‘‘ෂෙඩ්වලට පොලිසියෙන් ආවා. හමුදාවෙන් ආවා. අංකයක් ආවා. කූපන් පතක් ආවා. කෝඩ් එකක් ආවා. ආවේ නැත්තේ තෙල් විතරයි’’ මේ මුහුණු පොතේ සංසරණය වන පෝස්ටුවකි. ඉන්ධන අර්බුදය හමුවේ එය මනාව ගැළපේ. මාළු පාන්වල මාළු නැතිවා සේම කිඹුලා බනිස්වල කිඹුලා නැතිවා සේම ආනමාළුවල මාළු නැතිවා සේම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නැත.
පාසල් සතියට දින තුනක් පමණක් විවෘත කිරීම රජය ගෙන ඇති අලුත් තීරණයකි. එබඳු තීරණයක් ගෙන තිබෙන්නේ මාරක වසංගත තත්ත්වයක් හේතුවෙන් නොවේ.
ඉන්ධන නොමැති නිසාය. සඳුන් ගැටක් මිටින් අරන් නූපන් දිළිඳු දූ පුතුන් සතු පරම ධනය අධ්‍යාපනය වේ. එහෙත් ඉන්ධන නොමැති නිසා දූ පුතුන්ට එම පරම ධනය අහිමි වී තිබේ.
මේ පරිසරය තුළ තමන්ගේ ජීවිතයේ අනාගතය සම්බන්ධයෙන් විශ්වාසයෙන් බැලීමට අපේ දූ පුතුන්ට නොහැකි වී තිබේ. මෙය වචන බවට පෙරළිය නොහැකි මහා මානව ආපදාවකි. මෙවන් ආපදාවකට මුහුණ දුන් සමාජයක් යළි ගොඩ ගැනීම පහසු නැත. දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමේ ඛේදවාචකයේ ප්‍රතිඵල දක්නට ලැබෙන්නේ නුදුරු අනාගතයේදීය. එම ප්‍රතිඵල කිසිවිටෙකත් සුබදායක නොවේ. ඉන්ධන අර්බුදය මතුපිටින් පෙනෙන තරම් සරළ නොවන්නේ එහෙයිනි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් රටේ සමස්ත මගී ප්‍රවාහන සේවයම බිඳවැටී අවසන්ය. ‘‘හෙට බස් දුවන්නේ සියයට තිහක් පමණයි’’ බස් සංගමයේ ප්‍රධානියෝ කියති. මේ නිසා රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල ශ්‍රම දායකත්වය ඉතා අඩුය. එනිසාම කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් බලාපොරොත්තු විය නොහැක. මෙම තත්ත්වය රටේ නිෂ්පාදනයට මෙන්ම සේවාවලට ඍජුවම බලපායි.
මෙම පරිසරය තුළ ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍රවනු මිස බිඳෙකින් හෝ අඩු නොවේ. මෙම තත්ත්වය තව කොතෙක් කලක් පවතී ද යන්න සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගෙන් නිශ්චිත ප්‍රකාශයක් ද නැත. ‘‘හෙට තෙල් නැවක් එනවා. අනිද්දට තව නැවක් එනවා’’ යැයි මාධ්‍ය හමුවල ප්‍රකාශ වුවද ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නැත.
ජනතාවට ඉන්ධන ලබා ගැනීමට නොවිඳිනා දුකක් විඳීමට සිදුවී තිබේ. දින තුන හතරක් දිවා රෑ දෙකෙහි ඉන්ධන පෝලිම්වල දුක් වින්ද ද ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන පොම්පය පෙනෙන මානයට පැමිණි විට අසන්නට ලැබෙන්නේ ‘‘ඉන්ධන අවසන්’’ යන්නය.
මෙයින් කුපිත වන ඇතැම් ජනයා ඉන්ධන පිරවුම්හලේ භූගත ටැංකිය පරීක්ෂා කිරීමට පෙළඹෙති. එය වූ කලි අතිශයින්ම භයානක ක්‍රියාවකි. ඇතැම් විට මුළු නගරයම ගිනි ගැනීමට තරම් හේතුවක් විය හැකිය. ඉන්ධන අර්බුදය එකක් පසුපස එකක් වශයෙන් ඛේදවාචක නිර්මාණය කරමින් තිබෙන්නේ එසේය.
ඉන්ධන පෝලිම්වල මරණ සංඛ්‍යාව 20 ඉක්මවා ගියේය. ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෝලිම කිලෝ මීටර් දෙක තුනක් දක්වා තවමත් ඇදී පවතී. මෙම පරිසරය තුළ තව මිනිස් බිලි කීයක් මෙම ඉන්ධන අර්බුදය විසින් ගනු ලබයි ද යන්න පිළිතුරක් නැති ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. මෙමගින් කියැවෙන්නේ ඉන්ධන පෝලිමේ විඳින දුක් කන්දරාව අනුව රෝගී තත්ත්වයන් උත්සන්න වන බවය. නැතහොත් නැති ලෙඩ හැදෙන බවය.
කෙසේ වෙතත් ඉන්ධන පෝලිම්වල දුක් විඳීම දින නියමයක් නැති මරණ සහතිකයක් සාක්කුවේ දමා ගැනීමක් බවට පත්වී තිබේ.
ඉන්ධන අර්බුදයේ එක් සමාජ ප්‍රකාශනයක් වන්නේ එය පවුල් ජීවිතවලට තදින්ම බලපාන බවය. දින තුන හතරක් පෝලිම්වල රැඳී සිටින මිනිසාට අඹු දරුවන් සමග කල් ගත කිරීමක් නැත. මානව සබඳතා එසේ බිඳ වැටීම ද බරපතළ ඛේදවාචකයකි.
මෙතරම්ම කටුක අත්දැකීම් විඳිමින් ජීවත්වී තේරුමක් නැත. එසේ ජීවත් වී තේරුමක් ද නැත. ජීවිතය යනු විඳින්නට ඇති දෙයක් විනා විඳවන්නට ඇති දෙයක් නොවේ. ඉන්ධන අර්බුදය නිසා මිනිසාට උරුම වී තිබෙන්නේ විඳින ජීවිතයක් නොව විඳවන ජීවිතයක්ය. මෙම තත්ත්වය සමාජයේ යහ පැවැත්මට මාරාන්තිකය. සියලු කටයුතු පසෙකලා ඉන්ධන අර්බුදය විසඳිය යුතු තරමට ප්‍රශ්නය උග්‍රවී තිබේ.
තෙල් හිඟයේ දී සෑම අයකුටම තෙල් ලබාගත හැකි පරිදි බලශක්ති අමාත්‍යාංශය නව ‘‘ඇප්’’ එකක් හඳුන්වා දී තිබේ. ඒ අනුව වාහනයේ අංකයේ අවසන් අංකයට සතියේ දිනවලින් දින දෙකක් වෙන්කර තිබේ. එය එක් අතකින් ඉන්ධන පෝලිම අඩුවීමට හේතුවකි.
එහෙත් එසේ පෝලිම් අඩුවීමට නම් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තිබිය යුතුය. අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නොමැතිව මොන ක්‍රම හඳුන්වා දුන්නද ප්‍රයෝජනයක් නැත. අතේ ඇති මුදලට ඉන්ධන ලබාගත හැකි පරිසරයක් කවදා උදාවනු ඇද්ද යන ප්‍රශ්නයට කඩිනම් පිළිතුරක් සැපයීම බලධාරීන්ගේ වගකීමය.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තෙල් අර්බුදයෙන් බැටකන ජනතාවගේ අඳෝනා නොඇසේද?