X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


තම බිරිය සොයා පාපැදියකින් රටවල් 8ක් තරණය කළ තරුණයෙක්

  04-P2-Rasa-05  

 

ඉන්දියාවට පැමිණි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක හා පෙමින් බැඳුණු දිළිඳු ඉන්දියානු තරුණයකු ඇය රටින් පිටව යද්දී පොරොන්දුවක් දුන්නේය. එම පොරොන්දුව වූයේ කෙසේ හෝ ඇය හමුවන්නට ස්වීඩනයට පැමිණෙන බවකි. කාලය කෙමෙන් ගෙවී ගියේය. තරුණයාට  ස්වීඩනයට යාමට මුදල් නොවීය. එහෙත් තම පොරොන්දුව අමතක නොකළ ඔහු කෙසේ හෝ ඇය දකින්නට යන්නෙමියි අදිටන් කර ගත්තේය. ගුවන් මගින් යාමට නොහැකි හෙයින් ඔහු පාපැදියක් මිලට ගෙන එහි නැඟී රටවල් අටක් ඔස්සේ ඉන්දියාවේ සිට ස්වීඩනය බලා ගියේ තම පොරොන්දුව ඉටුකිරීම සඳහාය. තරුණිය චාලට් වොන් ස්ලෙඞ්වින්ය. තරුණයා ප්‍රදියුම්නා කුමාර් මහනන්දියාය. මේ ඔවුන්ගේ කතාවයි.

04-P2-Rasa-01
1949 උපත ලද ප්‍රදියුම්නා කුමාර් ඉන්දියාවේ දෙන්කනාල්හි ඔඩිෂා ප්‍රදේශයේ පහත් යැයි සම්මත කුලයක දිළිඳු තරුණයකු විය. ඔහුගේ පියාගේ වෘත්තිය වූයේ රෙදි විවීමය. චිත්‍ර ඇඳීමට දක්ෂයකු වූ ඔහුට උසස් අධ්‍යාපනය ලැබීමට දිළිඳුකම බාධාවක් විය. ඔරියා නම් කුලයේ උපත ලද හෙයින් උසස් අධ්‍යාපනය ලැබීම පිළිබඳ කතා කළ සැම විටකම පාහේ කුලවතුන්ගේ සමච්චලයට ඔහු බඳුන් විය. එහෙත් අධ්‍යාපනය ලැබීමේ ආසාවෙන් පෙළුණු කුමාර් 1971දී නවදිල්ලියට පැමිණියේ කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබන්නෙමැයි යන ප්‍රාර්ථනය සිත් දරාගෙනය. තම හැකියාවන් මත නවදිල්ලි සෞන්දර්ය ආයතනයට ඇතුළත් වන්නට ඔහු සමත් වූයේය. නවදිල්ලි සෞන්දර්ය ආයතනයේ චිත්‍ර කලාව හැදෑරූ ඔහු අති දක්ෂ ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියකු ලෙසින් දස්කම් දැක්වූ අතර අධ්‍යාපන ආයතනයේ සියල්ලන්ගේම අවධානය දිනා ගැනීමට සමත් විය.


19 හැවිරිදි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක වූ චාලට් වොන් ස්ලෙඞ්වින් අධ්‍යාපනය ලැබුවේ ලන්ඩනයේය. ඇයට තමාගේ උඩුකය සිතුවමක්  නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවූ ඇයට මිතුරියක මාර්ගයෙන් ඉන්දියානු ජාතික තරුණයා පිළිබඳව දැන ගැනීමට ලැබිණි. එම තරුණයා ලවා තම සිතුවම නිර්මාණය කර ගැනීමේ අරමුණින් චාලට් 1975 වසරේ ඉන්දියාවට පැමිණියාය.


