X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


තාජුඞීන්ගේ පෙම්වතිය ඔබද?

 

15_PAGE_8_M

 

හිටපු රගර් ක‍්‍රීඩිකයකු වූ තාජුඞීන්ගේ මරණයේ පරීක්ෂණ යළි පැවැත් වූ මොහොතක සමාජ වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාලයේ අදහස් හුවමාරු විම් අතර වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වූයේ යසාරා අබේනායක වන ඇයයි. ඇය එකළ තාජුඞීන්ගේ පෙම්වතිය වි සිටියාද? තාජුඞීන් ඇයගේ මිතුරකු වී ද යසාරා අබේනායක ප‍්‍රථම වතාවට ජාතික පුවත්පතකට ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අවස්ථාවකි මේ.

 

5

button ඔබ කවුද?
මම යසාරා අබේනායක

 

 


button කාගේ කවුරුන්ද?
මගේ මව තනූජා වෛද්‍යවරියක්. පියා සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක.

 


button ඔබ මොනවද කරන්නෙ?
වයෝවෘද්ධ (වැඩිහිටි) පිරිස් රැක බලා ගැනීමේ කටයුතුවලට සම්බන්ධව දායකත්වය ලබා දෙනවා.

 


button හිටපු රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණ පරීක්ෂණ යළි පැවැත් වූ මොහොතක ඔබ ඔහුගේ පෙම්වතිය වී සිටි බවට අන්තර්ජාලයේ විවිධ කතා පැතිර යනවා. ඒවායේ ඇත්ත මොකක්ද?
ඇත්තටම මම කවදාවත් ඔය කියන වසීම් තාජුඞීන් කියන පුද්ගලයාව හමුවෙලා නැහැ. අඩු තරමින් ෆෝන් එකකින් කතා කරලාවත් නැහැ.  ඕක ඇත්තටම 2012 දී විතර වෙබ් සයිට් එකකින් පතුරවපු දෙයක්. පසුව එය ඊමේල් (විද්්‍යුත් තැපෑල් මාර්ගයෙන්) රටටම වගේ ප‍්‍රචාරය වුණා. දැන් ආයෙමත් ඔය කතාව එළියට ආවේ පසුගිය ජනවාරි 8 වැනිදා පැවැත් වූ ඡන්දයෙන් පසුවයි.

 


button 2012 දී ඇයි ඒ විදියට කතාවක් පැතිරෙන්න ඇත්තේ?
ඔය කියන තාජුඞීන් මැරිලා තියෙන්නේ ඒ අවුරුද්දෙයි. ඊට මාසයකට විතර පස්සෙ තමයි මගේ නම සම්බන්ධ කරගෙන අන්තර්ජාලයේ මේ විදියට කතා පැතිරුණේ.

 


button ඒ විදියට කතා පැතිරයාම කුමක් නිසා වෙන්න ඇති කියලද ඔබ හිතන්නේ?
ඒක තමයි මට තියෙන ප‍්‍රශ්නය, මම දැකලාවත් නැති කෙනෙක් සම්බන්ධ කරගෙන ඇයි මේ විදියට පුවත් ප‍්‍රචාරය වුණේ කියලා. ඉස්සෙල්ලා කියැවුණේ අනතුරක් කියලා. පසුව මෙය අනතුරක් නොවෙන්න පුළුවන් කියලා පුවත් පළ වුණා. එක එක විදියට පුවත් පළ කෙරෙන අතරේ මම දන්නෙවත් නැති කෙනෙක්ට මගේ නම ගාවලා.

 


button 2012 සිට මේ විදියට ඔබගෙ නම සම්බන්ධ කරගෙන පුවත් ප‍්‍රචාරය වෙද්දී ඇයි ඔබ ඊට එරෙහිව නීතිමය ක‍්‍රියා මාර්ගයක් නොගන්නේ?
එදා ඔය කතාව කරළියට ආවම ඒ ගැන මාධ්‍යයට කියන්න මට අවශ්‍ය වුණා. නමුත් බොහෝ දෙනාගෙන් ඇහුවාම ඒ හැමෝම වගේ කිව්වෙ. ඔය ” ඕපදූප” අඩවිවල පළ කෙරෙන පදනමක් නැති  ඕපාදූප ගණන් ගන්න එපා කියලයි. ඇත්තටම මිනිසුන්ගේ ආත්මයට මඩ ගහන  ඕපාදූප අඩවි පස්සෙ යන්න මට  ඕන වුණේ නැහැ. කොහොම වුණත් පසුව ඔය කතාව නතර වුණා. ආයෙත් පසුගිය මැතිවරණයෙන් පසුව කරළියට ආවා.

 


button ඇත්තටම ඇයි මේ කතාවලට ඔබගෙ නම සම්බන්ධ කර ගන්න ඇත්තෙ?
මට අදටත් තේරුම් ගන්න බැරි දේ එයයි. කවදාවත් කතා කරලවත් නැති කෙනෙක්ව ඇයි මට සම්බන්ධ කළේ කියන එක.

