X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ණයට වාහන අරන් ගිනිතියාගෙන මැරුණු ව්‍යාපාරිකයා

DEAD-BUSINESS-MAN_P12 

 

ඉකුත් 02 වැනි දින උදේ 11.45 ට පමණ මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේ අම්පාර පුවත්පත් අලෙවිසැලේ හිමිකරු රෝහණ මහතා ගෙනි. වසන්ත අයියේ ෆිනෑන්ස් එකේ ගින්නක් යැයි ඔහු පැවසීය. කැමරා ආම්පන්න ද රැුගෙන ඉතා සුලූ මොහොතකදී මම එම ස්ථානයට ළඟා උනෙමි. ඒ වන විටද විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.

 


22ඒ වෙන විටත් එම ස්ථානය ඉතා කලබලකාරී ස්වරූපයක් ගෙන තිබුණි. අදාළ ෆිනෑන්ස් ආයතනයේ පහළ මහල ගින්නෙන් විනාශ වී තිබුණි. ඒ වෙන විටත් අවට පිරිස් ගින්න නිවා දැමීමට කටයුතු කරමින් සිටියහ.


ගින්නට හේතුව කුමක්දැයි සොයා බැලීමේදී එම ස්ථානයට රැුස්ව සිටි පිරිසකගෙන් විමසීමේදී දැනගන්නට හැකි උනේ මෙම ආයතනය ඇතුළට පැමිණි පුද්ගලයෙක් පෙට්ට‍්‍රල් දමා තම සිරුරට ගිනි තබාගත් බවයි. ඔහු අම්පාර මහ රෝහලට ඇතුළත් කළ බවද ඒ අවට සිටි පිරිස පැවසූහ.


මා අම්පාර මහ රෝහලට යන අවස්ථාවේදී අම්පාර මහ රෝහලේ ප‍්‍රාථමික ප‍්‍රතිකාර ඒකකයේදී ඉහත සඳහන් ගිනි තබාගත් අයට වෛද්‍යවරුන් ඇතුලූ හෙද කාර්ය මණ්ඩලය ක්ෂණික ප‍්‍රතිකාර ලබාදෙමින් සිටියහ. උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්මලී රූපසිංහ මහත්මිය සහ නිර්වින්දන විශේෂඥ, වෛද්‍ය එස්. සිවරූපන් මහතා සහ අනෙක් වෛද්‍ය හෙද කාර්යය මණ්ඩලය සහය කාර්ය මණ්ඩලය ඇවිස්සුණු කඩි ගුලක් මෙන් කටයුතු කරන ආකාරය දැකගන්නට හැකිවිය. අධික ලෙස පිළිස්සී තිබුණු ඔහුට ලබා දිය යුතු ප‍්‍රතිකාර ලබාදී ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුදින අලූයම මිය ගියේය.


අම්පාර දමන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරාන පැරණිගම පදිංචි සරත් ගුණරත්න නොහොත් මනෝ දෙදරු පියෙකි. වෘත්තියෙන් රියදුරකු වූ ඔහු කොළඹ අම්පාර බස් රථවල රියදුරෙකු වශයෙන් ද සේවය කළේය. පසුව ඔහු රියදුරු රැුකියාව සඳහා විදේශ ගතවිය. අවුරුදු 05 ක් විදේශ ගතව සිට පැමිණ තමන්ටම කියා ටිපර් රථයක් මිලදී ගත්තේය. එම ටිපර් රථයේ රියදුරු ලෙසම වැඩ කර පසුව ඔහු නැවත වරක් විදේශ ගතවී වසර දෙකක් සේවය කර නැවතත් පැමිණ ඇත.


SLD_20150308_C001විදේශයේ සිට පැමිණි ඔහු ප‍්‍රවාහන සේවය වැඩිදියුණු කිරීමට කටයුතු කළේය. තව ටිපර් රථයක්, බස් රථයක්, කැබ් රථයක් ලීසිං කර ලබාගත් ඔහු තම ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු කිරීමට උත්සාහ කළේය. ඔහු ඒ සඳහා අම්පාර ෆිනෑන්ස් ආයතනයකින් මෙම වාහන මිලදී ගැනීමට කටයුතු කළේය. මීට අමතරව අම්පාර කල්මුනේ පාරේ කුඩා හෝටලයක්ද ආරම්භ කරනු ලැබීය. කලක් සාර්ථකව මෙම කටයුතු කරගෙන යන අවස්ථාවේ විවිධ හේතූන් මත ඔහු ලබාගත් වාහනවල ලීසිං කටයුතු ගෙවීම අත පසු විය. පසුව ඔහු තමන්ගේ එක් කැබ් රථයක් අදාළ ෆිනෑන්ස් ආයතනයට භාරදීමට කටයුතු කළේය. පසුව ඔහුට එම ආයතනයෙන් ගත් ටිපර් රථ දෙක පමණක් ඉතිරිවිය.


