X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


දෑස් අඳ තරුණයාගේ ඩ්‍රම්ස් වාදනය අසා ඉතාලි ජාතිකයා පිහිටවෙලා

(චමිල් රුපසිංහ)

දෑස් අද වුවත් තමාගේ දක්ෂතාව නිසා ඉතාලි ජාතික  මාර්කෝ කැමි ( MARCO CAIMI ) මහතාගෙන් ලැබුණු ධන පරිත්‍යාගයෙන් තම ප්‍රදේශයේ ඇති පිත්තල කර්මාන්තය උදව් කරගෙන ජීවිතය ඉදිරියට ගෙන යාමට හැකි වු බවත් තවත් අරමුණු තිබුණත් ඒවා සාර්ථක කර ගැනීමට යම් කිසිවකුගේ සහායක් අවශ්‍ය බව දෘශ්‍යාබාධිත රාජේන්ද්‍ර සිසිර කුමාර මහතා පවසයි.

මහනුවර පමුණුව හංදෙස්ස ගම්මානයේ පදිංචි රාජේනන්ද්‍ර සිසිර කුමාර 1984 නොවැම්බර් 10 වැනි දා  මොළොව එළීය දැක ඇති අතර ඔහුට මුලින්ම තම දෑස මඳ වශයෙන් පෙනී ඇත.

මුලින්ම අධ්‍යාපන කටයුතු හැදැරීම සඳහා පමුණුව ප්‍රාථමික විද්‍යාලයට ගොස් ඇති අතර ඒ කාලය තුළදී ඇස් දෙකම නොපෙනී යාම නිසා අලපලාවල විශේෂ අධ්‍යාපන ඒකකයට ඇතුළත් වී ඇත.

තම පවුලේ සහෝදරයකු හා සහෝදරියකගේ වැඩිමල් සොහොයුරා වි සිටින සිසිර කුමාර තම දෙමාපියන්ට යම් සහනයක් වන්නට සිතා තම අධ්‍යාපනය නවතා දැමු බව ඔහු පැවැසිය.

පසුව අවුරුදු 8 දී පමණ තේ කොළ පෙට්ටි උපයෝගී කරගෙන ඩ්‍රම්ස් වාදක භාණ්ඩයක් සාදාගෙන නිවසේ තනිව සිටින මොහොතේ වාදනය කිරීමට සිසිර කුමාර පුරුද්දක් කරගෙන ඇත. එයට ඔහුට සහාය දී ඇත්තේ තම අසල්වාසි මිතුරන් බවත් ඔවුන් තමන්ට ඩ්‍රම්ස් වාදනය කිරිමට මනා පුහුණුවක් ලබා දුන් බවද පවසයි.

ඉන් වසර කිහිපයකට පසු දක්ෂ ලෙස ඩ්‍රම්ස් වාදකයෙක් වු සිසිර කුමාර 2002 වසරේ එක්තරා දිනයකදී නිවසේ ඩ්‍රම්ස් වාදනය කරමින් සිටිනා විටදී ප්‍රදේශයේ ඇති සිද්ධස්ථාන වන්දනා කිරිමට පැමිණි විදේශිකයකු සිසිර කුමාරගේ දක්ෂ ඩ්‍රම්ස් වාදනය ඇසීම නිසා නිවස අසල කඩය ළඟ සිටි ප්‍රදේශවාසියකු සමඟ පැමිණ සිසිර කුමාර ගැන තොරතුරු ඉතාලි ජාතික  මාර්කෝ කැමි ( MARCO CAIMI ) මහතා දැනගෙන ඇත.

දෘශ්‍යාබාධිත  සිසිර කුමාර මහතාගේ දක්ෂතාවය පිළිබඳ පැහැදුණු ඉතාලි ජාතික  මාර්කෝ කැමි (MARCO CAIMI) මහතා සිසිර කුමාරට උදව් කිරිමට කැමති බව පවසා ඇති බවත් නැවත ඉතාලියට ගොස් මුදල් එවන බව සඳහන් කළ බව මඟ පෙන්වන්නිය සිසිර කුමාරට පවසා ඇත.

