ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල පටක රෝපණ ක‍්‍රමය හරහා ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය පර්යේෂණයක් අරඹා ඇත.
වෙළෙඳ පොළ සහ වගුරු බිම් ආශ‍්‍රිතව නිතර දක්නට ලැබෙන දම් පැහැයට හුරු මානෙල් මල නිවැරදි නිල්මානෙල් මල නොවන බවත් සැබෑ නිල් මානෙල් මල ලා නිල් පැහැයක් ගන්නා බවත් පර්යේෂකයෝ කියති.
වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ උද්‍යානබෝග හා භූමි අලංකරණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය ප‍්‍රසන්ති පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පර්යේෂණය සිදුකෙරේ. මේ සඳහා මූල්‍ය දායකත්වය ලබා දී ඇත්තේ ජාතික පර්යේෂණ සභාවයි.
“ නිල් මානෙල් මල ලෙස අප බොහෝවිට හඳුනාගෙන තිබෙන්නේ දම් පැහැති මානෙල් මලක්. එය සත්‍ය නිල් මානෙල් මල නෙවෙයි. එය ලංකාවට අලූතෙන් හඳුන්වා දුන් එකක්. එය මේවන විට සැබෑ නිල් මානෙල් ශාකයට තර්ජනයක් වෙලා තියෙනවා. මේ දම් පැහැති නිල් මානෙල් ශාකය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙනවා.මේක නිල් මානෙල් මලට තර්ජනයක්.ඒ වාගේම නිල් මානෙල් මල තර්ජනයට ලක්ව තිබෙන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.“
“නිල් මානෙල් මල් විවිධ ශරිර ව්‍යාකූලතාවලට ප‍්‍රතිකාර කිරීම සඳහා දේශිය බෙහෙත් පැලෑටියක් ලෙසද භාවිතා කෙරෙනවා. ප‍්‍රති බෑක්ටිරියා,පිළිකා මර්ධන,ප‍්‍රති දියවැඩියා ආදී ගුණයෙන් යුතු බව කියන නිල් මානෙල් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා ද භාවිත කළ හැකියි.මීට අමතරව මෙහි අලය හා දඬු අහාරයක් ලෙසද භාවිතා කරනවා.“
“මෙම ජාතික පුෂ්පය මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කර ගැනීම අප කාගෙත් වගකීමක් වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙම පර්යේෂණය ආරම්භ කළා. සාමාන්‍යයෙන් නිල් මානෙල් ශාකයේ වර්ධන වේගය ඉතා අඩුයි. ඒ නිසා විශ්වාසදායකම ක‍්‍රමය වන පටක රෝපණයෙන් නිල් මානෙල් ශාකය විශාල වශයෙන් බෝකර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.අපේ පර්යේෂණයෙන් නිල් මානෙල් ශාකය මහා පරිමාණයෙන් නිපදවා ජලජ පරිසර පද්ධතිවලට මුදා හැර වැඩිදුර සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. විශාල වශයෙන් පැල නිපදවා විවිධ පරිසර තත්ත්වයන් යටතේ විශ්ලේෂණය කර ව්‍යාප්ත කිරීමටත් බලාපොරොත්තු වෙනවා.“
“මේ සඳහා කාර්යක්ෂම ක‍්‍රමයක් හඳුන්වාදී පර්යේෂණ කටයුතු කරගෙනයාම සඳහා පර්යේෂණ ශිෂ්‍ය චතුර නයන්තර ප‍්‍රනාන්දු මහතාගේ දායකත්වයද ලබාගෙන තියෙනවා. මීට පෙර නිවැරැදි නිල් මානෙල් මල සහිත ශාකය හඳුනා ගැනීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් පර්යේෂණ සිදුකළා.ඔවුන් ද මේ සඳහා දායකත්වය ලබාදෙනවා. අපේ ජාතික පුෂ්පය තවදුරටත් ආරක්‍ෂා කර ගැනීමට මෙම පර්යේෂණය ඉවහල් වේවි“
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජාතික පුෂ්පය රැකගන්න සටනක්
kalpa Friday, 10 March 2017 01:16 PM
දැන් හරි නිවැරදි ශාකය රැක ගැනීමට කටයුතුකරන ඔබට ඉස්තුතියි.
kosala Sunday, 12 March 2017 07:25 AM
ජාතික පුෂ්පය මානෙල් මල නේද ?
ේක් පුියංගා ලක්මාලි පුනැන්දු Tuesday, 14 March 2017 04:55 PM
ස්තුතියි
nelum Monday, 27 March 2017 04:31 AM
ඉතා හොඳ වැඩක් ....අගය කළ යුතුයි .....ගෙවතුවල වගාකරන්නත් පැල බෙදා දෙන්න