X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


තෙල් සංස්ථා-බැංකු සටනට හේතු සොයා වහා විසඳුම් දෙනු

ඛනිජ තෙල් සංස්ථාව සහ රාජ්‍ය බැංකුවක් අතර පවතින ආරවුලක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යයෙන් හෙළිදරව්වක් සිදුකෙරිණි. එහි සඳහන් වූයේ ඉන්ධන තොග ඇණවුම් කිරීමේ දී එක් රාජ්‍ය බැංකුවකට මුදල් නොගෙවන්නැයි පිරවුම්හල් හිමියන්ට තෙල් සංස්ථාව කළ දැනුම් දීමකි.

මෙහිදී සැලකිල්ලට ගතයුතු කාරණාව වන්නේ එම රාජ්‍ය බැංකුවට ඉන්ධන පිරවුම්හල් හිමියන් මේ වනතුරුත් මුදල් ගෙවමින් සිටීමය. ඒ වෙනුවට තෙල් සංස්ථාව පිරවුම්හල් හිමියන්ට පෞද්ගලික බැංකු 07ක් ඇතුළු බැංකු 08ක ගිණුම් යොමුකර තිබිණි. එහෙත් මේ තීන්දුව හේතුවෙන් අදාළ රාජ්‍ය බැංකුව සමඟ ගනුදෙනු කරමින් සිටි පිරවුම්හල් හිමියන්ට බරපතළ ගැටලු‍වලට මුහුණදීමට සිදුව තිබේ.

අදාළ තීන්දුවට හේතුව වශයෙන් සඳහන් වන්නේ තෙල් සංස්ථාව එකී බැංකුවට විශාල ණය මුදලක් හිඟ හිටුවා තිබීමය. ගිණුමට මුදල් බැර නොකරන්නැයි ඉල්ලා ඇත්තේ එසේ ගෙවනු ලබන මුදලින් ණය කපා ගැනීමට පියවර ගැනීම හේතුවෙන් තෙල් සංස්ථාවට මුදල් නොලැබී යන බැවිනි.

මෙය අධික ණය බරක් ඇති තෙල් සංස්ථාව පැත්තෙන් බලන විට සාධාරණ විය හැකි වුවද එයින් අමාරුවේ වැටෙන්නේ පිරවුම්හල් හිමියන් බව අවබෝධ කරගත යුතුය. මිලියන ගණන් මුදල් රැගෙන ඉන්ධන මිලදී ගැනීමට යාම දැඩි අවදානමකි. පිරවුම්හල් හිමියන් තම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා එවැනි අවදානමකට ඇද දැමිය යුතු නැත.

කෙසේ වුවද මේ සිද්ධියේ ප්‍රධානම ගැටලු‍ව වන්නේ රාජ්‍ය ආයතන දෙකක් අතර මෙවැනි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම වළක්වාගත නොහැකි වූයේ මන්දැයි යන්නය. තෙල් සංස්ථාව රාජ්‍ය ආයතනයකි. අදාළ බැංකුව රාජ්‍ය බැංකුවකි. මේ ආයතන දෙක අතර තබාගත යුතු ව්‍යාපාරික අවබෝධය තුරන් වීමට පෙර එය වළක්වා ගැනීමට අදාළ ආයතන බලධාරීන් මගින් පියවර ගත යුතුව තිබිණි. එසේ පියවර නොගැනීමෙන් තත්ත්වය සංකීර්ණ බවට පෙරළී තිබේ.

රට තුළ මෙවැනි තත්ත්වයක් හට ගැනීමට හේතුවද පවතින ආර්ථික අර්බුදයයි. තෙල් සංස්ථාව රටේ අධික ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයකි. ඔවුන් පාඩු ලැබීමට ලොකුම හේතුව වශයෙන් සඳහන් වන්නේ රාජ්‍ය ආයතන මගින් ලබාගන්නා ලද තෙල් සඳහා මුදල් නොලැබීම හා අකාර්යක්ෂම පාලනයයි. මෙය ඊයේ පෙරේදා සිදු වූ ක්‍රියාවක් නොව අප දන්නා කාලයේ සිටම සිදුවන්නකි. එය වැළැක්වීමට මෙතෙක් බලයට පත් කිසිම රජයක් ක්‍රියා කළේ නැත. එක අතකින් ගන්නා දේ අනෙක් අතින් වියදම් කිරීමේ නිර්ලජ්ජිත ක්‍රමය මේ රට ආර්ථික වශයෙන් මහත් විනාශයකට ඇද දමා තිබේ.