පසුව ඔහු එම මූල්‍ය ආයතනයට ගොස් තමන්ට සිදුවී ඇති අපහසුතාවය පිළිබඳ පැහැදිලි කිරීමෙන් පසුව ඉතා ඉක්මනින් ව්‍යාපාර කටයුත්ත කර වාහන දෙකේ හිඟ මුදල් ගෙවන ලෙසට තම පියාට උපදෙස් දුන් බව මියගිය සරත් ගුණරත්නගේ වැඩිමහල් පුතා වන ඉන්දික ප‍්‍රභාත් ගුණරත්න පවසයි.


ඉකුත් 02 වැනි දින උදේ 1130 ට පමණ සරත් ගුණරත්න අම්පාර නගර මධ්‍යයේ පිහිටි අදාළ ෆිනෑන්ස් ආයතනය වෙත පැමිනියේය එහිදී සිදුවූ දේ පිළිබඳව එම සිදුවීමට මුහුණ දුන් ෆිනෑන්ස් ආයතනයේ සේවක සේවිකාවන් මෙසේ පැවැසූහ.


ඉන්දික ප‍්‍රභාත් ගුණරත්න (මියගිය සරත් ගුණරත්නගේ පුතා) : ”අපේ තාත්තගේ වාහන ඇරියස් උණා. පසුව තාත්තා එක වාහනයක් ගිහින් භාර දුන්නා. තවත් ටිපර් දෙකක් තිබුණා. තාත්තා ගිහින් කතා කරපුවාම ඒ ආයතනයෙන් කියල තියෙනවා. වාහනේට ටයර් දාගෙන දුවන්න කියලා. ඒක හින්දා තාත්තා රුපියල් ලක්ෂ දෙකක් ණය වෙලා ටයර් දාලා එක දවසයි ගල් ඇද්දේ. දෙවෙනි දවසේ වාහනය ඉස්සුවා. තාත්තා ඒකට හිතේ අමාරුවෙන් හිටියේ. දවස් දෙකක් විතර කෑම කෑවේ නැහැ. කල්පනා කර කර හිටියා. තාත්තා උත්සාහ කළේ ඒ උස්සපු ටිපර් එකෙන් වැඩ කරලා මේ ණය අඩුකර ගන්න. තාත්තා කැමැති නැහැ වාහන උස්සනවට. ඒක තමයි කලින් වාහනය ගිහින් භාර දුන්නේ. ඒ අය කිව්ව නිසා තමයි ලක්ෂ දෙකක් ණය වෙලා ටයර් දාලා දුවන්න පටන් ගත්තේ. නැතිනම් කීයටවත් ණයට ටයර් දාන්නේ නැහැ. වාහනය භාර දෙනවා. අපේ තාත්තා මේ වගේ තත්ත්වයට පත් කළේ මේ ආයතනය කියල මම චෝදනා කරනවා.


ප‍්‍රභාත් අස්මඩල ප‍්‍රාදේශීය කළමනාකරු : ”මේ මියගිය අය අපේ පාරිභෝගිකයෙක්. අපි මෙයාට වාහන තුනකට ලීසිං පහසුකම් අරන් දීලා තියෙනවා. ටිපර් දෙකකට සහ ටාටා කැබ් එකකට තමයි ලීසිං දීලා තියෙන්නේ. මේ වාහන තුනේම වාරික 06 කට වැඩිය ඇරියස් තිබුණා. නමුත් අපි ඒවා ගත්තේ නැහැ. නමුත් එක කැබ් එකක් එයා ගෙනත් දුන්නා. නමුත් වාරික ගෙවීම සිදුවුණේ නැති නිසා අපි මේ වාහනය අත්පත්කරගත්තා. අපි මහ බැංකුවේ ලියා පදිංචි ආයතනයක්. අපි  මහජන මුදලින් තමයි මේ ආයතනය පවත්වාගෙන යන්නේ. මේ මුදල්වලට අපි වග කියන්න  ඕනේ. මේ පාරිභෝගිකයාට අපි වාහන තුනටම විශාල සහන දීලා තියෙනවා. මේ වාහන තුනේම ඇරියස් එක ලක්ෂ 12 ක් විතර වෙනවා. අපි අවුරුද්දක ඉඳන් මේ පාරිභෝගිකයාට පහසුකම් දුන්නා. බැරි තැන තමයි අපි එක වාහනයක් ගත්තේ. තව එක ටිපර් එකක් තියෙනවා ඒක අපි ගත්තේ නැහැ. ඊළඟ කාරණේ තමයි අපි ටයර් දාලා දුවන්න කියලා කිව්වේ නැහැ. අපේ කිසිම නිලධාරියෙක් කිව්වේ නැහැ. ඒක මම වගකීමෙන් කියනවා.”


