X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


තමන්ට පඩිසන් දුන් අනුන්ට කළ විපත්

අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.


කතුන් රිදවීමට දඬුවම ලැබුණි මෙලෙසට 

  
මහජනතාවට සේවය කිරීම සඳහා ඇති බොහෝ ආයතනවල ඇතැම් දූෂිත ක්‍රියා සිදුවන බව රහසක් නොවේ. ඇතැම් වැරදි නීතියේ රැහැනට අසු කර ගත නොහැකි මානුෂික මුහුණුවරක් ගත් ඒවාය. පාලක පක්‍ෂයද මේවා ගැන දැනුම්වත්ව සිටින නමුදු ඒවාට එරෙහි ක්‍රියාමාර්ග නොගනිති. ‘අහිංසකයකු’ අමාරුවේ දැමීමට අකමැති නිසා හෝ අනවශ්‍ය ලෙස අධිකරණය හමුවේ අපහසුතාවන්ට ලක්වීමට ඇති අකමැත්ත නිසා පාලක පක්‍ෂය මෙම වැරදි නොදන්නා ලෙස කල්ගෙවති. එහෙත් මහජනතාවට ඇතිවන අපහසුව සුළුපටු නොවේ. එදා වේල සොයාගත නොහැකිව ගමන් ගාස්තුව පවා අපහසුවෙන් සොයාගෙන රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාවට මෙබඳු ගසාකෑම් ඔරොත්තු නොදෙති. නීතියෙන් දඬුවම් නොලැබුණත් විශ්වනීතියට අනුව ඔවුන්ට කවදා හෝ දඬුවම් ලැබෙනු ඇත. ඒ බව බොහෝ දෙනෙක් නොදනිති. 

05_PAGE_13_T
මෙම කතාවද අහිංසක මහජනතාවට හිසරදයක්ව සිටි රෝහල් සේවකයකුට විශ්ව නීතියට අනුව දඬුවම් ලැබීමක් පිළිබඳවයි.


ඔහු සෝමරත්න නමින් හඳුන්වමි. රජරට පළාතේ ප්‍රධාන රෝහලක මොහු සේවය කළේය. ඔහුගේ සේවා අංශය වූයේ රෝහලේ සූතිකාගාරයයි. දරු  ප්‍රසූතිය සඳහා සූතිකාගාරයට ඇතුළු කරන කාන්තාව හැඳ සිටින චීත්ත රෙද්ද දරු ප්‍රසූතියේ දී අපිරිසිදු වෙයි. එහෙයින් එම රෙද්ද ප්‍රසූතියෙන් පසු පිරිසිදු කිරීම සඳහා නියමිත ස්ථානයට දමනු ලබයි. එසේ සෑම දරු ප්‍රසූතියකදීම අපිරිසිදු වන රෙදි සෝදා වියළා දීම සූතිකාගාරයේ සේවය කරන සනීපාරක්‍ෂක කම්කරුවාට අයත් කාර්යයකි. මෙසේ සෝදා වියළාගත් චීත්ත රෙද්ද අහිංසක දිළිඳු කාන්තාවන්ට ඉවත දැමිය හැකි දෙයක් නොවේ. යමක් කමක් ඇති කාන්තාවෝ නම් එම රෙද්ද ගැන කිසිදු සොයා බැලීමක් නොකරති. එහෙත් දිළිඳු අයට එයද යම් තරමකට හෝ වටිනා දෙයකි. ඒ ඔවුන්ට රෙදි යහමින් නැති හෙයිනි. සෝමරත්නට පැවරුණ රාජකාරීවලින් එකක් වූයේද මෙම කිළිටි රෙදි සෝදා වියළා දීමයි. ඔහු එම රෙදි අදාළ කාන්තාවන්ට භාරදුන්නේ අසාධාරණ මුදලක්ද අයකරමිනි. තම කිළිටි රෙදි පිරිමියෙකු විසින් සෝදා දෙනු ලැබු හෙයින් ‘මනුස්ස කම’ සලකා බොහෝ කාන්තාවෝ සෑහෙන මුදලක් මොහුට ලබාදෙති. සිතේ සතුටින් දුන් දෙයක් ගත්තාට වරදක් නැතත් අසාධාරණ මුදල් ඉල්ලමින් ඔවුන්ට කරදර කිරීම සෝමරත්න කළ බරපතළ වරදකි. එය පාලක පක්‍ෂය වෙත ගෙන යා හැකි වරදක් නොවීය. තමා අත ඇති සුළු මුදල ලබා දී තම චීත්ත රෙද්ද ගැනීමට පැමිණෙන කාන්තාවන්ට ඔහුගේ ඇනුම් බැනුම් මෙන්ම නින්දා අපහාස විඳගැනීමට සිදු වේ. ලෝකයට දරු සම්පතක් දායාද කොට තවදුරටත් එම වේදනාවන් විඳිමින් සිටින කාන්තාවන්ගේ සිත් රිදවීම විශ්ව නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් බව සෝමරත්න දැන නොසිටියේය. මෙම වරද සිදුනොකරන ලෙස හෙදියන් ඔහුට දැන්වුවද ඔහු එය පිළිනොගත්තේය.

