X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ජනරාල් සරත් ෆොන්සේකාට යළි සියලූ තරුපටි පදක්කම්

තිස් වසරක් පුරා මෙරට පැවති කුරිරු ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමේ සටනේ ප‍්‍රධානම පංගුකාරයෙක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පූර්ණ ජනාධිපති සමාව ලැබීම පසුගිය දින අසන්නට ලැබුණු සුබ ආරංචියකි. යුද ජයග‍්‍රහණයේදී ප‍්‍රධානියකුට හිරගෙය උරුම කිරීම සහ ඔහුගේ සිවිල් අයිතිවාසිකම් සියල්ල අහිමි කිරීම පිළිබඳ බොහෝ දෙනා සිටියේ දැඩි කලකිරීමෙනි. කළගුණ ගැන පුරසාරම් කියන පිරිස් විසින්ම මේ යුද වීරයාට උරුම කරනු ලැබූ කටුක ජීවිතයට අස්වැසිල්ලක් ලැබීම ගැන ඔහුට ආදරය කළ අයගේ මෙන්ම යුද්ධයෙන් විඳි පීඩනය තුරන් වීමෙන් ලබන නිදහස භුක්ති විඳින සැමගේද සතුටට හේතුවක් වනු නොඅනුමානය.


05ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි බලතල අනුව සරත් ෆොන්සේකාට මේ සමාව ලැබී ඇත. මහාධිකරණයෙන් සහ යුද්ධාධිකරණයෙන් ඔහුට ලබා දී තිබූ දඬුවම්වලින් ඔහු සම්පූර්ණයෙන් නිදොස් කොට නිදහස් කොට ඇත.


මේ අනුව සරත් ෆොන්සේකා වෙතින් අහිමි කරනු ලැබූ ජනරාල් ධුරයද සිවිල් අයිතිවාසිකම් සියල්ලද නැවත ලැබී ඇත. ජනාධිපති සමාව හිමිවීම නිසා ඔහුට ප‍්‍රජා අයිතිය හිමිවේ. කුප‍්‍රකට සුදු කොඩි නඩුවෙන් වරදකරු කරමින් ඔහුට දඬුවම් නියම වූ අතර වසර පහකට පසුව ඔහුට පූර්ණ ජනාධිපති සමාව ලැබීම නව රජය යටතේ ගනු ලැබූ වැදගත් තීරණයක් බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. 


1970 වසරේ යුද හමුදාවට එක්වූ සරත් ෆොන්සේකා මෙරට බිහිවූ කීර්තිමත් සෙන්පතියෙකි. 2005 සිට යුද හමුදාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව මෙහෙයවූ සරත් ෆොන්සේකා 2009 වසරේ යුද්ධය ජයග‍්‍රහණය දක්වා ගමන් කළ සටනේ සුවිශේෂීම කාර්යභාරයට උරදුන් පුද්ගලයාය. යුද ජයග‍්‍රහණයෙන් පසුව ඔහු සිය සේවයේ සිටියදීම ජනරාල් ධුරයට උසස්වීමක් ලැබීය. එසේ සේවා කාලය තුළදීම ජනරාල් ධුරයට පත් වූ ප‍්‍රථම හමුදා නිලධාරියා සරත් ෆොන්සේකා වීමද විශේෂත්වයකි.


2010 වසරේ පැවති ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කිරීම ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හේතු වූවක් විය. එතැන් සිට ඔහුට විඳින්නට වූයේ කටුක අත්දැකීම් රැුසකටය. යුද්ධය පැවති කාලය තුළදීවත් එවන් කටුක අත්දැකීමක් ඔහුට විඳින්නට සිදුවන්නට නැත. එය එතරම් අමිහිරිය. දේශපේ‍්‍රමීන් දේශද්‍රෝහීන් වීමත් දේශද්‍රෝහීන් දේශපේ‍්‍රමීන් වීමත් පසුගිය කාලය තුළ සිදුවූ ආකාරය පුදුම සහගතය. පැවති ආණ්ඩුවට පක්ෂපාතීවීම හෝ නොවීම මේ සඳහා ප‍්‍රධාන සාධකය වූ බව ප‍්‍රකට කරුණකි.


2010 පෙබරවාරි මස අත්අඩංගුවට පත් වූ සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ චෝදනාව වූයේ යුද හමුදාවට අවි ආයුද ගෙන්වීමේදී සිදුවීයැයි කියන අක‍්‍රමිකතාවන්ය. ඒ සඳහා වසර දෙකක් පමණ සිර දඬුවම් විඳි ඔහු 2012 මැයි මාසයේ නිදහස ලැබීය.


සරත් ෆොන්සේකා මෙරට බිහිවූ රණශූරයෙක් වුවත් ඔහු දේශපාලනයට පැමිණීමට ඉක්මන් වූවායැයි ඇතැම් දේශපාලන විචාරකයින් මීට පෙර පෙන්වා දී ඇත. දේශපාලනයේ අපරිනිතභාවය නිසාම ඔහු 2010 ජනාධිපතිවරණ ඡන්ද සටන කළමනාකරණය කර ගැනීමට අපොහොසත් විය. මේ වනවිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස ඔහු ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී ඇත.


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයට සරත් ෆොන්සේකාගේ මැදිහත්වීම කැපී පෙනෙන්නකි. 2010 දී ඔහු තරග කළ ඡුන්ද ලකුණ වූ හංසයා යටතේ තරග කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වූ සැණින් සරත් ෆොන්සේකාට පූර්ණ ජනාධිපති සමාව දීම කළගුණ සැලකීම පිළිබඳ පුරාජේරු කතා කළ අයට දුන් කදිම පාඩමකි.