මාර්කෝ මහතා පැවැසු පරිද්දෙන්ම මඟ පෙන්වනිය මගින් මුලින්ම යුරෝ 500 ක්ද දෙවැනි වතාවේ තවත් යූරෝ 500 ක්ද එවා ඇති අතර එයින් සිසිර කුමාර තම ප්‍රදේශයේ රැකියා මාර්ගයක් වන පිත්තල කර්මාන්තයෙහි නිෂ්පාදන ඔප දැමීම කෙරෙහි තම පියාගේ හා මවගේ අදහස් මත ඇරඹීම සඳහා උපකරණ මිලදී ගැනීම සඳහා  තම පියාට එම මුදල් ලබා දී ඇත.

එයින් තම පවුලේ ආර්ථිකය යම්තාක් දුරට මේ දක්වා ගත කිරිමට විශාල රුකුලක් වු බවද ඔහු කීය.

තවත් මාස කිහිපයකට පසු තවත් මෙරට මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් මාර්කෝ මහතා එවු බවත් එයින් මේ වන විට තමන් තනිකම පාලුව මකා ගැනීම සඳහා රුපියල් 85000 කින් එම ඩ්‍රම්ස් වාදක භාණ්ඩය මිලදී ගෙන එය වාදනය කරන බවද ඔහු පවසයි.

මේ වන විට සිසිර කුමාර මහතාගේ දැස් අඳ වුවත් පිත්තල භාණ්ඩ ඔප දැමීම සඳහා තම මවගේ සහයෝගයෙන් කටයුතු කරගෙන යනු ලබයි. තම මව විසින් ප්‍රදේශයේ පිත්තල වැඩපොළවල නිෂ්පාදනය කරන පිත්තල භාණ්ඩ සොයා නිවසට ගෙනවිත් දෙන අතර දෘශ්‍යාබාධිත සිසිර කුමාර මහතා ඒවා ඔප දමන අතර වැඩ අධික වු විට සහයට සේවකයකු ගන්නා බවත් මේ සඳහා තම මවගෙන් ලැබෙන සහයෝගය නොමැති වුවානම් හා ඉතාලි ජාතික මාර්කෝ මහතාගෙන් ලැබුණු සහයෝගය නොමැති වුවානම් අසරණයකු ලෙස තමන්ට යන එනමන් නොමැති වන බවත් ඔහු පවසයි.

තමන් දෘශ්‍යාබාධිතයකු වුවත් මෙරට කිසිම ආයතනයකින් යම් අත දීමක් නොලද බවත් ඉතාලියේ රෝමයේ වාසය කරන මාර්කෝ කැමි ( MARCO CAIMI ) මහතාගේ සහයෝගය ඉතාම වටිනා බවත් ඔහු සමඟ මග පෙන්වන්නියක ලෙස පැමිණි කාන්තාව විසින් ලබාදුන් මිහිරිගම වලව් වත්තේ 30/57 ලිපිනයේ පදිංචි පි.කේ.පි කොරලේ මහත්මියගේ ලිපිනය පමණක් මේ වන විට ඇති බවත් එයට ලිපි යැවුවත් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත් මෙම පුවත් දුටු අයක් මොවුන් සිටින තැනක් දනිනම් තමන් අමතන මෙන් සිසිර කුමාර මහතා ඉල්ලා සිටියි.

මේ වන විට තරුණයෙක් ලෙස තමාගේ දක්ෂතාවය නිසා විදේශිකයක්ගෙන් ලැබුණු උදව් උපකාර නිසා සමාජයේ යම් තැනක සිටින්නට තමා ඇතුළු පවුලේ සැමට හැකිවු බවත් ඒ සඳහා උදව් කළ සියලු දෙනාට අනේක වාරයක් ස්තුති කරන බවද සිසිර කුමාර මහතා පැවසීය.

 



අදහස් (13)

දෑස් අඳ තරුණයාගේ ඩ්‍රම්ස් වාදනය අසා ඉතාලි ජාතිකයා පිහිටවෙලා

dinusha samratunga Wednesday, 25 October 2017 04:26 AM

නිකන් ගන්න පුරුදු වුනාම ඊගාව පාරටත් ඕනේ නිකන්ම කියන එකට හොදම උදාහරනයක් මේක .. ඒකට අබාධිත කම සමාවට කරුණක් නෙවයි .

:       833       38

abaranWednesday, 25 October 2017 05:40 AM

ඉරිසියාවක් ඇති උනාද?

