X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


ජර්මනියේ හැනා නිට්ෂේ

 

 

පසුගිය දා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා වෙරළට පැපොරාසී ඡායාරූප ශිල්පීහු පිරිසක් එක් රොක් වී සිටියහ. ඔවුන්ගේ අවධානය යොමු වූයේ මූදු වෙරළේ විනෝද වෙමින් සිටි සුරූපිනියකි. පැපොරාසීන්ගේ පමණක් නොව, මුහුදු වෙරළට පැමිණි තරුණ මහලූ කාගේත් අවධානය දිනා ගැනීමට ද ඇය සමත් වූවාය. ඇය අන් කවරකුවත් නොව, ජර්මනියේ මීළඟ සුපිරි නිරූපිකාව ලෙස විචාරකයන්ගේ පැසැසුමට ලක් වී සිටින 26 හැවිරිදි ඇය හැනා නිට්ෂේ ය. 2012 වසරේ සිට ඇමෙරිකාවේ පදිංචියට පැමිණ, නිව්යෝක් කේන්ද්‍ර කර ගනිමින් මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරන හැනාගේ පෙම්වතා කෝටිපති ඇමෙරිකානු

 
 

ව්‍යාපාරික 55 හැවිරිදි රසල් සිමන්ස්ය. හැනා නිට්ෂේ උපත ලැබුවේ, 1985 වසරේ දෙසැම්බර් 13 වැනිදා, චෙක් ජනරජයේ ජෙසෙනික් නමැති පිටිසරබද කුඩා නගරයේදීය. උපතින් ඇය චෙක් ජාතිකයෙකි. ඇය හැදුණේ වැඩුණේ සුන්දර ගැමි පරිසරයකය. ගහකොළ සතා සිවුපාවාට ඇය පි‍්‍රය කළාය. ඇගේ මවුපියෝ ගොවියෝ වූහ. ඇයට කුඩා සොහොයුරෙක් සිටී. හැනාට අවුරුදු 5 පමණ වෙද්දී, ජර්මනියේ පදිංචියට යෑමට ඇයගේ මවටත් පියාටත් අවස්ථාවක් උදා විය. ඒ අනුව, නිට්ෂේ පවුලේ අය දකුණුදිග ජර්මනියේ පදිංචියට පැමිණියහ.

නිට්ෂේ පවුලේ අලූත් පදිංචිය වූයේ ෂ්වෙට්සිංජන්හි නමැති කුඩා නගරයයි. හැනා පාසල් ගියේ ද එම නගරයේ ප‍්‍රධාන පාසලටය. ෂ්වෙට්සිංජන් නගරය පිහිටා ඇත්තේ හෙයිඩෙල්බර්ග් සරසවි නගරයට ආසන්නයේය. ඒ අනුව හැනාට මනා අධ්‍යාපනයක් හිමිවිය. ඇය ඉගෙනීමට ද පි‍්‍රය කළාය. පාසලේදී විද්‍යාවට හෝ ගණිතයට හෝ ඇල්මක් නොදැක්වූ ඇය පි‍්‍රය කළේ සාහිත්‍යයට, සංගීතයට හා කලාවටය.

කෙළිලොල් යොවුන් වියේ දී හැනා පාසලේ සංගීත කණ්ඩායමට එක් වූවාය. ඒ අත් වැල් ගායිකාවක වශයෙනි. ඉන්පසු ඇය පාසල් වේදිකාවට අවතීර්ණ වූවාය. දක්ෂ නර්තන ශිල්පිනියක් ද වූවාය. එපමණක් නොව ඇය යොවුන් නාට්‍ය සන්සදයේ සාමාජිකාවක ද වූවාය.

අද ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක වුවත් එදා, පාසල් යන අවදියේදී ඇය විලාසිතා ගැන හෝ මෝස්තර නිරූපිකාවක වීම ගැන හෝ ආසාවක් නොදැක්වූවාය. විලාසිතා ගැන හැනා උනන්දුවක් දැක්වූයේ ඇගේ ආත්තම්මා නිසාය. චෙක් ජනරජයේ පදිංචි වී සිටි ඇගේ ආත්තම්මා ඇඳුම් මසන්නියක වූවාය. ඇය ජර්මනියට පැමිණෙන සෑම අවස්ථාවකදී ඇගේ අලූත් ඇඳුම් විලාසිතා ද රැගෙන ආවාය. හැනා විලාසිතා ගැන උනන්දුවක් දැක්වූයේ ඒ අනුවය.

