X Advertisement
IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


ජන ප්‍රමිතියකට යටිතල පහසුකම් සැලසිය යුතු ඇයි

මෙරට ජනගහනයට සමානුපාතික ලෙස රෝහල් ස්ථාපිතවී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාවලින් හෙළිවන බව අප පුවත්පත ඉකුත්දා අනාවරණය කළේය.

පළමුව අවධාරණය කළ යුතු කරුණක් තිබේ. මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස හා සෞඛ්‍යය ප්‍රධාන වේ. ‘‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් මොකද වෙන්නේ?’’ කියන කාරණය වටහා ගැනීම අසීරු නැත. “ආරෝග්‍යා පරමාලාභා” යන්නෙන් කියැවෙන්නේද එයයි. එහෙයින් රටක සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ඉතා ප්‍රශස්ත තලයක තිබිය යුතුය. ලාංකික සෑම පුරවැසියකුටම සමසේ බෙදී යායුතුය. පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන කී නොකී සැම දනව්වකටම එකසේ පහසුකම් සැලසිය යුතුය. එසේ නම් ජනගහනය අනුව ඒ ඒ ගමට රෝහල් පහසුකම් සමානුපාතික ලෙස ස්ථාපිත විය යුතුය.

ආසියාවේ ආශ්චර්යය කරා අප ගමන් කරමින් සිටියේත් මාස 60න් අලුත් රටක් නිර්මාණය කරමින් සිටින්නේත් ඉහතින් දක්වා ඇති පරිදි සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ බරපතළ විසමතා පවතිද්දීය. මෙම විසමතා එලෙසින්ම පවතිද්දී සංකල්පවලට පෑ හැකි ප්‍රාතිහාර්යයක් නැත.

අප පුවත්පතට අනුව අම්පාර දිස්ත්‍රික්කයට අයත් කල්මුණේ ප්‍රදේශයේ පමණක් මූලික රෝහල් 6ක් ස්ථාපිත කර තිබේ. එහෙත් මාතර දිස්ත්‍රික්කයටම ඇත්තේ මූලික රෝහල් දෙකක් පමණි. කල්මුණේ ප්‍රදේශයේ ජනගහනය හතළිස් දහසකි. මාතර දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්‍ෂ 9කි. හතළිස් දහසක් සිටින කල්මුණේ ප්‍රදේශයට මූලික රෝහල් 6ක් ස්ථාපිත වනවිට ලක්‍ෂ 9ක් ජනතාව සිටින මාතර දිස්ත්‍රික්කයට මූලික රෝහල් දෙකක් ස්ථාපිත කිරීමෙන් විෂමතාව ඉතා පැහැදිලිය.

වතු රෝහල්, ග්‍රාමීය රෝහල්, මූලික රෝහල්, ශික්‍ෂණ රෝහල් හා දිස්ත්‍රික් රෝහල් වශයෙන් රෝහල් වර්ග ගණනාවකි. ඒ ඒ රෝහල්වල ඇති පහසුකම් සේවා ආදියට අනුව එම වර්ග කිරීම් කරනු ලැබේ. රෝගියකුට පහසුවෙන් ළඟාවීමට හැකිවීම, ජනගහනයේ සමානුපාතික බව ආදී නිර්ණායක මෙහිදී සැලකිල්ලට ගනී. කල්මුනේ ප්‍රදේශයට මූලික රෝහල් 6ක් ස්ථාපිතවනවිට මාතර දිස්ත්‍රික්කයටම මූලික රෝහල් 2ක් පමණක් ස්ථාපිත කිරීමෙන් සෞඛ්‍ය බලධාරීන් මාතර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් දක්වා ඇති ආකල්පය පිළිබඳව ප්‍රශ්නයක් ඇතිවෙයි. මෙහි ප්‍රශ්නය වන්නේ කල්මුණේද මාතර ද යන්න නොව, ජනගහනය සාධකයක් ලෙස ගෙන රෝහල් ස්ථාපිත කිරීමට බලධාරීන් කටයුතු කිරීමෙන් ජනයාට සිදුවන අසාධාරණය සම්බන්ධයෙනි. 

බදුල්ල දිස්ත්‍රික්කයටම ලැබී ඇත්තේ  මූලික රෝහල් තුනකි. එහි ජනගහනය ලක්‍ෂ 9කි. මොණරාගල දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්‍ෂ 5ක් වන අතර ස්ථාපිත කර ඇති මූලික රෝහල් ගණන තුනකි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය ලක්‍ෂ 16කි. එම ලක්‍ෂ 16 සඳහාම ස්ථාපිත කර ඇති මූලික රෝහල් ගණන පහකි. රත්නපුර දිස්ත්‍රික්කයේ මූලික රෝහල් හතරක් ස්ථාපිත කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්‍ෂ 10කි.