ආලේඛ්‍ය චිත්‍රය නිර්මාණය සඳහා මාස කිහිපයක් ගත විය. චිත්‍රය අඳිනු පිණිස දිනපතා තමා ඉදිරියේ අසුන් ගන්නා චාලට්ගේ රූ සිරියෙන් මත් වූ කුමාර් ඇයට සිතින්  පෙම්කරන්නට විය. ඔහුගේ දක්ෂතාව හා අහිංසකත්වය දුටු  චාලට්ගේ සිත ද චිත්‍රශිල්පියා කෙරෙහි බැඳී ගියේය.


ඔවුන්ගේ ප්‍රේමය දිනෙන් දින  මෝරා වැඩෙන්නට විය. කුමාර් නොදැක සිටින්නට නොහැකි වූ චාලට් දිනක් ඔහු විස්මයට පත් කරමින් ඔහුගෙන් ඉල්ලා සිටියේ තමා හා විවාහ වන ලෙසටය. කුලහීනයකු වන තමාට ඇයගේ අතගැනීම සිහිනයක් වූයෙන් කුමාර් තම පවුල් පසුබිම ඇයට පැවසුවාය. එහෙත් ඇය ඒ කිසිවක් පිළිබඳ නොතැකුවාය. අවසානයේ දෙදෙනා සාම්ප්‍රදායික ඉන්දියානු පිළිවෙත් අනුව විවාහ වූ අතර තරුණිය තම නම වූ චාලට් වෙනුවට චාරුලතා යන ඉන්දියානු නම තෝරා ගත්තාය. ඔවුහු නව දිල්ලියේ මහල් නිවෙසක නව ජීවිතයක් ආරම්භ කළහ. 


මාස කිහිපයකට පසු  තම අධ්‍යාපන කටයුතු සඳහා චාලට් යළි ලන්ඩනය බලා යා යුතු වූවාය. තමා සමඟ යෑමට එන්නැයි ඇය තම සැමියා වන කුමාර්ගෙන් ඉල්ලා සිටියාය. එහෙත් කුමාර් ඒ වන විටත් සෞන්දර්ය ආයතනයේ සිසුවකු වූ බැවින් අධ්‍යාපන කටයුතු අතරමග නවතා දමන්නට ඔහුට හැකියාවක් නොවීය. තවත් වසරක කාලයකින් අධ්‍යාපන කටයුතු නිමවා ඇය හමුවන්නට ලන්ඩනයට එන්නෙ මැයි ඔහු ඇයට ප්‍රතිඥාවක් දුන්නේය. එයට එකඟ වූ චාලට් අධ්‍යාපන කටයුතු අවසන් වූ විගස ලන්ඩනයට පැමිණෙන්නට ගුවන් ප්‍රවේශ පත්‍රයක් එවන බව පැවසුවද  කුමාර් එයට කැමති නොවීය. ඔහුට අවශ්‍ය වූයේ තමා උපයා ගත් මුදලකින් ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගෙන ඇය හමුවන්නට යාමය. අවසානයේ චාලට් ඔහුගේ ඉල්ලීමට එකඟ වූ අතර වසරකින් හමුවීමේ අපේක්ෂාවෙන් දෙදෙනා වෙන් වූහ.


වසරක් පුරා දෙදෙනා ලිපි මගින් හමු වූහ. හදවත ප්‍රේමයෙන් පිරී ගියද කුමාර්ගේ පසුම්බිය හිස්ය. ඇයට ප්‍රතිඥා දුන් පරිදි ලන්ඩනයට යෑමට ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගැනීමට තරම් මුදලක් ඉතිරි කර ගැනීමට ඔහුට නොහැකි විය. තමා මුදල් සොයා ගන්නා බව පැවසූ හෙයින් ඇයගෙන් මුදල් ඉල්ලීමටද ඔහු අකමැති විය. එහෙත් ඔහු ලෙහෙසියෙන් පසුබසින්නකු නොවීය.

