X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඩී වී ජේ හරිස්චන්ද්‍ර

මනෝ විද්‍යාව සරල සිංහලෙන් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු,  සිංහල භාෂාව පිළිබඳ හසල බුද්ධිමතකු වූ  ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහතා අද (01) උදෑසන  ලක් මවගෙන් සමු ගත්තේය. ගාල්ල සිට කොළඹ යමින් සිටියදී ඇතිවූ අසනීපයක් නිසා කළුබෝවිල රෝහලට ඔහු ඇතුළු කළත් දිවි බේරාගත නොහැකි විය.

මනෝ වෛද්‍යවරයකු, බෞද්ධ මහෝපාසකයකු, භාෂා ප්‍රේමියකු, පඬිවරයකු මෙන්ම සරල හා නිහතමානී මිනිසකු වූ දොස්තර හරිස්චන්ද්‍ර ශ්‍රී ලංකාවේ දස දහස් ගණන් මානසික රෝගීන් සුවපත් කළේය.

මියයන විට 75 වැනි වියේ පසුවූ හරිස්චන්ද්‍ර මහතා දියණියන් තිදෙනකුගේ පියෙකි. 1938 වසරේ මාර්තු   11 වැනි දින ගාල්ල තල්පේ දී දික්වැල්ල විදානගේ ජයරත්න හරිස්චන්ද්‍ර නමින් උපත ලැබූ ඔහු  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.  පද්මා ශ්‍රියාලතා අබේසිංහ ගුණවර්ධන මහත්මිය සමග විවාහ වූ හරිස්චන්ද්‍ර මහතාගේ දියණියන් තිදෙනා අතරින් වැඩිමහළු දියණිය නේශාන්තා හරිස්චන්ද්‍ර මහත්මිය රුහුණ විශ්වවිද්‍යාලයේ  ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. දෙවැනි  දියණිය වූ ටෝළුෑෂා හරිස්චන්ද්‍ර මහත්මිය කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරියකි. බාලම දියණිය වූ නවෝදා හරිස්චන්ද්‍ර මහත්මිය කරාපිටිය මනෝ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරියක ලෙස සේවය කරයි.

ගාල්ල වුඩ්වර්ඩ් මාවතේ පදිංචිව සිටි වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා වෛද්‍ය විද්‍යා උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත. 1969 වර්ෂයේ සිට  1970 දක්වා ලන්ඩනයේ මනෝ වෛද්‍ය විද්‍යා ආයතනයේ පාඨමාලාවක් හැදෑරූ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා ලන්ඩනයේ ටැවිස්ටොක් හි මනෝ චිකිත්සාව හැදෑරුවේය. ඉන් අනතුරුව 1976 සිට 1977 දක්වා කාලයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ සේවය කළ ඒ මහතා මනෝ වෛද්‍ය විශේෂඥයකු ලෙස අංගොඩ මානසික රෝහල ද ඇතුලත්ව ශ්‍රී ලංකාවේ රෝහල් ගණනාවක සේවය කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥවරයා ලෙස පත්ව ආවේය.

රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය වරයකු වූ හරිස්චන්ද්‍ර මහතා අනතුරුව මනෝ වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානියා ලෙස   2003 වර්ෂය දක්වා කටයුතු කළේය. කරාපිටිය රෝහලේ  වසර 29 ක් සේවය කළ ඒ මහතා බුදු දහම පිළිබඳ ගැඹුරින් හැදෑරූ විද්වතෙකි.

විශ්‍රාම ලැබීමෙන් පසු බුදු දහමට අමතරව පෙරදිග සංගීතය හැදෑරූ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා හින්දි සංගීතය පිළිබඳ මනා දැනුමක් ඇති තැනැත්තෙකි. පන්සිය පනස් ජාතක පොතේ කතා කිහිපයක් පදනම් කැර ගනිමින් හින්දි ගීත තනු වලට ගීත 20 ක් ලියූ හරිස්චන්ද්‍ර මහතා එම ග්‍රන්ථය 'ජාතක ගීත සංග්‍රහය' නමින් සංයුක්ත තැටියක් ද සහිතව  එළිදක්වන ලදී. එම ගීත අතර තිබූ 'මා මෙන් අසමින් ඔබෙන්' ගීතය ගායනා කැර ඇත්තේ ද වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා විසිනි.

ඉන්දියාවේ රාගධාරී සංගීතය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා එම සංගීතය යොදා ගනිමින් මානසික රෝගීන් සුව කිරීමට ඇති හැකියාව පිළිබඳව පර්යේෂණ සිදුකැර තිබේ.

පුවත්පත්, රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් ඔස්සේ සරල සිංහල භාෂාවෙන් මනෝ විද්‍යාව පිළිබඳව හා බුදු දහම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ මෙහෙවරක නිරතවූ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා ග්‍රන්ථ රාශියක කතුවරයෙක් වෙයි.

වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා විසින් මුලින්ම ලියන ලද ග්‍රන්ථය වූයේ 'ජාතක කතා පිළිබඳ මනෝ විද්‍යාත්මක හැරී බැලීමක්'  නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයයි.  2000 වර්ෂයේදී ලියන ලද එම ග්‍රන්ථයට 2010 වර්ෂයේ රාජ්‍ය සම්මානය ලැබිණි.

' බුදු දහම සහ මානසික සුවය' ' ජාතක කතා පිළිබඳ මනෝ විද්‍යාත්මක කරුණු' 'සුවහස් නය මනැසි ඉසිවරයාණෝ-කුමරතුංග මුණිදාස' ආදිය ඒ අතර වෙයි. එයට අමතර ජාතික පුවත්පත් රැසකට ලිපි ලියා ඇති හරිස්චන්ද්‍ර මහතා ' ගාලූ පහන් සිළු' සම්මානයෙන් ද 'ස්වර්ණ චින්ත ප්‍රදීප' සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

දෙස් විදෙස් හි වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම වෛද්‍යවරුන්ට ද සාමාන්‍ය පොදු ජනතාවට ද දේශන රැසක් පවත්වා ඇති ඒ මහතා ලියන ලද පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව ද අති මහත්ය.  

