X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ජනපති අබියස අභියෝග විශාලයි

පාර්ලිමේන්තුව මුළු රටම නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයක් බවට ඊයේ පත්විය. ඊයේ පැවැති ඒ ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ය. කෘතහස්ත පරිණත, අත්දැකීම් බහුල දේශපාලනඥයකු වන අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ‘ලංකාදීප’යේ උණුසුම් සුබපැතුම් පළමුව පිරිනමමු.

මෙරට දේශපාලන ඉතිහාසයට ඊයේ අලුත් අත්දැකීමක් එක්විය. ඒ ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ අවස්ථාව හිමි වූ හෙයිනි. එබඳු අවස්ථාවක් හිමි වූයේ හිටපු ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවූ හෙයිනි. සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත් වූ ජන විරෝධය හමුවේ ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට නොවීය.

එම ජන විරෝධය කොතරම් ප්‍රබලව මහෝඝයක් සේ රළ ගසා පෙරට ආවේද යත් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට රටෙන් ද පිටවීමට සිදුවිය. එබඳු දුක්ඛිත ඉරණමකට මුහුණ දුන් මෙරට ඉතිහාසයේ පළමු ජනාධිපතිවරයා ලෙස ද ඔහු ඉතිහාසයේ ඉඩක් වෙන්කර ගත්තේය. එකී සිදුවීම් මාලාව එයට හිමි නිසි ගැඹුරින් අධ්‍යයනය කිරීම අභිනව ජනාධිපතිවරයා ඉදිරිපිට ඇති පැහැර හැරිය නොහැකි පළමු වගකීම වේ.

ගුවන් නියමුවන්ට පුහුණුවේදී දෙන පළමු උපදේශය වන්නේ ‘ඔබට අත්වැරැද්දකට ඉඩක් නැත’ යන්නය. ගුවන් නියමුවන්ට පමණක් නොව රටක නියමුවා වන ජනාධිපතිවරයාට ද එම උපදේශය වලංගු වේ. ‘මේ ඛේදවාචකය මා කැන්දූ එකක් නොවේ.

මා ගත් ඇතැම් තීරණ වැරැදියි.’ ආදී ලෙස පැවැසීම ජනාධිපතිවරයාට පමණක් නොව සාමාන්‍ය පුරවැසියකුට වුවද නොහොබී. රට වෙනුවෙන් තීන්දු තීරණ ගත යුත්තේ තුන් කල් දක්නා ඉසිවර නුවණින්ය. මග නොමග කලින් දැකීමටත් ඒ අනුව කෙළින් තීරණ ගැනීමටත් ජනාධිපතිවරයකු සමත් විය යුතුය. අභිනව ජනාධිපතිවරයා තුළ එම හැකියාව නොඅඩුව ඇතැයි අපි විශ්වාස කරමු.

අප මේ ගෙවා දමමින් සිටින්නේ ඉතිහාසයේ මෙතෙක් හමු නොවූ දවස්ය. ආර්ථිකය මෙතරම් බංකොලොත් වූ යුගයක් ඉතිහාසයේ නැත. බඩු මිල මෙතරම් ගුවන්ගත වී ජනයාට දිවංගත වීමට සිදුවූ ශාපලත් යුගයක් ද ඉතිහාසයේ නොවීය. අතේ ඇති මුදලට ඉන්ධන ලබා ගැනීමට දවස් හතර පහ සාපිපාසිතව පෝලිම්වල නිරා දුක් විඳීමට අපේ පැරැන්නන්ට සිදුනොවීය. ගෑස් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රස්තියාදු වීමක් ද නොවීය. නව ජනාධිපතිවරයාගේ දෙවැනි වගකීම වන්නේ මේ මල පුඩුවෙන් රට නිදහස් කර ගැනීමය.

ඉකුත් දෙතුන් මස තුළදී තරම් ජනයාගේ ඇත්ත අධ්‍යාත්මය මෙතරම් විවෘත ලෙස පිටතට නිරාවරණය වූයේ නැත. හැත්තෑහතර වසරක මහලු, මජර, අශිෂ්ට, අනීතික දේශපාලන සංස්කෘතියට එරෙහිව ජනතා විරෝධය පුපුරා ගියේය. ‘අප තවදුරටත් ඉවසන්නේ නෑ’ යන පණිවිඩය ගම් නියම්ගම් නගර ජනපද සිසාරා පැතිර ගියේ ගංවතුරක් මෙනි.

