මෙවර පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා 15044490ක පිරිසක් සුදුසුකම් ලබා සිටිති. එයින් කී දෙනකු ඡන්දය ප‍්‍රකාශ කරනු ඇතැයි ද කොපමණ ඡන්ද සංඛ්‍යාවක් ප‍්‍රතික්ෂේප වනු ඇතැයි ද අපට කිව නොහැකිය. එහෙත් ප‍්‍රතික්ෂේප වන ඡන්ද සංඛ්‍යාව අවම කර ගනු පිණිස නිවැරැදිව ඡන්දය ප‍්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව තිබෙන නීතිමය විධිවිධාන ගැන ජනතාව දැනුවත් කිරීම අතිශය වැදගත්ය.
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සැපයෙන මූලික ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන හැරුණු විට ජනපතිවරණ ඡුන්ද විමසීම සඳහා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත, 1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, 1988 අංක 16 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ (සංශෝධන) පනත යනාදී නීති මූලාශ‍්‍ර උපයෝගී කොට ගන්නා අතර මැතිවරණය ආරම්භයේ සිට ප‍්‍රතිඵල නිකුත් කිරීම දක්වා වූ සමස්ත ක‍්‍රියාවලිය නීතියට අනුව හැසිරවීමේ බලය හිමිවන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටය.
එකී ව්‍යවස්ථාමය අන පනත් වලින් සැපයෙන ප‍්‍රතිපාදන වලට අනුව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් වෙතම අදාළ ඡන්ද බල ප‍්‍රදේශයේ ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයේ පිටපතක් මෙන්ම ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව අනුව ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත‍්‍රිකා ඇතුළුව අනෙකුත් උපකරණ මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් කලට වෙලාවට සපයනු ලැබිය යුතුයි. සෑම ඡුන්ද පොළ පරිශ‍්‍රයකම ඡන්ද දායකයන්ට අවශ්‍ය උපදෙස් දැක්වෙන දැන්වීමක් මෙන්ම අපේක්ෂකයන්ගේ නම් සහ ඡන්ද ලාංඡනද ප‍්‍රදර්ශනය කළ යුතුය. මැතිවරණ කොමසාරිස්වයා දින නියම කොට ඇති ජනවාරි අටවැනි දින උදෑසන හතේ සිට සවස හතර දක්වා ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඡුන්දදායකයන්ට පුළුවන.
තමන්ගේ ජාතික හැඳුනුම්පත රැගෙන යෑම අනිවාර්ය වන අතර ඊට අමතරව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රසිද්ධ කර තිබෙන ලේඛන අතුරින් කිසියම් හෝ එකක් පෙන්වා සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව ඡන්ද දායකයාට සිය ඡන්දය භාවිත කළ හැකිය.
ඡන්ද පොළේ දී ඡන්ද දායකයාට අපේක්ෂකයන්ගේ නම් ආකාරාදී පිළිවෙළට (සිංහල හෝඩියේ අක්ෂර අනුපිළිවෙළට) සකස් කළ ඡන්ද පත‍්‍රිකාවක් ලැබෙන අතර අපේක්ෂකයාගේ නම ඉදිරියෙහි තිබෙන හිස් කොටුව ඡන්ද හිමියාගේ කැමැත්ත ප‍්‍රකාශ කිරීමට යොදා ගත යුතුය. කෙසේ වෙතත් ජනාධිපතිවරණ පනතේ සඳහන් නියමයන් ප‍්‍රකාරව මෙහිදී සැලකිය යුතු මූලික කාරණා කීපයක් තිබේ. එනම් මැතිවරණයට තරග කරන්නේ අපේක්ෂකයන් දෙදෙනකු පමණක් නම් එහිදී ඡන්ද හිමියා විසින් 1, 2, 3 යනාදී වශයෙන් මනාපය සටහන් කරනු ලැබීම අනවශ්‍ය අතර ඔහු හෝ ඇය විසින් තමන් කැමැති අපේක්ෂකයා ඉදිරියෙහි - ලකුණ හෝ අංක 1 සටහන් කර සිය ඡන්දය පමණක් සලකුණු කරනු ලැබීම ප‍්‍රමාණවත්ය.
අපේක්ෂකයන් තිදෙනකුට වැඩි පිරිසක් තරග කරන විට ඡන්ද දායකයාට සිය කැමැත්තේ අනුපිළිවෙළට මනාප සලකුණු කිරීමේ ඉඩකඩ හිමි වේ. ඒ අනුව තමන් පළමුව කැමැති අපේක්ෂකයාගේ නම ඉදිරියෙහි පළමු කැමැත්ත ද පිළිවෙළින් දෙවැනුව හා තුන්වෙනුව තමන් කැමැති අපේක්ෂකයන් ඉදිරියෙහි දෙවැනි සහ තුන්වැනි මනාප සටහන් කළ හැකිය. කෙසේ වෙතත් මෙහි පවතින අති මූලික කොන්දේසිය වන්නේ කිසියම් ඡන්ද දායකයකු සිය දෙවැනි සහ තුන්වැනි මනාප කිසිදු අපේක්ෂකයකුට ලබා නොදෙන්නේ වී නමුදු ඔහුගේ හෝ ඇයගේ ඡන්දය වලංගු ඡන්දයක් වීමට නම් පළමු මනාපය නොහොත් සිය ඡන්දය කිසියම් හෝ අපේක්ෂකයකු වෙනුවෙන් භාවිත කර තිබිය යුතු වීමය. දෙවැනි තුන්වැනි මනාප සලකුණු කර පළමු මනාපය නොහොත් ඡන්දය භාවිත නොකර තිබෙන ඡන්ද පත‍්‍රිකා වැටෙන්නේ ද නරක් වූ ගොඩටය. පාඨක ඔබගේ දැන ගැනීම පිණිස කිසියම් ඡන්ද හිමියකුගේ ඡන්දය ප‍්‍රතික්ෂේප වන අයුරු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පනතෙහි සඳහන් වන ආකාරය මෙහි උපුටා දක්වමු.
නිල සලකුණු නොදරන ඡන්ද පත‍්‍රිකා
ඡන්ද පත‍්‍රිකාවේ ඡන්ද දායකයා හඳුනා ගැනීමට අකුරු හෝ වෙනත් සලකුණු සඳහන් කර තිබීම
කිසිදු අපේක්ෂකයකුට ඡන්ද සලකුණු කර නැති පත‍්‍රිකා
එක් අයකුට වඩා ඡන්දය සලකුණු කර ඇති පත‍්‍රිකා
පළමු මනාපය නොමැතිව 2, 3 මනාප ලකුණු කර තිබීම
හිතාමතා අවලංගු කර ඇති ඡන්ද පත‍්‍රිකා
ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කිරීමේදී ඉහත නියමයන් පිළිපැදීමට විශේෂයෙන් වගබලා ගත යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ ඔබගේ වටිනා ඡන්දය අවලංගු වූ ඡන්ද ගොඩට වැටීමය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ මෙහෙමයි