X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


ත‍්‍රීමලේ ඇටකටු හමුවුණේ පුරාණ සොහොන් බිමකින්

  18_SLTK_P2_Back 

 

කාලයාගේ ඇවෑමෙන් පරිසරය වෙනස් වෙයි. මිනිසා විසින් ගොඩනගනු ලබන බොහෝ දේ මේ කාල විපර්යාසයේ වෙනසට හසුව මැකී වියැකී යයි. සොබා දහමේ ධර්මතාව ද එයයි. පුරාවිද්‍යාඥයෝ අතීතය හාරා අවුස්සමින් එය මතුකර අතීත ශිෂ්ටාචාරයන් පිළිබඳ ඉතිහාසය අනාවරණය කරයි. ඇතැම් විට පුරාවිද්‍යාත්මක තොරතුරු අනාවරණ වනතෙක් ඒ ස්ථානයන් පිළිබඳ ඇත්තේ වැරදි ආකල්පයකි.

 


පසුගියදා ත‍්‍රිකුණාමලයේ ද සිදුවූයේ එවැන්නකි. ත‍්‍රිකුණාමලයේ මැක්හෙයිසර් ක‍්‍රීඩාංගණයේ ඉදිකිරීමක් සඳහා වළවල් කැපීම ආරම්භ කළේ 2014 ජනවාරියේ දීය. බැකෝ යන්ත‍්‍රයක් යොදා වළවල් හාරමින් සිටියදී හදිසියේම පස් අතරින් මතුවූ ඇට කටු කිහිපයක් ගැන එහි සිටි සේවකයන්ගේ අවධානය යොමු විය. බැලූ බැල්මට ඒ මිනිස් ඇට සැකිලි බව ඔවුහු සිතූහ.

1


මේ පුවතට තටු ලැබිණි. ත‍්‍රිකුණාමලයේ මැක්හෙයිසර් ක‍්‍රීඩාංගණයේ සමූහ මිනී වළක් ඇතැයි පුවත පැතිරයන්නට විය. එය මාධ්‍යයට ගොස් රටපුරා ප‍්‍රචලිත වූයේය. පොලිසිය මේ ස්ථානයට පැමිණ මහේස්ත‍්‍රාත්වරයා ද ගෙන්වා පරීක්ෂා කළේය.


ඇට කැබලි මුද්‍රා තබා වැඩිදුර පරීක්ෂණයට යැවුණු අතර, මහේස්ත‍්‍රාත් නියෝගයෙන් පොලිසිය වළ වසා දැමුවේය.


පරීක්ෂණවලින් අනාවරණ වූයේ මේ අස්ථි කොටස් මිනිස් අස්ථි බවයි. ඒ අනුව එම ස්ථානය කැනීම් කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලැබිණි. අස්ථි හමුවන ස්ථානයෙන් සිරුරු කිහිපයකට අයත්යැයි සැක කළ හැකි අස්ථි කැබලි කිහිපයක් හමුවී ඇති බැවින් එතැන මිනිසුන් රැුසක් මිහිදන් කැර ඇතැයි මතුවූ සැකයකට අනුව මේ ස්ථානයේ සමූහ මිනී වළක් පිහිටා තිබෙන්නේ ද යන්න සොයා බැලීම කැනීමේ අපේක්ෂාව විය.

2


ඒ අනුව 2015 ජුනි මස 06 යළි කැනීම් ආරම්භ කැරිණි. ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ටී. සරවනරාජා මහතා ඉදිරියේ කැනීම් සිදුවිය. ඒ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.ඒ.ඒ. රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි පිරිසක් ද සහභාගි වූහ. කැනීම් ආරම්භ කර සිකුරාදා වනවිට මිනිස් අස්ථි කොටස් 14ක් හමුවූ බව පොලිසිය පවසයි.  


අධිකරණ වෛද්‍යවරුන් පවසන්නේ මේ ස්ථානයේ තිබූ ඇටසැකිලි හතරක් සහ හකු අස්ථියක්, දණහිසක කොටසක් මේ අස්ථි අතර තිබූ බවයි. ඒ සියලූ සිරුරු බස්නාහිර දෙසට හිස සිටින ආකාරයෙන් සමාන්තරව මිහිදන් කැර තිබිණි.


පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ අස්ථි කොටස් මිහිදන් කිරීමේ දී යම් අභිචාර ක‍්‍රමයක් අනුගමනය කර ඇති බව පැහැදිලිව හඳුනාගත හැකි බවයි. අත් එකට බැඳ උදරය මත තබා ඇති බවත් පා ඇඟිලි එක්කර බැඳ ඇති බවත් පුරාවිද්‍යාඥයෝ කියති. ඒ අනුව එය සමූහ වශයෙන් ඝාතනයට ලක්වූ මිනිසුන්ගේ විය නොහැකි යැයි ද ඔවුන්ගේ මතයවී ඇත.

