ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයේ අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර ආදී වූ සුවිශේෂී යුග කිහිපයක ඓතිහාසික තොරතුරු ආශ‍්‍රිත පර්යේෂණ ගවේෂණ කොතෙක් වුවද මධ්‍යකාලීන යුගයේ මෙරට ඉතිහාසයේ වැදගත් සිදුවීම් පිළිබඳ තොරතුරු විරල ය. ඒ අනුව මෙරට දඹදෙණි රාජධානි සමය හා බැඳි තොරතුරු අධ්‍යයනයේ දී ජාවක චන්ද්‍රභානු නමැති විදේශිකයාගේ ආක‍්‍රමණය මෙරට මධ්‍යකාලීන ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් ලෙස ගත හැකිය. ඓතිහාසික මූලාශ‍්‍ර රචකයන් දක්වන පරිදි දඹදෙණි රාජධානි සමයේ ජාවක දේශයෙන් මෙරටට ආක‍්‍රමණයක් සිදුවී ද, ආක‍්‍රමණික චන්ද්‍රභානු ,, වැනි පැරකුම්බා රජු අතින් පරාජයට පත්වීම සැබෑවක් ද, එය සිදු වූයේ කෙසේ ද, කිනම් ස්ථානයක දී ද, නැතහොත් යථෝක්ත ආක‍්‍රමණය ඉතිහාස රචකයන්ගේ ප‍්‍රබන්ධයක් ද, යනාදී වූ ගැටලූ රැසකට විසඳුම් සෙවීමට ප‍්‍රායෝගික දායකත්වය සපයන ප‍්‍රධාන සාධකය වන්නේ ජාවක චන්ද්‍රභානු සොහොනයි. දඹදෙණි රාජධානියට අයත් කටුගම්පොළ හත්පත්තුව දේවමැදි හත්පත්තුව ආදී ප‍්‍රදේශාශ‍්‍රිත ජන සම්ප‍්‍රදායගත තොරතුරු අනුව මෙම ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය සිදු වූ ගමන් මාර්ගයත් ,, වැනි පැරකුම්බා රජුගේ පිරිස ආක‍්‍රමණිකයන් සමග සටන් කළ ප‍්‍රදේශයත් හඳුනාගත හැකි අතර කටුගම්පොළ හත්පත්තුවේ බොහෝ ග‍්‍රාම නාම පවා සකස් වී ඇත්තේ එම සටන් හා බැඳි සිදුවීම් ආශ‍්‍රිතව ය. වයඹ සංස්කෘතික චතුරස‍්‍රය ආශ‍්‍රිත දඹදෙණි රාජධානිය හා බැඳි ඓතිහාසික සිදුවීම් අතර වැදගත් වන ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය ජනප‍්‍රවාදගත කතාවක් හෝ මූලාශ‍්‍රකරුවන් තම රජුගේ දක්‍ෂතාව දැක්වීමට සකස් කළ ප‍්‍රබන්ධයක් නොවන බවට සාධක බොහොමයක් හමුවේ. ,, වැනි පැරකුම්බා රජුගේ රාජ්‍ය හෝ පාත‍්‍රා ධාතුව හා දන්ත ධාතුව ලබා දෙන ලෙස තර්ජනය කරමින් ජාවක දේශයේ චන්ද්‍රභානු කළ ආක‍්‍රමණය හා පළමුවර පළවාහරින ලද මෙම ආක‍්‍රමණිකයා මරා දමා ලබාගත් ජයග‍්‍රහණය සත්‍යයක් බව සනාථ කිරීමට දඹදෙණි රාජධානියට අයත් ‘‘ඇන්නරුව’’ ප‍්‍රදේශයේ කුඹුරු යායක් මධ්‍යයේ තිබී හමුවූ ජාවක චන්ද්‍රභානුගේ බව සැලකෙන සොහොන වැදගත් සාක්ෂියක් වේ. ලාංකිකයන්ගේ බෞද්ධාගමික සංස්කෘතිිය අනුව සතුරාට ද අවසන් ගෞරව දැක්වීමට අවනත වෙමින් දුටු ගැමුණු රජු, ආක‍්‍රමණික පාලක එළාර රජු වෙනුවෙන් ඔහු මළ ස්ථානයේ සොහොනක් කරවූවා මෙන්ම දෙවැනි පැරකුම්බා රජු ද තමන් අතින් මරණයට පත් ආක‍්‍රමණික ජාවක චන්ද්‍රභානු ඔහු මළ ස්ථානයේ සොහොනක් කරවූ බව ඇන්නරුව විහාරාධිපති පල්ලේවෙල ආනන්ද හිමියන් පැවසූ අතර මෙම ඉපැරණි සොහොන හා ඇන්නරු යුද්ධය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් විහාරාධිපති