5
චිත්‍ර අඳින උපකරණ හැර තමා සතු සියල්ල විකුණා දැමීමට කුමාර් තීරණය කළේය. අවසානයේ යම් මුදලක් රැස් කරගත් ඔහු භාවිත කරන ලද හොඳ තත්ත්වයේ පාපැදියක් මිලට ගත්තේය. ඔහු කරන්නට යන දේ ඇසූ මිතුරෝ “උඹට ඔල්මාදදැ” යි ඔහුගෙන් ඇසූහ. නැත, ඔහු ඔල්මාදයෙන් පෙළෙන්නකු නොවීය. කෙසේ හෝ තම ප්‍රතිඥාව ඉටු කිරීමත්, තම ආත්ම අභිමානය රැක ගැනීමත් ඔහුගේ එකම අරමුණ විය. තම බිරිය හමුවීම සඳහා පාපැදියෙන් ඉන්දියාවේ සිට ස්වීඩනය බලා යෑමට කුමාර් සැලසුම් කොට තිබිණි. ඒ වන වන විට චාලට් සිය අධ්‍යාපන කටයුතු අවසන් කොට තම මව් රට වන ස්වීඩනය බලා ගොස් තිබුණාය.


දින ගණනකට අවශ්‍ය ආහාර පාන සහ චිත්‍ර ඇඳීමට අවශ්‍ය තීන්ත, පැන්සල්, පින්සල් ආදී සියලු දෑ ඔහු තම පාපැදියේ අසුරා ගත්තේය. සීත කාලයට අවශ්‍ය ඇඳුම් කිහිපයක්ද ඒ අතර විය. තම බිරිය හමුවීමේ අරමුණින් ඔහු 1978 එක්තරා දිනෙක නවදිල්ලියෙන් ගමන් ඇරඹීය.  හුදෙකලාව යන හෙයින් පරිස්සම් විය යුතු බවත්, කිසියම් ආපදාවක් පැමිණියහොත් යළි ඉන්දියාවට පැමිණිය යුතු බවටත් ඔහුට සමුදීම සඳහා පැමිණ සිටි මිතුරෝ ඔහුගෙන් ඉල්ලා සිටියහ.
නවදිල්ලියෙන් ගමන් ඇරඹූ කුමාර් අම්රිත්සාර් නුවරට ළඟා විය. දිනක් විවේක ගෙන යළි ගමන් ඇරඹූ ඔහුගේ ඊළඟ නැවතුම වූයේ ඇෆ්ඝනිස්ථානයයි. එහි සිට ඉරානයටත් එතැනින් තුර්කියටත් ගිය ඔහු අවසානයේ යුරෝපයට ඇතු`ඵ විය. ඔහුගේ ඊළඟ ගමනාන්තය වූයේ බල්ගේරියාවය. එතැනින් ජර්මනියට ළඟා වූ ඔහු ඔස්ටි්‍රයාව ඔස්සේ ඩෙන්මාර්කයට පැමිණියේය. එකල බොහෝ රටවලට වීසා බලපත් අවශ්‍ය නොවූයෙන් රටකින් රටකට යෑමට ඔහුට එතරම් බාධා ඇති නොවිණි. ගමන අතරවාරයේ අවස්ථා කිහිපයකදීම ඔහුගේ පාපැදිය අබලන් විය. වරින්වර එය  සකස් කර ගනිමින් අධික වෙහෙස කර ගමනක නිරත වන්නට කුමාර්ට සිදු විය. අත ඇති මුදල ප්‍රමාණවත් නොවූයෙන් ඔහු දින ගණන් කුසගින්නේ තම බයිසිකලය පැද්දේය. වරෙක දැඩි හිරු රශ්මියෙන්ද, වරෙක තද සුළඟින් හා වැස්සෙන්ද ඔහු පිඩා වින්දේය. අධික වෙහෙස හා රිදෙන දෙපා පිළිබඳ ඔහු තැකුවේ නැත. ඇතැම් අවස්ථාවල ගස් යට රැය පහන් කළ අවස්ථාද විය. එහෙත් කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත.