sg
ආරෝහ පරිණාහ දේහයකින්ද කඩවසම් පෙනුමකින් හෙබි තරුණ වියේ පසුවූ සෝමරත්න තම මාසික වැටුප මෙන් දෙතුන් ගුණයක් ඉහත කී අයුරින් උපයාගෙන ප්‍රීතිමත් ජීවිතයක් ගත කළේය. එහෙත් දෛවය වෙනස් කිරීමට ඔහුට නොහැකි විය. හදිසියේ දකුණු කකුලේ ඇතිවුණ සුව කළ නොහැකි ආබාධයක් නිසා ඔහුගේ දකුණු කකුළ දණහිසට ඉහළින් කපා දැමීමට සිදුවිය. එය සිදු වී වසරක් ගතවීමටත් පෙර වම් කකුළටද එම ආබාධය වැළඳුණි. කලාතුරකින් දක්නට ලැබෙන දුර්ලභ පිළිකා තත්ත්වයක් ඔහුට වැළඳුනේ කළ වැරදිවලට දඬුවම් ලෙසින් බව ඔහුටම පසුව අවබෝධ විය. 


සේවා කාලය ප්‍රමාණවත් නොවීම නිසා සෑහෙන විශ්‍රාම වැටුපක් ඔහුට නොලැබුණෙන් රෝදපුටුවෙන් හිතවතුන් සොයාගෙන ගොස් ලැබෙන ආධාර මුදලින් ජීවත්වීමට ඔහුට සිදුවිය. එක්වර නොමැරී මැරි මැරී ජීවත්වීමට සිදුවීමත් ඔහුට සිදුවූ දෛවයේ බරපතළ දඬුවමකි.

 


බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය


අනුනට කළ විපත තමන්ටම පඩිසන්දීම


දැනට දශක කීපයකට පෙර වයඹ පළාතේ ජීවත් වූ ඔහු අපි ‘රංගන’ යන නාමයෙන් හඳුන්වමු. ‘රංගන’ ඉතා දුගී දුප්පත් පවුලක උපත ලැබූවෙක් වූ අතර දරුවන් තිදෙනෙකුගේ පියෙක් විය. තම බිරිඳගේ නොමනා ක්‍රියා හේතුවෙන් රංගන තදින් බීමට ඇබ්බැහිවූවෙකු වූ අතර ඔහුගේ මෙම අසහනකාරී තත්ත්වය මග හරවා ගනු වස් ඔහු දිනපතාම තදින් මත්පැනට ඇබ්බැහි විය.


රංගන රැකියාව වශයෙන් කළේ තම ගම්පළාතේ පොල් ව්‍යාපාරයෙකුගේ ට්‍රැක්ටරයක රියදුරෙකු ලෙස සේවය කිරීමයි. වතුවල පොල් මිලදී ගෙන ට්‍රැක්ටරයෙහි පටවා තම පොල් මුදලාලිට ගෙනවිත් දීම ඔහුගේ දෛනික කාර්යය වූ අතර දිනක් කැලෑබද අතුරු මාර්ගයකදී තම ට්‍රැක්ටරයට පොල් පටවාගෙන එන අතරතුර හදිසි අනතුරකට ලක්වී එම මාර්ගයේ ගමන් ගත් වියපත් අහිංසක තැනැත්තකු ඔහුගේ ට්‍රැක්ටරයට යටවී බරපතළ ලෙස තුවාල ලැබීය. අහල පහල පේන තෙක් මානයේ කිසිවකු නොසිටි අතර කාටත් හොරා ට්‍රැක්ටරය නැවැත් වූ රංගන අසාධ්‍යව සිටි ඔහුව ඔසවා පාරේ අයිනකින් තබා තම ට්‍රැක්ටරය පණගන්වා මගහැර යන්නට ගියේය. පසුව පාරේ ගිය අයෙකු මෙම රෝගියා දැක වහා වාහනයකින් රෝහලට ගෙන ගිය අතර දින දෙකකට පසු ඔහු මිය ගියේ මෙම අනතුර පිළිබඳව කිසිවක් නොදත්තකු සේය. 


මොහු රෝහලේදී මියගිය පුවත කනවැකුණු රංගන එතැන් පටන් මෙම සිද්ධියෙන් කම්පාවට පත්වෙමින් එය මගහරවා ගැනීමට අධික ලෙස බීමත්ව, එහෙත්  තමා මුහුණ පෑ මෙම සිද්ධිය කිසිවෙකුට නොදන්වා, නිදන විට පවා සිහි විකල්ලෙන් දොඩවමින් බියවී කෑ ගැසීමට ද පෙළඹිණි.


