X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


ජංගම දුරකතනයෙන් දෙවියෝ වඩිති

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආගමන පරිශ්‍රයේ වියට්නාම් ජාතික කාන්තාවක් හඬමින් සිටියාය. වියට්නාම භාෂාව හැර වෙනත් භාෂාවක් නොදන්නා ඇයට උදව් කිරීමට හැකි කිසිවෙක් නො විය. ඇය වියට්නාම් ජාතික කාන්තාවක් බව හඳුනාගත හැකි වූයේද ඇයගේ ගමන් බලපත්‍රය අත තිබූ බැවිනි. 

ප්‍රධාන ආගමන විගමන නිලධාරි  යාපා මහතාත් තවත් නිලධාරියකුත් දන්නා තරම් භාෂාවලින් කථා කළද පලක් නො විය. ඇයට ඒ කිසිවක් නොවැටහිණ. අවසානයේ එක් විසඳුමක් ලැබුණි. ඒ ඇය සතුව තිබූ ජංගම දුරකථනයයි. 


ශ්‍රී ලාංකික නිලධාරියා දුරකථනයේ ගුගල් ට්‍රාන්සලේටර් හරහා වියට් භාෂාවට පරිවර්තනය කර කළ යුතු දේ පෙන්වූයේය. ඇයද වහා ක්‍රියාත්මක වී ඇයට අවශ්‍ය දේ වියට් භාෂාවෙන් ලියා එය ඉංග්‍රිසියට පරිවර්තනය කර පෙන්විමට සමත් වූවාය.  

ඒඅනුව දින දෙකක් කෑමක් නැතිව වතුර පමණක් පානය කරමින් සිටින බවත් මිළඟ ගුවන් යානයෙන් වියට්නාමයට යාමට ක්‍රියා පිළිවෙළ නො දන්නා බවත් උදව් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. 

ඇයට කෑමට යමක් සපයා දීමට ප්‍රධාන ආගමන විගමන නිලධාරි මහතා වහාම ක්‍රියා කළ අතර අදාළ ගුවන් සමාගම් වලටද කථාකර සියල්ල විසඳීමට හා ගූගල් පරිවර්තකය මඟින් සියලු ක්‍රමවේදයන් ඇයට දැන්විමටත් ශ්‍රී ලංකා නිලධාරීන්ට හැකිවිය. 

එය අහඹු හුදකලා සිදුවිමක්වුවත් අවසානයේ ඇය ශ්‍රී ලාංකිය නිලධාරීන්ට ස්තුති කරමින් 
සිය දුරකතනයේ සටහනක් තැබුවාය. වියට්නාම් බසින් තැබු සටහන ඉංග්‍රිසියට පර්වර්තනය වූ ආකාරය මෙසේ විය. 

"Thank you. Finally god led me to the humans."
‘‘ ඔබට ස්තුතියි, දෙවියන් අවසානයේදී මා මිනිසුන් අතරට යැව්වා‘‘ යයි එයින් කියැවිණි.



අදහස් (15)

ජංගම දුරකතනයෙන් දෙවියෝ වඩිති

sachith Tuesday, 22 August 2017 06:46 AM

මෙන්න මේවගේ දේවල් වලට තමා තාක්ෂනය යොදා ගන්න ඕනි,

:       0       190

mahinda italy Tuesday, 22 August 2017 10:03 AM

එකෙන් පෙනෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කම. නැතිනම් පර්යන්තයට එන විජාතිකකයෙක් රස්තියාදු වෙන්නේ කොහොමද ? දවස් දෙකක් එකතැන ඉන්නකොට එයාගේන් ඇහුවේ නැත්තේ මොකද වෙලා තියේන්නේ කියලා නිලදාරීන් මොකද කරන්නේ?

:       67       598

GuneTuesday, 22 August 2017 02:05 PM

කොහේද කියලා තියෙන්නේ මේ එක තැන ඉඳලා කියලා. කොච්චරනම් මිනිස්සු ඉන්න තැනක්ද.... මොනවා හරි හොඳ දෙයක් කළාම වැරැද්දක්මත් හොයන්න එපා...