 


button කෙසේ වෙතත් මේ මරණය සම්බන්ධයෙන් මෙලෙස පුවත් ප‍්‍රචාරය වෙද්දී මොනයම් විදියකට හෝ ඔබගෙන් ප‍්‍රශ්න කිරීමක් සිදු කර තිබෙනවාද?
මගෙන් ප‍්‍රශ්න කරන්න හේතුවක් නැහැනේ. අඩු තරමින් ඔය කියන තාජුඞීන්ට මම කෝල් කළා නම්, ඒවා සොයාගන්න පුළුවනිනෙ. ඒ මොනවත් නැතුව, හිස් විදියට ප‍්‍රචාරය වෙච්ච කතා මේවා.

 


button ඇයි දැන් ඔබ ඊට එරෙහිව ක‍්‍රියාත්මක නොවන්නේ?
ඇත්තටම ලංකාවේ පිළිගත් කිසිම මාධ්‍යයකින් මේ සම්බන්ධව මගේ නමට කැළලක් වන විදියට පුවත් ප‍්‍රචාරය කරලා නැහැනේ. හිස්  ඕපාදූප වෙබ් අඩවිවල පළවෙන ඒවා පස්සෙ යන්නවත්, මම නොදන්න කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්නවත් මට අවශ්‍ය වුණේ නැහැ. පිටරටවල සිට පවත්වාගෙන යන වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කළ මේ දේවල් ඇත්තටම කෙනෙකුගේ ආත්මය විනාශ කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක කළ ඒවායි.

 


button මේ නිසා අද ඔබ මුහුණ දි සිටින්නේ මොන වගේ තත්ත්වයකටද?
ඇත්තටම කිව්වොත් අද මම කොහේ හරි ගියාම එක් එක්නෙකා එක එක දේ කියනවා. මගේ පවුලේ අයත් මේ නිසා අපහසුතාවට පත් වෙලා. මේක කොච්චර අසාධාරණ ද බලන්න පදනමක් නැති කතා නිසා මිනිස්සු කොච්චර පීඩාවට පත් වෙනවාද?

 


button මේ පුවත් ගැන මොනයම් විදියකින් හෝ විශ්වාස කරන මිනිස්සුන්ට මොනවද ඔබට කියන්න තිබෙන්නේ?
අන්තර්ජාලයේ පළ කෙරෙන සෑම දෙයක්ම වැළඳගන්න එපා කියන ගෞරවනීය ආයාචනය කරන්න කැමතියි. ඇස් දෙකට නොදැක කිසිම දෙයක් ගැන තීරණය කරන්න එපා. මේ වාර්තා එළියට ආවාම මිනිස්සු සත්‍ය තේරුම් ගනීවි.

 sandun-01



අදහස් (0)

තාජුඞීන්ගේ පෙම්වතිය ඔබද?

හිරූ Monday, 24 August 2015 10:10 AM

කිසිදු සාක්ෂියක් නොමැතිව මේ දැරිවියට මෙහෙම චෝදනා කරන එක වැරදියි (නදී)

:       0       0

පින්කි Tuesday, 01 September 2015 10:33 AM

අනේ මුකුත් දන්නැති බබා. මේ මොන කතාද (අ)

:       0       0

චන්දන Monday, 31 August 2015 09:06 AM

වල පයට යන්න ඔන්න මෙන්න අයත් පහුගිය කාලේ තානාපති තනතුරු ගත්ත එකේ මෙයා ගෙන විතරක් කතා කරන එක අසාධාරණයි සුදුසුකම් නැති ඇමති පුතාල දුවල කීදෙනෙක් තානාපති කාර්යාල වල හොඳ පුටු වලට පත්කලාද?(ම)

:       0       0

තිලක්-ඩුබායි Friday, 28 August 2015 04:59 PM

තාජුඞීන් මැරුනේ වාහන අනතුරකින් නෙමෙයි කියන එක දැනටමත් ඔප්පු වෙලයි තියෙන්නේ. වැඩි විස්තර ඉදිරියේදී අපිට අහන්න දකින්න ලැබේවි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 28 August 2015 04:57 PM

ඔස්ට්‍රලියාවේ තානාපතිනිය වෙන්න මොන සුදුසු කමද තියෙන්නේ?.රටේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ නෙමෙයි. (නදී)

:       0       0

සමන් Thursday, 27 August 2015 11:32 AM

එතකොට ඡායාරූප බොරු කරන්න බැහැ නේද. (අ)

:       0       0

ටිකිරි Thursday, 27 August 2015 02:27 AM

මෙයාගේ තාත්ත හැම පෝයකටම රුපවාහිනියේ ආදර්ශමත් කෙටි නාට්‍ය හදල පෙන්නනවා.ඒවගෙන් අපිත් හොද දේවල් ජීවිතේට අරගෙන තියනවා.නමුත් දුව ඒවා බලලා නෑ වගේ.ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේකටද?(ම)