මේ අතර රංගනගේ සිතෙහි නිතර නිතරම රැව්පිළිරැව් දුන් මෙම සිද්ධිය ඔහුගේ බීමත්කම වැඩිකරලීමටද හේතුවක් වූ අතර දිනක් ඔහු ට්‍රැක්ටරය පදවාගෙන යන අතරතුර ඔහුත් සමඟම ඔහුගේ ට්‍රැක්ටරය කන්ටේනරයක හැපී පොඩි පට්ටම් වී ගියේ රංගන ද මරුමුවට පත් කරවමිනි.


කිසිවකු නොදුටු මෙම සිද්ධියද ඔහු අතින් සිදුවූ අනතුර මෙන්ම කිසිවකු නොදුටු, නොඇසූ අබිරහසක් බවට අදටත් පත්ව ඇත.

 


රිකිල්ලගස්කඩ ටී.එම්. සෝමපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය


ප්‍රදේශයේ එක්තරා ගමක වසර 20 ක පමණ තරුණයෙකි. ඔහු වැඩි අධ්‍යාපනයක් නොලැබුවද දුම්බීමටත් සුරාවටත් හපනෙකි. කෙසේ නමුත් තරමක වැදගත් පවුලකින් විවාහයක් කරගත් ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක් බවට පත් විය. බිරිඳ සියදහසක් අඩුපාඩු මැද ජීවිතය ගැටගසාගත්තේ කිරි ගවයකු හදාවඩා ගැනීමෙනි. සිය ස්වාමියා ගැන නොතැකූ ඇය ස්වඋත්සාහයෙන් නිවසද සකස් කර ගත්තේ කිරිවලින් ලබාගත් ආදායමෙනි. ඇයට මුළු දවසම ගවයාගේ කටයුතුවලට යෙදීම නිසාත් ඉන් ලැබගත් ආදායම ගැනත් කටයුතු මිස ස්වාමියාගේ කටයුතුවලට උපදෙස් නුදුන්නේ ඔහුට අවශ්‍ය නිදහසද ලබා දීමෙනි.


ඇයගේ  සැමියා කිසියම් වෘත්තියක යෙදී නොසිටියද ඔහු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම දැන හඳුනන අයෙකි. නීත්‍යනුකූලව හෝ ඊට පරිබාහිරව මුදලට හෝ ලබාගන්නා ගවයන් ගම්මානයෙන් ගෙනගොස් කිසියම් ස්ථානයකදී ආපසු ව්‍යාපාරිකයන්ට බාරදීම ඔහුගේ රාජකාරියයි. ඒ සඳහා සිත්ගන්නාසුළු මුදලක් ඔහු අතට පත්වෙයි. 


වසර ගණනාවක්ම මේ රාජකාරියෙන් යහමින් මුදල් ඉපැයු ඔහු ඒ මුදල් වැයකළේ බීමටත් දුම්පානයටත් ය. හොඳින් මුදලක් අතට වන් දිනවල ඒ මේ අතට පැද්දෙමින් සිය නිවසට යන්නේ ගී පදවැල් මුමුණමිණි.


ඔහු ඉතා කෙසඟ සිරුරකින් හෙබි අයෙකු වුවද විවිධ වදයන්ට ලක් කරමින් සැරපරුෂ ගවයන් ද දක්කාගෙන ගිය බව ඇතමෙකු පවසන්නකි.


සොබාදහමත් කරුමයත් ඔහුට ඔහු තිස්විය පසුකරනවාත් සමඟම තව දුරටත් කරගත හැකි රැකියාව අහිමි කළේ රෝග රැසක් මතුකරමිනි. අර්ශස් රෝගය දරුණුවී ලේ ගලන්නට විය. ශරීරය දිනෙන් දින කෙට්ටු විය. ඇස් දෙක දකින්නන් බිය කරවනසුළු විය. මඳ සිහිය, දියවැඩියාව ඉහවහා ගියේය. 
මහමඟ ක්ලාන්තව ගවයකු මෙන් බිම වැටී දඟලන අවස්ථා එමට විය. ඇතැම් විට හැඳිවත රතු පැහැයගෙන තිබුණේ අර්ශස් නිසාය. යන එන්නන් සාමාන්‍යයෙන් හඳුනාගත හැකි වුවද මතකය ඉතාමත් අඩු විය. 


දින සති මාස ගණන් රෝහල්වලින් ප්‍රතිකාර ලැබුවද කිසිම රෝගයක් සුව අතට පත් නොවීය. තරමක සුවයක් ලැබ සිය නිවසෙන් දොඩවමින් පිටව යාම හේතුවෙන් ලණුවලින් ඔහුව බැඳ තබා ඇති බවටද ආරංචි විය. කල්යත්ම කිසිවෙක් හඳුනාගත නොහැකිව ගිය ඔහු මලපහ කළේද ගෙය තුළ බව අසල්වාසීන්ගෙන් දැනගන්නට ලැබුණි. මේ අන්දමින්  විවිධ අතවරයන් හිංසාවිඳි ඔහු මියගිය බව පසුව දැනගන්නට ලැබුණේය.


(මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න)

m



අදහස් (0)

තමන්ට පඩිසන් දුන් අනුන්ට කළ විපත්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site