:       0       0

බණ්ඩාර -කැකිරාව Tuesday, 22 August 2017 10:53 AM

ගුගල් වොයිස් සර්ච්, ගුගල් මැප් සහ ගුගල් ට්‍රාන්සලේටර් වල වැදගත්කම අපේ හොදට තේරුම් ගියොත් යාතන් ඇති ,එහෙත් අපේ කට්ටිය ස්මාර්ට් ෆොනේ බවිතා කරන්නේ වෙන දෙවල්වලටයි.

:       0       81

mahinda italy Tuesday, 22 August 2017 01:47 PM

බණ්ඩාර මහත්මයා,මම ඔයත් එක්ක 100% එකග වෙනවා නමුත් අපේ ඉහල නිලතල දරන මහත්වරු ඒ දේවල් පාවිච්චි කරන්නේ ගුගල් වොයිස් සර්ච්, ගුගල් මැප් සහ ගුගල් ට්‍රාන්සලේටර් වල වෙන වෙන දේවල් වලටටනේ එකනේ වෙලා තියෙන්නේ. සමහරු ලග ලොකු ෆෝන් තියනවා අනුන්ට පෙන්න නමුත් ඒක පාවිච්චි කරන හැටි දන්නේ නැහැ,,.

:       0       0

Lal Tuesday, 22 August 2017 02:26 PM

කොහොමද? ගෝඩ්ගේ තාක්ෂණය නිසා යන්තම් ගොඩගියා.

:       0       0

Achini samanmali Tuesday, 22 August 2017 03:00 PM

දවස් දෙකක් වෙනකං කාගේත් අවධානයට යොමු නොවීම තුළින් පැහැදිලි වෙන්නේ ගුවන් තොටුපලේ ඇති අනාරක්ෂිත බව.

:       0       0

srimala Tuesday, 22 August 2017 09:30 PM

දින දෙකක් ගුවන් තොටේ රැඳී සිටින විදේශික කාන්තාවක් අපගේ ගුවන් තොටුපලේ ආරක්ෂක අංශ වලට නොදැනීම සහ ඇසනොගැටීම ඉතා කණගාටුදායකයි... සහ අනතුරුදායකයි.

:       0       1

janatha anura U A E Wednesday, 23 August 2017 11:20 AM

අප රටේ කිසිවෙකුත් අතරමන් වන්නේ නැහැ අපි එසේ පතමු ,10වසරක් කටුනායක ගුවන් තොටේ වැඩ කලා එකල සබාපති අර්ටිගල සහ ජෙනරාල් රණතුංග ගුවන් හමුදාවේ මහත්වරු අපි බොහොම විනීතව කඩිසරව අපේ රාජකාරිය කලා ගුවන් ධාවන පථය , ගුවන් පාලක මැදිරි ගොඩනැගිල්ල ඉංජිනේරු අංශයේ වැඩ කලා කිසිම විටෙක අතපසු වීම් බැහැ, දැඩි පාලනයක් තිබුනත් අද එහි වටිනාකම තේරෙනවා ගෙදර යන දවසට

:       0       0

lalith Wednesday, 23 August 2017 02:30 PM

අපරාදේ අර ප්‍රධාන ආගමන, විගමන නිලධාරිතුමයි, අනික් නිලධාරියයි මහන්සිවෙලා තමයි ෂට් භාෂා පරමේෂ්වර විභාගේ ගත්තේ...

:       0       0

Shana Wednesday, 23 August 2017 05:17 PM

දවස් දෙකක් තිස්සේ මේ නිලධාරින් මොනවා කළාද.. කෑමක් නැතුව වතුර ටිකක් නැතුව මේ වියට්නාම් ජාතික කාන්තාව අපේ ගුවන්තොටුපලේ නිලධාරින්ගේ අැස ගැටෙන්නේ නැතුව ඉඳීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න. ගූගල් ට්‍රාන්ස්ලේට් කියන්නේ අපි කවුරුත් දන්නා භාෂා පරිවර්තක ඇප් එකක්... ඉතින් ඒක විශේෂයෙන් මේ ගුවන් තොටුපොළවල ඉන්න නිලධාරීන් දැනගෙන සිටිය යුතුමයි. දවස් දෙකක් ගතවීම මහා විහිළුවක් ඇයට උදව්වීමට ගතවීම. පැසෙන්ජර්ස්ලා ගැන මීට වඩා සැලකිලිමත් වීම රටක් හැටියට මේ සිද්දිය පාඩමක් හැටියට ගත යුතුය. හැමෝම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරාට එ්කෙන් ස්මාර්ට් විදියට වැඩ ගන්න ගොඩක් දෙනෙක් දන්නේ නෑ.