එදා ජාතික යුද වීරයකු වූ සරත් ෆොන්සේකා අද ජාතික තලයේ දේශපාලනඥයෙකි. ඉදිරියේදී ඔහුගේ භූමිකාව මෙරට දේශපාලන ක්ෂේත‍්‍රය තුළ තීරණාත්මක එකක් වීම වළකාලනු නොහැක. ඔහුගෙන් අහිමි කළ තනතුරු පදක්කම් සියල්ල නැවත හිමිවීම ඔහුගේ චරිතය ප‍්‍රතාපවත් කිරීමට උපකාරී වනු ඇත.


ඔහු අද නිදහස් මිනිසෙකු ලෙස හුස්ම ගන්නා විට වැඩිපුරම සතුටු වනු ඇත්තේ ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා සහ දු දරුවන්ය. ඔහුගේ දුෂ්කර ජීවිතය පුරාම ඔහුගේ සෙවණැල්ල වූ අනෝමා ෆොන්සේකාගේ භූමිකාවද පැසසිය යුත්තකි. රටට රණශූරයකු වුවද ජනතාවට දේශපාලන නායකයකු වුවද ගෘහයට ඔහු ආදරණීය ස්වාමි පුරුෂයකු සහ පියෙකි.  ඕනෑම කෙනෙකු උසුලන දැඩි පීඩනයට යම් අස්වැසිල්ලක් ලබන්නේ නිවෙස තුළදීය. සරත් ෆොන්සේකාටද ඒ අස්වැසිල්ල නොලැබුණේ නම් සිත කය දෙකම නිරෝගීව තබාගත නොහැක. මේ ලැබූ නිදහස ඔහු ලද බොහෝ පදක්කම්වලට වඩා ඔහුට වටිනවා ඇත.
මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ගොදුරක්ව බියකරු අනතුරකට මුහුණ දුන් ඔහු යළිත් නැගිට සිටියේ ඔහු තුළ තිබූ අභීතකම නිසාමය. එවන් අභියෝගවලට මුහුණ දුන් මේ රණශූරයාට පසුගිය පාලනය සැලකූ අයුරු සාධාරණ නැත. තවමත් ඔහුගේ ශරීරය තුළ මූණිස්සම් කැබලි ඉතිරිව තිබෙන බව ඔහු කීප විටක පවසා ඇත. ඔහු ඒ ප‍්‍රහාරයන්ට ලක් වූයේ රට වෙනුවෙනි. එය අපට අමතක කළ නොහැක්කකි.


ලංකාවේ දේශපාලනයේ තිබෙන අශ්ශීලභාවය ප‍්‍රදර්ශනය කරමින් දේශපේ‍්‍රමියා දේශද්‍රෝහියකු වූයේ නිමේෂයකිනි. එම වරද අද නිවැරදි වී ඇත. මෙය අලූත් සමාජ සම්ප‍්‍රදායකට මුල පිරීමක් වුවහොත් හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා හට අහිමි වූ දේ නැවත ලැබීමට සුවිශේෂ අර්ථයක් එකතු වන්නේය. ලංකාවේ දේශපාලනයේද නව සම්ප‍්‍රදායනට එය පූර්වාදර්ශයක් වන්නේ නම් එය ඉතාම වැදගත්ය.

 

 

04
 



අදහස් (0)

ජනරාල් සරත් ෆොන්සේකාට යළි සියලූ තරුපටි පදක්කම්

හේරත් නිකවැරටිය Monday, 26 January 2015 07:37 AM

ජය වේවා (නදී)

:       0       0

අනුර ශාන්ත Monday, 26 January 2015 07:43 AM

ඔබ වැනි වීරයකුට හොර නඩයක් විසින් එදා කල අකටයුතුකම් වලට ශ්‍රී ලාංකිකයයෝ හැටියට අපි දුක් උනා. අද අපිට හරි සතුටයි. ඔබට ජය වේවා (නදී)

:       0       0

රොෂාන් Monday, 26 January 2015 08:53 AM

යුද ජයග්‍රහණයේ නියම උරුමක්කරුවාණනි ඔබට සුබ පැතුම් (බ)

:       0       0

ශානිකා Tuesday, 27 January 2015 03:42 AM

නියමයි. සුබ පැතුම්! (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 27 January 2015 03:54 PM

නියම වීරයෙක් කවදාවත් තරු පටි ගලවා දමා හෝ නම් කුරුටුගා දමා හෝ මරන්නට බැරිය. වීරයෙක්ව මරා දමන්න උත්සාහ කරන්නේ හොරුන්ය. මන්ද වීරයෙක්ගෙන් කරදර සිදුවන්නේ හොරුන්ට මිසක් නීතිගරුක අහිංසකයන්ට නොවන නිසා. සරත් ෆොන්සේකා මහතාගේ චරිතාපදානයෙන්ම එය අපට පසක් වෙනවා. (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 27 January 2015 11:56 PM

මෙතුමාට සිදුවූ අසාධාරණයට හවුල් වූ සියලු දෙනාට දඬුවම් කළයුතුයි නේද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 28 January 2015 02:50 PM

සුබ පැතුම් (නදී)

:       0       0

ගුරුගේ නිශාන්ත Wednesday, 28 January 2015 04:48 PM

ඔබතුමාට බෙහෙවින් ස්තූතියි! ජේසු පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site