වයස අවුරුදු 16 දී හැනා සහ ඇගේ පවුලේ අය, නිවාඩුවකට ඉතාලියේ සංචාරයක් සඳහා පිටත්ව ගියහ. එම ගමන ඇගේ ජීවිතය වෙනස් කිරීමට සමත්විය. ඉතාලි මුහුදු වෙරළකදී බිකිනියකින් සැරැුසී සිටිද්දී, ඉතාලි ඡුායාරූප ශිල්පියකුගේ අවධානයට ඇය ලක් වූවාය.

හැනාට මෝස්තර නිරූපිකාවක වීමේ අවස්ථාව උදා වූයේ ඒ සමඟය. මුලින් අදිමදි කළත්, පසුව ඇය මෝස්තර නිරූපිකාවක වීමට කල්පනා කළාය. ඒ අනුව, ඉතාලි නිවාඩුව අවසන් කර යළි ජර්මනියට පැමිණීමෙන් පසු ඇය ජර්මන් මොස්තර නිරූපිකාවන්ගේ ඒජන්සියක් සමඟ සම්බන්ධ වූවාය.

ප‍්‍රධාන පෙළේ ජර්මන් සහ යුරෝපා ඇඳුම් නිර්මාණ ශිල්පීන් සමඟ එක් වී නිරූපිකාවක ලෙස හැනා කටයුතු කරද්දී ඇය උසස් අධ්‍යාපනය ලබමින් සිටියාය. නිරූපණ ශිලිපිණියක ලෙස කටයුතු කළ ඇයට ඇගේ මවුපියන්ගෙන් හෝ පාසලේ ගුරුවරුන්ගෙන් හෝ බාධාවක් නොවිණි.

ජර්මනියේ ‘ලැම්බර්ට්ස්’ කැලැන්ඩරය ඇගේ සරාගී රුවෙන් හැඩගැන්වීමත් සමඟ ඇය ජර්මන් වැසියන් අතර ජනපි‍්‍රය වූවාය. ඉන්පසු ජර්මනියේ වඩාත් ජනපි‍්‍රය ‘බිල්ඞ් සියුටන්’හි පුවත්පතේ මුල් පිටුවේ පළවූ වෙළෙඳ දැන්වීම් කිහිපයකම ඇය පෙනී සිටියාය. ඇය දිනෙන් දින ජනපි‍්‍රය නිරූපිකාවක් බවට පත්වූවාය. ලැබූ එම ජනපි‍්‍රයත්වයත් සමඟ දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මෝස්තර නිරූපණ කටයුතුවලත්, රූප සුන්දරී තරගවලටත් එක් වීමට හැනාට ඇරැයුම් ලැබුණි. ඒ අනුව ඇගේ අත මිට ද කෙමෙන් කෙමෙන් සරු වන්න විය. ලැබුණු මුදලින් වැඩි කොටසක් ඇය ඇගේ බාල සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යෙදවීය.

‘2005 වසරේ ජර්මන් නිරූපිකාව’ තරගාවලියේ පළමු ස්ථානය හිමි කර ගැනීමට ද හැනාට හැකිවිණි. ඊට පසු වසරේදී ජාත්‍යන්තර මෝස්තර නිරූපිකාවන්ගේ තරගයක් වන ‘මොඞ්ල් ඔෆ් ද වර්ල්ඞ් ප්ලැටිනම් 2006’ තරගාවලියෙන් ද ඇය ප‍්‍රථම ස්ථානයට පත් වූවාය. පාසල් දිවිය අවසන් කිරීමෙන් පසු ඇගේ මෝස්තර නිරූපිකාවන්ගේ ඒජන්සිය ඇය විදේශවලට පිටත් කර හැරියේ ය. පැරිස්, ඇතන්ස්, ඉස්තාම්බුල්, ඩුබායි, කේප්ටවුන් යන නගරවල ඇය සංචාරය කළාය.
මෝස්තර නිරූපණ ක්ෂේත‍්‍රයේ කෙමෙන් කෙමෙන් ඉහළට යන්න හැනා මේ වන විට සමත් ව සිටියා ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස, ‘එල්’, ‘එස්ක්වයර්’, ‘කොස්මෝපොලිටන්’, ‘මාරී ක්ලෙයා’, ‘ජීකියු’, ‘ස්ටයිල්’, ‘අයිකොන්’ සහ ‘ෆිට් ෆෝ ෆන්’ වැනි ජාත්‍යන්තර සඟරා ඇගේ රුවින් හැඩගැන්විණි. මෝස්තර නිරූපණ ක්ෂේත‍්‍රයේ නමක් දිනා ගත් ටොමී හිල්ෆිගර්, එයාර්ෆීල්ඞ්, සී ඇන්ඞ් කියු සහ මැන්ගෝ වැනි ඒජන්තවරුන් සමඟ එක් වී කටයුතු කිරීමට ද ඇයට හැකියාව ලැබුණි.