:       0       0

අබරන් Wednesday, 23 August 2017 11:02 PM

මෙයා වියට්නාමයේ ඉඳල කටුනායක ගුවන්තොටුපොළ බලන්ට ඇවිත්ද...නැත්නම් ලංකාවේ ඇවිදපු කෙනෙක්නම් කොහොමද දන්නේ නැහැ බාසාව නොදැන ඒවා කරගත්තේ...කියපුගමන් කොහොමද ගුවන්යානයකට පටවල ඇරියේ...විමසා බැලිය යුතු දෙයක්...

:       0       0

Gunasekara Thursday, 24 August 2017 10:17 AM

අදාළ වියට්නාම් ජාතික මැය පැමිණ තිබෙන්නේ සෞදි අරාබියේ සිට ඩුබායි, ශ්‍රී ලංකාව, මැලේසියා හරහා වියට්නාමයට යාමටයි. ඇය සෞදියේ ගෘහ සේවිකාවක්. ඇයට එහිදී ඇතිවූ යම් ප්‍රශ්ණයක් මත නැවත සිය රටට යාමට පැමිණි ගමනේ එක් ට්‍රාන්සිට් පොයින්ට් එකක් තමයි කටුනායක... ඇයට කටුනායක සිට මැලේසියාවට ගුවන් යානය තිබී ඇත්තේ මෙරටට ගොඩ බැස පැය දෙකකින් වගේ. ඇය ඩුබායි සිට පැමිණ ඇත්තේ එමිරේට්ස් සමාගමට අයත් යානයකින්. කෙසේ හෝ ඒ පැය දෙකක කාළය තුළ ඇයට මැලේසියාවට යාමට නියමිතව තිබූ ගුවන් යානය මගහැරී තිබෙනවා. පසුව තමයි ඇය හඬමින් සිටිනාවිට අදාල නිළධාරීන් ඇයගේ ප්‍රශ්නයට විසඳුමක් දී ඇත්තේ. එහිදී ආගමන, විගමන නිලධාරින් ඇගේ කුසගිනි නිවා ගුවන් සමාගමට ඇයව බාර දී තිබෙනවා. ඇයට වියට්නාමයට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා. අදාල ගුවන් සමාගමේ නිලධාරිනුත් මේ ගැටලුවට ඉතා ඕනෑකමින් විසඳුම් ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා. (කොහොමටත් එය ඔවුන්ගේ වගකීම). ඇය දින දෙකක් ලංකාවේ එයාර්පෝට් එකේ සිටි බවක් සිතන්න එපා. ඇය ලංකාවට එන ගමන දින දෙකක් තිස්සේ සිදුවෙලා. සෞදි අරාබියේ ආගමන විගමන ගැටළු තියෙන්න ඇති. ඒ නිසා ඇයට ලංකාවට එන ගමන සඳහා දින දෙකක් ගතවෙන්න ඇති...

:       0       778

SiriPerera Saturday, 26 August 2017 09:37 PM

ගුණසේකර මහත්මයා හරියටම කතාව කිව්වා. හැමෝම හදන්නේ මේ වගේ දෙයක් අපේ නිලධාරීන් පිටින් යවා දොස් කියන්න. ඒක වැරදියි. හරියට කාරණා නිරීක්ෂණය කරලා ප්‍රකාශ නිකුත් කරන්න. ආගමන නිලධාරින්ගේ ක්‍රියාව අගය කරමි.

:       0       48

sirisena mudiyannegama Friday, 01 September 2017 10:22 AM

කවුරු මේ දිහා මොන විදියෙන් බැලුවත් තැනට ගැලපෙන නුවණ පාවිච්චි කරන තැනට අවශ්‍ය තාක්ෂනික ක්‍රමවේද හොයන මොන යම් ක්‍රමයකට හො උදව්වක් කරලා ප්‍රශ්නය නිරාකරණය කරන රාජකාරියක්ම කියල නොහිත බොක්කෙන්ම කල යුතු දේ කරන උතුම් මිනිස්සු අපි අතර ඉන්නවා කියන එක අමතක කරන්න නරකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site