X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ජාතික නිවාස කළුතර කාර්යාලයේ ගැහිල්ල

ලජ්ජාව සහ භය ඇතිවිය යුත්තේ වැරැදි දේ කිරීමටය. ලජ්ජාව සහ භය නොමැති වූ විට සිදු කළ  නොහැකි වරදක් අපරාධයක් හෝ තක්කඩිකමක් නැත. දේශපාලකයන් බහුතරයකට මෙම ලජ්ජා භය පිහිටා නැත. මෙම ලජ්ජා භය අහිමි ඊළඟ පිරිස රාජ්‍ය නිලධාරීන් හා සේවකයෝය.

බහුතරයක් රාජ්‍ය නිලධාරීන්ට මෙම ගුණාංග දෙකම පිහිටා තිබෙන අතර සුළු පිරිසකට එය පිහිටා නොමැත. ඔවුන් කරන කියන දෙයින් සමස්ත රාජ්‍ය සේවයම  අපවාදයට ලක්වේ. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් එබඳු අපවාදයක් නිර්මාණය වූ විට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටේ. රටක් අභ්‍යන්තරයෙන් දුර්වල  වීමට මෙම තත්ත්වය හේතුවේ. 

ඉහත කාරණාවට අදාළ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම පුවතින් කියැවුණේ අඩු ආදායම්ලාභීන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබාගත් නිවාස ණය වෙනුවෙන් ගෙවන වාරිකවලින් එහි ඇතැම් නිලධාරීන් රුපියල් කෝටි ගණනක මුදලක් වාචා කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පවසන බවය.

සිද්ධියට අදාළව එම කාර්යාලයේ සේවකයන් දෙදෙනකුගේ හා සේවිකාවන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇති බව ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකරු පී.ඒ.ඩී.එස්. වික්‍රමසිංහ මහතා ද අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එබඳු වංචාවක් සිදුවී ඇති බවය. 

මෙයට දශක කිහිපයකට පෙර රාජ්‍ය සේවයට එක්වීම අතිශයින්ම අභියෝගාත්මක විය. අවශ්‍ය සුදුසුකම් සපුරා තිබීම පමණක් නොව මනා චරිතවත් පුද්ගලයකු යන්නද සොයා බැලුණි.  පවුල් පසුබිම සම්බන්ධයෙන්ද විමර්ශනය කෙරුණු අතර ඒ සියල්ලෙහිම අරමුණ වූයේ ප්‍රශස්ත රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාමය. 

රාජ්‍ය සේවයේ වත්මන් පිරිහීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේ රාජ්‍ය ආයතන තම  පක්ෂ කාර්යාලයක් යැයි සිතූ දේශපාලනඥයන්  තම හෙන්චයියන් බුරුතු පිටින් රාජ්‍ය ආයතනවලට රිංගවා ගැනීමය. එසේ පැමිණෙන පිරිස් සතු එකම සුදුසුකම දේශපාලන දාස භාවය පමණි. එවැනි දේශපාලන දාසයන්ගෙන් රාජ්‍ය සේවයේ ගුණාත්මක බව ආරක්ෂා කරගත නොහැකි බව ඒකාන්ත සත්‍යයකි. 

ජාතික නිවාස අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදුවී තිබෙන්නේ මහා පරිමාණ හොරකමකි. අප පුවත්පතට තොරතුරු අනාවරණය කර ඇති නිලධාරියා පවසා තිබෙන්නේ මෙම නිවාස ණය අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ඉදිකිරීමට ලබාදී ඇති බවත් ආබාධිත රණවිරුවන් ද එම ණය මුදල් ලබා ගෙන ඇති බවත්ය. ඔවුන් එම ණය වාරික නිසි පරිදි ගෙවා ඇතත් එම ගෙවීම් අඩුවෙන් පොත්පත්වල සඳහන් කර එම  මුදල් සොරකම් කර ඇති බවය. ණයලාභීන් කිහිප දෙනකු ණය වාරික වශයෙන් දුන් රුපියල් 50,000, 60,000 සහ 1,00,000 ආදී මුදලින් කාර්යාලයට ලැබී ඇත්තේ රුපියල් 50, 100, 200, 500 වැනි අඩු මුදල් ගණනක් බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 

වරදක් බව දැන දැනම එය කරන විට ඕනෑම අයකුට තැතිගැන්මක් ඇතිවිය යුතුය. එහෙත් චෝදනාවට ලක්ව වැඩ තහනමට ලක්ව ඇති සේවකයන් දෙදෙනාට හා සේවිකාවන් දෙදෙනාට එබඳු තැති ගැන්මක් තිබී නැත. එසේ තිබුණේ නම් පෙර දක්වා ඇති අන්දමට ඉතා අඩු මුදල් ගණනක් සටහන් කරන්නේ නැත. ලබාදුන් ණය අයකර ගැනීමට කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන අතර නිවාස අධිකාරියේ සේවකයන්ට අමතරව බාහිර පුද්ගලයන් ද ඒ සඳහා යොදවා ඇති බවත් ණය අයකර ගැනීමට යොදවා ඇති අධිකාරියේ සේවකයන්ට වැටුපට අමතරව අය කරන මුදල්වලින් කොමිස් මුදලක් ද ගෙවන බවත් ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 

වංචාවේ බරපතළකම ඉහත විස්තරයෙන්ම පැහැදිලිවේ. වැටුපට අමතරව කොමිස් මුදලක් ද ලබා දෙනුයේ එම සේවකයන් තෘප්තිමත්ව රාජකාරියේ යෙදවීමටය. එබඳු වරප්‍රසාදයක් හිමිකර දී තිබියදීත් මෙසේ වංචා කරනුයේ  උපන්ගෙයි වංචාකරුවෝ වෙති. ප්‍රශ්නය වන්නේ මෙම වංචාවට අනුබද්ධව සිටිනුයේ දැනට වැඩ තහනමට ලක්ව ඇති සිවු දෙනා පමණක්මද යන්නය. මෙය සාමූහික වංචා කිරීමකි. මෙබඳු වංචාවක් සැහෙන කාලයක් මුළුල්ලේ එම ආයතනය තුළ සිදු කිරීමට පරිසරයක් තිබීමෙන් එහි කළමනාකාරිත්වයේ ස්වභාවයද හඳුනා ගත හැකිය. 

වැඩ තහනමට ලක්ව ඇති සිවුදෙනා හා එහි ඇතැම් නිලධාරීන් වංචාකාරී ලෙස මුදල් යොදවා සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත් ඔවුන් උසස් තත්ත්වයේ ඇඳුම් පැළඳුම් ආහාරපාන මෙන්ම සුවඳ විළවුන් ආදිය කුරියර් සේවාව හරහා ආයතනයට සපයා ගෙන ඇති බවත් ඊට අමතරව විනෝද චාරිකා සඳහා එම මුදල් යොදවා ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 

අධි පරිභෝජනයට ඇබ්බැහිවීම බරපතළ ඛේදවාචක නිර්මාණය කරන බව හඳුනා ගැනීමට ඕනෑ තරම් උදාහරණ සමාජයේ වෙයි. ඒවායින් ඉගෙන ගැනීම පුරවැසියන්ගේ වගකීමකි. නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදුව ඇති මහා පරිමාණ වංචාව සෙස්සන්ට පාඩමකි. ඒ පාඩම් ඉගෙන නොගැනීම තම ජීවිත බලවත් අන්ධකාරයකට ඇද දමා ගැනීමකි.

(***)



අදහස් (0)

ජාතික නිවාස කළුතර කාර්යාලයේ ගැහිල්ල

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site