තවත් දිස්ත්‍රික්කවලින් උදාහරණ ගත හැකිය. එහෙත් උපුටා දක්වා ඇති උදාහරණවලින් හතළිස් දහසක් සිටින කල්මුණේට මූලික රෝහල් 6ක් ස්ථාපිත කිරීමේ විෂමතාව ඉඳුරාම ප්‍රත්‍යක්‍ෂ වේ. මෙතරම් විෂමතාවක් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව පැවැතිය හැකිද යන්න ද විමසිය යුතුය. අප ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වූ වැඩබලන සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා ප්‍රකාශ කර තිබුණේ යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ ප්‍රහාරවලින් තුවාල ලැබූ හමුදා සෙබළුන්ට හා සාමාන්‍ය ජනතාවට ප්‍රතිකාර කිරිමේ අරමුෙණන් නැගෙනහිර පළාතේ රෝහල් සංවර්ධනය කෙරුණු බවය. ඔහු තවත් හේතු දක්වා තිබිණි.

කල්මුණේ ප්‍රදේශයට මූලික රෝහල් 6ක් ලැබීමට ආසන්න හේතුව යුද්ධයවී නම් මෙරට වැඩිම රෝහල් ප්‍රමාණයක් ස්ථාපිතවී තිබිය යුත්තේ උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේත්, උතුරුමැද පළාතේත්ය. එහෙයින් යුද සාධකය ඉදිරිපිටට දැමීම විෂමතාව වසන් කිරීමට ගන්නා අසාර්ථක උත්සාහයකි. 

දේශපාලනය සම්බන්ධයෙන් යම් පමණක අවබෝධයක් ඇති ඕනෑම අයකු පිළිගන්නා කාරණයක් තිබේ. එනම් යම් ප්‍රදේශයක් සංවර්ධනය වන්නේ එම පළාතේ සිටින දේශපාලන බලවතාගේ ශක්තිය මත බවය.

සමහර දේශපාලනඥයෝ තමන්ගේ බළපුළුවන්කාරකම් ප්‍රසිද්ධියේම කියති. අතීතයට පමණක් නොව මෙකල ද එය එසේමය. ඇතැම් පළාත්වලට දරාගත නොහැකි තරමේ සංවර්ධන ව්‍යාපෘතිද තිබේ. ජනතාවට සෙතක් නොවන ප්‍රයෝජනයක් නොවන සංවර්ධන ව්‍යාපෘති කුමක් සඳහාද? බොහෝ ව්‍යාපෘති තම ප්‍රතිරූප නංවා ගැනීම සඳහා බවට සැකයක් නැත.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් දියුණු විද්‍යාත්මක සැලැස්මකට ප්‍රමිතියකට යටත්වය. එහෙත් අප රටේ එවැන්නක් දක්නට නැත. මේ සම්බන්ධ වගකීමක් රාජ්‍ය නිලධාරීන්ටද තිබේ. දේශපාලනඥයන්ගේ මනදොළ සැපිරීම සඳහා ඔහු සතුටුවන ආකාරයට සියල්ලටම එහෙයි නොකියා මහජනයාගේ මුදල් යොදවා මහජනයා වෙනුවෙන්ම ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති විධිමත් ලෙස සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමය, සිදු නොවන්නේත් එයම නම් රටපුරා කල්මුණේ වැනි ප්‍රදේශ බිහිවීම වැළක්විය නොහැකිය.



අදහස් (2)

ජන ප්‍රමිතියකට යටිතල පහසුකම් සැලසිය යුතු ඇයි

පිනා Friday, 01 February 2019 05:54 AM

පවු-ෂික් වැඩ තමයි

:       0       1

අමින්ද Thursday, 07 February 2019 06:43 AM

ස්තුතියි ලිපියට. තවත් කරුණක් මෙහිලා මතු කරමි. රට පාලනය කරන පුද්ගලයන් නිවැරදි දැක්මකින් කටයුතු කළ යුතුය. ඔවුන් පිලියම් කිරීමට පමණක් සිටිය යුතු නොවේ. සැලසුම් කිරීමට ද සිටිය යුතු වේ. රටක ජාතිය නිරෝගීමත් ජාතියක් බවට පත් කිරීමට සැලසුම් සකස් කළ යුතු අතරම රෝගී පුද්ගලයන්ට විෂමතාවයකින් තොරව නිරෝගීභාවය ලබා ගැනීම උදෙසා කටයුතු කළ යුතුව ඇත. රටක නිරෝගී ජනතාව එම රටේ සංවර්ධනයේ එක් පැතිකඩක් වන අතරම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සාධාරණත්වය හා ගුණාත්මක භාවය තවත් පැතිකඩකි. අවශ්‍ය වන්නේ මේ දෙකම ගොඩනැංවීමට තරම් ප්‍රභල ප්‍රතිපත්ති සකස් කිරීම වේ. එම කාර්යය දේශපාලනඥයන්ට පවරා අතපිසදාගැනීම අප සිදු කර ඇති ප්‍රභල වරදකි. රටේ උගතුන් හා විද්වතුන් රටට ප්‍රතිපත්ති සකස් කළ යුතු අතර එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ට පැවරෙන අතර ඒ සඳහා අවශ්‍ය බලගැන්වීම හා පහසුකම් සැපයීම දේශපාලනඥයා විසින් සිදු කළ යුතු වේ. අප සිදු කරන්නේ ඒ සියල්ල එක් අයෙකුට පවරා බලා සිටීම නොවේ ද? ඉහත ලිපියෙන් දක්වා ඇත්තේ එලෙස සිටීමේ ප්‍රතිවිපාක වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site