 

 

හැනාගේ ජනපි‍්‍රයත්වය තවත් වර්ධනය වූයේ 2007 වසරේදීය. ඒ ඇය ‘ජර්මනීස් නෙක්ස් ටොප් මොඞ්ල්’ නමැති රූපවාහිනී වැඩසටහනේ මෙහෙයවීම් කටයුතුවලට එක්වීමෙන් පසුවය. ඇය චතුර නිවේදිකාවක ද වූ නිසා වැඩසටහන සිත් ඇදගන්නා අන්දමින් මෙහෙයවීමට ඇයට හැකිවිණි. මෙම වැඩසටහන මීට පෙර මෙහෙයවනු ලැබුවේ සුපිරි නිරූපිකාවක වන හීඩි ක්ලම් විසිනි.

ලොව පුරා ප‍්‍රධාන පෙළේ නගරවල ප‍්‍රධාන පෙළේ මෝස්තර නිරූපණවලට එක්වීමට හැනාට යළිත් අවස්ථාවක් උදා විය. ජර්මනියේ බර්ලීන් නුවර පමණක් නොව, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සහ නිව්යෝක් යන නගරවල මෝස්තර දැක්මවලට ඇය සහභාගී වූවාය. එපමණක් නොව, විලාසිතා සම්බන්ධ රූපවාහිනී වැඩසටහන්වල ආරාධිත රංගන ශිල්පිනියක ලෙස රංගනයෙන් ද එක් වීමට අවස්ථාවක් උදා කර ගත්තාය. ‘ටීවී ටෝටල්’, ‘එක්ස්ටී‍්‍රම් ඇක්ටිවිටි’, ‘වොක්ස්’, ‘සැට්1’ යනු ඇය සහභාගී වූ එවැනි රූපවාහිනී වැඩසටහන් කිහිපයකි.

ඇගේ ජනපි‍්‍රයත්වය තවත් වර්ධනය වූයේ රූපවාහිනියෙන් රිදී තිරයට පැමිණීමෙන් පසුවය. ඒ අනුව, යළිත් වරක් ජර්මනියේ, ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේ කාගේත් අවධානය දිනා ගැනීමට ඇය සමත් වූවාය. ප‍්‍රංශයේ එෆ්එම්එච්, ජර්මනියේ මැක්සිම් මෙන්ම දකුණු අපි‍්‍රකාවේ ‘කකූන්’ වැනි විලාසිතා සඟරා ද ඇගේ රුවින් හැඩගැන්විණි. ‘ගාලා’, ‘ඉන් ස්ටයිල්’, ‘ග්ලැමර්’ වැනි ජනපි‍්‍රය සඟරාවල ඇගේ ජීවිත කතාව ගැනත් ඇගේ ජීවන රටාව ගැනත් විස්තර පළ විය.
2009 සහ 2010 වසරේ අතිශයින් ජනපි‍්‍රය ‘ඩෙස්පරට් හවුස්වයිෆ්ස්’ රූපවාහිනී කතා මාලාවේ ද ඇයට ප‍්‍රධාන චරිතයක් හිමි විය. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් රැුසක ද ඇය පෙනී සිටියාය. එපමණක් නොව, ‘ලොරෙල්’ වැනි ප‍්‍රකට රූපලාවන්‍ය සමාගම්වලට ඇය නැතිවම බැරි තැනැත්තියක ද වූවාය.

2011 වසරේ දී සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ‘පෙටා’ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් හැනා හමුවීමට පැමිණියහ. ඔවුන් හැනාගෙන් ඉල්ලා සිටියේ ලොම් කබා වෙනුවෙන් සතුන් ඝාතනය කිරීමට එරෙහි විරෝධතා ව්‍යාපාරයකට එක් වන ලෙසටය. කුඩා කල සිට සතුන්ට ආදරේ කරන තැනැත්තියක වූ හෙයින් හැනා එම විරෝධතා ව්‍යාපාරයට එක් වෙමින්, විරෝධතා දක්වමින් ඡුායාරූප පෙළකට පෙනී සිටීමට කැමැත්ත දැක්වූවාය. ලොම් වෙනුවෙන් සතුන් මරණවාට වඩා නිරුවතින් සිටීම හොඳ යැයි ඇය මාධ්‍ය හමුවේ අවධාරණය කරමින් ඇය ඡායාරූපවලට පෙනී සිටියාය. ඇගේ ඡුායාරූප ශිල්පියා වූයේ ඇන්තෝනියෝ වර්ග්ලාස්ය. ඡායාරූප ගන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදීය.

