X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


තොණ්ඩමන්ලා පහුගිය කාලෙ ඇමතිකම් අරන් මොනවද කළේ?

මේ දිනවල කතාබහට ලක්වන මාතෘකා කීපයක් පිළිබඳ සංවාදයක් සඳහා මෙවර “මුහුණට මුහුණ” හා එක්වන්නේ කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන්ය.

 

 2 
● දිගම්බරන් ඇමැතිතුමා වැඩ කරනවා හොරද වතුකරේ ජනතාවට?
අපි වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ. දැනටත් නිවාස ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට ගෙවල් 350 ක් ජනතාවට දීලා තියෙනවා. මේ අවුරුද්ද ඉවරවෙනකොට ගෙවල් 1500 ක් හදන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. අවුරුදු පහ ඉවරවෙනකොට ගෙවල් පනස් දාහක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි වතුකරයේ ජනතාවට වැඩ කරනවා මදි කියලා කාටවත් කියන්න බෑ.

 


● එහෙනම් තොණ්ඩමන්ටත් ඇමැතිකම් දෙන්න හදන්නේ මොකද?
ඔය වගේ කතා පත්තරවල ගියාට ටී.වී.වල ගියාට තාම කවුරුත් තීන්දු කරලා නෑ එහෙම ඇමැතිකම් දෙන්න. ඒක මට විශ්වාසයි. විවිධ කතා නම් පැතිරෙනවා ඔය ගැන. ඒත් එහෙම ඇමැතිකමක් දෙන එකක් නෑ කියලයි මම හිතන්නේ.

 


● හැබැයි මේ ගැන ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවකුත් ගියා කියලා ආරංචියි?
ඔහොම කතා යනවා තමයි. ඒත් ආණ්ඩුව එහෙම අදහසක නෑ කියලා මට විශ්වාසයි. අනික ඇමැතිකම් දෙනවා නම් තව ඕනෑ තරම් මන්ත්‍රීවරු ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව ගෙනියන්න අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරයක් තියෙනවා. 

 


● ඉතින් තවත් කාටවත් ඇමැතිකම් දෙන්නෙ මොකටද?
ඔබත් මාධ්‍යයට මේ ගැන යම් යම් ප්‍රකාශ කරලා තිබුණනේ?
මීඩියාවලින් මේ ගැන මගෙනුත් අහනවා. එහෙම ඇහුවම මම උත්තර දුන්නා.

 

5
● දිගම්බරන් ඇමැතිතුමා බයවෙලාද ඉන්නේ තොණ්ඩමන්ටත් කැබිනට් ඇමැතිකමක් දෙයි කියලා?
මට ඇති බයක් නෑ. මම මොකටද බය වෙන්නේ. බය කියලා දෙයක් මට නෑ. බයක් තියෙනවා නම් පහුගිය අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා මේ වගේ තීරණයකට මම සහාය දෙනවද?. අපි බය වෙලා හිටියේ මහින්ද රාජපක්ෂගෙ කාලෙ. ඒ කාලෙ නම් අපට බයක් තිබුණා. සුදු වෑන් එනවා. මිනිස්සු උස්සනවා. ඒ කාලේ අපි බයෙන් හිටියා. දැන් මොකටද බයවෙන්නේ. රාජපක්ෂලාටත් විරුද්ධව බය නැතුව වැඩ කරපු අපි මොකටද තොණ්ඩමන්ලට බයවෙන්නේ.

 


● ඇත්තටම වතුකරේ ජනප්‍රියම නායකයා කවුද දැන්?
දැනට දිගම්බරන් තමයි. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඡන්ද එක් ලක්ෂ ගාණක් ගත්තු මිනිහා ජනප්‍රිය නැත්නම් වෙන කවුද ජනප්‍රිය.

 


● ඔබේ ප්‍රදේශයේ ජනතාව තොණ්ඩමන්ව ඉල්ලනවද?
මිනිස්සු ඉල්ලන්නේ නෑ. ඊළඟ ඉලෙක්ෂන් එකේදී හරියටම බලාගන්න පුළුවන් තොණ්ඩමන්ට තියෙන ජනප්‍රියත්වය කොහොමද කියලා. දැනට නම් මිනිස්සු ඉල්ලන්නේ නෑ එයා.