මාස හතරකුත් සති තුනකට අධික වෙහෙසකර ගමනකින් පසු ඔහු ස්විඩනයේ ගොතන්බර්ග් නුවරට ළඟා වූයේය. එහිදී ස්වීඩන ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට ඔහුට සිදු විය. මේ මිනිසා පාපැදියක නැගී ඉන්දියාවේ සිට ස්වීඩනයට පැමිණියා යන්න ඇදහීමට ඔවුහු නොකැමති වූහ. අවසානයේ ඔහු පැමිණි කරුණ ඇසූ ඔවුහු විමතියට පත් වූහ. තමා ස්වීඩන තරුණියක හා විවාහ වූ බවත් ඇය හමුවන්නට පා පැදියකින් ස්වීඩනයට පැමිණි බවත් කුමාර් පැවසීය. විවාහ වූ දිනයේ ලබාගත් ඡායාරූප ඔවුනට පෙන්වූ විට ඔවුහු නැවතත් විමතියට පත් වූහ. චාලට් ස්වීඩනයේ රාජකීය පෙළපතකට අයත් තරුණියක වූවාය. ආගමන විගමන නිලධාරීන් වඩාත් විමතියට පත්වූයේ රාජකීය රුධිරය සහිත තරුණියක දිළිඳු ඉන්දියානු තරුණයකු හා විවාහ වූ බැව් අසන්නට ලැබුණු හෙයිනි.

 

04-P2-Rasa-02


කුමාර් හට දින කිහිපයක් ආගමන විගමන නිලධාරීන් භාරයේ පසුවන්නට සිදුවූයේ චාලට් හමුවී මේ මිනිසා පවසන්නේ සත්‍යයක්දැයි විචාරීමට ඔවුනට අවශ්‍ය වූ හෙයිනි. තම සැමියා පාපැදියකින් තමා සොයා පැමිණ ඇතැයි දැනගත් චාලට් ඔහු හමුවනු පිණිස ගොතන්බර්ග් නගරයට පැමිණියාය. අති මහත් සතුටකින් යුතුව තම සැමියා වැළඳගත් චාලට් ආගමන විගමන නිලධාරීන්ට අවශ්‍ය සියලු තොරතුරු සපයා ඔහු නිදහස් කර ගත්තාය.


ස්වීඩන රාජවංශිකයන් හට රාජකීයයකු හා සුදු ජාතිකයකු නොවන පුද්ගලයකු හා විවාහ වීම තහනම් විය. එහෙත් චාලට්ගේ මව්පියෝ එම සම්ප්‍රදාය බිඳ දමමින් තම දියණියගේ රාජකීයයකු නොවන සැමියා තම පවුලට එක් කර ගැනීමට කැමැත්ත පළ කළහ.


මේ වන විට ආචාර්ය උපාධිධරයකු වන කුමාර් මහනන්දියා ස්විඩනයේ සම්භාවනාවට පත් චිත්‍ර ශිල්පියෙකි. පී.කේ. නමින් ලොවම හඳුනන ඔහු ස්වීඩන් රජයේ චිත්‍ර සහ සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශකයකු වන අතර ඉන්දියාවේ තමා උපන් ඔඩිෂා ප්‍රදේශයේ ස්වීඩන සංස්කෘතික තානාපතිවරයා ලෙසින් කටයුතු කරයි.  කලකට ඉහත කුල හීනයකු ලෙසින් ඔහු පීඩාවට පත් කළ එම ගමේ කුලවත්හු පී.කේ. ගමට පැමිණෙන විට මහත් හරසරින් පිළිගැනීමට සැදී පැහැදී සිටිති.


