X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව

තන්තිරිමලේ පුද බිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් තන්තිරිමලේ පුදබිම නව වැනි වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් එළිය කෙරෙන ‘‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ ලබන මස 03, 04 සහ 05 යන දිනයන්හි පැවැත්වේ.
අනුරාධපුර යුගයේ මුල් අවදියේ සිට අග භාගය දක්වා විහිදෙන පෞරාණික උරුමයකට හිමිකම් කියන තන්තිරිමලය, සඟමිත් මහරහත් තෙරණින්ගේ පා පහස ලත්, සිරිමා බෝ සමිඳු එක් රැයක් වඩා හිඳුවාලූ ඓතිහාසික පුද බිමකි.
ප‍්‍රාග්ඓතිහාසික සිතුවම්, මහ රහතන් වහන්සේලා පරිහරණය කළ ස්වාභාවිකව නිර්මාණය වූ විශාල ජල පොකුණු, සෙල් පිළිම, ශිලා ලේඛන ඇතුළු පුරාවිද්‍යාත්මක සාධක රැුසකින් සමන්විත අක්කර දෙසිය පනහක මහා කළු ගල් තලාව පුරා විහිදෙන තන්තිරිමලේ පුද බිම ශ්‍රී ලාංකේය ජනතාවගේ ජාතික උරුමයකි.මහ කළු ගල් තලාව මුදුනේ විශ්මිත ලෙස වැඩ හිඳින අෂ්ඨමහාඵල බෝධීන් වහන්සේ මේ පුද බිමේ ආගමික වැදගත්කම මැනවින් කියා පායි. කළු ගලක් මුදුනේ මහ නියං සමයන්හි දී පවා කිසිදු උපද්‍රවයකින් තොරව අෂ්ඨඵල බෝධීන්වහන්සේ වැඩ හිඳීම ආශ්චර්යයක් බව බොහෝ අය පවසති. එපමණක් නොව තන්තිරිමලේ පුද බිම අලංකාරවත් කෙරෙන මහ කළු ගල් තලාව ස්වභාවධර්මයාගේ අපූරු නිර්මාණයකි.
රිටිගල කන්දෙන් ආරම්භ වන කදම්භ නදිය හෙවත් මල්වතුඔය අනුරාධපුර නගරය මැදින් කනදරාඔය හමුවන තෙක් උතුරු දිසාගතව ගලා බැස, ඉන් අනතුරුව වයඹ දිසාගතව ගලා බැසීම නිසා නිර්මාණය වී තිබෙන තැනිතලා භූමියේ උස් ගල් තලාව මධ්‍යයේ ඓතිහාසික තන්තිරිමලේ පුද බිම පිහිටා තිබේ. ඉන් ඔබ්බට බටහිර දෙසින් ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයයි.
