මෙරට පොදු ජනතාව මුහුණදෙන ආර්ථික ප්‍රශ්න දිනෙන් දින තියුණු සහ සංකීර්ණ බවට පත්වෙමින් තිබේ. හටගෙන ඇති ආර්ථික අර්බුදය විසින් වඩාත්ම හෙම්බත් කර ඇත්තේ මධ්‍යම පාන්තිකයා සහ දුප්පතාය. තමන්ගේ පෞද්ගලික ආර්ථිකය එක තැනම පල්වෙමින් තිබියදී රටේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ජනතාවට දරාගත නොහැකි තරම් ඉහළ ගොසිනි. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට සාපේක්ෂව උද්ධමනය ද වේගයෙන් ඉහළ නැග ඇත.
මේ සතියේ වාර්තා වූ නවතම සංඛ්‍යා දත්ත අනුව අපේ රටේ සාමාන්‍ය උද්ධමනය (භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීමේ වේගය) සියයට 66.7කි. පෙර මාසයට සාපේක්ෂව එය සියයට 8ක පමණ වර්ධනයකි. මෙහිදී වඩාත් අවධානයට ලක්වන්නේ ආහාර අංශයේ උද්ධමනය සියයට 82.5 ක් දක්වා ඉහළ නැගීමයි. ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ ලොව බරපතළම ආහාර උද්ධමනය සහිත රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 5 වැනි ස්ථානයේ බවය. උද්ධමනය අතින් ශ්‍රී ලංකාව පසුපසින් සිටින්නේ ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය යන රටවල් හතර පමණි. මෙයට පෙර ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙරට උද්ධමනය ළඟදීම සියයට70 ඉක්මවනු ඇති බවය. ඉදිරි කාලයේදී වැඩි වන විදුලිය බිල්පත, ජල බිල්පත ආදියේ ගණන් මිනුම් එකතු වූ විට ජනතාව කබලෙන් ළිපටම වැටීම සක්සුදක් සේ පැහැදිලි කරුණකි. බිල්පත් හා බදු ආදිය ඉහළ නගිද්දී ජනතාවට ඉතාම ලාභයට ලබාගත හැකි වූ ප්‍රෝටීන් බහුල ආහාරය වූ බිත්තරය සහ කුකුළු මස් ආදියේ මිල දිනපතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්වයි. භූමිතෙල් ලීටරයක මිල එකවර රු. 253කින් ඉහළ යාම හේතුවෙන් ධීවර බෝට්ටුකරුවන් මාළු මිල ගණන් ද ඊට සාපේක්ෂව ඉහළ නංවනු ඇත.
පවත්නා අර්බුදය ඉදිරියේදී තව තවත් බැරෑරුම් වනු මිස සහනදායී තත්ත්වයට පත්වෙතැයි සිතීමට හේතු සාධක නැත. ආහාරපාන මිල ඉහළ යාම නිසා බොහෝ ප්‍රදේශවල තිබූ හෝටල් සහ කුඩා ආපනශාලා ආදී සුළු ව්‍යාපාර වැසී යමින් තිබේ. ත්‍රිරෝද රථ කර්මාන්තය පවා දැන් බෙහෙවින් දුෂ්කර අවධියක් පසු කරයි. ඊට හේතුව අධික ත්‍රිරෝද රථ ගාස්තු ජනතාවට දරාගැනීමට අසීරු බැවින් ජනතාව විකල්ප කරා යොමුවීමයි.
රටේ සමස්ත මිල මට්ටම ඉහළ යාමත් සමඟ අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවල ගාස්තුද ජනතාවට දරාගැනීමට අසීරු බවට දසතින් වාර්තා ලැබේ. එහෙත් රටේ පාලන තන්ත්‍රයේ සුක්කානම මෙහෙයවන මැති ඇමැති භවතුන්ට නම් මේ බරපතළ තත්ත්වය ගැන දයාබර හැඟීමක් නැති බවට සාක්ෂි අපමණය. ඔවුන් මේ දුර්භාග්‍ය සම්පන්න අල්ලපනල්ලේ පවා බලන්නේ තව තවත් මැති ඇමැතිකම් ලබාගන්නටය. මැති ඇමැතින්ගේ ඉන්ධන හා සෙසු දීමනා වැඩි කර ගන්නටය.