අපට පෝලිම්වල දිවා රෑ දෙකෙහි දුක් විඳ මිය යාමට සිදුව තිබෙන්නේ මේ මජර දේශපාලන පාදඩයන් නිසා යැයි ජනතාව සිතති. එහෙයින් අභිනව ජනාධිපතිවරයාට මග හැර යා නොහැකි වගකීමක් වන්නේ ඒ ජනයාගේ කඳුළ සිනාවකටත් වෛරය බලාපොරොත්තුවක් බවටත් පත් කිරීමය.

කප්පිත්තෙකු නැති නෞකාවක් මෙන් අප රට ඉකුත් සමයේ පැවතුණි. ඒ තුළ ජනයාගේ බලාපොරොත්තු බිඳ වැටුණි. අපේක්ෂාභංගත්වය රජ විය. ජීවිතය කසාය මෙන් තිත්ත විය. මානව සබඳතා බිඳවැටුණු අරාජිකත්වයෙන් පිරි රටක් නිර්මාණය විය. එබඳු පරිසරයක අලුත් බලාපොරොත්තු දලුලන්නේ නැත. එහෙයින්ම එබඳු රටකට ඉදිරියට යා නොහැකිය. ඒ රට කරා නොවැළැක්විය හැකි පරිදිම උරුම වන්නේ පරාජය හා විනාශය පමණි. අභිනව ජනාධිපතිවරයාගේ වගකීම අතිශයින්ම බරපතළ හා සුවිශාල වන්නේ එහෙයිනි.

රනිල් වික්‍රමසිංහ අභිනව ජනාධිපතිවරයාට, අගමැතිවරයාට කැබිනෙට්ටුවට හා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ට අලුතෙන් ඉගෙන ගැනීමට යමක් නැත. ඉකුත් සමයේ මහජනයා සියල්ලම සියල්ලන්ටම උගන්වා තිබේ. එහෙයින් කොයි කවුරුත් පැරැණි මාවතෙන් බැහැර විය යුතුය. මජර පක්ෂ දේශපාලනයෙන් මිදිය යුතුය. බඩ රස්සාවක් බවට පත්කර ගත් දේශපාලනය සැබෑ මහජන සේවයක් බවට පත්කළ යුතුය. ඒ වෙනුවෙන් අව්‍යාජව කැපවිය යුතුය.

මහා දේශපාලන සුළි කුණාටුවකින් පසු දේශපාලනය ඊයේ සිට අලුත් ගමනක් ආරම්භ කළේය. රට යන්නේ අලුත් හා වෙනස් ගමනක්ද යන්න අද තීරණය කළ නොහැකිය. ඒ සඳහා සාධාරණ කාලයක් දිය යුතුය. 

අභිනව ජනාධිපති මහතා තේරුම් ගත යුතු වන්නේ මෙම වගකීම් තමන්ට අන්තර් කාලයකට බවය. එම කෙටි කාලය තුළ සියල්ලන්ගේම සහාය ලබා ගනිමින් ඇදවැටුණු රට කෙළින් කරවීමට ඔබට ශක්තිය ලැබේවා යන්න ‘ලංකාදීප’යේ ප්‍රාර්ථනාවය.

(***)



අදහස් (5)

ජනපති අබියස අභියෝග විශාලයි

ganegoda Thursday, 21 July 2022 01:58 PM

ඔබතුමාටත් වෙන්නේ රුමේනියාවේ ජනාධිපති චාවෙස්කෝට සිද්ද වෙච්චි දේ තමයි.

:       0       0

sam Friday, 22 July 2022 03:11 PM

හෙණම ගහන්න ඕනේ....!

:       5       7

ganegoda Friday, 22 July 2022 04:40 PM

අභියෝග..! කන්න නැහැ, රැකියා නැහැ, අධ්‍යාපනය ගරා වැටිලා... සෞඛ්‍ය පහසුකම් නැත්තටම නැහැ. විදුලි බලය සහ ප්‍රවාහන, ගමනාගමන පහසුකම්... තවත් මොනවද රටකට වෙන්න තියෙන්නේ?

:       0       0

pakeer Saturday, 23 July 2022 11:03 PM

මොන අභියෝගද? මෙයා යන්නේ තවත් කාලා. පස්සේ එන අය මෙයාලටත් වඩා කනවා. ඊට පස්සේ එන අය ඊට වඩා කනවා. ඉන් පස්සේ ඔක්කොම කනවා.

:       0       8

fairoos Sunday, 24 July 2022 12:53 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු මෙයා රටේ ජනතාව ගැන හිතයිද?

:       0       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site