබාදෙන බවයි.
ගොවින්ගේ චෝදනාව බීරි අලින්ට වීණා වයන්නාක් විය. පසුව ගොවිහු ඒකරාශි වූහ. ප‍්‍රධාන මාර්ග ආවරණය කරමින් තම ලූනු අස්වනු මහ පාරට ගෙනවිත් දමමින් ඔව්හු විරෝධතාහී නියැලෙන්නට වූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ විදේශ රටවලින් ලූනු ගෙන්වීම අත්හිටුවන ලෙසත් ගෙන්වා ඇති ලූනු වෙළෙඳපළෙන් ඉවත් කිරීමත් දේශීය ලූනු කිලෝවකට සාධාරණ මිලක්ය.
ඒ වනවිටත් ජනාධිපතිවරණයේ උණුසුම රට පුරා දැනෙන අවස්ථාවයි. එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයක් පරිදි ලංකා සතොස මගින් දේශීය ලොකු ලූනු කිලෝවකට රුපියල් 90ක සහතික මිලක් යටතේ ගොවිහු සතු ලූනු තොග මිලදී ගැනීම ආරම්භ කළහ. එම කි‍්‍රයාවලිය සතොස නිලධාරින්ගේ මල්ල පිරෙන්නට වූයේ තුට්ටු දෙකට ගොවින්ගෙන් මිලදී ගෙන ව්‍යාපාරිකයන් ගබඩාකැර තිබූ ලූනු තොග ද ගොවින්ගේ නම්වලින් ව්‍යාපාරිකයන්ටත් සතොසට ලබාදීම නිසාවෙනි.
ඒ අනුව සතොස දිස්ති‍්‍රක්ක තුනේම ගැණුම් මධ්‍යස්ථාන ආරම්භකොට මිලදී ගත් ලූනු තොග කිසිදු දැනුමක් නැතිව වී ගබඩාවල ගොඩ ගැසුවේය. පසුව ඉන් ලූනු තොග සීමිත ප‍්‍රමාණයක් කිලෝව රුපියල් 60 සහ 65 බැගින් නැවත විදේශ රටවලින් ලූනු ගෙන්වන ව්‍යාපාරිකයන් පිරිසකට සතොස අලෙවි කරනු ලැබුවේ වෙළෙඳපලේ ලූනු කිලෝවක මිල රුපියල් 100ත් 110ත් අතර මිලයක් පවතින අවස්ථාවේ දී ය.
මිලදී ගත් ඉතිරි ලූනු තොග අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් සතොසට තිබුණ ද ඒ වනවිට විදේශ ලූනු තොග ලංකාවට ගෙන්වූ ව්‍යාපාරිකයන්ගේ පිං මහිමය මෝදුවී ලංකාවේ ගොවින්ගේ ලූනු ගබඩා තුළම කුණු වෙන්නට ඉඩ හැරියේය. අඩුම තරමේ අපේ‍්‍රල් මැයි මාසය දක්වා ලංකාවට ඇති තරම් තිබූ ලූනු තොග සියල්ල ගබඩාවල කුණු වෙමින් පවතී.
ඇලහැර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප‍්‍රභාත් හිඳුරංගල මහතා මේ අපරාධය මුලින්ම හෙළිදරව් කරන්නට ඉදිරිපත් වූයේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ලූනු තොග කිලෝ ලක්ෂ හතරකට ආසන්න ප‍්‍රමාණයක් ගබඩා තුනක කුණුවී ඕජස් ගලන නිසාවෙනි. මේ ලූනු මිලදී ගත්තේ ගොවින්ට සහනයක් දීමට. රජය ගොවින් වෙනුවෙන් ගත් හොඳ තීරණයක්. ඒත් දැන් අපට තේරෙනවා සතොස කිසිදු වැඩපිළිවෙළක් නැතිව විදේශ රටවලින් ලූනු ගෙන්වන ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවක් ඉටු කළා කියලා. මොකද ලූනු මේ රටේ අලෙවි කිරීම අපහසු වුණේ නැහැ. සතොස මිලදී ගන්න පටන් ගන්න දවසේ ඉඳලා ලූනු කිලෝවක තොග මිල රුපියල් 100 කට එහා තිබුණා. අදටත් එය අඩුවෙලා නෑ. එතකොට කොහොමද මේ තොග ගබඩා කරලා තිබ්බේ. මේ අය විනාශ කළේ මහජනතාවගේ මුදල්. හිතන්න කිලෝවක් රුපියල් අනූව බැගින් කිලෝ ලක්ෂ හතලිස් පහක් මිලදී අරගෙන මොන තරම් මුදලක්ද කියලා.