ශි‍්‍රයාණි ස්වර්ණලතා බිරිඳ : ”උදේ අටට විතර මහත්තයා ගෙදර ආවා. ඇවිත් නිදිය ගන්න  ඕනෑ කිව්වා. මට එකොළහට විතර කතා කරන්න කිව්වා. මම බත් කන්න ගෙනත් දුන්නා කෑවේ නැහැ. පස්සේ මම තේ එකක් ගෙනත් දුන්නා. තේ එක බිව්වේ නැහැ. මට විනාඩි 10 ක් නිදාගන්න දෙන්න කිව්වා. මම නිදිය ගන්න දුන්නා. එයා නිදිය ගත්තා. පස්සේ එයාගේ පෝන් එකට කෝල් එකක් ආවා. එයා ඇහැරුණා. මට කිව්වා මම ෆිනෑන්ස් එකට යන්න  ඕන කියලා ගියා. ඊට පස්සේ 12.30 ට විතර කෝල් එකක් ඇවිල්ලා තිබ්බා. නංගීගේ පෝන් එකට මනෝ අයියා ගිනි තියා ගත්තා කියලා. ඇඬු කඳුළින් පැවසුවාය.
අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකා තිලක ජයසිංහ මහතා : ”අම්පාර නගරයේ ගින්නක් හටගෙන කියල අපිට තොරතුරු ලැබුණා. අපි ඉතා ඉක්මණින් ඒ ස්ථානයට ගිලන් රථ යැව්වා. ඒ වෙන විට බරපතල ලෙස පිච්චුණු රෝගියෙක් රෝහලට අරගෙන ආවා. එම අවස්ථාවේම විශේෂඥ වෛද්‍යවරු ඇතුළු අපේ කාර්ය මණ්ඩලය මෙම රෝගියාට ප‍්‍රතිකාර ලබා දුන්නා. පසුව ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. මේ තැනැත්තාගේ සිරුර සියයට අසූවක් විතර බරපතල ලෙස පිච්චිලා තිබුණා. පසුදා අලූයම එම පුද්ගලයා මියගියා.”


අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජීව මැදවත්ත මහතා : ”ඇත්තටම අම්පාර පෞද්ගලික මූල්‍ය ආයතනයේ උන සිදුවීම වැරදි පුර්වාදර්ශයක්. මැරුණු පුද්ගලයාට වාහන 06 ක් තියෙනවා. තමන්ට නඩත්තු කරන්න පුළුවන් නම් වාහන  ඕනෑ තරම් ගත්තට කමක් නැහැ. හැබැයි අපි දැන ගන්න  ඕනේ අපිට මේ වැඬේ කරන්න පුළුවන්ද කියලා. තමන්ට හැකි ඔරොත්තු දෙන ආකාරයට කටයුතු කළ යුතුයි. ඒ පුද්ගලයා ගිනි තියාගෙන මැරුණා කියලා ප‍්‍රශ්නය විසඳගන්න බැහැ. තව ප‍්‍රශ්න වැඩිවෙනවා. මේ ගින්නට අහුවෙලා තව කීප දෙනෙක් හරි මැරුණා නම් ඇති වෙන තත්ත්වය ඉතා භයානකයි. මේ පුද්ගලයා කරපු වැඬේ කාටවත් අනුමත කරන්න බැහැ. ඊළඟ කාරණය රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් ණය ගත්තාම ගෙවන්න වෙනවා. නැත්නම් නඩු දානවා. ඒ ආයතනවල අය කරන්නෙත් රැුකියාවක්. කාටවත් ඇඟිල්ල දිග් කරන්න ඉඩ තියන්නේ නැතිව කටයුතු කිරීම තමන්ගේ වගකීමක්.” යැයි අම්පාර ප‍්‍රජා සේවකයන් හමුවකදී අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජීව මැදවත්ත මහතා පැවැසීය.


කවුරුවත් නොසිතූ පරිදි තවත් ජීවිතයක් නොසිතූ විදිහට අහිමිවී ගියේය. නොසිතූ විලස සිදුවූ මෙම ඛේදවාචකය පවුලේ ඥාතීන් මෙන්ම යාලූ හිත මිත‍්‍රාදීන් දැඩි කම්පාවකට ලක්ව ඇත. මෙම සිදුවීම සමගම සරත් ගුණරත්න ගේ පවුල ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇත. ඔහු මියගියත් ඔහු සතුව ඇති අනෙක් වාහනයද මාස කීපයකට වාරික මුදල් ගෙවීමට තිබේ. එය ගෙවා ගැනීමට නොහැකි වුවොත් එම ටිපර් රථයද එම ආයතනයට දීමට බිරිඳට සිදුවේ. එවිට සිදුවන්නේ තමන්ට දුන් මුදලත් මෙතෙක් ගෙවන ලද වාරිකත් දඩ පොලියත් සියල්ල අහිමිවීමයි.