නිසි කළමනාකරණයකින් තොරව ආර්ථිකය පවත්වාගෙන යාමේ ප්‍රතිවිපාකයක් වශයෙන් අපේ රට ආර්ථික සුළි කුණාටුවකට හසුව තිබේ. එමගින් මේ වනවිට රාජ්‍ය ආයතන අතර පැවතිය යුතු එකඟතා සහ අවබෝධය ද පවත්වාගෙන යා නොහැකි මට්ටමට ඇද දමා තිබේ. අද තෙල් සංස්ථාව සහ රාජ්‍ය බැංකුවක් අතර පවතින මේ ගැටුම හෙට තවත් රාජ්‍ය ආයතන අතරට ද පැතිර යා හැක. එය වළක්වා නොගතහොත් මහා අවුලකට මුල පිරෙනු ඇත.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමක් හැඳින්වූයේ ඔලු‍ තුනේ බූරුවෙක් වශයෙනි. එහෙත් රාජ්‍ය ආයතන අතර ඉහත සඳහන් ආකාරයේ ගැටුම් දිගින් දිගටම හටගත්තොත් රටේ පොදු මහජනතාව ආණ්ඩුවටද එම කතාවම කියන්න බැරිකමක් නැත. එම ගැටුම් ඔඩුදිවීමට පෙර වළක්වා නොගතහොත් එවැනි කතා අසන්නට සිදුවනු ඇත. පැහැදිලිවම පවතින ප්‍රශ්නය හඳුනාගැනීමටත් ඊට යෝග්‍ය වන විසඳුම් ඉදිරිපත් කිරීමටත් රජයට හැකිවිය යුතුය. රාජ්‍ය ආයතන අතර පොදු අවබෝධය ගිලිහී යාම ආණ්ඩුවක පැවැත්මට කිසිසේත් හිතකර වන්නේ නැත.

පසුගිය සති කිහිපය තුළදී වූ ඇතැම් සිදුවීම් ආණ්ඩුව මහජනතාවගේ ඉවසීම පරීක්ෂා කරන මට්ටමට ඇද දමා තිබිණි. පාසල් ළමයින් ආහාර නැතිව කලන්තෙ දැමීම, මන්දපෝෂණය ඉහළ යාම වැනි ගැටලු‍ මතුවෙද්දී ආණ්ඩුවේ ඇතැම් බලධරයන් ඒවාට පිළිතුරු දුන්නේ මහත් උද්ධච්ඡ ස්වරූපයකිනි. එවැනි ගැටලු‍වක් තිබෙන බවක් පිළිගැනීමට ඔවුන් දැක්වූයේ මහත් අකැමැත්තකි. එහෙත් ඇත්ත තත්ත්වය රටේ මහජනතාවගෙන් වසන් කිරීමට හැකියාවක් නැත. එය රජයේ ඇතැම් මැති ඇමැතීන් කියන්නාක් මෙන් සමාජ මාධ්‍ය මවාපෑමක් හෝ කුඩා දේ ලොකු කර පෙන්වා රට කුලප්පු කිරීමක් හෝ තත්ත්වයට ලඝු කළ යුතු නැත.

දරුවන්ගේ මන්දපෝෂණ කතාවලින් පසුව දැන් රාජ්‍ය ආයතන අතර එකඟතා සහ අවබෝධය ගිලිහී යාම කරළියට පැමිණ තිබේ. මේ සියල්ල අප මුලින් සඳහන් කළ පරිදි රටේ පවතින දැඩි ආර්ථික අර්බුදයේම කොටස්ය. මේ ආර්ථික අර්බුදය ඇතිකිරීමට දායක වූ සෑහෙන පිරිසක් මේ ආණ්ඩුව ඇතුළේද සිටිති.

මේ සියලු‍ දෙනා දැඩිව අවධානය යොමුකළ යුත්තේ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට හැකි තරම් කැපවීමට මිස තමන්ට තවදුරටත් ලැබිය යුතු අමාත්‍ය ධුර සහ වරප්‍රසාද වැඩිකර ගැනීමට නොවේ. රාජ්‍ය බැංකුවක් සහ තෙල් සංස්ථාව අතර ඇතිවූ ගැටුම අපට පෙන්වා දෙන්නේ එවැනි කැපවීමක් තවම පෙනෙන තෙක් මානයක නැති බව පමණි.

(***)



අදහස් (0)

තෙල් සංස්ථා-බැංකු සටනට හේතු සොයා වහා විසඳුම් දෙනු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site