ජනතාව වෙනුවෙන් කැපවෙන බවට ඡන්ද කාලයේ දස අතේ පොරොන්දු වන දේශපාලනඥයන් බලය ලැබුණු පසු මුලින්ම අමතක කරන්නේ ඡන්දදායක හාම්පුතුන්ය. එහෙත් සෑම දේශපාලනඥයාටම මෙය අදාළ නොවේ. දේශපාලනඥයන් ජනතා ප්‍රශ්න ගැන සංවේදී වීම පිළිබඳව ඉතා කදිම අතීත සිදුවීමක් දේශපාලන වාර්තා පොත්වල සඳහන්ය. එය මෙසේය.
1970 - 77 ආණ්ඩු සමයේ මුල්භාගයේ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය නිල කටයුත්තකට ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය මෙරටට පැමිණෙන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක් දැඩි නියඟයකට මුහුණ දී ජනතාව බරපතළ ආහාර හිඟයකට මුහුණ දෙමින් සිටියහ. කොළඹට පැමිණි ඉන්දිරා වෙනුවෙන් එවකට අගමැති ධුරය හෙබවූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඉතා අනර්ඝ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කළේ ඉන්දීය නායිකාවට හරසර පිණිසය. ඒ සඳහා සහභාගි වූ ඉන්දීය නායිකාව රස මසවුලින් පිරි රාත්‍රි භෝජන සංග්‍රහය පිළිගත්තේ ස්තූති පූර්වකවය. එහෙත් එදින භෝජන සංග්‍රහය සඳහා සූදානම් කර තිබූ කිසිදු ආහාරයක් ඇය අනුභව නොකොට පිරිසුදු වතුර වීදුරුවක් පමණක් පානය කළාය. අනතුරුව එහි රැස්ව සිටි සම්භාවනීය අමුත්තන් ඇමතූ ඉන්දිරා ගාන්ධි ප්‍රකාශ කළේ සිය රටේ දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් නියඟය නිසා ආහාරපාන නොමැතිව හාමතේ සිටියදී මෙම රාජකීය භෝජන අනුභව කිරීමට සිය හෘදසාක්ෂිය තමන්ට ඉඩ නොදෙන බවය. ඒ නිසා දුක් විඳින තම ජනතාව මෙන් තමන්ද ජල බිඳකින් කුසගිනි නිවාගන්නා බව ඇය ප්‍රකාශ කළාය.
මෙය ඉතා සරල සිදුවීමක් වුවද දේශපාලන නායකයන් රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිළිබඳව සංවේදී විය යුතු ආකාරය ගැන කදිම පාඩමක් අපට කියා දෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ ගරාවැටෙන දේශපාලන ව්‍යාපාරයට අරක්ගෙන සිටින මෙරට දේශපාලනඥයන්ගෙන් කිසිවකු සැබෑ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් එලෙස සංවේදී වන බවක් නොපෙනේ.
අද ශ්‍රී ලාංකික ජනතාව දැඩි ආර්ථික පීඩාවකට පත්ව සිටින්නේ පසුගිය දශක කිහිපය තුළ පැවති ආණ්ඩු විසින් ගන්නා ලද වැරදි තීන්දුවල පව් ගෙවමිනි. එහෙත් දේශපාලනඥයන් විදුලිය බිල, ජල බිල්පත, ඉන්ධන මිල, ආහාරපාන ආදියේ මිල ගණන් ඉහළ දමන විට ප්‍රකාශ කරන්නේ එළඹ තිබෙන කාලය දුෂ්කර බැවින් ජනතාව මේවායේ බර දරාගත යුතු බවය. මෙරට සමස්ත ජනතාවගෙන් ලක්ෂ 90කට වැඩි පිරිසක් දුප්පත්කමේ රේඛාවෙන් පහළ ස්ථරය නියෝජනය කරති. තවත් ලක්ෂ 80ක් පමණ පහළ මධ්‍යම පන්තිය නියෝජනය කරති. සෙසු පිරිස මධ්‍යම පන්තිය හා ඉහළ පැළැන්තිය නියෝජනය කරති. මෙයින් දුප්පත්ම ජනකොටසත් පහළ මධ්‍යම පන්තියත් පවත්නා ආර්ථික අර්බුදයේ සාහසික ගොදුරු බවට පත්ව සිටිති. එබැවින් ඒ අයට හව්හරණක් සැපයෙන ආර්ථිකමය වැඩපිළිවෙළකට රජය කඩිනමින් අවතීර්ණ විය යුතුය.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජීවන බර අඩු කිරීමට ජනතාවට සහන සලසනු
menuka Friday, 23 September 2022 10:51 AM
හොඳ තීරණයක් නේද?
menuka Friday, 23 September 2022 10:55 AM
හොඳ තීරණයක්....