වම්පසින් අහසට නැගුණු උස් කන්දකි. හරිත පැහැගත් මේ කඳු හිසට ඔබ්බෙන් හරිත පැහැගත් තවත් කුඩා දිගු කන්දකි. දකුණු පැත්තෙන් කුඩා දුපතකි. ඊට මඳක් දුරින් තවත් දුවකි. මේ සියල්ල වටකර ගත් මුහුද බෙහෙවින්ම සංසුන්ය. රල බිඳෙන නමුත් ඒ රල ගෙඩි එතරම් සැරපරුෂ නැත. මාතර වෙරළට වී, වෙරළෙහි තැනූ ගිම්හාන කුටියක ලෑලි බංකුවකට වී අපි මුහුද දෙස බලා සිටිමු. දේශීය සංචාරකයන් පිරිසක් මුහුදට බැස, වෙරළ කිට්ටුවට වී දිය ක්‍රීඩා කරනු පෙනෙයි. මුහුදේ නෑම අනතුරුදායකය. එකක් එහි ගැඹුර ගැන අපේ නොදැනුවත්කමය. අනෙක වෙරළට පිම්මේ එන රළ ගෙඩි බිඳී ආපසු මුහුදට යනවිට වෙරළේ සිටින සියල්ලන්ම මුහුදට ඇදගෙන යෑමයි. මේ නිසා මුහුදේ නෑම සඳහා ආරක්ෂිත මුහුදු තීර තෝරාගත යුතුය. ගාල්ලේ උනවටුන, මාතර පොල්හේන මීගමුවේ බීච් වාඩිය, හැඳල ප්‍රීතිපුර, පාසිකුඩා නිලාවේලි වැනි මුහුදු තීර ජනප්‍රියව ඇත්තේ ඒ ප්‍රදේශවල මුහුද වඩාත් චන්ඩ නොවන නිසාය. ඈතින් ඇති කොරල්පර විසින් මුහුදේ ප්රචන්ඩ බව මර්දනය කරනු ලබයි. අප මේ රැඳී සිටින චීන වරායේ ”මාබල් බීච්” ද එවැනි සංසුන් මුහුදු කලාපයකි. ත්‍රිකුණාමලයේ චීන වරායට අයත් ”මාබල් බීච්” හි මුහුදු දිය ඉදිරියෙන් පෙනෙන කුඩා කඳු හේතුවෙන් සංසුන් වී තිබෙයි. මේ වනවිට ගුවන් හමුදාව මගින් පාලනය කෙරෙන ”මාබල් බීච්” වෙරළ පිරිසුදු කමෙන්ද ඉහළය. උදේට වෙරළ කුණු ගොඩක්. වඩදිය එනකොට මූදේ තියෙන කුණු ඔක්කොම වෙරලේ එකතු වෙනවා. අපි හැමදාම උදේට ඒ කුණු එකතු කරලා වෙරළ පිරිසුදු කරනවා.” අප සමඟ දෙඩමලූ වූ ගුවන් හමුදා සෙබළෙක් පැවසුවේය. පිරිසුදු වෙරළ දිගේ එහාට මෙහාට ඇවිද ගිය අපි යලිත් ලී බංකුවක් මත වාඩිගත්තෙමු. ”වම් පැත්තෙන් පේන අර ලොකු කන්දට ඩයමන්ඞ් හිල් කියලා කියන්නේ. ඔය කන්දට නැග්ගාම මුළු වරායම ලස්සනට පේනවා. හැබැයි යන්න තියෙන්නෙ කැලේ මැදින්. ඒ නිසා ගමන අමාරුයි. ඒත් නැග්ගොත් නම් දකින්න ලැබෙන්නේ හරිම අපූරු සුන්දර දර්ශනයක්.” අප සමඟ මිතුරු වූ සෙබළා පවසයි. දකුණු පැත්තට වන්නට පෙනෙන දුපත මැද පහන් කණුවකි. ඒ තරම් උසක් නැති මේ පහන් කණුව ආලෝකය පතුරුවන්නේ වරායට ඇතුළුවන නැව් වලටය. ”උදේ නම් මුහුදේ නැවක් තිබුණා. ප්‍රීමා එකට පිිටිගෙනාපු. ඒ නැව උදේ තමා වරායට ඇතුල් වූණේ.” සෙබළාගේ හඬ යලිත් ඇසේ. ඉදිරියෙන් වූ කන්ද නාවික හමුදා කඳවුරකි. ඊට අයත් ඩෝරා යාත්‍රාවක් කඳු පාමුල වෙරළෙහි නතර කර තිබෙන අයුරු යාම්තමට පෙනෙයි. පාසල් සිසුන් සියයකට කිට්ටු ගාණනක් වෙරළට පැමිණෙමින් සිටිති. ඔවුන්ගේ මුහුණුවල ඇත්තේ ප්‍රීති ප්‍රමුදිත සිනා රැල්ලකි. මුහුදු දිය හා පොර බැදීමේ නොතිත් ආශාවකි. ඔවුනට වෙරළෙහි ඉඩදී අපි ආපසු එන්නට හැරුනෙමු.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දියමන්ති කන්ද ළඟ කිරිගරුඬ වෙරළ