මේ මුදල් විනාශය විතරක් නොවෙයි. මේ ලූනු වෙළෙඳපළට නොදැමීම නිසා අපේ රටට අවශ්‍ය ලූනු පිටරටවලින් ගෙනාවා. අපේ සල්ලි විශාල වශයෙන් පිටරටවලට ගියා. දහඩිය මහන්සියෙන් ගොවින් වගා කළේ මේ රටේ ජනතාවගේ පරිභෝජනයට. අද උණේ මේ ලූනු සියල්ල බැකෝවලින් වළවල් කපලා වලට දාන්න. මේ ලූනු මිලදී ගැනීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කරලා මේ අපරාධය කළ නිලධාරීන්ගෙන් එම මුදල අයකරගත යුතුයි කියලයි මම ඉල්ලා සිටින්නේ.
මේ ලූනු තොග ගබඩාවල කුණු වෙලා. ඒ අවට ජනතාවට බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් ඇති වෙලා. හුස්ම ගන්න බෑ.
මේ ලූනු විනාශය පිළිබඳව අප සොයා යද්දි තවත් විශේෂ දෙයක් හෙළිදරව් විය. එනම් ගොවින් රැසකගේ ලූනු ලබාගෙන සතොස එම ගොවින්ගේ බැංකු ගිණුම්වලට මෙතෙක් මුදල් බැර කැර නැත. එම ගොවින් මාසයක කාලයක් සතොස නිලධාරීන්ට කතා කළද තමන්ට මෙතෙක් සහනයක් ලැබී නැත. දඹුල්ලේ ගොවියකු වූ වී. ජී. ජයසුන්දර මහතා කීවේ තමන් මේ පිළිබඳව සියලූ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් විසඳුමක් ලැබී නැති බවය. බැංකුවලින් ලබාගත් වගා ණය සඳහා ඇතැම් ගොවින්ට නඩු පැවරීමට පවා සූදානම් කැර තිබෙන බවද හෙතෙම කීය.
ලොකු ලූනුවලට සිදුව ඇති තත්ත්වය පිළිබඳව ලංකා සතොස ආයතනයේ ප‍්‍රාදේශීය කළමනාකරුවකු වූ එරංග ඒකනායක මහතා ලූනු මිලදී ගැනීම් භාරව කටයුතු කළේය. අපි ඒ මහතාගෙන් සිදුව ඇති දේ පිළිබඳව විමසීමක් කළෙමු. ඔහු කීවේ දැනට කිලෝ ලක්ෂ 45 කට වැඩි ප‍්‍රමාණයක් ලබා ගෙන ඇති බවත් යම් ප‍්‍රමාණයක් ව්‍යාපාරිකයන්ට ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි නිදහස් කැර අනෙක් ලූනු තොග නරක්වී ඇති බවයි. එම ලූනු තොග විනාශ කිරීමට යන බවද කීවේය. එම ප‍්‍රමාණය කොතෙක්ද අලෙවි කළේ කොතෙක්ද යන්න ඉහළ බලධාරීන් දැනුවත් කැර තිබෙන බවද කීවේය.
කෙසේ වෙතත් ජනතාව කියා සිටින්නේ මේ ආකාරයෙන් ජනතා මුදල් විනාශය පිළිබඳව නව රජය හෝ සොයා බලා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බවයි. ලොකු ලූනු ගබඩා කිරීමේ ක‍්‍රමවේද තිබියදී ඒ පිළිබඳව කිසිදු අවදානමක් නොතකා සතොස ආයතනයේ සේවකයන්ගේ අභිමතය පිළිබඳව කි‍්‍රයා කිරීම නිසා සිදුවූ විනාශයක් බවයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඡන්ද උණුසුමේ ගොවීන්ගෙන් ගත් ලූනු තොග කුණුවෙලා
අශෝක රළපනාව Tuesday, 20 January 2015 10:01 AM
මේවා කරන අයට විතරක් නෙමෙයි බලන අපිටත් එක්කම හෙන ගහයිද දන්නේ නැහැ. ගොවියෙක් වෙලා බලයට ආපු ජනාධිපතිතුමත් මේ වගේ දේවල් වලට පිලියම් කරාවි කියා අපි බලාගෙන ඉන්නවා (නදී)
කාලිංග Tuesday, 20 January 2015 10:22 AM
අනිවාර්යයෙන්ම මෙයට හවුල්වූ සියලු නිලධාරීන්ගෙන් අපතේ ගිය මුදල අයකර ගත යුතුය. (නදී)
අසෝකා Saturday, 24 January 2015 07:45 PM
මේවා කල්තබාගන්න ක්‍රම නැද්ද? එහෙම කල් තබාගත හැකි විවිධ ආකාරයේ ක්‍රම මේ ගොවි මහතුන්ට හඳුන්වා දෙන්න. නැත්නම් මේක මහා අපරාධයක්. (නි)