:       1       129

SenarathWednesday, 25 October 2017 09:42 AM

මේ මනුස්සයා කොහෙද ඉල්ලගෙන ගියේ? ඉතාලි මහත්තයා වාදනය අසා ගෙදරටම ඇවිත් උදව් කරන්න පොරොන්න්දු වෙලා. ඒ අනුව මුදල් එවලා තියෙනවා. එ්කෙන් තම ජීවන මාර්ගය හදාගෙන දැනට කාටවත් අත නොපා ජීවත් වෙනවා. මේ වගේ අහිංසක මනුස්සයෙකුට උපකාර කරන්න ලැබෙනවා නම්, උදව් කරන්න සුදානම් උදවිය ඕනේ තරම් ඉන්නවා. එ්ත් අද වැඩිපුර ඉන්නේ එහෙම උදවිය නෙමෙයි. අපේ රටේ දේශපාලකයෝ ඕනේ මේ වගේ උදවියට උදව්කරන්න වැඩපිළිවලක් හදන්න ඕනේ.

:       1       92

dayavathi, angunukola palassa Wednesday, 25 October 2017 10:21 AM

පරම්පරාවෙන් එන ඉරිසියාව තණ්හාව තමයි.. අනේ මෙහෙමත් මිනිස්සු

:       1       83

චාමරWednesday, 25 October 2017 09:53 PM

මට පෙන්නේ දිනුෂ සමරතුන්ගත් ඇස් පේන්නෙ නැති කෙනෙක් වගේ......

:       1       15

dinusha samratungaThursday, 26 October 2017 06:10 AM

මිනිහෙක් උදව් කලා, එ්කෙන් දෙයක් හදාගත්තා. ඉතින් එ්ක හරියට කරගෙන වැඩි දියණු කරගන්න එපැයි... ඊට පස්සේ ඒ පුද්ගලයා ආයේ මුදල් එව්වේ නැහැ කියලා.... ඒ මිනිහට කරදර කරකර ලියුම් ලියන එකයි, හොයන එකයි නිකන් කෑමේ ජාතික පුරුද්දක් වෙලා ....

:       26       5

abaranThursday, 26 October 2017 11:20 PM

සමරතුංග මහත්තයෝ, ඒ මනුස්සයා තමන්ට උදව් පදව් කරපු ඈයෝ හොයන්නේ කල උදව්ව නිසා ප්‍රතිචාරයක්,කෙලෙහි ගුණයක් පෙන්වන්නට විය හැකියි. ඒක තේරුම් ගන්න....

:       0       22

de silva Wednesday, 25 October 2017 11:59 AM

දක්ෂ ලෙස ඩ්‍රම්ස් වාදනය කරන්න පුළුවන් නම් බැරිද මොහුට සංගීත ක්ෂේත්‍රයේ ඉහළට යන්න ඉඩ සලසලා දෙන්න. ලෝක ප්‍රකට ගායක සහ වාදකයෙකු වන ස්ටීව් වොන්ඩර් අන්ධ පුද්ගලයෙකි.

:       0       14

samjay Wednesday, 25 October 2017 02:59 PM

දිනූෂ සමරසිංහ කියන්නේ මොලේ උඩ ඉඳගෙන ඉන්න කෙනෙක්. එ් ගැන කොමෙන්ට් එක දාලා තියෙන්නේ බද්ධ වෛරයෙන්....

:       5       30

පිටිගල මිලානෝ Thursday, 26 October 2017 09:35 AM

මේ මග පෙන්වන්නිය ගැන මට සැකයි.

:       0       11

A.M Nawarathne banda Thursday, 26 October 2017 09:56 AM

මම නම් හිතන්නේ අපි නුදුන්නට තියෙන කෙනා දෙන කොට අපි මොනවත් කියන්න හොඳ නැහැ නේද?

:       0       11

mahin Friday, 27 October 2017 09:15 AM

ඇස පෙන අයට මේක හොද පාඩමක් කියල දෙනවා. ඇස් පෙනුනත් මේවගේ උනන්දු වෙන්නේ නැනේ අපේ රටේ මිනිස්සු,

:       2       25

Ishan Saturday, 28 October 2017 09:03 AM

මගපෙන්වන්නිය මට පෙනෙන විදිහට අපේ දේශපාලකවරු අනුගමනය කරන්නියක් වගේ. අනික ලංකාදීපයෙනුත් උදවුවක් කරලා තිබෙනවා මේ දක්ෂයව ප්‍රසිද්ධ කරලා. අත පාන්නම පුරුදු නොකර දක්ෂ කමෙන් ඉදිරියට යන්න පුළුවන් කෙනක් උදව්වක් දෙන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site