හිමියන් සතුය. මහාවංසයෙහි තත්කාලීන යුගය ආශ‍්‍රිත සිදුවීම් දක්වන වංසකතාකරුවා ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය හා ඇන්නරු යුද්ධය විස්තර කරමින් අලි 998ක්, අශ්වයන් 878ක් සහිත හතලිස් දහසක සේනාව හමුවේ පසුබා පළා යන චන්ද්‍රභානු හට, ‘‘එම්බල දුෂ්ටය, රජකුට බයේ රජෙක් පළා ගිය රටක් නොවන්නේ’’ යැයි දක්වමින් වහා සටනට කැඳවූ බව දැක්වේ. ,, පැරකුම්බා රජු අත වූ ජය කොන්තයෙන් ඇන්න පහරින් සටන සිදුවූ වෙල් යාය මැද මැරී වැටුණු චන්ද්‍රභානුගේ භෂ්මාවශේෂ තැන්පත් කර රාජානුග‍්‍රහයෙන් මෙම වෙල්යාය මධ්‍යයේ චන්ද්‍රභානු සොහොන ඉදිකර තිබේ. දෙවැනි පැරකුම්බා රජු තම සතුරට ජය කොන්තයෙන් පහර දුන් ආකාරය දුටු සිංහල සේනාව ‘‘ඇන්නරුව’’ යනුවෙන් පැවසූ අතර එතැන් පටන් එම වෙල් යාය ආශ‍්‍රිත ගම් ප‍්‍රදේශය ‘‘ඇන්නරුව’’ ලෙසත් එම ජාවක චන්ද්‍රභානු හා දෙවැනි පැරකුම්බා රජු අතර සිදු වූ සටන ‘‘ඇන්නරුව යුද්ධය’’ ලෙසත් ප‍්‍රදේශවාසීන් අතර ඉතිහාසගත වී තිබේ. ලංකාවේ සොහොන් සංස්කෘතියේ තවත් වැදගත් අවස්ථාවක් ලෙසින් ඉතිහාසගත වුව ද වැඩි අවධානයට ලක් නොවූ ලංකාවේ නිරිතදිග රාජධානි සමයේ දඹදෙණි යුගයට අයත් ජාවක චන්ද්‍රභානු සොහොන ආශ‍්‍රිත සාධක වර්තමානයේ ද දක්නට ලැබේ. ඓතිහාසික වශයෙන් මෙහි ඇති අගය කොතරම් වුවද කෘෂිකාර්මික කටයුතු ආශ‍්‍රිතව එයට විශාල බලපෑමක් එල්ලවී ඇත. චන්ද්‍රභානු සොහොන වටා ඇත්තේ කුඹුරු යායක් බැවින් මෙම සොහොන වටා ප‍්‍රදේශය කුඹුරු ගොවිතැන් කටයුතු සඳහා පස් කපා ඉවත් කිරීම නිසා සොහොන වර්තමානයේ තණකොළින් වැසුණු කුඩා ගල් ගොඩකට සීමා වී තිබෙන අතර ඇන්නරුව ශ්‍රී විජය සුන්දරාරාම අධිපති පල්ලෙවෙල ආනන්ද හිමියන් සතුව මෙසේ ගොවිතැන් කටයුතුවල දී ගැලවී ඉවත්වුණු චන්ද්‍රභානු සොහොනෙහි ගඩොලක් සුරක්ෂිතව තිබීම සතුටට කරුණකි. මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ස්ථානයේ ශිලා ස්ථම්භයක් පිහිටුවීමට ද කටයුතු කර තිබේ. මේ ආශ‍්‍රිතව තවදුරටත් පර්යේෂණ කිරීමෙන් ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා මෙන්ම වයඹ පළාත ආශ‍්‍රිතව වර්තමානයේ වයඹ සංස්කෘතික චතුරස‍්‍රය නම් සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වන පුරාවිද්‍යාත්මක හා සංචාරක කටයුතු තවදුරටත් වර්ධනය කරගත හැකි වන අතර, දඹදෙණිය රාජධානිය ආශ‍්‍රිත පුරාණ සොහොන් සංස්කෘතිය හා බැඳි ජාවක චන්ද්‍රභානු සොහොන ප‍්‍රාදේශීය සංචාරක ආකර්ශන ස්ථානයක් ලෙස ද ප‍්‍රවර්ධනය කළ හැකිය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජාවක චන්ද්‍රභානු අවසන් ගමන් ගිය තැන
ජනක Monday, 15 April 2013 02:03 PM
දැන් ඉන්න අයට ඔක්කොටම කලින් ඉතිහාසය උගන්නන්න ඕනෑ (නි)
