ඒ අක්ක නගාලා මෙලොව එළිය දුටුවේ පුත්තලම තබ්බෝව රක්ෂිතයේ දී ය. මනරම් පුල්ලිවලින් ඔප වැටුණු ඒ ”දිවි” දියණියන් ඉපදී මසක් ගත වෙද්දී දඩයක්කරුවෙකුගේ රුදුරු වෙඩි පහරකින් ”දිවි අම්මා” මෙළොව අතහැර ගියාය. පිපාසයට මව්කිරි අහිමිව, සීතලට මව් උණුසුම අහිමිව ඒ රූස්ස වන අරණේ දිවි පැටවුන් තිදෙනා අතරමං විය. කුසට හරි හැටි අහරක් නොමැතිව නිරාහාරව දුබල වූ ඒ පුංචි දිවි පැටවුන්ගේ ඊළඟ ආරක්ෂිත නවාතැන් පොළ බවට පත්වන්නේ මේ රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සුවිසල් මන්දිරයකි. මසක් වයසැති මේ දිවිපැටුවන් තිදෙනා මව්කිරිත් මව් උණුසුමත් නොමැතිව ජීවිතයත් මරණයත් අතර ද්වන්ධ සටනක යෙදී සිටියදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පිහිටෙන් පසුගිය ජූලි 03 වැනිදා දෙහිවල සත්වෝද්‍යානයට පැමිණීම ඔවුන්ගේ දිවියේ නවපිටුවක් පෙරළන්නට සමත් විණි. මේ පැටවුන් තිදෙනාට සත්වෝද්‍යානය තුළදී දෙවැනි මවක වන්නේ වෛද්‍ය ගංගා විජේසිංහ මහත්මියයි. ”මේ දිවි පැටව් තුන්දෙනා සත්වෝද්‍යානයට ගෙන එද්දී හිටියේ ඉතාම දුර්වල මට්ටමකයි. මේ තිදෙනාම ගැහැණු පැටවුන්. මව් කිරිත්, මව් උණුසුමත් නැතිව කුසට හරි ආහාරයක් නැතිව ජීවිතයත් මරණයත් එක්ක සටන් කරමින් හිටියේ. මමත්, වෛද්‍ය ජගත් විජේසේකර, සත්ත්ව ආරක්ෂක අමිත පෙරේරා, සත්ත්ව භාරකරු පියසිරි, සත්ත්ව රෝහලේ රසායනාගාරයේ අරුණ ඉන්දික යන අපි හැමෝම එකතු වෙලා යුහුසුළුව ප්‍රතිකාර කළා. ඕස්ටේ්රලියාවෙන් ආනයනය කළ දිවියන්ටම දෙන විශේෂිත කිරි වර්ගයක් විශේෂ උපකරණයකින් පෙව්වා. කුකුල් මස් පොඩි කරලා ඉස්ම අරගෙන සිරින්ජරයෙන් පෙව්වා. සති දෙකක් විතර සේලයින් වතුර, ජීවනී දුන්නා. දිවා රෑ අපි නිදි මරාගෙන අපේම දරුවො තුන්දෙනෙක් හදනවා වගේම කැපවීමෙන් ඒ කටයුතු කළා. දිවි පැටියෙකුට වසර දෙකක් යනකම් මව් සෙනෙහස අත්යාශ්යමයි” ”කොහොම හරි බලාගෙන ඉද්දී මේ පැටව් හොඳ මට්ටමට පත්වුණා. එක පැටියෙකුගේ ඇහට සුද ඇවිත් තිබුණා. පසුව අපි කළුබෝවිල රෝහලේ ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයාගෙන් පවා ප්‍රතිකාර ලබා දුන්නා. ඇස්වල ඡායාරූප විදේශ රටවලට පවා යැව්වා. සත්වෝද්‍යානයට ගෙනෙන අවස්ථාවේ ග්‍රෑම් 800, 900 හිටපු පැටව් මාස 3ක් යද්දී කිලෝ 10යි කිලෝ 9.6යි, කිලෝ 9.4යි බරකට ආවා. සත්වෝද්‍යානයේ අධ්යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතාගෙන් ලැබුණු සහයෝගය විශේෂයෙන් මතක් කළ යුතුයි” අපේ රටේ ජීවත්වන විශාලතම බළල් පවුලේ සාමාජිකයා වන මේ ක්ෂීරපායි සත්ත්වයා ඉතා දුර්ලභ සතෙකු වන අතර වර්තමානයේ උන් වඳවී යාමේ තර්ජනයකට ලක්වී තිබේ. වනාන්තර තුළ වසර 10-12 වැනි කාලයක් ජීවත්වන අපේ දිවියා, ”පැන්තරා පාඩුස්” යන අපටම ආවේනික වූ උප දිවි විශේෂයකි. වසර තුනහමාරක ගැබ් කාලයෙන් පසු දිවි දෙන පැටවුන් දෙකත් හතරත් අතර ප්‍රමාණයක් එක් වරකට බිහි කරන්නීය. පසුගිය 9 වැනිදා මේ හුරුබුහුටි දිවි පැටවුන් තිදෙනා දෙහිවල සත්වෝද්‍යානයේ කෙළවරක තමන්ටම වෙන්වූ පුංචි කූඩුවක නිදහසේ කෙළි දෙළෙන් දිවිගෙවන්නට සත්වෝද්‍යාන පාලකයින් සූදානම් කර තිබූ අතර මහජන ප්‍රදර්ශනයට ප්‍රථම වරට ඔවුන් යොමු විණි. පැමිණ සිටි බාල, මහලූ, වැඩිහිටි හැමගේම නිබද ආකර්ශනයට ලක්වූ මේ පුංචි දිවි පැටවුන් තමන් මුහුණදුන් බිහිසුණු අත්දැකීම පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව කූඩුව පුරා සැරිසැරූ ඒ මොහොත සැබවින්ම හැඟුම්බරය. සටහන - දුෂ්‍යන්ත කුමාර ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය \
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තබ්බෝවෙන් දෙහිවලට පැමිණි දිවි දියණියෝ
ලක්මාල් නන්දික Monday, 21 November 2011 11:04 AM
මේ අය අයිති අපට නෙමෙයි කැලේට.
හර්ෂණී Friday, 02 December 2011 06:45 PM
අපේ රටේ සිදුවෙන අලුත් දේවල් අපට දැනගන්න සලස්වන ඔබට සිතුතියි.