 


● තොණ්ඩමාන්ට ඇමැතිකම් දෙන්න යනවා කියලා එකපාරටම දුමක් නැග්ගෙ මොකද. ගින්නක් නැති වෙන්නම බෑ. ආණ්ඩුවට ඕනකමක් තියෙනවා කියලා පේනවද තොණ්ඩමන්ට ඇමැතිකමක් දෙන්න?
මම හිතන්නේ නෑ ආණ්ඩුවට එහෙම ඕනකමක් තියෙනවා කියලා. ඕක මීඩියාවලින් උස්සපු නිව්ස් එකක් කියලයි මම හිතන්නේ.

 


● ඒ කියන්නේ තොණ්ඩමන් මීඩියා අල්ලගෙන මෙහෙම නිව්ස් එකක් නිර්මාණය කර ගත්තද?
ඒක නම් හරියටම මට කියන්න අමාරුයි.
මිනිස්සු නම් අහන්නේ තවත් මොනවද ඇමැතිකම් දීලා ඇමැති මණ්ඩලේ වැඩි කරන්නේ කියලා. මෙහෙම ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන්න වෙන්නෙත් මිනිස්සුන්ට.
ඇමැති මණ්ඩලය වැඩි කරන එක හොඳ නෑ. ආණ්ඩුව එහෙම තීරණයක් අරගෙන තියෙනවා කියලා මම දන්නෙත් නෑ. ඒක නිසා මම ආණ්ඩුව විවේචනය කරන්න යන්නේ නෑ.

 


● වතුකරේ ජනතාව දිගම්බරන් ඇමැතිතුමාගේ වැඩ ගැන සතුටින්ද ඉන්නේ?
ඒ අයට නිවාස ව්‍යාපෘතියක් දුන්නු එක ගැන බොහොම සංතෝෂයෙන් තමයි ඉන්නේ. ඒ වගේම ඒ අයට අවශ්‍ය අනික් දේවල් ටිකත් දෙන්න අපි පියවර ගන්නවා. අපි ඒ ජනතාවගේ ප්‍රශ්න ටික අඳුරගෙන ඉන්නේ. ඒ වගේම නුවරඑළිය ප්‍රදේශයේ ජනතාවගේ වතුර ප්‍රශ්නයට ලෝක බැංකුව හරහා ඩොලර් මිලියන 14 ක් දීලා තියෙනවා. ඒ වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙමින් යනවා. වැසිකිළි ප්‍රශ්නයත් මේ ජනතාවට තියෙනවා. ඒවටත් ඉක්මන් විසඳුමක් අපි ලබා දෙනවා. ගෙවල් ව්‍යාපෘතිය හරහා මේ අයගේ ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබෙනවා. හැමදාම ලැයින් කාමරවලටම මේ ජනතාව කොටුකරන්න බෑ. අපි ආවේ ඒක වෙනස් කරන්න. එහෙම කරාල මේ මිනිස්සුන්ගේ “ලයිෆ් ස්ටයිල්” එක වෙනස් කරන්න  ඕනෑ. 

 


● වතු ජනතාවගේ ඡන්ද ටික ඡන්ද කාලෙට වෙන්දේසි කළා මිසක් වතුකරේ දේශපාලනය ඒ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ටිකට අත ගැහුවේ නෑ. තාමත් ඒක එහෙමයි නේද?
තොණ්ඩමන්ලගේ කාලේ නම් සිද්ධ වුණේ ඔය වැඬේ තමයි. එක එක ආණ්ඩුවට තමන්ගේ ඡන්ද ටික පෙන්නලා එයාලා ඇමැතිකම් අරන් සැප වින්දා. ඒ අය වතු ජනතාවගේ ප්‍රශ්න විසඳන්න උනන්දු වුණේ නෑ.

 


● වතුකරේ ජනතාවගේ ප්‍රශ්න ඔක්කොම විසඳුවොත් දිගම්බරන්ලටත් ඊළඟ ඡන්දෙදි කියන්න දෙයක් නැති වෙනවා. දේශපාලනඥයො මේ ප්‍රශ්න එක පාරට විසඳලා ඉවර කරන්නේ නැත්තෙම මේ නිසා නේද?
තොණ්ඩමන්ලා වැඩ කරපු විදියට නෙවෙයි මම වැඩ කරන්නේ. ප්‍රශ්න පෙන්න පෙන්න ඡන්ද දිනන්න සූදානම් නෑ මම. ඇත්තටම මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න අපට ඕනෑකමක් තියෙනවා.