ඓතිහාසික තොරතුරු අනුව සිරිමා බෝ සමිඳුන් දඹදිව සිට ලක්දිවට වැඩම කරවූ දෙවැනි පෑතිස් රජුගේ පාලන සමයේ තන්තිරිමලය හඳුන්වනු ලැබ ඇත්තේ ‘‘තිවක්ක බමුණුගම’’ ලෙසිනි, සඟමිත් මහරත් තෙරණිය දඹදිව සිට ජය සිරි මහා බෝ අංකුරය වැඩමවා ගෙන ලක්දිවට පැමිණි ඓතිහාසික ගමනේ දී දඹකොළ පටුනේ දී නැවෙන් ගොඩ බැස, පෙරහරින් අනුරාධපුරයට පැමිණෙද්දී තන්තිරිමලේ පුද බිම පිහිටි සුවිශාල ගල් තලාව මත නැවතී රැයක් පහන් කළ බව එම ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.
එම අවදියේ වර්තමානයේ තන්තිරිමලේ ලෙස හඳුන්වන මේ ප‍්‍රදේශය පාලනය කර ඇත්තේ දෙවැනි පෑතිස් රජුගේ හිතෛෂිවන්තයෙකු වූ තිවක්ක නම් බුමුණු තෙමේ විසිනි. එබැවින් එදා එම ප‍්‍රදේශය තිවක්ක බමුණුගම ලෙස හැඳින්විණි.තන්තිරිමලේ මහ ගල් තලාව මත රෝපණය කර තිබෙන අෂ්ඨ මහා ඵල බෝධීන් වහන්සේ පිළිබඳව ජනප‍්‍රවාදයේ පවතින්නේ මෙැවනි කථාවකි.
”සඟමිත් මහ රහත් තෙරණිය ලක්දිවට වැඩමවා ගෙන ආ ජය සිරි මහාබෝ අංකුරය අනුරාධපුරවරයේ මහමෙව්නා උයනේ උඩ මළුවේ දෙවැනි පෑතිස් මහ රජතුමන් විසින් රෝපණය කරවන ලද අවස්ථාවේ ආශ්චර්යයක් ලෙසින් සිරිමා බෝ සමිඳුන්ගෙන් අංකුර අටක් පැන නැගී තිබිණ. ඉන් එක් බෝ අංකුරයක් දෙවැනි පෑතිස් මහ රජතුමන් විසින් තම හිතෛෂිවන්ත තිවක්ක බමුණු තෙමේට ප‍්‍රදානය කර තිබිණ. ඒ, සිරිමා බෝ සමිඳුන්වහන්සේ දඹකොළ පටුනේ සිට වැඩමවා ගෙන අනුරාධපුරවරයට පෙරහරින් එන ගමනේ දී සඟමිත් මහරහත් තෙරණිය සහ සහපිරිවරත්, දෙවැනි පෑතිස් රජතුමන් ඇතුළු පිරිසත් තිවක්ක බමුණුගම දී මහත් හරසරින් පිළිගෙන මහ ගල් තලාව මත රැයක් පහන් කිරීමට පහසුකම් සලසා දී දැක්වූ ගරු සැලකිලි වෙනුවෙන් තිවක්ක බමුණු තෙමේට කෘතවේදීත්වය පළ කිරීම උදෙසායි.
බමුණු තෙමේ ද රජුගෙන් තමන්ට ලැබුණු බෝ අංකුරය මහත් හරසරින් පිළිගෙන පෙරහරින් තිවක්ක බමුණුගමට වැඩම කරවා කලින් අවස්ථාවේ සිරිමා බෝධීන් වහන්සේ රැයක් පහන් වන තුරු වැඩ සිටුවා තැබූ ගල් තලාව මත්තෙහිම බෝධි ප‍්‍රාකාරයක් තනවා එතැන රෝපණය කරන ලදී. අදත් ඇතතේ එදා ඒ රෝපණය කෙරුනු අෂ්ඨ මහාඵල බෝධීන් වහන්සේ බවට ජනතාව අතර විශ්වාසයක් පවතී.”
තන්තිරිමලය පුද බිමක් බවට පත් වන්නේ ඉන් අනතුරුව බවත් මහ රහතන්වහන්සේලා මේ පිං බිමේ භාවනානුයෝගීව වැඩ විසූ බවත් ඉතිහාසයේ සඳහන් වන අතර, අදත් මේ පින්බිමේ දක්නට ඉතිරිව තිබෙන නටඹුන් ඊට සාක්ෂි දරයි.
