X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


ඩයනා කුමරියට පණදෙන නයෝමි වොට්ස්

 

 

විලියම් කුමරුන්ගේ සහ කේට් කුමරියගේ සිඟිති පුතු මෙලොවට බිහි වූ අවස්ථාවේ, විලියම් කුමරු කියා සිටියේ, තම මව වූ ඩයනා කුමරිය අද ජීවතුන් අතර සිටියානම් අලූත් පුත් කුමරු ගැන කාටත් වඩා ඇය සතුටු වනු ඇති බවය. එපමණක් නොව, ඇය අලූත් පුත් කුමරුන්ට හොඳ ආත්තම්මා කෙනකු ද වනු ඇතැයි ද විලියම් කුමරු පැවැසුවේ ඉතා හැඟීම්බරවය. ඩයනා කුමරියගේ මතකය, ඇගේ විවාහය, අනියම් පේ‍්‍රම සම්බන්ධය සහ මාරක අනතුර මේ වනවිට රිදී තිරයට පැමිණ ඇත. ඒ, ඔලිවර් හර්ෂ්බිගෙල්ගේ ‘ඩයනා’ නමැති චිත‍්‍රපටය හරහා ය. ‘ඩයනා’ චිත‍්‍රපටය මේ වසර අවසානයේදී ලෝ පුරා තිරගත වීමට නියමිතය. චිත‍්‍රපටයේ ඩයනා කුමරිය ලෙස චරිත නිරූපණය කරන්නේ නිරන්තරයෙන් විචාරකයන්ගේ පැසැසුමට ලක්වන සම්මානනීය සුරූපී නිළි නයෝමි වොට්ස්ය.
නයෝමි එලන් වොට්ස් උපන්නේ, 1968 වසරේ සැප්තැම්බර් 28 වැනිදා එංගලන්තයේ ෂෝර්හම්හිදී ය. ඇගේ කුඩා කාලය සුන්දර එකක් නොවිණි. පිය සෙනෙහස නොලද ඇයට ශක්තියක් වුණේ ඇගේ මවය. නයෝමිගේ මව, මේෆැන් එඞ්වඞ්ස්, පැරැණි භාණ්ඩ විකුණූ වෙළෙඳසල් හිමිකාරියකි. පසුව ඇය වේදිකා රංගන ශිල්පිණියක ලෙසත් ඇඳුම් නිර්මාණ ශිල්පිනියක ලෙසත් ප‍්‍රසිද්ධියට පත් වූවාය.

නයෝමිගේ පියා පීටර් වොට්ස් මිනින්දෝරුවෙකි. නයෝමිට වැඩිමල් සොහොයුරෙක් ද සිටී. ඔහු බෙන් වොට්ස් ය. 1974 වසරේ දී නයෝමිගේ මාපියෝ දික්කසාද වූහ. නයෝමිගේ පියා අධිකලෙස මත්කුඩුවලට ඇබ්බැහි වූවකු වූ අතර, 1976 දී ඔහු මත් කුඩු අධික ලෙස භාවිත කිරීමෙන් මියගියේ ය.
නයෝමි, බෙන් මව ද සමඟ මවගේ මාපියන් පදිංචිව සිටි උතුරු වේල්සයට ගියහ. වසර කිහිපයක් නයෝමි සහ බෙන් හැදී වැඩුණේ ඔවුන්ගේ සීයා සහ ආත්තම්මා සමඟ ය. නයෝමි වේල්සයේදී ප‍්‍රාථමික පාසල් අධ්‍යාපනය ලැබුවාය. ඇය වේල්සයේ ඉංගී‍්‍රසි බස පි‍්‍රය කළා පමණක් නොව, ඒ අනුව වචන උච්චාරණයට ද හුරු වූවාය. පසු කලෙකදී රංගන ශිල්පිණියක වූ පසු වේල්සයේ ඉංගී‍්‍රසි බස උච්චාරණය කිරීමට හැකිවීම ඇගේ වැඩ කටයුතුවලදී බොහෝ සෙයින් වාසියක් වූයේ යැයි නයෝමි පවසා තිබේ.

1978 වසරේ දී, නයෝමිගේ මව යළි විවාහ වූවාය. එම විවාහය පැවැතියේ කෙටි කාලයක් පමණි. මව සමඟ යළිත් පදිංචිය මාරු කිරීමට නයෝමිට සහ බෙන්ට සිදුවිය. ඔවුන් පදිංචිය සඳහා තෝරා ගත්තේ සෆෝල්ක් පළාතය. ඔවුන් අධ්‍යාපනය ලැබුවේ තෝමස් මිල්ස් උසස් පාසලේදීය. නයෝමි රංගනය කෙරෙහි උනන්දු වූයේ මේ අවදියේදීය. ඒ සඳහා ඇයට මඟ සකස් කර දුන්නේ ඇගේ මවය.