6332
පසුගිය 08 දා මේ ස්ථානයේ කැනීම්වලින්  ඕලන්ද යුගයේ කාසි පහක් හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් නිලධාරි ඒ.ඒ. විජේරත්න මහතා පවසන්නේ ලන්දේසීන්ගේ වී. ඕ.සී. ලාංඡුනය පැහැදිලිව දක්නට ලැබෙන බැවින් එම කාසි  ඕලන්ද යුගයට අයත් බව තහවුරු වූ බවයි.


ත‍්‍රිකුණාමලයේ ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි ඒ.ඒ.කේ.එන්. ඩයස් මහතා පවසන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන පරීක්ෂා කළ විට මේ ස්ථානය ඉංග‍්‍රීසි පාලන කාලයේ දී පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස තිබී ඇති බවයි.


කැනීම්වලදී මිනිස් සිරුරු තිබූ ස්ථානයෙන් වළං කැබලි රැුසක්ද ලැබී තිබිණි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ එම වළං කැබලි සිරුරු මේ ස්ථානයේ වළ දැමීමට පෙර එතැන තිබෙන්නට ඇති බවයි.


ඒ සම්බන්ධයෙන් විජේරත්න මහතා මෙසේ කීවේය.


”කාලයෙන් කාලයට විවිධ ස්ථානවල ජනාවාස පැවතුණා. අනුරාධපුර යුගයේ පටන් ත‍්‍රිකුණාමලය කියන්නේ ප‍්‍රසිද්ධ වරායක්. මේ ස්ථානය පිහිටා තිබෙන්නේ වරාය ආසන්නයේ. ඒ නිසා මෙතැන ඒ කාලයේ ජනාකීර්ණව තිබෙන්න ඇති. මෙතැනින් හමුවූ වළං කැබලි තවම කාල නිර්ණය කර නැතත් ඒවා නිෂ්පාදනය කැර තිබෙන ආකාරය අනුව අපිට පැහැදිලි වෙනවා ඒවා අනුරාධපුර යුගයට අයත්විය හැකි බව.”


පුරාවිද්‍යාඥයන් පවසන්නේ අතීතයේ ජනාවාසයක්ව පැවති ස්ථානය පසු කලෙක සොහොන් බිමක් ලෙස භාවිත කරන්නට ඇති බවයි.
සිරුරු සමාන්තරව වළලා තිබීමත් ඒ සිරුරු වැළලීමේ දී යම් විශ්වාසයන් සහ අභිචාර ක‍්‍රම භාවිත කළ බවට සාධක තිබීමත් හේතුවෙන් ක‍්‍රීඩාපිටියේ පස් යට වැළලී ඇත්තේ අතීත සොහොන් බිමක් බවත් ඔවුන්ගේ මතයවී ඇත.


අස්ථි කොටස් දිරාපත්වී තිබෙන ආකාරයත් එම මිනිස් ඇට සැකිලි අතර තිබී  ඕලන්ද කාසි හමුවීමත් හේතුවෙන් පුරාවිද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ මේ සිරුරු  ඕලන්ද ජාතිකයන් ත‍්‍රිකුණාමලය ඇතුළු මුහුදු බඩ ප‍්‍රදේශ පාලනය කරන කාලයේ දී සොහොන් බිමක්ව තිබෙන්නට ඇති බවයි. එසේ වුවද එය  ඕලන්ද ජාතිකයන් මිහිදන් කළ ස්ථානයක් නොවන බවත් ස්වදේශික සිංහල හෝ දෙමළ හෝ ජනතාව එහි වළ දමා ඇති බවත් පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.
අස්ථි කැබලි අදින් වසර 300-400ත් අතර කාලයේ වළ දැමූ මිනිසුන්ට අයත්යැයි මූළික නිරීක්ෂණයන් අනුව තහවුරු වුව ද එය ස්ථිර කැර ගැනීම සඳහා තවදුරටත් පරික්ෂණ සිදුකළ යුතුය. කෙසේ වෙතත් මේ ස්ථානය සමූහ මිනී වළක් විය නොහැකි බව අධිකරණ වෛද්‍යවරුන්ගේත් පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.


හමුවූ අස්ථි කොටස් හා කාසි ඇතුළු අනෙකුත් අවශේෂ මහේස්ත‍්‍රාත් නියෝගයෙන් මුද්‍රා තබා වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

m



අදහස් (0)

ත‍්‍රීමලේ ඇටකටු හමුවුණේ පුරාණ සොහොන් බිමකින්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site