X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


තැලී - පොඩිවූ සමාජයට තව තවත් බදුබර පැටවීම

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය සපයා ගැනීම සඳහා වන විස්තීරණ ණය වැඩසටහනට එකතු වීමත් සමඟ ලැබෙන අත්දැකීම් වේදනාත්මක වන බව මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. ඇතැම්විට මෙම වේදනාව බරපතළ සමාජ අරගලයක් කරා තල්ලු‍ විය හැකි බවට ද ඔහු අනතුරු අඟවා තිබුණි. මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශනයත් යථාර්ථයක් වන ලකුණු දැන් දැන් පහළ වෙමින් තිබේ. පරිහාණියට පත් ආර්ථිකයක් සමඟ ගනුදෙනු කරන සමාජය මත අසීමිත බදු බර පැටවීමත් සමඟ ජනතාව වේදනාවට සහ කෝපයට පත්ව සිටී.

ලෝක බැංකුව වේවා, මුල්‍ය අරමුදල වේවා, පිරිහුණු ආර්ථිකය ගොඩනංවන්නට කිසියම් මුල්‍ය ආධාරයක් පිරිනමන්නේ බරපතළ කොන්දේසි සහිත බෙහෙත් වට්ටෝරුවක් ද සමඟය. මෙම ආයතන ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ලබා දෙන ප්‍රධානම නිර්දේශ ගණනාවකි. රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට අලු‍තෙන් බදු පැනවිය යුතුය යන්න පළමු නිර්දේශයයි. දෙවැන්න දැනට රජය මගින් නඩත්තු කරන පාඩු ලබන ව්‍යවසාය පෞද්ගලිකකරණයකොට පාඩුව පියවා ගන්නා අතර රජයේ ගිණුමට ආදායමක් උපයාගත යුතුය යන්නයි. අනෙක් සියලු‍ නිර්දේශ මෙම නිර්දේශ දෙකට යටත්ව පවතී.

රජය දැන් පිටපොට ගසන්නේ මෙම නිර්දේශ ක්‍රියාත්මක කොට ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල ප්‍රසාදය දිනා ගැනීමටය. ඒ සඳහා පාඩු ලබන ව්‍යවසාය පෞද්ගලිකකරණය කළ යුතුය යන්න ගැන දැන් දැඩි සමාජ විරෝධයක් නැතිවා පමණක් නොව සමාජයේ ආශිර්වාදයද ලැබෙමින් පවතී. එහෙත් දරාගත නොහැකි ලෙස බදු බර පටවන විට සමාජය කැළඹෙයි. ඔක්තෝබර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන සමාජ ආරක්ෂණ බද්ද තවත් බදු ගණනාවක් සමඟ පූට්ටු වී ද්විත්ව බදුකරණයට යටත්ව සමාජයට විශාල ජීවන බරක් පටවයි. තමන්ගේ ආදායම එක තැනම පල්වෙමින් තිබියදී අතේ තිබෙන සොච්චමටත් තට්ටු කරන අධික බදු බර විසින් සමාජ අසහනය දැඩි ලෙස තීව්‍ර කරමින් තිබේ.

ඒ අතර පේරාදෙණිය සරසවිය කළ පර් යේෂණයකින් තහවුරු වී ඇත්තේ මෙරට සාමාන්‍ය පවුලක බදු බර පසුගිය කාලයේ සියයට 42 කින් ඉහළ ගිය බවයි. එසේම සිව්දෙනකුගෙන් යුතු පවුලක් මසකට රුපියල් 28,000ක වක්‍ර බද්දක් රජයට ගෙවන බවද සඳහන්ය. රාජ්‍ය හා පෞද්ගලික ඇතැම් අංශවල සුළු සේවකයන්ගේ මාසික වැටුප රුපියල් 20,000ත් 30,000ත් අතර පවතිද්දී රු. 28,000 ක් බදු ලෙස ගෙවන විට හටගන්නා සන්තෑසිය වචනයෙන් විස්තර කළ නොහැක.

පාසල් දරුවන් උදේ ආහාරය නැතුව ක්ලාන්ත වී ඇද වැටෙන්නේත් ඇතැම් දරුවන් පොල් මද ආහාර ලෙස භාවිත කරන්නේත් මෙම පීඩාවේ ප්‍රතිඵල ලෙස නොවේ යැයි කාට නම් කිව හැකිද? මෙම යථාර්ථයට එරෙහිව දේශපාලනඥයන් කොතරම් සුන්දර පිළිතුරු සමාජගත කරන්නට තැත් කළ ද යථාර්ථය අත්විඳින ජනතාව ඒවා කෝපයෙන් හා පිළිකුලෙන් යුතුව බැහැර කරන බව ප්‍රකට කරුණකි.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඒකපුද්ගල ආදායම අතින් දෙවැනි තැන පසුවුවද ඉතා දිළිඳු සමෘද්ධි ආධාර ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 කි. දරිද්‍රතාව ඉහළ යාම නිසා මේ වසරේ තවත් පවුල් 7,26,000 ක් සමෘද්ධි ආධාර පොරොත්තු ලේඛනයට ඇතුළත්ව සිටිති. මෙය සැබැවින්ම බරපතළ තත්ත්වයකි. මාසික සමෘද්ධි ආධාරය ලෙස ලැබෙන්නේ රු. 7500ක මුදලකි. එවන් පවුලකට ද වක්‍ර බදු ලෙස මසකට රු. 28,000 ක් කැප කරන්නට නියම කළ විට ඔවුන් කරන්නේ කුමක්ද? සමාජයේ සොරකම්, මංකොල්ලකෑම් ඇතුළු නොයෙක් අනීතික ක්‍රියා විශාල ලෙස වර්ධනය වන්නේ බඩගින්නෙන් හා බදු බරෙන් පෙළෙන සමාජය තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලෙස ඒවාට යොමුවීම නිසාද යන්න ගැන විශේෂ පර් යේෂණයක් කළ යුතුය.

බදු අය කිරීම යනු මල් නොතලා රොන් ගන්නා ක්‍රමයක් විය යුතු යැයි අතීතයේ ආර්ථික අංශයේ විද්වතුන්ගේ මතයක් විය. එහෙත් දැන් සිදුවන්නේ මල් නොතලා රොන් ගැනීම වෙනුවට සහමුලින්ම මල නෙළා ගැනීමය. ඒ නිසා ආර්ථික අර්බුදය හා දරිද්‍රතාව විසින් පීඩාවට පත්කර ඇති සමාජය වෙත තවදුරටත් බදු පටවන්නට ගියහොත් එය අන්තවාදී දේශපාලනයට අවිආයුධ සැපයීමක් වන්නට පිළිවන.

දැන් බිත්තියටම හේත්තු වී සිටින සමාජය ආපසු හැරුණහොත් රටටම සිදුවන්නේ අනර්ථයකි. ලබන නොවැම්බරයේ ගෙන එන 2023 අයවැයෙන් ජනතාව තවදුරටත් බදු බරෙන් පීඩාවට පත් නොකොට සමාජයට කිසියම් සහනයක් හා අස්වැසිල්ලක් ලබාදිය හැකි නම් එය ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට වඩාත් ගුණදායක බව සඳහන් කරමු.

(***)



අදහස් (0)

තැලී - පොඩිවූ සමාජයට තව තවත් බදුබර පැටවීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site