වේදිකා රංගන ශිල්පිනියක ලෙස මව රංගනයේ යෙදෙන අයුරු දුටු නයෝමිට ද රංගන ශිල්පිනියක වීමේ උනන්දුවක් ඇතිවිය. 1980 වසරේ ලොව පුරා අතිශයින් ජනපි‍්‍රය වූ ‘ෆේම්’ චිත‍්‍රපටය නැරැුඹීමෙන් පසු ඇගේ එම ආසාව තව තවත් වැඩි වූ බව නයෝමි පවසා ඇත.

 



1982 වසරේ දී, නයෝමිට වයස අවුරුදු 14 ක් වෙද්දී, ඇයත් ඇගේ මවත් සොහොයුරාත් සුළු පියාත් සමඟ  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නිව් සවුත්වේල්ස්හි පදිංචියට පැමිණියහ. නයෝමිගේ මව රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සඳහා ඇඳුම් සැපැයීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා ය. පසුව, ‘රිටර්න් ටු ඊඩන්’ නමැති අතිශයින් ජනපි‍්‍රය  ඕස්ටේ‍්‍රලියානු රූපවාහිනී කතා මාලාවේ ඇඳුම් නිර්මාණ ශිල්පිනිය වූයේ ද ඇයයි.

සිඞ්නි නුවර පාසල් යද්දී නයෝමිගේ මිතුරිය වූයේ නිකොල් කිඞ්මන් ය. පසු කලෙක, සුපිරි නළු ටොම් කෲස්ගේ බිරිය වූයේ ද නිකෝල් කිඞ්මන් ය. මේ වනවිට ඇය හොලිවුඩයේ සිටින සුපිරි නිළියන්ගෙන් කෙනෙකි.

පාසලේ දී රංගනය හදාරා, රංගනයට පිවිසි නයෝමි,  ඕස්ටේ‍්‍රලියා රූපවාහිනී මාලා නාටකවලට රංගනයෙන් දායක වූවාය. ඇය රිදී තිරයට සම්ප‍්‍රාප්ත වූයේ 1986 වසරේදී ය. ඒ, ‘ෆෝ ලව් අලොන්’ චිත‍්‍රපටය හරහා ය. 1991 වසරේ දී ඇය, කිඞ්මන් සමඟ ‘ෆර්ටිං’ චිත‍්‍රපටයට රංගනයෙන් එක්වූවාය. එම චිත‍්‍රපටයෙන් කැපී පෙනුණේ නයෝමි නොව කිඞ්මන් ය.

ඉන්පසු තවත් චිත‍්‍රපට කිහිපයකට මෙන්ම රූපවාහිනී මාලා නාටක කිහිපයකට ද නයෝමි රංගනයෙන් එක් වූවාය. ඇය ජාත්‍යන්තරයේත් සිනමා විචාරකයන්ගේත් අධ්‍යක්ෂකවරුන්ගේත් පැසැසුමටත් අවධානයටත් ලක් වූයේ 2001 වසරේදී ය. ඒ, සම්මානනීය අධ්‍යක්ෂ ඬේවිඞ් ලින්ච් අධ්‍යක්ෂණය කළ ‘මුල්හෝලන්ඞ් ඩ‍්‍රයිව්’ චිත‍්‍රපටය හරහා ය.

‘මුල්හෝලන්ඞ් ඩ‍්‍රයිව්’ චිත‍්‍රපටයෙන් පසු  ඕනෑම ආකාරයක චරිතයකට පණ පෙවිය හැකි බව නයෝමි ඔප්පු කළාය. 2002 වසරේ තිරගතවුණු ‘රිංග්’, 2003 වසරේ තිරගත වුණු ‘නෙඞ් කෙලී’ ‘21 ග‍්‍රෑම්ස් සහ ‘ල ඩිවෝස්’, 2005 වසරේ දී තිරගත වුණු ‘රිංග් 2’ සහ ‘කිංකොං’ මෙන්ම 2012 වසරේ තිරගතවුණු ‘ඉම්පොසිබල්’ චිත‍්‍රපටය හරහා ද නයෝමි රසික හදවත් දිනා ගත්තාය. ‘ඉම්පොසිබල්’ චිත‍්‍රපටයට පාදක වන්නේ 2007 වසරේ හටගත් සුනාමියට හසුවන බි‍්‍රතාන්‍ය ජාතික පවුලක් ගැන කතාවකි. එම චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් යුරෝපා සම්මාන උළෙල කිහිපයකදී ඇය හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.

ජනපි‍්‍රය වීමෙන් පසු නයෝමිගේ ප‍්‍රථම පේ‍්‍රමය වූයේ සිනමා අධ්‍යක්ෂ ස්ටීවන් හොප්කිංස් ය. එම ආදර සම්බන්ධය 1990 දශකයේදී අවසන් වූ අතර, ඇය  ඕස්ටේ‍්‍රලියා නළු හීත් ලෙජර් සමඟ පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගත්තේ ඉන් පසුවය. හීත් ලෙජර් සහ නයෝමි එකිනෙකා දැන හඳුනා ගත්තේ ‘නඞ් කෙළී’ චිත‍්‍රපටයේ රඟපාද්දීය. 2002 වසරේ දී ඇරැුඹි එම ආදර සම්බන්ධය 2004 දී අවසන් විය. මානසික ආතතියෙන් පෙළුණු හීත් ලෙජර්, 2008 වසරේ දී මියගියේය.