වසර 40ක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන කුමාර් හා චාලට් යුවළට දරුවන් දෙදෙනෙකි. කාල් සිද්ධාර්ත් සහ එමලි ඔවුන් දෙදෙනාය. කුමාර්ගේ චිත්‍ර  ලොව පුරා ප්‍රධාන නගරයන්හි ප්‍රදර්ශනය කෙරේ. යුනිසෙෆ් සංවිධානයේ  සුබපැතුම් පත් රැසක් සැරසී ඇත්තේ ඔහුගේ චිත්‍රවලිනි. 2012 ජනවාරි මාසයේ ඉන්දියාවේ උට්කල් විශ්වවිද්‍යාලය මගින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබීය. ස්වීඩන රජය කුමාර්ගේ හා චාලට්ගේ ප්‍රේම වෘත්තාන්තය සියවසේ අමරණීය පෙම්පුවත සේ සලකනු ලබන අතර එම පුවත අළලා ස්වීඩන් බසින් චිත්‍රපට හා වාර්තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණයවී තිබේ. ප්‍රකට ඉන්දියානු සිනමාකරුවකු වන සංජේ ලීලා බන්සාලි, කුමාර් හා චාලට්ගේ පෙම්පුවත ඇසුරින් බොලිවුඞ් චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා මේ දිනවල සූදානම් වෙයි. කුමාර් මහනන්දියාගේ ප්‍රවෘත්තිය අධිෂ්ඨානශීලී දිළිඳු තරුණයකුගේ සැබෑවූ සිහිනය පිළිබඳ කතාවයි.

m

 



අදහස් (0)

තම බිරිය සොයා පාපැදියකින් රටවල් 8ක් තරණය කළ තරුණයෙක්

ප්‍රනාන්දු Wednesday, 08 June 2016 12:45 PM

මෙහෙම අවංක මිනිස්සු අද කාලේ හරිම අඩුයි (නි)

:       0       0

අතුල Monday, 13 June 2016 07:09 AM

මේ මනුස්සයාගේ මේ ගමනේ සම්පුර්ණ විස්තරය නොදැන අදහස් දන්න එපා. මේ මනුස්සයා මුළු ගමනම බයිසිකලෙන් ගියේ නැහැ මෙයාට මගදී කෝච්චියේ යන්න, බස් එකේ යන්න, වාහන වල යන්න මිනිස්සු උදව් කලා මෙයාගේ ආදර කතාව අහලා. මෙයා සම්පුර්ණයෙන් ඔය ගමන ගියානම් බයිසිකලෙන් තාමත් පදිනවා. (ර)

:       0       0

මාලි Sunday, 12 June 2016 05:46 AM

මුගේ මොළේ හොඳ නැහැ (බ)

:       0       0

සිසිර Saturday, 11 June 2016 07:30 PM

මේ කතාව කියවන අය එයට අදහස් දක්වන්නේ තමන්ගේ ගතිගුණ අනුව (නි)

:       0       0

නිම්මි Saturday, 11 June 2016 03:32 PM

ටිකිරිගේ ටිකිරි මොළේට මම කියපු දේ තේරිලා නැහැ. හරි හරි ඔයා එහෙම කරන්න (නි)

:       0       0

ටිකිරි Friday, 10 June 2016 10:59 PM

නිම්මි, එ්කත් ලංකාවේ ත්‍රීවීල් සංස්කෘතිය වගේ එකක්ද? අනික නිම්මි එකක් නැති වෙනකොට තමයි තව එකක් ඕනෑ වෙන්නේ. එකක් තියෙද්දී තව එකක් මොකටද? (නි)

:       0       0

නිම්මි Friday, 10 June 2016 03:14 PM

ආදර කතාවක්. අහන්නත් ආසයි. එක්කෙනෙක් නැති වෙනකොට එක්කෙනෙක් ඉන්න ෆේස් බුක් කාරයන්ට මේවා පෙන්වන්න ඕන (බ)

:       0       0

අචලා Friday, 10 June 2016 09:55 AM

ආදරය ට ආදරය කරපු මිනිස්සු (ම)

:       0       0

අකිල Thursday, 09 June 2016 05:06 PM

ඔය කාල වකවානුවේ හිපි සංස්කෘතිය ඉහළින්ම තිබුණු අවදියක්. මේ සුදු කාන්තාවත් ඒ ක්‍රමයම අනුගමනය කළා කියලා තමා මට හිතෙන්නේ. (නි)