අෂ්ඨමහා පල බෝධීන් වහන්සේ වැඩ වසන මහ ගල් තලාවේ නැගෙනහිර බෑවුමේ නටඹුන්ව තිබෙන පබානසර භාවනායෝගී මහරහතන් වහන්සේලා මේ පිංබිමේ වැඩ විසූ බව සනාථ වන හොඳම සාක්ෂියයි. උන්වහන්සේලා පරිහරණය කළ කළු ගලින් නිමැවූ පොත් ගුල, ස්නානය කළ නෙළුම් මලින් පිරුණු ජල පොකුණ අදත් මේ පිංබිමේ දී දැකගත හැක.
බෝධීන් වහන්සේ වැඩවසන ගල් තලාවට පහළින් ඒ ආසන්නයේ දකුණු පැත්තෙහි ගල් කුලෙහි නෙළා තිබෙන සමාධි පිළිමය අඩි අටක පමණ උසින් යුක්තය. පිහිටි කළු ගල හාරා මතු කොට සැකසූ මෙය උන්නත නිර්මාණයකි.
සමාධි පිළිමය දෙපසින් වාමනධාරී දෙවිවරුන් නිරූපනය කර තිබේ. පිළිමයේ පසුපසින් අපූරු මකර තොරණක් නිර්මාණය කර ඇත්තේ එහි බර උසුලන ආකාරය දැක්වෙන සිංහ රූප දෙකක් ද සමගිනි.මෙම සමාධි පිළිමය අව්වෙන්, වැස්සෙන්, සුළගින් ආරක්ෂා කිරීම සඳහා පියස්සක් ඉදි කර තිබූ බවත් පෙනෙන්ට තිබේ. එහි සුවිශාල දොරටුවෙහි උළුවහු හා කුළුණු නිමවා ඇත්තේ කළු ගලෙනි. බොරදම් කැටයම්වලින් එම උළුවහු හා කුළුණු අලංකාරවත් කර තිබේ.
අෂ්ඨ මහාඵල බෝධීන්වහන්සේ වැඩ වසන මහ ගල් තලාවෙහි උතුරු බෑවුමේ පිහිටි කළු ගලෙන් මතු කර නෙලා තිබෙන අඩි 45ක් දිගින් යුතු සැතපෙන පිළිමය අනුරාධපුර යුගයේ විසූ අපේ පුරාණ ගල් කැටයම්කරුවන්ගේ කුසලතාවන් පිළිබිඹු කෙරෙන අපූරු නිර්මාණයකි.
මීට සියවස් දෙකකට පෙර නිධන් හොරුන් විසින් විනාශ කර තිබූ මෙම සැතපෙන පිළිමයේ ශීර්ෂය ඇතුළු කොටස් පුරාවිද්‍යාඥයින්ගේ උපදෙස් මත පෙර පැවැති අයුරින්ම යළි සංරක්ෂණය කෙරුනේ මීට සතිි කිහිපයකට කළිනි. මහ ගල් තලාව මත කිරි බුබුලක් සේ දිස්වෙන මනරම් චෛත්‍යය ඉදි කර ඇත්තේ පුරාණයේ චෛත්‍ය ඉදි කර තිබුණු ස්ථානයේම බව පැවසේ. ඊට අමතරව මෑත භාගයේ ඉදි කෙරුණු විහාර මන්දිරයෙන් ද මෙම පිංබිමේ අලංකාරය තව තවත් වැඩි වෙයි.
ඓතිහාසික තන්තිරිමලේ පුදබිමට වරක් පැමිණි අයෙක් තවත් වරක් හෝ පැමිණෙන්නේ මේ පිංබිම ආගමික අතින් මෙන්ම ඓතිහාසික අතින් ද පාරිසරික අතින් ද ඉතා වැදගත් බැවිනි.