පහන් Saturday, 08 March 2014 12:24 PM
දමිත ඉතිහාසයේ වෙච සිද්දි 1ක් 2ක් කියල ලංක්වේ ඉතිහයසම කල දාන්න එපා.අපිට අපේ රට ගෙන ආඩම්බර වෙනපුළුවන් තාමත්...(අ)
සෞම්‍යා Friday, 14 June 2013 03:41 PM
වැදගත් ලිපියක්.ඇත්තටම වටිනවා (නි)
නිරංජන Wednesday, 05 June 2013 09:48 AM
කතා කරන්න පුළුවන් වයසෙහි සිට මහල්ලා දක්වා අප ඉතිහාසය කියා දීම අපේ වගකීමක්. (නි)
දමිතා Wednesday, 15 May 2013 05:33 PM
මට නම් තේරෙන්නේ නැහැ. ලංකාවට ප්‍රෞඩ ඉතිහාසයක් තියනවා කියලා කියනවා. කෂ්‍යප එයාගේ තාත්ත මැරුවේ කොහොමද කියලා දන්නවා නේද? අමු අමුවේ මඩ වලින් ගහලා නේද? තව දෙයක් තමා ලංකාවේ මිනිස්සු ඉන්දියාවට බනිනවා දන්නවානේ බුදු දහම කාගේද කියලා. අපි කාගෙන්ද පැවතෙන්නේ කියලා. ලංකාවට පැමිණි විජය ලංකාවේ සිටිය කුවේණි සමග විවාහ උනා. ඉතින් ඒ දෙන්නගෙන් ඇති උණු අපි යක්කු නේද. එතකොටත් ඔය කියන බුදු දහමද කට්ටියම ඇදහුවේ. නෑ නේද. එදත් කරේ මිනි මරණ එකමයි අදත් වෙන්නේ ඕකමයි.(නදී)
ඉන්දික නිරෝෂන් Monday, 13 May 2013 09:10 AM
උත්සාහය හොදයි. සොහොන තවමත් දැකගන්න තියෙනවා. කැමතිනම් බලලා යන්න එන්න. සොහොන ලගදී හොරු හෑරුවා නිදන් ගන්න. අපි එකතුවෙලා හොයලා බලමු. (නි)
හසන්ත Saturday, 27 April 2013 05:51 PM
ඒ යුගයේ ඉපදෙන්න අපිත් පතමු (නි)
චන්දිම Sunday, 21 April 2013 08:06 AM
ඇති විශිෂ්ටයි. චන්ද්‍රභානු ආක්‍රමණය ගෙන තව විස්තර ලිපියක් සකස්කර පළකරන්න. (නි)
ලසි Tuesday, 16 April 2013 03:29 AM
මෙහි නිරූපනය වෙන්නේ අපේ පන්සලින් සහ හාමුදුරුවන්ගෙන් ජාතියට ඉටුවුණු සේවාවයි. එදා මෙන් අදත් ජාතියේ සහ බුදුදහමේ විරස්ථිතිය වෙනුවෙන් පෙරට එන අපේ හාමුදුරුවන්ට ජාතිවාදින් යැයි හංවඩු ගසනුයේ ආක්‍රමිකයන් සහ ඔවුන්ගේ ගොලයින්ය. (නි)
හැල්විටිගල සුමංගල හිමි Tuesday, 11 December 2012 09:41 AM
ඇත්තටම හොදයි. (නි)
සිරි Thursday, 11 April 2013 05:29 PM
එදා සටනේදී මියගිය සතුරු නායකයා මැරුණු බිම සිහිවටනයක් හදන්න තරම් අපේ රජවරුන් ධාර්මික වීම අපේ ජාතියට අභිමානයක්. නමුත් අද? (නි)
ධනූ Wednesday, 10 April 2013 03:33 PM
හොද ලිපියක්. (නි)
සිරිලාල් Wednesday, 20 March 2013 10:36 PM
හොද ඉතිහාසයක් තියෙන නියම සිංහලයෝ අපි. (නි)
සුනිමල් Monday, 04 March 2013 07:50 PM
අපිට හොද ඉතිහාසයක් තියෙනවා.(නදී)
නිත්‍යා Saturday, 05 January 2013 01:00 PM
අපිත් ආසයි ඉතිහාසය ගැන මෙහෙම හරි දැනගන්න (ස)
සංජීව Friday, 21 December 2012 09:46 AM
මුකුත් හම්බවුණේ එහෙම නැද්ද (ස)
සරත් Tuesday, 18 December 2012 12:56 AM
අපේ උරුමයෙන් වැදගත් ලිපියක් (දී)
දර්ශන Wednesday, 12 December 2012 08:45 AM
ඇත්තටම හොද ලිපියක් (දී)