 

m



අදහස් (0)

ණයට වාහන අරන් ගිනිතියාගෙන මැරුණු ව්‍යාපාරිකයා

වාසනා Wednesday, 11 March 2015 12:20 PM

කුමන ආයතනයක් වුණත් ඕනෑම විදියක. ණයක් දෙනකොට ණය ගන්න කෙනාගේ අදායම බලන්න ඕන එක නයක් එවර වෙනකම් ටව එකකට යන්න දෙන්න එපා මේ ආයතන වල වැඩ කරන අය තමයි වැරදි එයාලගේ ෆිනාන්සේ වැඩි කරගන්න. (අ)

:       0       0

කුමාරි Wednesday, 11 March 2015 01:08 PM

ණය වීම පොලියට ගැනීම හරිම භයානක දෙයක්. ඉස්සර මිනිස්සු කියන්නේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා ඕකයි.ටික ටික හෙමින් හෙමින් දියුණු වෙන්න හිතුවනම් ඔය මොනවත් නැහැ.දැන් ඉන්න ගොඩක් අයට ඔය ලෙඩේ තියනවා.ඒ වගේ කට්ටියටමෙක ලොකු ආදර්ශයක්. (අ)

:       0       0

මාපලගම පත්මා Wednesday, 11 March 2015 04:22 PM

ණයවීමත් ණයගෙවීමත් පාරිභෝගිකයාට අනිවාර්ය මෙන්ම ණයදීමත් ණය ආපසු ලබාගැනීමත් ණය ලබාදෙන අයගේ අයිතියක්. (නි)

:       0       0

විපුල Thursday, 12 March 2015 02:53 AM

මට හිතෙන්නේ අධික තණ්හාව නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මොකද මේ කියන විදියට ලොකු කාලයක් ෆිනෑන්ස් ගෙවලා තියනවා. ඉතින් තමන්ට බැහැ කියලා දැනෙනකොට වාහන 3න් 2ක් විකුණලා එකක් නිරවුල් කරගත්තා නම්, පවුලම සතුටින් (නි)

:       0       0

අමල් Thursday, 12 March 2015 05:13 AM

කොහොම උනත් ලංකාවේ ෆිනෑන්ස් කොම්පැණි අන්තිම නරක පැත්තක් තියෙනවා. පොඩි මිනිහව හුගක් අසරණ කරනවා. ලොකු පොලිය ලෝකේ කොහෙවත් නැති ප්‍රතිශතයක්. මේක මහා බැංකුව හොදට හොයල බලන්න ඕන තත්වයක්. (ර)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 08:57 AM

තණ්හාය ජායතී සෝකෝ (බ)

:       0       0

කාන්ති Thursday, 12 March 2015 05:29 PM

ගිනි තබාගැනීම හැර ඔහුට වෙනත් විකල්පයක් තිබුණේම නැද්ද දෙවියනේ! (නි)

:       0       0

කාශ්‍යප Friday, 13 March 2015 10:44 AM

ඕකට තමා කියන්නේ සසර ගමන කියලා. සසරින් එතෙර වෙන්නට උත්සහා නොකෙරුවොත් වෙන විකල්පයක් නැ.(ම)

:       0       0

මාටියා Saturday, 14 March 2015 07:54 AM

ධනවාදී ආර්ථිකයක පැවැක්ම සදහා ණය වීමද, සමාජවාදී ආර්ථිකයකදී එකතැන පල්වීමද පොදු ලක්ෂණය. පැරණි ගමේ සුහද ආර්තිකය මොන තරම් උත්කෘෂ්ටද? ණයක් ගන්නම ඕන්නම් (සණස වැනි) ආයතනයක් බුද්ධිමත්ව තෝරාගන්න.(නදී)

:       0       0

මාටින් Saturday, 14 March 2015 07:58 AM

මුස්පේන්තුම ආයතන දැකලා නැත්නම් ෆිනෑන්ස් ආයතනයක(වාරික ගෙවීම් අංශය)ට ගොඩවෙලා බලන්න.(නදී)

:       0       0

සුමින්ද Sunday, 15 March 2015 10:59 PM

මේ ලිපියේ තියෙන සම්පුර්ණ කතාව හරි නම් පොලිස් අදිකාරී තුමාගේ කතාව තර්කානුකූල නිවැරදි අදහසක්. (නදී)

:       0       0

කුමාර Saturday, 21 March 2015 10:20 AM

එතකොට වාහන 6 කට ෆිනෑන්ස් දෙද්දී එයාට තේරුනේ නැතිද මේ මනුස්සයට එ්ක ගෙවාගන්න බැරිවේවි කියලා. වාසනාගේ කතාව හරි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site