සටහන හා සේයාරූ - අතුල බණ්ඩාර

සැතපෙන බුදුරුව

ගල් තලාව



අදහස් (0)

තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව

ආශා Wednesday, 18 July 2012 10:42 AM

ඉතාමත් පින් අපිව දැනුවත් කරා‍ට....

:       0       0

ජයලංකා Friday, 21 February 2014 05:00 PM

තෙරුවන් සරණයි (අ)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 01:12 PM

මේ තරම් සියුමැලිද කළුගල් සිතන්නටවත් බැරි නිසා..(ස)

:       0       0

වෙනුර Wednesday, 12 September 2012 12:29 AM

මෙපින් බෙලෙන් සසර කතරින් එතෙර වීමට ඔබ සියලු දෙනාටම හැකිවේවා! (නි)

:       0       0

චින්තන Tuesday, 11 September 2012 04:11 PM

ලස්සනයි.. (ස)

:       0       0

චින්තන Tuesday, 11 September 2012 04:10 PM

ඒකනම් නියමයි.. (ස)

:       0       0

කොස්වත්ත Sunday, 09 September 2012 05:41 PM

තන්තිරිමලේ පුද බිමට ඵෙතිහාසික වටිනාකමක් ප්‍රථමයෙන් ලබාදුන්නේ ජ්.ජී ප්‍රේමදාස නෑමති මහත්මයෙක්.ඔහු සිය ධනය වැයකොට ඉදිකළ චෛත්‍යය ශ්‍රි ලංකාවාසී සෑමට පුජා කෙරුණේ 1976 දී ය.එතුමාගෙ අනුරුව සහිත ප්‍රතිමාව තවමත් චෛත්‍යයරාජයා ඉදිරිපිට දක්නට ඈත.එතුමාගේ නිහඩ සේවය ඈගයීම අප සෑමගේ යුතුකමකි. (නි)

:       0       0

සුරංග Sunday, 19 August 2012 07:07 PM

ලංකාදීප, ඔයාලා මේ කරන්නේ ගොඩක් උතුම් වැදගත් පිනක්. (නි)

:       0       0

දිසා Saturday, 28 July 2012 04:24 PM

තන්තිරිමලේ ඉන්න පොඩි හාමුදුරුවරු හරිම දක්ෂ මොලේ ඇති හාමුදුරුවන් වහන්සේලා බව මා ගිය දවසක දැනට අවුරුදු තුනකට පමණ පෙර මට අවබෝධ උනා.. මේ පොඩි හාමුදුරුවො ඉතාම දක්ෂ ලෙස බණ කියනවා වගේම අනුශාසනාවක් කළා.. පුළුවං නම් මේ අයට ආධාරයක් කරන්න.. බොහොම පිං...(නු)

:       0       0

සිගිති Tuesday, 24 July 2012 10:34 AM

හරිම ලස්සන තැනක් ..අපේ රට දියුණු කරන ඕන.... (ස)

:       0       0

සම්පත් Monday, 28 May 2012 06:08 PM

ස්තූතියි.ඉතා ලස්සනයි

:       0       0

කුමුදුමාලි Monday, 02 July 2012 10:25 AM

අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.

:       0       0

සුපුන් Thursday, 28 June 2012 11:03 AM

ත්‍රිපිටකය, දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න

:       0       0

සමන්මලී Thursday, 28 June 2012 11:40 AM

අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..

:       0       0

වැඩිගේ Tuesday, 19 June 2012 01:43 PM

දැන් පාර හොදට හදලද?? ඒ දවස්වල පාර හොද නැහැ..

:       0       0

සංජය Monday, 11 June 2012 06:51 PM

චතුරාර්ය සත්‍යය මේ බුදු සසුන තුලදීම අවබෝධයටම හේතුවේවා!!! සාදු ! සාදු !! සාදු !!!

:       0       0

ඉන්දික Friday, 08 June 2012 07:57 PM

ස්තූතියි !!!!

:       0       0

මලින්ද Saturday, 02 June 2012 12:05 AM

නිදන් හොරුන්ට කවදාවත් මරණින්මතු මිනිස් ආත්මයක් ලෑබෙන්නෙ නෑ.

:       0       0

ලලනි දීපිකා Thursday, 31 May 2012 12:25 PM

ස්තූතියි .ඉතා ලස්සනයි.

:       0       0

චම්පි Monday, 28 May 2012 09:14 PM

තන්තිරිමලේ පුදබිම නොදුටු දෑස් කුමකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site