 

ඇගේ පෙම්වතාවූ රසල් සමග

 

පෙටා සංවිධානයේ එම විරෝධතා ඡුායාරූප එකතුවට සුපිරි නිරූපිකාවෝ බොහෝ දෙනෙක් සහභාගී වූහ. ඊට අමතරව පැමලා ඇන්ඩර්සන්, සින්ඩි ක්‍රොෆ්ෆර්ඞ් සහ ඊවා මෙන්ඩිස් වැනි ජනපි‍්‍රය හොලිවුඞ් නිළියෝ ද එක් වූහ. එහෙත් ඒ අතරින් කැපී පෙනුනේ හැනා ය. බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රකට ඬේලිමේල් පුවත් සේවය සහ ඇමෙරිකාවේ ෆොක්ස් පුවත් නාළිකාව ඇයට ලොකු ප‍්‍රසිද්ධියක් ලබා දීමට ද කටයුතු කළේය.

ඉන්පසු ‘ස්පෝට් ඉලස්ටේ‍්‍රටඞ්’ වැනි කී‍්‍රඩා සඟරා කිහිපයක ද දැන්වීම්වලට පෙනී සිටීමට හැනාට අවස්ථාව උදා විය. 2011 වසරේ ජර්මනියේ සරාගී කාන්තාවන් අතර අංක 1 ස්ථානයට පත් වීමට ද ඇයට හැකිවිණි. හැනාගේ මෝස්තර නිරූපණ කටයුතුවල සංධිස්ථානයක් වූයේ ඇය මෝස්තර නිරූපණ කටයුතු සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණීමෙන් පසුවය. ඇය ඇමෙරිකාවේ ‘වන්’ නමැති ලොව ප‍්‍රමුඛ පෙළේ මෝස්තර නිරූපණ ඒජන්සිය සමඟ අත්වැල් බැඳගත්තාය.
 

 

ලූසිත ජයමාන්න - ඬේලි මේල් වෙබ් අඩවිය සහ අන්තර් ජාල තොරතුරු ඇසුරිනි

 

හොලිවුඞ් සරාගිනිය මේගන් ෆොක්ස්

 



අදහස් (0)

ජර්මනියේ හැනා නිට්ෂේ

සිද්දික් Sunday, 04 August 2013 07:01 PM

මෙපමණ ලස්සන ජර්මන් කෙල්ල ඇයි මේ අවලස්සන කාපිරියෙක් එක්ක?ඕනෑතරම් ලස්සන සුදු තරුණ කෝටිපතියෝ ජර්මනියේම ඉන්නකොට (දී)

:       0       0

සමීර Sunday, 04 August 2013 07:12 PM

හොද පුවතක්

:       0       0

සෙනරත් Sunday, 04 August 2013 09:35 PM

අර ලංකාවේ අතුරුදහන් වුන ජර්මන් කාන්තාව ගේ නමත් මේකමයි නේද? දාන්නකෝ එය ගැනත් විස්තරයක් (නි)

:       0       0

ජීවක Monday, 05 August 2013 07:51 AM

අන්තිමට තියෙන ෆොටෝ එක දුටුවිට අපිට බොහෝ දේ සිතාගන්න පුළුවන් (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 05 August 2013 01:38 PM

අවස්ථාවක් දුන්නොත් අපේ ගමේ ටිකිරි මැණිකාත් කවදාහරි ඔය වගේ තැනකට එයි (නි)

:       0       0

මොහොමඩ් කොනකපාල Monday, 05 August 2013 02:26 PM

අපිටත් බැරිද අප්පේ මෙහෙම මගුලක් කන්න (නි)

:       0       0

චමින්ද Monday, 05 August 2013 06:58 PM

ජීවක හරි .............(දී)

:       0       0

රන්ජන් Tuesday, 06 August 2013 11:20 PM

ලංකාවේ අපේත් ඕනෑතරම් ඔය වගේ අය ඉන්නවා (නි)

:       0       0

දිලිප් Wednesday, 07 August 2013 02:20 PM

ඇයි මොහොමඩ් , ඊර්ෂ්‍යාද? (නි)

:       0       0

සංජීව Friday, 09 August 2013 04:09 PM

හොද ඇපල් පනුවෝ කනවා කියන්නේ මේකටද?(නදී)

:       0       0

ශාන් Sunday, 11 August 2013 10:55 AM

අපිට මොකටද මේ මේවා ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site