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 09 June 2016 08:14 AM

ස්තූතියි ප්‍රියන්ජන් ඔබට. ඇස කඳුලින් තෙත් කරපු මෙවන් සුන්දර සත්‍ය කථා පුවතක් මේ ශ්වේත පිටු අතර ලියා තැබුවාට.... (නි)

:       0       0

අසෝකා Wednesday, 08 June 2016 09:02 PM

මම නම් දකින්නේ ඇය ශ්‍රේෂ්ඨ කාන්තාවක් විදියට. රාජකීය පවුලක් වෙලත් තිබුන නිරහංකාරකම සහ අවංකබව! (නි)

:       0       0

ජයනාත් Wednesday, 08 June 2016 05:16 PM

ඔහු යෝධ පුරුෂයෙක්... නියම මිනිසෙක්... ශ්‍රේෂ්ඨ චරිතයක්... (ර)

:       0       0

ඉන්දු Tuesday, 07 June 2016 08:36 AM

අදහන්නත් අමාරුයි, හරියට සුරඟන කතාවක් වගේ... හරිම සංවේදියි..(ම)

:       0       0

ජයසිරි Wednesday, 08 June 2016 11:18 AM

ලංකාවේ ගැණු නම් කරන්නේ මේකේ අනිත් පැත්ත (ම)

:       0       0

දිලුම් Wednesday, 08 June 2016 04:38 AM

ඇයි සමන්ට කාන්තාවක් මොකක් හරි පොල්ලක් තිබ්බද. කාත්තාවෝ ගැන කතා කරන්න මොකද පිරිමි කොහොමද කියලත් අහන්න. (ර)

:       0       0

සමන් Wednesday, 08 June 2016 02:31 AM

ලංකාවේ කාන්තාවෝ නම් කොහොම කරයිද? (නි)

:       0       0

ගමගේ Wednesday, 08 June 2016 12:52 AM

මේ නුවන්ලා වගේ අය තමයි වැඩිහරියක්ම දේශපාලනයේ ඉන්නෙත්. හැමතිස්සෙම හිතන්නේ හැමදෙයක්ම වැරදි විදියට (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 07 June 2016 06:05 PM

මුදල් වලට වඩා අවංකකම උතුම්කොට සළකපු කෙනෙකුට ලැබුන උතුම්ම තෑග්ගක් ... (නි)

:       0       0

අසෝකා Tuesday, 07 June 2016 02:10 PM

ආදරයට වයස්බේද, කුලබේද, ධනබේද, පාටබේද, නැහැයි කියන්නේ මෙන්න මේ නිසා තමයි.(බ)

:       0       0

අශිකා Tuesday, 07 June 2016 01:38 PM

නුවන් මේ කතාවේ දෙපැත්තක් තියෙනවා තමයි ඉන්දියාව සහ ස්වීඩනය ඒ දෙක තමයි දෙපැත්ත......නුවන් ඔය වගේ පසුගාමීව හිතන පුද්ගලයින්ට නම් කවදාවත් මේ වගේ එකක් ලැබෙන එක්ක නම් නෑ මේ කපේට (බ)

:       0       0

ටිකිරි Tuesday, 07 June 2016 01:12 PM

ඇත්තටම කාටත් මේ දේ ආදර්ශයක්. හොඳ ලිපියක්.(හේ)

:       0       0

නුවන් Tuesday, 07 June 2016 10:38 AM

මේ කතාවේ දෙපැත්තක් තියෙනවා ඒ නිසා කව්රුවත් වැඩිය ඔලුවට ගන්න එපා. (ර)

:       0       0

ශෂික Tuesday, 07 June 2016 09:44 AM

මේවන් පුවතක් ඇසූ පළමු අවස්ථාවයි. මේ දෙදෙනා පෙර සංසාරේ පුරා ප්‍රාර්ථනා කරමින් එන අය වෙන්නට ඇති. වාසනාවන්.... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site