2005 වසරේ දී නයෝමි හොලිවුඩයේ තවත් ජනපි‍්‍රය නළුවකු වන ලිව් ෂිබේර් සමඟ පෙමින් බැඳුණාය. ලිව් ෂිබේර්ට දාව, නයෝමි 2007 ජූලි 26 වැනිදා පුතකු බිහි කළා ය. ඔහු ඇලෙක්සැන්ඩර් පීට් ය. 2008 වසරේ දී මෙම යුවළට තවත් පුතකු ලැබුණි ඔහු සැමුවෙල් කායි ය.

එම කාලයේ රංගන කටයුතුවලට සමු දී සිටි නයෝමි යළිත් රංගනයට එක් වූයේ ‘ඉන්ටර්නැෂනල්’ චිත‍්‍රපටයට එත් වෙමිනි. 2010 වසරේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නයෝමි කියා තිබුණේ ඇය තවත් දරුවකුට ආසා බවත් ඒ දරුවා දියණියක වෙනවා නම් ඇය හුඟක් කැමැති බවත් ය.

‘පේන්ටඞ් වේල්’ චිත‍්‍රපටයේ කළ රංගනයෙන් පසු, 2002 වසරේදී තමා බෞද්ධයකු බවත් බෞද්ධ දර්ශනය වැළඳගත් බවත් නයෝමි ප‍්‍රසිද්ධ කළාය. ඒ අනුව, බෞද්ධයන් වූ හොලිවුඞ් නළු නිළියන් අතරද ඇය ද එක් වූවාය. සම්මුඛ සාකච්ඡුාවලදී පවසා තිබුණේ ඇය භාවනායෝගීව සිටීමට බොහෝ පි‍්‍රය කරන බවය. එම වසරේ දී ඇය, ‘පීපල්ස්’ සඟරාව විසින් නම් කරන ලද ලොව වඩාත් සුන්දර පුද්ගලයන් 50 දෙනා අතරට ද එක් වූවාය.

ඩයනා කුමරිය මෙන්ම, සැබෑ ජීවිතයේ දී නයෝමි සමාජ සේවා කටයුතු රැුසකට දායක වී සිටින්නීය. කොතරම් කාර්ය බහුල වුවත් ඇය තවමත් එම කටයුතුවලින් ඈත් වී නැත. 2006 දී නයෝමි, එක්සත් ජාතීන්ගේ තානාපතිවරියක ලෙස එම සංවිධානයේ එච්.අයි.වී/ඒඞ්ස් වැඩසටහන් සමඟ එක් වූවාය. ඒඞ්ස් රෝගීන් වෙනුවෙන් පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ අරමුදල් සඳහා මුදල් රැුස් කිරීමට ද ඇය මැදිහත් වී කටයුතු කළාය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ ද සහාය ඊට හිමිවිය. ඒ, 2009 සහ 2010 වසරේ දෙසැම්බර් පළමුවැනිදාට යෙදුණු ලෝක ඒඞ්ස් දිනය නිමිත්තෙනි.

2010 වසරේ හයිටිය කැළැඹූ මහා භූමිකම්පාවෙන් විපතට පත් වූ වැසියන් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට ද නයෝමි මැදිහත් වී කටයුතු කළාය. මුදල් රැුස් කිරීම වෙනුවෙන් ඇය නිව්යෝක් නුවර පෝලෝ තරගයක් පැවැත්වීය. තරගය පැවැත් වූයේ ඇය මෙන්  ඕස්ටේ‍්‍රලියා/හොලිවුඞ් නළු නිළියන් වන හියු ජැක්මන් සහ ඉස්ලා ෆිචර් වැන්නන්ගේ ද සහභාගීත්වයෙනි.

මේ වන විට නයෝමි වොට්ස් චිත‍්‍රපට කිහිපයකට සම්බන්ධ වී සිටින්නීය. ඉන් එක් චිත‍්‍රපටයක් වන්නේ ‘බ්ලොන්ඞ්’ ය. මෙම චිත‍්‍රපටයට පාදක වී ඇත්තේ හොලිවුඞ්පුරයේ ජනපි‍්‍රය නිළි මැරිලින් මොන්රෝගේ කතාවයි. මොන්රෝගේ චරිතයට පණ දෙන්නේ නයෝමිය.

 

 

ලූසිත ජයමාන්න ඬේලිමේල් ඇසුරිනි

 

 

හොලිවුඞ් සරාගිනිය මේගන් ෆොක්ස්

ජර්මනියේ හැනා නිට්ෂේ

පිළිකාව පරදා රිදී තිරය ජයගත් මෙක්සිකෝ සුරූපිනිය  බාබරා මෝරි 



අදහස් (0)

ඩයනා කුමරියට පණදෙන නයෝමි වොට්ස්

ටාසන් Wednesday, 21 August 2013 11:36 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

මහානාම Friday, 25 October 2013 05:17 PM

ඩයනාගේ චරිත කතාව චිත්‍රපටියකට නැගීම ඉතාම හොද දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site