 



අදහස් (0)

ඩී වී ජේ හරිස්චන්ද්‍ර

චාමිකර Saturday, 02 March 2013 12:49 PM

නිවනට යාමට පෙර මේ ලක් දෙරණට යලි එනු මැන... ! (ස)

:       0       0

සුජිත් Friday, 15 March 2013 06:26 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පෙරේරා Friday, 08 March 2013 06:46 AM

මටත් මේ අවමගුලට සහභාගි වෙන්න තිබුණා ලංකාවේ හිටියා නම්. (නි)

:       0       0

රුවිනි Monday, 04 March 2013 03:57 AM

මෙවන් උත්තමයන් දහස් ගනනත් බිහිවුනත් ලංකාවට වැඩි නැහැ. ඔබට නිවන් සුව.(නදී)

:       0       0

සෑම් Sunday, 03 March 2013 07:58 PM

මැරෙන්න ඕන පව්කාරයෝ අය ඉතරුවෙනවා. මේ වගේ හොද වටිනා පුද්ගලයින් ලංකාවට නැතිවීම පාඩුවක්(නදී)

:       0       0

දමිත් Sunday, 03 March 2013 11:11 AM

ලංකාවට නැති වුන වටිනා චරිතයක් (දී)

:       0       0

සිංහ Sunday, 03 March 2013 10:49 AM

ඔබගේ නික්මිම පිරවිය නොහැකි පාඩුවකි, ඔබතුමාට අමා මහා නිවන් සුවය ලැබේවා!!! (නි)

:       0       0

සෙනරත් Sunday, 03 March 2013 09:50 AM

මෙන්න නියම වෙදැදුරන්. මෙවැනි අය ආයෙත් ලංකාවේ පහළ වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ශිවන්ත Sunday, 03 March 2013 09:04 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

හිරාන් Sunday, 03 March 2013 03:31 AM

ඔබතුමාට නිවන් සුව අත් වේවා (දී)

:       0       0

ධම්මිකා Saturday, 02 March 2013 07:37 PM

ඔබට අමා මහ නිවන් සුව!

:       0       0

දයා Saturday, 02 March 2013 06:41 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

කරුණානායක Saturday, 02 March 2013 05:52 PM

ජීවකයාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

අනුර Saturday, 02 March 2013 05:05 PM

වටිනා මිනිසෙක් අපිට නැති උනා ඔබට නිවන් සුව (දී)

:       0       0

ධර්ම Friday, 01 March 2013 07:23 PM

දහසක් දෙනා සුවපත් කළ ඔබතුමාට නිවන් සුව ! (ස)

:       0       0

නිසසංක Saturday, 02 March 2013 10:54 AM

මොනතරම් උගත් උනත් මොනතරම් දැනීම තිබුනත් තමන්ගේ ලෙඩ ගැන අවබෝදයෙන් සිටියා නම් තවත් කල් ඉන්න තිබුන කියලා හිතෙන්නේ... (ස)

:       0       0

නිරාන් Saturday, 02 March 2013 10:14 AM

බුදුහිමියන් වැඩලා දේ සියල්ල අනිත්‍යයි... මේ සසර කෙටිවී උතුම් නිවන් මගම අත්වේවා (ස)

:       0       0

මාලන් Saturday, 02 March 2013 07:44 AM

තවත් වටින මනුස්සයෙක් නැතිවුණා.. (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 02 March 2013 05:24 AM

ඔබතුමාට නිවන් සුව...! (නි)

:       0       0

හිල්මි Saturday, 02 March 2013 04:30 AM

මෙතුමා නොවෙයි අප අතරින් මෙසේ වියෝවීමට තිබුණේ. (නි)

:       0       0

නයනා Saturday, 02 March 2013 03:19 AM

සාමදානයේ සැතපෙනු මැන! (නි)

:       0       0

එදිරිසිංහ Saturday, 02 March 2013 02:44 AM

සැබෑ බහුශ්‍රැත, පඬිවරයෙකු වූ ඔබ සරළ මිනිසෙකු ලෙස ජීවත් වෙමින් අනිත් උගතුන් හට ආදර්ශයක් විය . '' ජීවිතය අනියතයි , මරණය නියතයි '' යන බොදු පරම සත්‍ය පසක් කරමින් අපෙන් වෙන් වූ ඔබට නිවන් සුව පතමි !!! (නි)

:       0       0

සිසිර Saturday, 02 March 2013 12:57 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සේන Saturday, 02 March 2013 12:43 AM

අගයකළයුතු, අමතක නොකළ යුතු උතුම් වටිනාකමක් තියෙන සැබෑම මිනිසෙක්... ඔබතුමාට නිවන් සුව ලැබේවා ! ඒවාගේම පවුලේ අයටත් ශොකය ල්‍රකාශ කරනවා (ස)

:       0       0

සේනානායක Friday, 01 March 2013 11:45 PM

ජීවකයාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

හිරුන Friday, 01 March 2013 10:02 PM

ඇත්තටම ඔබ රටට සම්පතක් (ස)

:       0       0

අනුරාධ Friday, 01 March 2013 09:03 PM

ඔබතුමාට නිවන් සුව ! (ස)

:       0       0

අනුර පියතිස්ස Friday, 01 March 2013 08:39 PM

ශ්‍රී ලංකාවට තවත් ශ්‍රේෂ්ඨ සිංහලයෙක් අහිමිවුනා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site