 


● දිගම්බරන් තොණ්ඩමන් එක්ක හැප්පෙනවද?
ගොඩක් අය මගෙන් ඔය කතාව අහනවා. අපි නම් එයාට බයත් නෑ. එයා එක්ක අපට කිසිම ඩීල් එකකුත් නෑ. මට සෑහෙන කාලෙකින් තොණ්ඩමන් මුණගැහිලත් නෑ. වතුකරේ ජනතාවගේ ප්‍රශ්න පෙන්න පෙන්න ඇමැතිකම් ගන්න උත්සාහ කිරීම හොඳ දෙයක් නෙවෙයි. මම නම් එහෙම කරන්නේ නෑ. ඇයි තොණ්ඩමන්ලට මෙච්චර කල් ඉඳලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න බැරි වුණේ. තොණ්ඩමන්ලා ඇමැතිකම් අරගෙන මොනවද කළේ පහුගිය කාලේ. ඒ අයට ඕනෑකමක් තිබුණේ නෑ මේ ජනතාවගේ ප්‍රශ්න ටික විසඳන්න. ඒකයි මේ ප්‍රස්නෙ මේ තරම් දුරගිහින් තියෙන්නේ.

 


● මේ පැතිරෙන ආරංචි ඇත්තක් වෙලා තොණ්ඩමන්ට ඇමැතිකම් ලැබුණොත් මොකද වෙන්නේ?
කවුරුත් දන්නවනේ. අපි මේකට විරුද්ධයි කියලා. අපි තොණ්ඩමන්ට ඇමැතිකමක් දෙනවට විරුද්ධයි. මම හිතන්නේ ආණ්ඩුව අපි විරෝධය සලකා බලාවි. ඒ අපි මේකට විරුද්ධ වෙන්නේ සාධාරණ හේතු ඇතුව. යහපාලනයට විරුද්ධව වැඩකරපු අය යහපාලනය ගෙනාවට පස්සේ දුවගෙන ඇවිත් ඇමැතිකම් ගන්නවා කියන්නේ ලැජ්ජ නැති වැඩක්. ආණ්ඩුවටත් ඒ වැඬේ කරන්න බෑ.

 

1


● මේකට වෙන කවුද විරුද්ධ?
අපේ සන්ධානය විරුද්ධයි මේකට. අපි ඉස්සර වෙන වෙනම හිටියේ. දැන් අපි දෙමළ ප්‍රගතිශීලී සන්ධානය විදියට කටයුතු කරන්නේ. ඒකේ නායකයා මනෝ ගනේෂන්. නියෝජ්‍ය නායකයො හැටියට මමත් රාධක්‍රිෂ්ණන් දෙන්න ඉන්නවා. මේ සන්ධානෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හය දෙනෙක් ඉන්නවා. ඒ හැමෝම මේ තීරණයේ ඉන්නේ. ඒ වගේ යහපාලනය අගය කරන තවත් අය මේ වගේ වැඩ කෙරෙනවට විරුද්ධ ඇති.

 


● දැන් ඔය කියන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය දෙමළ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ටික තේරුම් අරගෙන තියෙනවද?
පැහැදිලිවම. අපි මේ ප්‍රශ්න දන්නවා. අපි ඒවට විසඳුම් හොයාගෙන යනවා. ඒ ප්‍රශ්න අඳුර ගත්ත නිසාම තමයි ඒවා විසඳන්න අපි එකතු වෙලා සන්ධානගත වුණේ.
ආණ්ඩුවට එකතුවීම ගැන වතු කම්කරු කොංග්‍රසයේ ලේකම් මුත්තු සිවලිංගම් නම් කියලා තිබුණේ මේ ගැන කවුරුවත් කලබල වෙන්න ඕනෑ නෑ. ඒක ඒ කට්ටිය බලාගන්නම් කියලා.
එයාලගෙ ආණ්ඩුවක් නෙවෙයි මේක. මේ ආණ්ඩුව අපේ. ජනාධිපති එයාලගෙ නෙවෙයි අපේ මේ ආණ්ඩුව පත් කරන්න එයාලා හිටියේ නැතුව දැන් මුක්කු ගහන්න හදනවා.

 


● මේ දේවල් ගැන කැබිනට් මීටින් එකේ  එහෙම කතා වෙනවද?
කැබිනට් මීටින් එකේ ඕවා කතා වෙන්නේ නෑ. ඒවට වඩා වැදගත් දේවල් තමයි ඒකේ කතා කරන්නේ.

 


● මේ ප්‍රශ්නෙ ගැන ඔබට ජනාධිපතිතුමා එක්ක කතාබහ කරලා ක්ලියර් කරගන්න පුළුවන්නෙ?
එතුමා එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. අවශ්‍ය වුණොත් ඕන දෙයක් එතුමා එක්ක  කතා කරන්න බැරිකමක් නෑ. එතුමා නිහතමානී නායකයෙක්. අපි ඕන දෙයක් එතුමා එක්ක කතා කරලා විසඳ ගන්නවා අවශ්‍ය වුණොත්.