:       0       0

රන්ජිත් Tuesday, 25 August 2015 12:55 PM

ඔබ වැනි සුදුසු කම් නැති, පළපුරුද්දක් නැති, ලාබාල අයෙකුට ඕස්ට්‍රේලියාවේ කොන්සල් පදවියක් ලැබෙන්නේ කාත් සමග තිබුන බැඳියාවකටද? ඔබ ආපසු කැදවපු විට ලංකාවේ ඔබට ජිවිත තර්ජන තියෙනවා කියල තව දුරටත් සේවා දිගුවක් දෙන්න කියල ඉල්ලුවේ මොකද? ඔබට මේ තනතුර ගන්න උදව් කළ බලවන්තයා කවරෙක්ද? ඔහුත් සමග ඔබගේ තිබෙන සම්බන්ධය කුමක්ද? (බ)

:       0       0

සමන් Tuesday, 25 August 2015 05:36 AM

අහවල් අයගේ පුතාගේ පෙම්වතියනේ. මේවයේ ඇත්ත නැත්ත රටට පෙන්නා දිය යුතුයි.ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනෙ.ඉන්ටනෙට් එකේ හැමදේම විස්වාස කරන්න හොද නෑ නමුත් මෙතන 2012 ඉඳන් කටකතා පැතිරුනානම් මට නම් සැකයක් තියෙනවා.මේ වගේ කතා ළඟකදී වුනා නම් විස්වාස කරන්න අමාරුයි. මෝනා වුනත් ඉවසලා ඉන්නකෝ අපි බලමු මොකද වෙන්නේ කියලා. (බ)

:       0       0

ජනක කොතලාවල Monday, 24 August 2015 11:05 AM

අනේ දන්නා ඔලු ගෙඩිය (නදී)

:       0       0

සමන් Thursday, 20 August 2015 11:44 AM

බල්ලොත් එක්ක නිදා ගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන කතාවට කදිම උදාහරණයක් මේක! (අ)

:       0       0

ප්‍රියා Friday, 21 August 2015 06:51 PM

මට නම් තේරෙන්නේ නැහැ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා (නි)

:       0       0

රෝහිණි Friday, 21 August 2015 03:36 AM

තාජුඩින්ට පන දීලා අහන්න වෙයි මේ කතාව. (ම)

:       0       0

උදය Thursday, 20 August 2015 11:34 PM

චන්ද්‍රසිරි, අනවශ්‍ය ප්‍රශ්න මෙතනට වැඩක් නැහැනේ (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 20 August 2015 11:02 PM

සහෝදරිය,අපේ ලංකාවේ ගොඩක් උගත්තු හිටියට, බුද්ධිමත් කියන අය ඉන්නේ ඉතාම ටිකයි.මිනිහෙකුට මඩක් ගහන්න ඕනෑ නම් තම කාලය සහ ධනය නොමසුරුව පරිත්‍යාග කරන මිනිස්සු ඉන්න රටක්.ශක්‍ර දෙවියෝ තවුතිසාවෙන් වැඩලා ඔබ නිවැරදියි කියලා කිව්වත්, කවුරුවත් පිළිගන්න එකක් නැහැ.මොකද තව කෙනෙකුගේ ආත්මය විනාශ කිරීමෙන් ලැබෙන සතුට එතරම්ම ලොකුයි.පසුකාලයේදී ඇත්ත තේරුම් ගත්තත් එය නිවැරදි කරන්න හෝ ඒ වෙනුවෙන් සමාව ඉල්ලන තරම් නිහතමානීකමක් ඇති මිනිසුන් මට තවම ලංකාවේදී හමුවෙලා නැහැ. ඔබ නිවැරදි නම් ඔය හිටපු විදියටම නිශ්ශබ්දව ඉන්න. මොකද ඔබට කිසිදෙයක් වෙනස්කළ නොහැකි නිසා (නි)

:       0       0

මැණික් Thursday, 20 August 2015 02:07 PM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

ඉන්දික Thursday, 20 August 2015 02:03 PM

දැන් ඉස්සර වගේ දැන් කැලෑ පත්තර නැහැනේ. ඒකත් දැන් අන්තර්ජාලයට ඇවිල්ලා. ගොඩක් අය අනුන්ගෙන් පළිගන්න වර්තමානයේ යොදාගන්න ප්‍රධානතම මාධ්‍ය අන්තර්ජාලයයි. එනිසා අන්තර්ජාලයේ පළවූ පමණින් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. (නි)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Thursday, 20 August 2015 01:44 PM

ඒ කියන්නේ ඔබ ගාමිණී ෆොන්සේකා මහත්තයගේ මිනිපිරියක් (නදී)

:       0       0

බුද්ධික Thursday, 20 August 2015 01:34 PM

ගින්නක් නැතිව දුම් දානවා කියන කතාවක්. තොත්ත බබෙක්. (නදී)

:       0       0

මැගී Thursday, 20 August 2015 12:13 PM

අන්තර්ජාලයේ හැම දෙයක්ම විශ්වාස කරන්න එපා. ඒ කතාවට මාත් එකඟයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site