 


● හැබැයි ඔබ වැඩිපුරම කිට්ටුවෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති තුමාට නේද?
එහෙම එකක් නෑ. ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි දෙන්නටම මම සමීපයි. දෙන්නම රටේ ඉහළම නායකයො දෙන්නා. ඒ දෙන්නා එක්ක එකතුවෙලා තමයි අපට මේ ගමන යන්න වෙන්නේ.

 


● ෆෙඩරල් කතාව ආපහු උඩට ඇවිත්. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
අපි ජීවත්වෙන්නෙ සිංහල මිනිස්සු එක්ක. අපේ ජනතාවත් රටේ හැම තැනම ඉන්නවා. එහෙම ජීවත් වෙද්දී අපට ෆෙඩරල් ගැන කතා කරන්න පුළුවන්ද ඒක සාර්ථක වෙනවද? එහෙම කරන්න බෑ. මම නම් ෆෙඩරල් ගැන කැමැත්තක් නෑ. ඒක සාර්ථක වෙන දෙයක් නෙවෙයි. මේක වතුකරයටත් ගැළපෙන්නේ නෑ. මේක මගේ පුද්ගලික අදහස. ඒක නිසා කරන්න බැරි බොරු දේවල් කියලා නැති ප්‍රශ්න ඇති කරනවාට වඩා කවුරුත් එක්ක සමගියෙන් එකතුවෙලා ජීවත්වෙන එකනේ වැදගත්. එතකොට සිංහල මිනිස්සුන්ටවත් දෙමළ මිනිස්සුන්ටවත් අලුත් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. ෆෙඩරල් ෆෙඩරල් කිය කිය මේකම කතා කරනකොට හැමෝම බයවෙනවා.

 


● ටී.එන්.ඒ. එක නම් කියන්නේ මේ ආණ්ඩුව උතුරට සලකනවා මදි කියලා. වතුකරයටත් එහෙමද?
එහෙම නෑ. ආණ්ඩුව උතුරටත් සලකනවා වතුකරයටත් සලකනවා. එකපාරට හැමදේම කරන්න බෑ. ආණ්ඩුව ආවා විතරයි. තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. පහුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව හොඳ නැද්ද. පහුගිය ආණ්ඩුව ජාතිවාදය ඇති කරලා මිනිස්සු වෙන් කළා. මේ ආණ්ඩුව එහෙම කරන්නේ නෑ.

 


● වතුකරේ ජනතාවගෙන් මේ ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාරය කොයි වගේද?
හොඳ ප්‍රතිචාරයක් තියෙන්නේ. මිනිස්සු මේ ආණ්ඩුව ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. අපේ මිනිස්සු කියන්නේ ඊළඟ වතාවෙත් මේ ආණ්ඩුවටම ඡන්දෙ දෙනවා කියලා.

 


● දිගම්බරන් ඇමැතිතුමා අලුතෙන් ගත්ත වාහනේ මිල කීයද?
මේක දැන් ඉන්ටර්නෙට් එක හරහා අනවශ්‍ය ප්‍රශ්නයක් කරගෙන. ෆේස්බුක් එකේ එහෙම අපටත් නොයෙකුත් කතා කියනවා. මේක මට ගත්ත වාහනයක් නෙවෙයි. මේක ගත්තේ අමාත්‍යාංශයට. විශේෂයෙන්ම වතුකරේ ගම්වලට පොඩි පොඩි වාහනවල යන්න බෑ. ඔබ දන්නවා ඇති මට ඇවිදින්න තියෙන සමහර ප්‍රදේශවල දුෂ්කර තත්ත්වය. ඇත්තටම මම තමයි අමාරුම පැතිවල යන ඇමැතිවරයා. කඳුකරේ පාරවල්වලට හොඳ වාහනයක් ඕන. මම ඉල්ලන්නේ නෑ කෝටි හත අටක වාහනයක්. මට කඳුකර පාරවල්වල යන්න පුළුවන් මට්ටමේ වාහනයක් ලැබුණම හොඳටම ඇති.

m



අදහස් (0)

තොණ්ඩමන්ලා පහුගිය කාලෙ ඇමතිකම් අරන් මොනවද කළේ?

ලෙස්ලි ජයවර්ධන Monday, 27 June 2016 10:05 AM

තොණ්ඩමන්ලා බිම දැමූ ඔබ වීරයෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site